*$@n¢hi*
2 years ago
357
0
2
සාප නොකරමි මං...❤️
එක පැහැර දිග හැරුණු
ලස්සන මං මාවත් මග හැරුණු
කාලය සුන්දරයි නතර වී සිටපු
නොසොයමි මං කවුරුද දිනපු
අතහැර ගුවන සිසාරා ඇදුණු
එක විහගකු නුඹ පියාඹා ගියපු
රැය කුරිරුද මං නොසිතපු
දෑස අග නින්ද නොරැදුණු
කදුලු විතරක් පෙවුණු
දවස් වල තිබහ නිවපු
පිරිටන් පෙත්තක් දියවුණු
වතුර ටිකක් විතරයි මං බීපු
අනේ! තරහ නෑ මං මිතුරු
අහන්නද එක දෙයක් නොවිසදුණු
මං වගේ රැය දකිනවද නුඹ කුරිරු
සාප නොකරන් ඔහොමයි ජීවිතේ සොදුරු...
~sahini~