✍️Nilushi Nisansala✍️ 7 years ago 388 4 1
ගම, දාගැබ,පන්සල තුළ සිත රන්දා ආදී සිංහලේ උතුමන් නිති වැන්දා ආගම සදාචාරය වෙත පෙම් බැන්දා ලෝකෙන් උතුම් රට වූයේ ඒ හින්දා වියැකි ගොස් ඇත අද දහමේ අගය ලොල් වී මතට මිනිසුන් ගෙවනා දිවිය නොදනි ඔවුන්වත් සිදුවන විනාශය අහෝ!සමාජය යන මේ අගාධය මුදවා ගත හැකි වේවිද මේ මිනිසුන් මා පිය නෑ සියන්ගෙ ගලනා කඳුලින් පලවා දමා මත් රකුසා සමාජයෙන් යහපත් යටක් බිහිකරලමු හැකි විගසින් ලෙඩ දුක් විනා යමක් වේද මින් ලැබෙන රුධිරය පවා වැනසෙයි සිරුරේ ගලන මියැදෙයි හෙමි හෙමින් දිවියත් ඔබ නොදැන රැකගත වෙවටිනා ජීවිතේ පෙමින දිව රැ නොබලා උපයන හැම කාසි පනම් වැය කරනවා මත් වතුරට ඇයි??ලොබකම් නොදනි නුබත් වැය වෙනවා හැම වත්කම් නොකොට මෙසේ නිති කරනුව දන් පිංකම් සොර මැරකම් ඉහළ නගී දිනෙන් දින මතට ලොල් බවයි මුල් වු එක කරුණ වටිනා දක්ෂ ජීවිත දැවෙනවා තරුණ දින දින පෙනේ වැඩිවෙන හැටි ලොවේ මරණ සූරාමිහිර වනසයි අපෙ ජීවිතය ලෙඩ දුක් විනා නැහැ අන්කිසි ප්‍රතිඵලය වටහාගෙන දැන්වත් මේ විනාශය මතට තිත තබා ජයගමු මතු දිවිය
✍️Nilushi Nisansala✍️ 7 years ago 333 8 4
කඳුළක බර වැටහෙන්නෙ නෙතු අගට සුසුමක තරම වැටහෙන්නෙ හදවතට කඳුළ ,සුසුම ඇතිවන්නේ සිතේ දුකට කවදා සතුට හිමි වේවිද මගේ සිතට !!!!!!!!!!! වැටෙන වැටෙන සැම විටකම ගෙන විරිය මට යා හැකියි තව බොහෝ දුර ගෙන දිරිය පරාජයයි දිවියේ නොපෙනෙන එළිය ඔබට ඔබ පමණි ලොව ඇති එක සවිය !!!!!!!!!
sad danu 7 years ago 346 2 0
සඳ නෑ ඔහේ අද කොහේදේා හැංගිලා සුපුරුදුයි තනිය මට තනි තරුව වු නිසා බසින්නට කලින් ඉර හිනැහෙන්න සැරසිලා සඳ නිරිඳු වඩිනතුරු බලයි පෙරමග සදා පායන්න පායන්න අඳුරු ගැබ බබලවා තනි තරුව වී ඉන්න නොහැක මට දිවි තුරා අමාවක කළුවරට අදින් පසු තිත තියා පසළොස්වකක් වී පායන්න තනි මකා.... චතූ වීරසේකර
What 7 years ago 296 4 1
පහසක් ගත දවටයි පවන මුදු සේලය නටවයි සැඩ සුළඟ නමුදු තුරු පොලේ ගසයි සුළි සුළඟ රුදු තොප මන සුළඟ මෙවන්ය විටකුදු
✍️Nilushi Nisansala✍️ 7 years ago 337 6 6
ලියැවුණු නමුදු නෙක කවි පද මව් පෙමට කිම නොලිවුනේ ගී කවිපද පියතුමට අඩුවක් වුණි ද දැක්වු මහ සෙනෙහසට මහමෙර උසට සෙනෙහස ඇත පපුවයට අම්මා මෙන් අප තුරුලේ නොරැදුවත් මුව සිප සනහා ආදරබස් නොකියුවත් හදපිරි සෙනෙහේ නිති අපවෙත නොපෙන්නුවත් පිය සෙනෙහස දෙවැනි නොම වේ කිසිවෙකුටත් දහදිය හෙලා දුක් වින්දෙ අපි හින්දා රැ දහවල නොසිතා නුඹ නිති දුක් වින්දා දුකක් නොමනොදි අපවෙත ඉසුරම කැන්දා දිවි ඇතිතුරා රැකගමි පායුග වැන්දා මගේ වත දිදුලද්දි වැහැරුන නුඹේ සම මගේ සවි වැඩිවෙද්දි වැඩිවුණා නුඹේ පෙම දිවි ඇති තුරා රැක ගන්නවා නුඹව මම සැම දෙවියන් නුඹ රැකගයි හැමදාම
✍️Nilushi Nisansala✍️ 7 years ago 327 9 2
කාලයේ වැලිතලා අතරේ ලොවට රහසේම සැඟව වළලුණු කුළුඳුලේ පිපි මිලිණ වී ගිය මටත් තිබුණා ප්‍රේමයක් ලොවෙන් සැඟවූ ප්‍රේමයක් දින ගණන් රැය පහන් වනතුරු නුඹේ නාමයෙන් කවි වදන් ගෙතු මටත් තිබුණා ප්‍රේමයක් ලොවට නොකියු ප්‍රේමයක් අදත් සිහිකර හඬනවා මම ඒදා ලියූ කවි මතකයන් එයි කියා පෙර මඟ බලන් ඒදා ඒ ගෙවූ සොඳුරු මතකය දැනෙනවා අද ඊයේ විලසට පපුව ගැඹුරේ අදත් නිහඬව නිදාවී මතකය හෙටත් නුඹ නොදන්නා මුත් කිසිත් ඒදා වාගේම ආදරෙන් ?????
Sachini Imesha 7 years ago 286 3 1
අනේ ආදරෙ,, පෙන්නපන් මට හරි පාර. පෙන්නපන්කො මට උගෙ තිබ්බ අවංක ආදරෙ.. නැත්තන් මල්සරෝ දීපන් උබෙ ඊ තලයක් මංම ඇනගන්නම්
Danushka Dulanjana 7 years ago 295 3 1
සොදුරියෙ ඔබේ නෙතු දකින හැමවිට .. පවසයි ඔබේ නෙත් මගේමැයි කියා.. පැවසිය නොහැක මට ඔබ සිටින ලග මට බොහෝ දුරනිසා.. සිතින් පමනක් පෙම් කරමි මා ඔබේ නෙතු මගෙ මැයි සිතා...
Danushka Dulanjana 7 years ago 292 6 2
හිමි නොවන බව දැනගෙනයි පෙම් කලේ හැමදාම.. අහිමි දුක දැනෙයි නොදැනීම.. කීයාගනු බැරි ආදරය මට නුබට නොදැනේද.. සිතම පනයි වින්දේ දුක හැමදාම..
sad danu 7 years ago 287 4 4
ඇවිද වෙල්එළි කැලැ දෙනිවල පෝරු ගා අස්වද්දවා කුඹර නිවස අටු කොටු බතෙන් පිරවු යෝධයෙකි නුඹ තාත්තේ.... වැහැරෙමින් යන කයට නැ වෙර හිතේ ශක්තිය තවත් ඉතිරව වක්කඩෙන් පිරවු ලියෙදි මැද බලාහිඳි නුඹ තාත්තේ.... දුක්ගැහැට අඩුපාඩු අතරින් සිනාවෙන් සිත සනසවා ගත් ජීවිතය ගීතයක් කරවු රජෙකි මට නුඹ තාත්තේ.... චතූ වීරසේකර
Tharushi Amandi 7 years ago 344 7 2
ජීවිතේ තියෙන්නෙ අපි ආදරේ කරන මිනිස්සු ලග ආදරේ තියෙන්නෙ අපි වෙනුවෙන් ජීවත් වෙන මිනිස්සු ලග බලාපොරොත්තු තියෙන්නෙ ජීවත්වෙන්න ආස මිනිස්සු ලග මේ ඔක්කොම අතාරින්නෙ ජීවිතේ ගැන කලකිරුනු මිනිස්සු
sad danu 7 years ago 283 4 0
සුරවිමනක සිරිඅසිරිය ගෙන ආ අප සිහින නිවස නැතිබැරි වු කමි අතරින් දුක පමනක් අද ඉතිරිව එක වහලක් යට සතුටින් ඉන්න ඔිනි හැමදාමත් සිතමින් අප ගොඩ නැගුවා අපේ කියා රජදහනක් එත් අදට තුන් වසරක් නෑ අවසන් වැඩ තවමත් පැතුවා දෑඟිලි ගනිමින් පදිංචියට හොඳ දවසක් සඟවාගෙන අඩුපාඩුත් තුටු කෙරුවා පුංචි පුතුත් නැ දෙන්නේ කවදාවත් දැනගන්නට කිසි අඩුවක් පෙර පිනකට ලැබු සේ සිතු රැකියාවත් එපාවෙලා නෑ පඩියක් ඔවර් ටයිමි කියයි නිතර මගේ සැමියා අර බැංකුව මෙි බැංකුව ඇමතුම් දෙයි හැම දවසම අර ඇරියස් මෙි වාරික ගෙවනු ගෙවනු කයයිි නිතර තිබුනත් අඩුපාඩ කොතෙක් නැ කිවුවේ කොයිකාටත් වෙර දැරුවෙි හැමදාමත් නොවන්න කරදර කාටත් දෙව්යො බුදුන් ඇදහුවා හිතේ සැහැල්ලුව පැතුවා අප සොයනා ඒ සැනසුම කවදා ලැබෙිවිද මන්දා....
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps