සිතුවිලි පාරමී 6 years ago 328 3 2
පොත් පිටු අතරේ ඇදෙනා ඔය රුව සිතුවිලි අතරේ රැදුනු තරම් සිහිනෙන් මැවෙනා ඒ රූ අතරේ සුසුම් සුවද මට දැනුනු තරම් විදපු තරම් ප්‍රේමේ හැගුමන් මා සිහිනෙන් ඔබ හා බැදුණු තරම් දැනුනා සෙනෙහේ උතුම් හැගුම් මට දැනුනා ඔබගේ සෙනෙහෙ තරම් ආදර සිතකට ආලය පමණයි හැමවිටකම ඕනෑ වෙන්නේ මට ඔබගෙන් දැනෙනා සෙනෙහස මගෙ හිත හැමවිටකම ඉල්ලන්නේ ලෝකය මොන මොන කතාව කිව්වත් මට නම් ඒව නොඇසෙන්නේ ජීවත් වෙන්නට මට ඔබ ඕනේ බව පමණයි මා නම් දන්නේ කටුකයි මා යන ජීවන මං පෙත ගල් මුල් පමණයි හමු වූයේ ඒ මං පෙත පිපි සුන්දර සුවදැති මල ඔබ ලෙසටයි මට පෙනුනේ ගත දා නිවලා හමනා මද නල ඔබෙ සුවදයි මට ගෙන ආවේ දැනුනා ඔබ මා පැතූ කෙනයි ළග ඉන්නට මේ මුළු සංසාරේ ❤පාරා❤
Deesha(දීෂා)❤️ 6 years ago 291 3 0
කඩා හැලෙන වැහි පොද අතරේ අප හිත ගිය එක වැහි බිඳුවක් ? සොයයි නිමක් නැති සෙනෙහසේ සැබෑ අරුත... සෙ....නෙ....හ....ස.... සෙනෙහස තම ආත්මය කරගත්, සෙනෙහස තුළම ජීවත් වෙන්නට වෙර දරන, යෞවනයේ මිහිරියාව සදාකාලික පැතුමක් පමණක්ම නොවීමට දිරිය දෙනුයේ, ඔබේම නිහැඬියාවයි....... රැඳෙන්න, නිහැඬියාව තුළම.... විඳින්න, නිහැඬියාවේ සැබෑ අරුත.... සිතන්න, ප්‍රයෝජනවත් යමක්.... කරන්න, ප්‍රයොජනවන් දෙයක්...... ආදරය කරන්න, තම හුස්මට පමණක්.... සොයා යන්න, ජීවිතය.......... ?? ????? -✍️-
Deesha(දීෂා)❤️ 6 years ago 273 3 3
හිමෙන් වැසී ගිය මුළු නගරයම අන්ධකාරය වෙලාගෙන හදේ දොරටුව ළඟට ඇවිදින් සිනාසෙන නුඹේ හඬ කොහි ගියෙද? නපුරු ඇයි ඔයතරම්ම දුටුවමුත් මඟ හරින්නට තනි කළේ නැහැ නුඹව, ජීවිතේ පුරාවට වේදනා විඳදරා සතුට දුන්නේ නුඹට රැක බලා ගත්තෙ මම පණ වගේ හැමදාම සිප් සතර හදාරා ඉහළටම ගිය දාට කෙලෙස අමතක කලෙද දුගී මේ තාත්තව? ඔබ රජ කුමරියයි අද ඒ මාළිගය තුළ මට උරුම වීදියයි කම් නැතේ එයට මට සතුටු වෙමි හැමදාම නුඹෙ සතුට ගැනම සිත ඉතින් අවසර දුවේ සමුගන්න ඔබෙන් මට......... ........???........
සිතුවිලි පාරමී 6 years ago 288 3 6
අන්දර යායේ වැව් තාවුල්ලේ සක්මන් නොකළට අප්පච්චී මගෙ හිත අද්දර හැමදාමත් ඔබ සක්මන් කෙරුවා අප්පච්චී දොළ දිය කෙත නිල ගහ වැල මල නොව මට මුළු ලෝකෙම අප්පච්චී වළාකුලේ දා බිදු නොම තැවරී මහ වැසි නෑ අද බිම තෙමනා ගිනිගෙන දැවෙනා හදවත් කතරට කදුළත් සැපදේ නෙතු හෙලනා සිදාදියට එන මං තනලා එහි යන සැටි දැකුමට නොඑනා ඔබ දෙවියෙකු දෙව්ලොව සිටිනා සිහිනෙන් පමණක් දැකගන්නා ❤පාරා.❤
Deesha(දීෂා)❤️ 6 years ago 358 4 5
සිත... විටෙක දෘඩ වස්තුවකි, විටෙක නොගෙනිය හැකි අංශුවකි, විටෙක නිරපේක්ෂ රාශියක් වැනිය, විටෙක අවකාශයකි, එයට විස්ථාපනය විය හැකිය , එයට උත්තාරනය විය හැකිය , එයට භ්‍රමණය විය හැකිය , එය එයට පමණක් සාපෙක්ශ වූත්, එය එයට පමණක් සමජාති වූත් , එය එයට පමණක් ජාමිතික වූත් , එය එයට පමණක් ප්‍රවේග වූත් , වස්තුවකි.. එබැවින් ඔබ... ආවේගය අංශුව ලෙසද, ප්‍රත්‍යස්ථ සරල ලෙසද, මත ගැටුම් සුමට ලෙසද, විපර්යාසය ශක්තියක් ලෙසද ..... සිතන්න. ???? ???
Deesha(දීෂා)❤️ 6 years ago 302 5 7
සිහින නිම්තෙර කඳුළු පිරිලා නුවන් දෙහැනින් සැඟවුණාදෙන්...... විහඟ තුඩකින් වැයෙන තත්සර හැඩම කවියක් නොම වුණාදෙන්..... සිතට දැනෙනා සියුම් ලතවුල් මැකී සොම්නස් පැතිරුණාදෙන්.... සදා නොමැකෙන අපේ සෙනෙහස අපේ සිත් තුළ ලියැවුණාදෙන්.... ?????
Deesha(දීෂා)❤️ 6 years ago 318 3 5
පිපුණු මල්වල අරුත කිම වෙද සුපිපි මල් පරවෙන ලොවේ... ලැබෙන හැමදෙය අහිමි වෙන බව නොවේද ලෝකය හෙලිකළේ... මෙවන් දහමක් මිටින් අරගෙන උපන් අපි හැම මේ බවේ... වෙන්ව යනමුත් යළිත් හමුවෙමු හොඳම මිතුරන් වී මතු බවේ...
Deesha(දීෂා)❤️ 6 years ago 270 4 5
අතීතය සිහිනයක් නොව මට සැබෑ සුවඳයි දැනෙන්නේ සැබෑවට විඳි ජීවිතය කිම සිහිනයක් ලෙස දකින්නේ බැඳුණු සෙනෙහේ අරුත්බරනම් සැබෑ ජීවය එයම වන්නේ සැබෑ සෙනෙහේ නොවිඳි මිනිසා විරහවක් කෙලෙසද විඳින්නේ.... ???
Deesha(දීෂා)❤️ 6 years ago 271 4 7
කී සැරයක් නම් ඉල්ලා ආවද මගේ සෙනෙහෙ ඕනමයි කියා එදා වගේමයි වෙනසක් නම් නැහැ කොහොමද ඉන්නේ මෙලෙස ඔයා ප්‍රාර්ථනා මල් එකිනෙක ගිලිහී ජීවිත උයනම පාළු වෙලා සොඳුරු මතකයේ සැරිසරනා සිත නෙත අග කඳුළක් ඉතිරි කළා නිවි නිවි දිලෙනා තරුකැට අතරේ නිසසල ලස්සන තැනක් සොයා රහසේ ඇවිදින් පාර කියනවද සැඟවී ඉන්නට ලොවට හොරා ...... ☺️☺️☺️☺️☺️☺️☺️
සිතුවිලි පාරමී 6 years ago 267 3 5
අම්මගෙ තනියට කොහෙදෝ හිටි මා මෙලොව ගෙනත් තියලා ඔබ කොහි ගියෙදෝ අපව දමා දුර ඈතක පියාඹලා මතකෙට එනවිට දෙනෙත් තෙමෙනවා මට ඔබ සිහිවීලා මතු භවයක අපි හමුවී මෙලෙසින් වෙන්වී නොයමූ සදා වසරින් වසරක් ගෙවී ගිහින් තාත්තෙ මං දැන් ලොකු ලමයෙක් අපි අතරේ ඔබ හිටියානම් ඔබ තුටු වෙයි මා දිහා බලන් අමතක නෑ මට හෙට දවස තාත්තෙ ඔබ ඉපදුණු දවස සමරන්නට බැහැනේ අපට තාත්තෙ ඔබ අප ළග නැතුව ඔබ මියැදෙනකොට මං පුංචි දැන් නම් මගෙ බර ගොඩක් වැඩී වෙනසක් නෑ මගෙ අප්පච්චී තාමත් ඔබෙ මැණිකයි චූටී ❤පාරා❤
Deesha(දීෂා)❤️ 6 years ago 263 6 9
නෙත ගැටෙන ලෝකයේ දැක නොමැති රුව දෙකක් නිතර සක්මන් කරයි මා මනස කලඹමින්... ඉපැදුනු තැනදිම මියැදුණා මෑණියනි දියණියක් හට උරුම සෙනෙහේ අදත් කඳුලැල් වැටී පෑරෙයි තනිවෙනා විට සැම වෙලේ... රටක් වෙනුවෙන් දිවි පිදූවද මගේ ආදර පියාණන් ඔබ කෙසේ විඳදරා ගත්තද එවිට ඔබ ගැබ්බර මවක්... වේදනාවක් දරාගන්නට අවැසි වූ විට සෙනෙහසක් නොමැති හින්දද දුන්නෙ මට දිවි සමුඅරන් නුඹ ජීවිතෙන්... දැකනැති නමුත් දෑසට මා ඔබ දෙදෙන ඔබ දුන් දායාද වෙයි මගෙ රූ සපුව රැකගමි ජීවිතය මා, වෙනුවෙන් ඔබ දෙදෙන දුර නැහැ දෙදෙන හට ඒ සුන්දර නිවන෴ ?????? ✍️?
සිතුවිලි පාරමී 6 years ago 287 3 8
මුළු ගෙදරම කල එළියලු ආයෙත් අම්මෙක් වෙලාලු ගේ පුරාම කිරි සුවදලු නුඹ ඇවිදිල්ලා නුඹ බලන්න නෑ පිරිවර ඇවිදින් තෑගිත් අරගෙන මා කාටත් වී අමතක නුඹ ඇවිදිල්ලා හුරතල් කර කර ඉන්නට ඉස්සර වාගේ අම්මට අප්පච්චිට නම් දැන් නෑ කාලේ කොපමණ වෙනසක් වීදෝ නුඹ ඇවිත් මලේ දැන් මා නිදියන්නෙත් අත්තම්මගෙ තුරුලේ මට නම් දැනෙනවා ආදරෙ අඩුවෙලා වගේ කාගෙත් ආදරෙ ලැබෙන්නෙ නුඹටමයි මලේ තරහක් නෑ කවදාවත් නුඹට මගෙ හිතේ ඔය කාටත් වැඩියෙන් මම නුඹට ආදරේ ❤පාරා❤
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps