Kaveesha Lakmali 6 years ago 313 6 3
ලොවට පෙන්වූ සිනාවන් සමඟ මුසු වූ විඩාවන් කදුළු සැඟවූ කතාවන් දුටුව හිමි සඳ ඇයට වාසනාවන් ❤️ ~~KaVee~~
✍️Nilushi Nisansala✍️ 6 years ago 339 5 5
තනිවෙනා හැම මොහොතේ ළඟින් හිඳ තනි රැක්ක හිතේ දුක නුඹ අරන් පත් ඉරුව මත ලිවුව ලොවට හැංගුව රහස් මට හොරෙන් දැනගත්ත නුඹ තරම් මා දන්න කෙනෙක් නෑ ලොවේ තව, ලොවම මා හැර යද්දී නුඹ පමණී උන්නේ ළඟ ලොවම මට හිනැහෙද්දී නුඹ පමණී ඇහුවේ දුක ගෙවෙන හැම තත්පරේ තනි රැක්කේ නුඹයි මට එයට තුති පුදන්නයි මේ කවිය ලිවුවේ මම .................
✍️Nilushi Nisansala✍️ 6 years ago 365 6 4
" නූරා සිතුවිලි හැඟීම් පොදියක් , පුරා විසිරුණු සිත ද සිඳලමී........ සිත වෙලාගත් හැඟුම් පොදියම, දවා අළුකර හුදෙකලා වෙමී........ නිවීයන මඟ නෙත ගැටුන දා , භවය නැසුමට සිත තබන්නෙමී....... කසාවත ළඟ දරා මසිතම, සසරේ ගින්නෙන් මා මිදෙන්නෙමී.....
Dewni Anuththara 6 years ago 325 3 6
කොල පාට අගිස්සෙ මොටද ඔච්චර දගලන්නෙ.... අවසන් හුස්ම අතලග කියාද......... නුබ බලය සිය දෑතට තෙපරා ගන්න... එවිට නුබ සන්තානයෙන්ම ආසා වු සයුරක පහස ලැබුමට හැකි වේවි නුබට... දනිමි, නුබ සදහටම ආළය කරයි... එ කාලයට , මිහිකත නුබට නොදෙනිව ආලය කරන බව මා දනිමි. මන්දයත් මිහිකත් මෑනියන් පෝෂණය කරන්නාවූ තවත් එක් දරුවෙකිය නුබ... *වැහි බිදුව...* ~දෙව්නි අනුත්තරා~
Kaveesha Lakmali 6 years ago 287 5 5
පෙරුමන් පුරා ලැබගත් මනුසත් භවය පින්වත් බව හැගුනෙ මවුපිය දුටු විටය විදහා පැතුම් පෙති සියගණනක් සුවඳ රැකුනේ මෙමා උයනේ රෝස මල ලෙසය ආයුෂ සිඳී මවුපිය සුර ලොව වැඩියා නෙක පැහැ සුවඳ මගෙ හිරු සඳු අරන් ගියා සෙවණක් නැතුව පෙති ගිලිහී සැඟව ගියා අද මම මෙහි වීමි වතුසුදු මලක් වෙලා අනියත බවම දුටුවා හැම දෙයින් මම වටහනු අවැසි නිවනේ සුව ලෝකයට අවසර පතමි කෙටි කරනට මරු කතර බුදු හිමි වැඩිය මග පිය මැන යමි මතුව.. ~~KaVee~~
Sumith Rathnayaka 6 years ago 248 7 7
හිරැ අදත් පායලා අප දවා බැසලා ගියා අරමුණක් නැතිව අපි බලා හිටියා එ්දිහා මුලු ලොවම දවාලා හිරැ හෙටත් අැවිල්ලා කොරොනා දැවි්යන් අපේ මේ දුක බලා (සුමිත්)
Kaveesha Lakmali 6 years ago 289 4 5
සඳ ඔබ තරම් දුර නෑ ගිහින් තරු මල් අතර පායා ඇවිත්.. රළ ඔබ තරම් දුර නෑ ගිහින් රළු වෙරළ සිප විත් ආයෙමත්.. මම ඔබ තරම් දුර නෑ ගිහින් අපෙ මතක මත මියැදේ තවත්.. ඔබ හීනයෙන් වත් නෑ ඇවිත් යන මඟත් නොදැනම දුර ගිහින්.. ~~KaVee~~
Kaveesha Lakmali 6 years ago 292 6 6
මලානික කණ පැහැය කඳු ගොඩැලි ආවාට සඟවා දරාගෙන රාත්රියේ සොඳුරු බව ලොවක් අභිමුව මවන්නට එළිය දෙන හිරු, තනි රකින තරු නොවෙද සඳ සතු සැබෑ වත්කම.. ~~KaVee~~
ජිත්ම කල්හාර 6 years ago 294 4 7
චංචලයි නුබ නිසංසල මගෙ සිත් මඩල තුල දිවි තුරා.. තැනක් නොතැනක් නැහැනෙ මතකෙට යන්න එන්නට නුබෙ නුරා.. හෙරක් බං උබ හොරෙන් කාටත් ගන්න මගෙ හිත නොකඩවා යන්නෙ නං නෑ දුම්මලක් ගැසුවත් ඉන්නෙ හිත යට කොදුරලා.. කුනිතන්ට නුබ තමා හරි හපනි මගෙ ලග දැවටිලා ඉතිං මොකටද මැට්ටි අද මේ හැංගිලා ලැජ්ජාව පෙන්නා.
Sumith Rathnayaka 6 years ago 255 4 5
වසන්තය ලග ලගයි ඉතිින් දැන් හිනැහෙන්න නුඹගෙනා මල් හි්න මගේ හිත සනසන්න අනේ මට අැත්තමයි හිතුනේම සිප ගන්න
Sewwandi kaushalya 6 years ago 298 5 6
දෑතේ කරගැට නැත සුව විදලා දෙපයේ රිදුමන් නිති රැදිලා නිදිවර්ජිත නෙතු තෙදඔද වැඩිලා සිංහ දේශයේ සිංහ පුතෙකි ඔහු දේශය සුරකින රණවිරුවා...
Kaveesha Lakmali 6 years ago 284 4 4
රැකගන්න සම්මතය සිරගතව සිත තුළම ආත්මය දිය කරන මිනිසුන් මැද, අසම්මතයෙන් සැනසුම සම්මත කරගත්තවුන් දිවියේ තෙරක් නොදැකම සිනහා වෙති ? ~~KaVee~~
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps