sad danu 7 years ago 302 3 1
වාන් දමනා තිස්ස වැවු දිය නිතර කලඹන මුදු සුළඟ මැද ඔබෙි උණුසුම සොයන මා වෙත දැනෙන සිසිලස හද ගිමන් නිව සදා නොමැකෙන ඔබෙි මතකය සමග මා අද වැවු ඉවුර මත සැඟව ගිය ඔබ සොයන මා නෙතු අතර රැඳවෙන දවස කෙදිනද ?.....
sad danu 7 years ago 318 6 2
දයාබර අල්තිනායි මතකද එ් දවස... නුඹට මම ඉගැන්නුවා කිර්ගීසියානු හෝඩිය දකින්නට අයිලයට එහා ඇති ලෝකය........ නුඹ හා මම වැළලුවා පොප්ලර් ගස් දෙකක් සොඳුරු ස්ටෙප්ස් බිමෙහි බලා ඉඳිද්දිම උස ගියා එ ගස් හරියට අල්තිනායි නුඹ වගේ.... ඉතින්, දයාබර අල්තිනායි නුඹ දන්නවද සුළඟ හමන විට පොප්ලර් අතු සෙලවෙන විට ඇසෙනවා ඈත ඉඳන් අමතන හඬ නුඹ මා දයාබර ගුරුතුමානෙණි ආයුබෝවන්!"
Wasana Lakmali 7 years ago 522 8 6
ආදරය යනු හිමිවීම පමණක් නොවන බව ද, අත්හැර දැමීමද නොවන බව මට කියා දුන්නේ ඔබය... එහෙත් මම අත් හලෙමි. ඒ මෙතෙක් මා රැකගත් ප්‍රේමය මිස ඔබව නොවන වග මම දනිමි... ඔබේ සිතේ ඇත්තෙ දුකක්ද වෛරයක් යැයි මා නොදන්නා නමුත් මගේ සිතිවිලි තුල ඇත්තේ වේදනාව පමණකි... මා ජීවත් වීමට හේතු පාඨය වූ ඔබ අවසානය තෙක්ම හිදි දැයි මම බලාපොරොත්තු නොවෙමි. ඒ ඔබ කිසිවක් නොදන්නා නමුත් ඔබද මා සිතින් අත් හැර ඇති නිසාය. වෙන්වීමේ හේතුව ඔබ සොයනතාක් මම ද නිහඩවම හිදිමි... කවදාක හෝ ඔබ සියල්ල දැන ගත් විට ඔබට වැටහේවි ආදරය හිමිකරගැනීමක් හෝ අත්හැර දැමීමක් නොව එය පරිත්‍යාගයක්ම බව .. ඉතින් අයිතිවාසිකම් නොකියමි... ජීවිතය කෙටි බැවින් අවසානය තෙක්ම මම ඔබට ආදරය කරමි...
Lakshan kalum 7 years ago 309 4 0
වැලි කතරට දිය බිදුවක්සේ....දුකට උන්නේ කදුල පමනි මා හදේ්.........
✍️Nilushi Nisansala✍️ 7 years ago 350 7 3
මියැදි තම පුතු පපුවේ රඳවා කිසාගෝතමී ඉකිබිදිද්දි. පනැති තම පුතු දමා යයි මඟ අම්මේ කියමින් අඬගසද්දි. වත්මනේ මව් සෙනෙහේ සුළඟේ ගසන් ගියා සේ වැඩ කරද්දී . උතුම් මව්වරු ලොවේ ඇති බව දැනුණා මගේ අම්මා දකිද්දී .
✍️Nilushi Nisansala✍️ 7 years ago 361 5 3
තියා මා අත රෝස කැකුළක් නුඹ දුරක ගිය දා . හැඩුවෙ නෙත නොව හදවතයි මගේ, නුඹේ සොහොනේ හැපිලා ගියත් කාලය සැනින් එසනින් දිනෙන් දින ගෙවිලා. නුඹේ රුව මට අදත් පෙනෙනවා ගේ පුරා මවිලා. වැටී වැටී නැඟිට ඇවිදින , දගකම් කරනා .. මවගේ සෙනෙහේ සොයමින් , ඉකිබිඳ හඬනා .. සුරතල් කතා ඉඟි කර , නෙතගින් කියනා .. දූ ට මවක වනු බැ මට , කිසි ලෙසිනා.. එක එක අකුර ඇහිඳන් දූ කියන කතා . හරි ,ලස්සනයි කියනා විට මට , තාත්තා . අසන දිනක මව ගැන දූ , නැතුව කතා . මුනිවත රකිමි, හඬමින් , අසරණ තාත්තා ..................
Priyadarshani Doni 7 years ago 354 2 0
නොහැකිද යළිත් හමුවී කියලා දෙන්න ...
Priyadarshani Doni 7 years ago 336 6 0
එයයි මිනිස් බවේ පැතුම..
Viraj Imantha 7 years ago 334 7 5
හද රැඳුණ නිල් නයන සුව විඳින පෙම් පවන ඇස ගැටෙන නෙතු දැහැන ගත සොයන සුව යහන සිත දවන නුඹෙ වචන මතකයන් හා බැඳුණ සිසිලසක් සේ දැණුන කොහෙද පෙම් රජදහන මතකයිද ඒ දවස් ප්‍රේමයක් වූ සුවස් ගෙවුන ඒ හැම දවස් ලෝකයට වෙයි රහස්
Diniru Yehan 7 years ago 352 3 2
දැනෙනව... ඉස්සර වගේ නෙවෙයි දැන් හරි වෙනස් කියලා ඒත්.... එක දෙයක් දන්නවා.. අයෙත් දවසක මගේ ලගට එනවා කියලා..
Sarath Alwis 7 years ago 283 2 0
පුංච් වැහි බිංදු... වලාකුලුවලට බර නිසා... ඒවා වැහිවලාකුලුවලින් ගිලිහෙද්දී ... මට හිතුනේ... වලාකුලුවල දුක කියෝනවා කියලා. මගෙ හිතේ තියන දුක ... කියාගන්න බැරි උනත් ... අඩන්න මගෙ ඇස්වල කදුළු නැහැ. ඒ තරම් ම ... දුක් කන්දරාවක් ... මං ඉන්නේ හිතේ ගුලිකරන්.......... නීතානී ප්‍රියංගිකා තලගල., කඩුවෙල.
Mithu Thathsara 7 years ago 325 4 2
කාලය ඉගැන්නුවා ජීවිතයේ හැටි ජීවිතය ඉගැන්නුවා මිනිසුන් ව අදුනගන්න හැටි ආදරය ඉගැන්නුවා දරා ගන්න හැටි මේ හැම දෙයකින්ම ඉගෙන ගත්තා ජීවත් වෙන හැටි
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps