Rasika Maduwanthi 5 years ago 390 2 0
සමහරු ටයිම් පාස් එකට ලව් කරද්දී තවත් සමහරු අාදරෙ මුලු ජීවිතයම කරන් ඉන්නවා ❣️ ✍️ මදු 2021.05.02 පෙ. ව .8.30
Rasika Maduwanthi 5 years ago 394 1 0
මගේ මැනික මගේ ආදරේ තරම් ඔබට කියල දෙන්නට හැකිනම් අනේ මන් වාසනාවන්තයි ඒ අතින් ✍ මදූ 2021.05.01 ප.ව.09.41
Dila ???? 5 years ago 337 4 7
හුඟක් කවියන් ලියූ කවි ගී පපුවෙ ගැඹුරට එබි එබී කුමක් හෝ මතකයක් හොයනවා නොදී යන්නට මැකි මැකී පසුව දිනයක හමුවුනා ලොව කවක ගීයක මල් පිපී ඉතින් මතකය ලං වුනා මට එතන හිටියෙත් ඒ අපී එදා වාගෙම අදත් හෙටටත් කවියො කවි මත හැපි හැපී ලියයි පෑරුණු රිදුනු තැන්වල තිබුනු ලස්සන ඒ හැටී
Dila ???? 5 years ago 320 5 7
මහ රෑ ගැස්සී අවදිව ඉඟ වටා ගිය නුඹේ අත කොහිදැයි සොයමි.. ලෝකයම එක තැන නතර කල පපුතුරේ උණුහුම සොයමි.. බදාගෙන ආදරෙන් විසිරුණු ජීවිතය එක්තැන් කල හීනෙනුත් ළඟ හිඳින ආදරේ කොහි දැයි සොයමි..
Dila ???? 5 years ago 387 3 2
ග්‍රීෂ්ම සෘතුවක හමුවුනු ඇස් දෙකක් සීත සෘතුවට ඇද ගිය අත් දෙකක් ඇයි හමුවනේ කියන එක ප්‍රශ්නයක් බදාගත් පසු අතාරින්න නෑ හේතුවක් හමු වූ තැනයි දැන් ඉදින තැනයි මහ දුරයි පටන් ගත් තැන හොයායන එක කරදරයි එන්න එන්නම නුබේ රූපය අන් සතුයි මට නම් නුබ ගම්පෙරළිය වගේ ලස්සනයි දුරින් ඉදිනා නුබේ රූපය අන් සතු වුනත් සොඳුර නුඹගේ හීනී හදවත මා සතු කරන් ආදරෙ මොකටද හදවත රැක්කොත් ඇති ආදරෙන් නුබ මට හමුවුනු කාලෙකට පෙනෙනා හීනයක් වෙන්න ඕනේ ඔක්කොම වෙලත් නුබ තරම් දැනුනේ නෑ කව්රුවත් හිනා වුනාට මහා ගොඩක් උබටයි අයිති ඒ හිනාවේ කොනක්
Dila ???? 5 years ago 356 4 5
ඉඳහිට දිනෙක සපැමිණ වගතුග සොයා නිහඬව නුඹ යළි නික්ම යන'යුරු නොදුටුව විලස හැසිරෙමි ආගිය තැනෙක සුපුරුදු හැඟුමක සිහිල කැටිවුණ ඉපැරණි මතක අරණක දැන දැන අතරමං වෙමි
Kavinda Sahan 5 years ago 319 1 1
නුබට දරාගත හැකිද මේ තනිකම.... නමුදු ඉවසා සිටිය යුතුය.... කෙදිනක හෝ ලැබෙන තුරැ සැබෑ ආදරය.
ශශී❤️? 5 years ago 553 5 7
පත් ඉරුව හැඩ කරපු වචන ඒ පෙරදාක නුබ ගැනම ලියවුනා නිදි වරපු හැම රෑක අතීතයෙ ගව් ගනන් ඇවිද ගිය මල් පාර ඒ වගෙයි අද වුනත් හරිම සොදුරුයි බෝම... නුබ ලගින් රැදුනාම අමතකයි ලෝකයම හිදින්නම් දුර නොයා ඇසිල්ලක් රහසේම වෙනස් වන ලෝකයක නොවෙනස්ව නුබ පිදුව ප්‍රේමයට ආදරෙයි රත්තරන් හැමදාම... ශශී
නදී ..✍???? 5 years ago 348 5 6
ලොල් වී මදුවිතට යහමින් දිවිගෙවනා..... හිරි ඔතප් බිද පාගා පය පිස්නා...... රගන රැගුම් වේ කාටත් විහිලු ගෙනා...... රූකඩයක්ය ඔහු ලෝකෙට සිනහතනා..... වපර ඇසින් දැක ලෝකෙට මැසිවිල්ල නගා.... හම්බකරපු සතයක් නෑ ගේ අහලක රදනා ..... නින්දක් නැතිව නඩු හබ ඇත කරපින්නා..... අඹු දරුවන් ලබයි ඔහු වෙනුවෙන් නව නින්දා.... පිං කරගන්න ලැබුනත් පිංවත් මනුසත් දිවිය.... පිං කර ගන්න පිනනෑ පව පෙරට එන..... අඹු දරුවන්ගෙ හදවතෙ ඇවිලෙන ගින්න...... තරමට දවයි ඔහු දවසක සසර බිය..... නදී..✍️
Naween Perera 5 years ago 547 5 8
රැදි කොහෙද සිනා කැන් නුබ නැති රෑට රිදවන්නෙ මතකයන් හදවත තව ගැබුරට උණුහුමට ලංකර ඔබ කීව ඒ පෙම් පද දුන් මිහිරි සුව නෑ එදා දැනුන තරමට නබෝගැබ දෙස බලන් අඩවන් නෙතු අගට ශේෂ උනු බිදුනු හිත හදනවා හිතුවට කොහෙ හදන්නද බිදුනු කැඩපත් එක්කොට හද රවටන්න නුබ තව උන් හා සැරසී උසුලුවකට ගෙන විශ්වාසය කඩලා යද්දී අදහන්නට බෑ රගපෑම මතකෙට එද්දී මගෙ රළු හදත් නුබ බිදලා ඒ වෙද්දී දැනුනා ගැබුරටම හද රිදුමන් දෙද්දී කම් නැහැ තේරෙයි මං ඈතට වෙද්දී මතුපිට හසරැල් පුරවන් වගේ එදාම ඉන්නෙම් ලෝකෙට නුබ සගවන් හැමදාම එදා පෙම්කල තරමටම මම රෑට අපුලය දැන් තනිකම පිරුනු අදුර මට හිතටත් වැඩක් නැත තව නුබ ගැන සිතනු හැර නින්ද නෑ මට හෙටත් නැගෙන තුරු දිනකර. ~නවියා~
Dila ???? 5 years ago 319 4 6
වගක් නැතුවා වගේ හිඳ තනිව ඉකිබිඳී අහසද කඩා වැටෙනා තරුවක අවසන් එළිය සිහිකර හරියටම මං වගේමයි සිනහවන් දහසක් මැද ළයට අත තියා බලනු මැන තවම ඔබ එතැන එහෙමම
Dila ???? 5 years ago 324 4 6
අඳුරු අහුමුළු ඔබා යටට හිනා පුරවා හිඩැස් මැදට ගොතා ගත් පසු රහට හැඩට කවි කියන්නෙම මතක වලට රෑක මීදුම අස්සෙ සඟවා මිදුණු හසරැලි හෙමින් සොලවා අයිති නැති තැන් පපුවෙ රඳවා හීන වලිනුත් කවි ලියනවා
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps