Deesha(දීෂා)❤️ 6 years ago 354 5 6
රුදුරු රළ පෙළ හඬ හඬාවිත් වෙරළ ඉම ගිම් නිවාලයි... සිතේ ඇති සිත් තැවුල් වෙරළේ දමා සැනසී යන්න යයි ... තවත් විටකදි රළ පෙළක් විත් ගල් කුළක් වෙත දුක කියයි... තිබූ හිත තව තවත් පෑරී සත් කඩක් වී විසිර යයි... සිතක් නිවනට අවැසි වේමය ඇහුම්කන් දෙන මුදු හදක් කළු ගලක් ලඟ කිසිම විටකදි නොසොයන්න අස්වැසිල්ලක්....... ........?????..........
සිතුවිලි පාරමී 6 years ago 302 2 4
දිගු ඇස් මා වෙත හැරවෙන හැම වර හදවත ගැස්සෙනවා සත්තයි හදවත ගැස්සෙන හැම වාරයකම මට ඔබ සිහිවනවා සත්තයි මට ඔබ සිහිවන හැම වාරයකම ඔබ මගෙ නම් හිතෙනවා සත්තයි ඔබ මගෙ නම් සිතෙනා හැම වාරෙක ආදරෙ මට දැනෙනවා සත්තයි ❤පාරා❤
Deesha(දීෂා)❤️ 6 years ago 285 2 2
පාළු රාත්‍රියක නිහඬ නිමේෂයක දෙකන් පෙති කිතිකවා ඇසේනම් නුඹේ ප්‍රේම ගීතිකා.. කුමක් සිතන්නද නුඹේ ප්‍රේමයට එපිටින්... කුමක් පතන්නද නුඹේ ප්‍රේමයට රහසින්... මගේමයි කියා සෙනෙහසින් මා නළලත තැබූ උණුසුම් හාදුවම දිනෙන් දින ගෙවීගොස් දැනේනම් ඒ උණුසුමම කුමක් සිදුවීද යැයි නොදැනෙන ලෙසකටම.... සිතන්නට කිසිත් නැති, පතන්නට කිසිත් නැති මගේ මේ සිත් ඉමට ළං වුනේ කෙළෙසකද? කියන්නට නොහැකි ලෙස මගේ මේ ජීවිතේ මහා ලොකු ප්‍රාර්ථනාවක් නුඹ නමින් පුරන්නට ඉඩ දුන්නේ කුමකටද? කියන් මට කුමරුවනි මේ පුංචි ජීවිතය නුඹටමද?... වෙන්ව නොයන්නට ඔය සිත් මායිමෙන් සදාකල් රැඳී ඉන්නට වරම් තියේවිද මට ඉතින්.....෴? ෴දීෂා෴
Deesha(දීෂා)❤️ 6 years ago 261 2 2
මියැදුණු හදවතක ශේෂ වුණු ප්‍රේමයත් සමඟ හුස්ම වැටෙනවට වැඩිය නැති එකමය හොඳ.... විටින් විට ඇවිත් නුඹ මා නොහඳුනනා ලෙස රිදවලා යනවට වැඩිය නෑවිත් ඉන්න එකමය වඩා හොඳ...
Deesha(දීෂා)❤️ 6 years ago 279 2 2
ලියන්නට බැරි වූ කවක් හෙමිහිට ලියා තබමි...✍️ කියන්නට බැරි වූ කවක් හෙමිහිට මුමුණනමි...? දරාගන්න බැරි දුකක් හෙමිහිට විඳවමි....? මට අහිමි සෙනෙහසක් හැමදාම මම පතමි...?෴ -දීෂා෴❤️
Deesha(දීෂා)❤️ 6 years ago 301 6 17
කපා පෙනහලු ඉවත් කරපන් හුස්ම එහි නොවැටෙන හෙයින් පලා බඩමැද අයින් කරපන් බඩවැලුත් කුණු වන හෙයින් උලා ඇස් දෙක දනට දීපන් ලොව දකින්නට ප්‍රීතියෙන් එපා හදවත අයින් කරනට කෙනෙක් ඉන්නවා පණ පිටින්.......... ✍️
Deesha(දීෂා)❤️ 6 years ago 283 5 7
සාගරය පරයා වේදනා විඳගෙන වදා දරුවන් විලිරුදා ජයගෙන ලොවක් තනනා මහඟු අරුමය පිනක් මිස කරුමයක් වේවිද ළඳක් වී ඉපදීම මිහිමත.............
Hashi 6 years ago 305 3 4
නුබ නම් මාරයි.... හිත් දෙකක් පාරයි... කරපු පවු බෝමයි... නුබව දෙවියන්ට බාරයි... නුබෙ සතුට සැනසීමයි... දැන් නම් හරිම වෙහෙසයි.. ජීවිතේ අඩමානයි.... නිමාවට අවසරයි...
Hashi 6 years ago 306 1 3
පොෂ් වැඩිද මන්දා..... හිත දෙවතාවක්ම හිතුවා..... සමාවක් නම් නැතුවා.... යාලුකමටත් තිතක් තිබ්බා....
Hashi 6 years ago 303 2 1
ලගින් ඉදියනෙ දුක නිවෙනකන්... හීන බැලුවනෙ නුබ එක්ක මන්.. හුස්ම තරමටම පෙම් කලා මන්.. නොදුන් හාදුවටද ගියේ රත්තරන්...
Hashi 6 years ago 298 2 0
කාලය, නුබ රිද්දන තරම්.. බලන් ඉන්නව කියල දැන දැනත්... නුබ ඇයි නිහඩ??
Deesha(දීෂා)❤️ 6 years ago 307 4 5
අකුරු මහ ගොඩක් නැතුවට වචන දෙක තුනක් පිළිවෙළට පේන මායිමක කොහේ හරි මැණික ලියලා පලයන් නුඹ හොඳින් වග....?
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps