Kaveesha Lakmali 6 years ago 282 5 7
ලොවට පෙන්වා සිනාවක් මුව ඇතුලෙ ඇති මුසාවක් මවා මිහිපිට දෙව්ලොවක් හිත ඇතුලෙ රුදු අපායක් කාල නැත දෙනු රචනයක් ඒක මහ දිග කතාවක් ? ~~KaVee~~
Sewwandi kaushalya 6 years ago 308 3 5
අසම්මත පෙමක් ඇය සම්මතයි කියු කලට වේද එය සම්මතය පෙම්වතුන් මුලාවන... චණ්ඩාල අශෝකම සාලියට බැදි පෙමට සම්මතයි කියු ඇයම රැඩිකල් සිතුවිල්ලට එපෙම අසම්මත විය ඇයට...??
ජිත්ම කල්හාර 6 years ago 256 7 6
අන්දර මල් පිපුන අපේ ඉදිකඩ සුන්දර මනරම් ඇඹුල් පේර ගස් යන සිට ඵල නෙලන්න සිතුව අගෙයි දුව පැන නටමින් ගයමින් සිට එලි පැන දිවුව තමයි සුන්දර මතකය එලෙසයි අපි නං දැං හරි නරකයි
ජිත්ම කල්හාර 6 years ago 214 3 5
සිතුවිල්ලක් පමනක්ද මම ඔය හිතට මතකයක් විතරක්ද මම ඔය හිසට නිමැයුමක් විලසක්ද මම තෙතට කදුල නං වෙන්පො මම ඔබේ පෙමට රසදුනක් විය නුබව මම නොදුටු කිසිදිනක මිහිරියද නුබම විය සිහිනයක මතුදාක සැසි සරමු අපි නිබද එක් නොවන සිතුවමක සද සාවි අත වනන බවයකදි එනදාක දිනෙක එක් වෙන්න සිත ලං වෙලා නුබට වත සිහිසුන්ව පෙමක ගොත අප කිමද රස මුසුව ගත සුසුමක්ව දැවටෙන්න හද ලගින් තැවරෙන්න නෙත කදුලු සරසන්න මගෙ අසල නුබ ඉන්න...
ජිත්ම කල්හාර 6 years ago 251 4 6
පැමින සිත්මඩලට සෙමින් නොරිද්දා මම ආදරෙන් ලංව සැතපුනි නින්ද යන තුරු නෙතු නෙතුපියන් දෙස යොමු වෙමින්.. මන්ද සොදුරි මේ තරම් අහින්සක මුව මදහසක් බැහැනෙ මැට්ටියෙ මේ තරම් ඉන්න බලමින් නිදි මතිං.... තනිව නුබ නං හිනැහෙති මටත් දැං ඉන්නට බැරි හාද්දක් මම තියන්නද අද හෙටම නුබ හට බැලුවැකි... පියන්නට මට හිරිම ලෝභයි නෙතු අද්දරත් නුබව දිස් වෙයි පිස්සු කෙල්ලේ නුබත් හරියට මටම මැවු දෙවු දුවක් වාගෙයි.. සෙවු..❤?
Kaveesha Lakmali 6 years ago 247 4 2
අන්ධව මනස දෑසත් වැහි වලාවකින් නිර්දොස් දනන් පොරවා කළු දුමාරෙකින් යන්නට හැකිව නම් දෙව්ලොව සැනෙකින් සිඳලනු හැකිද දුක් ගිනි ඔබ ලද වරමින්... ~~KaVee~~
✍️Nilushi Nisansala✍️ 6 years ago 413 5 4
දින ,සති,මාස,අවුරුද්දක් ගෙවුණු සැනින් නොම වියලේවී ගලනා උණු කඳුළු නෙතින් ඒ ඉරුදිනේ දිවිපිදූ සැමදෙන වෙනුවෙන් පතනෙමී ලැබේවා ස්වර්ගය පැතු විලසින්.............
Kaveesha Lakmali 6 years ago 276 6 6
සඟවයි මේඝ බබලනා හිරු මල අගුළු ලෑවෙමි හදේ පෙම් අසපුව අඳුරු බර වැහි අහස විලසට බර වැඩියි හද අගුළු ලෑ ඒ යදම ගුවන හිස් කර වහින රිසි මහ වැසි කදුළු කර සැලුවෙමි හද මතක පෙලහර පෙමින් දිස්න ලද අකුණු සර නෙත් බැල්ම යලි යලිත් හද දවයි නෙතඟ රැදි කදුලින්ම කළු මේඝ පහව ගිය මහ වැස්ස නිසලව ජීව ලැබ එලිය වූ නීල පැහැ තුරු වියන ලොවට වරදක් නොවූ මතු ප්‍රේම ලෝකයක ප්‍රාණ දේවා දෙහද නොමියදුනු ප්‍රේමයට! ❤️KaVee❤️
Sewwandi kaushalya 6 years ago 278 3 5
හෘදය ඉල්ලා හැඩු ඔබ අයිදෝ නාවේ...?
ජිත්ම කල්හාර 6 years ago 247 5 5
කය:දුර යන්න හිත දෙන්න බැහැ නේද බං ඇගෙන් සිත:බැහැ මචං මට ඉන්න හිනැහෙන්න නැහැ වරම් කය:මට ඇහැකි ඇය නැතුව හිනැහෙන්න ඇති තරං සිත:නුබ කොහොම හිනැහෙන්නෙ ඇය නුබේ පණ තරං කය:මට හැකිය සැනසෙන්න මත් විලේ කිමිදෙමින් සිත:උබට නං ෆුන් තමයි මට ඉතිං දුක තමයි කය:ඔවු මචං මට හුරුයි වැටි වැටී නැගිටින්න සිත:කට වහං සැතපියං මගෙ ලගින් දුක අහං.
ජිත්ම කල්හාර 6 years ago 267 3 5
නැගී හිරු බටහිරින් එලිය අදුරට හුරු වෙලා.. හමුවීම වෙන්වීම අතරෙහි සතන් හිස්තැන් ඇති වෙලා. සුමුදු වූ සිතුවිලි අතීතය අද බිදෙන් බිද රළුවෙලා අසීමිත මතකයන් දෙකකට විෂ්ව රීතිය මැදි වෙලා.. බදා කෙතකේ පැමිනියත්.. පැමිනියත් මරු සිතුවිල්ල සේ.. නුබට බැදි ඒ කුලුදුලේ පිපි.. ප්‍රේම සිතුවිලි හදවතේ.. නිමක් හිම් නැත කඩුලු මායිම්.. කඩා බිද සිත හිතුමතේ.. සිතුම් වැල් දම් රනින් ඔප සේ.. සිතුවිල්ල නුබමයි හදේ..
Sewwandi kaushalya 6 years ago 334 5 5
සිත සනසන හද පුරවන අකුරු හතර අ ද ර ය ... ❤❤️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps