Deesha(දීෂා)❤️ 6 years ago 289 3 5
මඩ වගුරක් කියලා අතහැරපු වලම දවසක නිල් වතුරින් පිරිලා නෙලුම් මල් වලින් වැහිලා ගියාම අඳුන ගන්නවත් බැරිවෙයි නුබට අතහැරියේ සුන්දර විලක් කියලා...
Deesha(දීෂා)❤️ 6 years ago 290 4 0
පාළු මුඩු බිමක දුකින් මුසපත් ව තිබූ මා හද සතුටු ගංගාව පෙන්වා දුන් නුඹ, තත්පරයක් වත් නොගෙවා නුඹ සිහි නොකර මම ඉන්නේ කෙළෙසකද? දිනෙන් දින ළංව උතුරා යන ආදරයක් අභියස සිතෙහි බියක් ඇතිවෙයි ඔබ නොලැබේදෝ කියා මට... උතුරා යන මහද ආදරය එකතු කරන්නට මදිවෙයි මේ මහ සාගරය... හද කෑගසා ඉල්ලන ඔබේ ආදරය අහිමි නොවන බව මට සහතිකය... මහදේ ඇති හැම ලේ බිඳුවකම රදවා ඇත්තේ ඔබේ නාමය... ඔබ නැති දවසක අවසන් හුස්ම පොදක්වත් තියේවිද මා හට සිහිනෙකින්වත්... මගේ රත්තරනේ ඔබ මගෙන් දුරස් නොවී සිටින්න........ - දීෂා - ❤️❤️❤️❤️❤️❤️❤️
Deesha(දීෂා)❤️ 6 years ago 352 4 4
හදින් බදා මම නුඹට පුරා අවුරුදු 3 ක්, මාසයන් 36ක්, සති 144 ක්, දින 1080 ක්, පැය 25920 ක්, මිනිත්තු 1555200 ක්, තත්පර 93312000 ක් පුරා නුඹට ආදරය කළෙමි. මේ 93312001 වෙනි තත්පරය ආවත් කල්ප ලක්ෂයක් නුඹ ළඟින් ඉන්නට පෙරුම් පුරමි........
Deesha(දීෂා)❤️ 6 years ago 346 3 2
ගණ අඳුරින් මුළු ලොවම වසාගෙන හෙණ හඬ තලමින් නුබගැබ කළඹවන ඇය, මතුපිටින් අඳුරු මායාවකි.... නමුදු ඇය විටෙක, සීතල හැඟුමකි. චමත්කාර ප්‍රිය දසුනකි, සිත නිසල කරන්නාවූ සුන්දර කවියකි...❣?
සිතුවිලි පාරමී 6 years ago 309 1 2
නිසල රැයේ පායා එන්න මගෙ සිත ගනදුර නිවන්න තුරුලු වෙලා ලග හිදින්න නුඹටයි ඇරයුම්.. සීත රැයේ පායා එන්න මගෙ ගත උණුසුම් කරන්න ළග හිද පෙම් බස් දොඩන්න නුඹටයි ඇරයුම්.. ආදරේට හිනාවෙන්න හුරතල් පෙම් කවි කියන්න හිස් හදවත පුරවන්නට නුඹටයි ඇරයුම්.. ❤පාරා❤
සිතුවිලි පාරමී 6 years ago 304 2 6
දවටා සුදු සේල පළදා මුතු මාල හැඩවී මගේ පණ ඇවිදින් මගෙ අබියසටම බිම බලාගෙන සිටි දිග් ඇස් එසවුණි නෙත් සතරක් හමුවී ආත්මයම බැදුණි නා දළු දෙතොලක් හීනියට ඇදුනු හිනාවක් තවමත් මගේ ඇස් අහකට ගියේ නෑ නුඹෙන් එල්ලී මගේ දෑතේ සුරතල් බස් කියූ ආලේ පුංචි කැකුළියේ නුඹමද මේ.. බැහැ මට හිතාගන්නවත් අදින් පසු නුඹ මගේ.. නැහැ මගෙ මැණික මේ මුළු ආත්මයම නුඹේ.. ❤පාරා❤
Deesha(දීෂා)❤️ 6 years ago 303 2 2
ආශාවන් පසුපස ඔබ කෙතරම් ලුහුබැන්දත් මිල මුදල් පිළිබඳ ඔබ කෙතරම් සිහින දුටුවත් නිමක් නොවන මේ සසර ගමන් මඟ අතර ඔබ ලැබූ මේ ජීවිතය තවත් එක් ගමනාන්තයක මතක සටහනක් පමණයි...
සිතුවිලි පාරමී 6 years ago 252 2 4
හිනාවෙන්න, ඇයි තහනම් කලේ කවුරුද අහක බලා යන්නේ ඇයි මා අමතකද රණ්ඩු වුනා විහිළු කලා අපි පොඩිකමට අමාවකද අද ආවේ මගෙ ලෝකයට ඔය හිනාව දකිනු නැතිව ඉන්න බෑ මට අමාවකට වැඩි කළුවර දැනෙයි මට අද හිතට බරයි හිත වදදෙයි නුඹම ගැන හිත ඔබෙ ආදරෙ වෙන කෙනෙකුගෙ වුනත් මේ විට ❤පාරා❤
Deesha(දීෂා)❤️ 6 years ago 291 3 1
කාලය නොනැවතී ගියත් තාමත් ඉස්සර වගේම මතකය නවතී ඒ හිනාව ළඟ. කොයිතරම් අමතක කරන්න හැදුවත් මතකයෙන් ඈතට නොයන්නේ හිතට තදින්ම වැදුණු මතකයක් නිසාම වෙන්න ඇති.. අතීතයෙන් ඈත් වෙලා ජීවත් වෙන්න හැදුවත් අතීතයට ඕනිත් මේ හිතම වෙන්න ඇති.. අපේ හිත්වල තිබුණු හැම පුංචි හීනයක්ම හිතක් පපුවක් නැතිව උදුරාගත්තෙත් නුඹයි අතීතය.. හැම ආදර කතාවකම පුංචිම පුංචි ප්‍රශ්න තියලා අපේ කතාව විතරක් ප්‍රශ්නයක් කලා... කාලය,අතීතය දෙකම එකතු වෙලා උදුරාගත්තා හිතේ හීන එකක් නෑර... අමතක කරන්න බැරි මැරි මැරි යළිත් උපදින මතක එක්කම මේ හිතනම් ජීවත් වන බව තාමත් ඒ හිනාව දන්නේ නැතුව ඇති......?
Deesha(දීෂා)❤️ 6 years ago 353 4 5
මගේ බලාපොරොත්තු කඩ කරගෙන එයාගේ බලාපොරොත්තු වලට පණ දෙන එක... මගේ ආදරේ යටපත් කරගෙන එයාගේ ආදරේට සහය වෙන එක. මගේ දුක හංගගෙන එයාගේ සතුටට හේතු හදන එක.. ආදරේ කියන්නෙම පරිත්‍යාගයක් හිත හීරුනත් සැනසිල්ලක් දෙන.....
සිතුවිලි පාරමී 6 years ago 276 1 1
වැහැපන් වැස්ස දෝරෙ ගලන්නම මගෙ කදුළු කාටවත් පේන්නෑ එතකොට පායපන් අව්ව ගිනි රස්නෙටම හිතේ ගිනි කාටවත් දැනෙන්නෑ එතකොට හමාපන් සැඩ සුළග අපෙ මතක සටහන් එකක්වත් ශේෂ නොවී ගසාගෙන යන්නම හමුවෙයන් උඹටත් මට වඩා හොඳ කෙනෙක් හිත හදන් සදහටම උඹෙන් ඈතට යන්න ❤පාරා❤
Hashi 6 years ago 250 1 1
දුර ඈත.... හිත ගාව.... අතරමග නතරවුනු..... හාදුවට බැදි ආදරය... නොදුන් හාදුව, ආයෙ ඉල්ලගෙන මා ළගට එනවාද?? හිතුවක්කාර ආදරය...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps