චතුරංගි හර්ශිකා
5 years ago
325
3
14
මතක ආවර්ජනා
ඔය නුඹේ ඇස් ළගදි
මගේ හිත ගොළු වෙද්දි...
ඔය නුඹෙ හිනා වතට
මගේ නෙතු හිර වෙද්දි...
එකම එක කවියක
මමත් ලස්සන පදයක් වෙද්දි...
කොහොමද හිතන්නේ
තනි වෙයි කියා මගදි...
අවසග නැති හිත
නුඹවම ඉල්ලද්දි...
කෑ ගහන හදවතෙන්
උණු කදුළු වැගිරෙද්දි...
අපි ලිව්ව කවිය නුඹ
නොකියාම හැර යද්දි...
බලා උන්නා මමත්
සිතුවිලි අසරණ වෙද්දි...
- චතූ
2020 ඔක්තොම්බර් මස 17 වැනි දා
01.11pm