නදී ..✍???? 5 years ago 312 4 7
පොතින් පතින් ලත් පාඩම් විභාගෙට....... ජීවත් වෙන්න හොද පාඩම් සමාජෙට..... උගෙන ගත්ත මුත් ඇතමෙක් දිවි පුරාවට.... කෙසේ නම් කිව හැකිද මිනිසගෙ උගත්කම....❓❓ දහසකින් අයෙක් ගුණ දම් සමගින් පතුරන මනුසත් බව වටට.... දහසක් දෙනා හංගා ගෙන අමනාපකම් යටි හිත පුරාවට...... තත්පරෙන් වෙනස් වන මේ අද වාගේ ලොවට...... ඇදුමින් පැලදුමින් කිව හැකිද යමෙකුගෙ උගත් කම......❓❓ * * * * (පසුගිය දිනක මා නෙත ගැටි එක් සිදුවීමක් ඇසුරින් මගේ සිතේ ඇතුවුනු පැනයක් මෙලෙස මම ලියා තබමි.) නදී ..✍️
නදී ..✍???? 5 years ago 488 3 8
හිතේ තියෙන දුක හංග ගෙන අනුන්ගෙ සතුට ගැන හිතන...... අනුන්ගෙ දුකත් තමන්ගෙම කරගෙන ඊට විසදුම් හොයන ..... තමන්ගෙම දෙයක් හරි කැපකරල අනුන්ගේ සිත් සනසන...... සමහර ජීවිත වල දුකේදිත් සැපේදිත් හුදෙකලාව රජයන..... නදී..✍️
නදී ..✍???? 5 years ago 343 5 10
මුල් බැසගත් දුකක් මගෙ හදවතේ ඇති ~~~~~ සිත් වේදනා කිසිත් නිමක් නැති~~~~~ සතුටක් කියා නාමයක් අහලකවත් නැති~~~~~ දෛවය මගේ මෙලෙසින් ලියවිලා ඇති~~~~~ නදී..✍️
*$@n¢hi* 5 years ago 276 6 8
අද, ඇය සිටියානම් නුඹ ලග... හුදු, මා මතකයක්ම පමණි නුඹට... නමුදු, වෙනසක් නොවේ... මන්ද, මා ඔබගේ මතක පොතේ පෙර වදන ලියා දැනිදු අවසන් බැවිනි... ~sahini~
ශශී❤️? 5 years ago 458 7 10
වහන් වී ආදරෙන් තනිකමට ඉඩ දී හඩපු කල් නෙත් යුගට කදුලු කැට එක් වී පහන් කලා සිත් මලුව ආදරෙන් ලන් වී ජීවයට සුවය දුනි බෝමලුව නුබ වී... ❤️❤️❤️❤️
K.T.WIJEMUNI__•|°>_< 5 years ago 227 9 7
ඇත්තටම ආදරේ කරන කෙනෙක් ළඟට , ලන් වෙන්න කලින් හිතපන් .... අන්තිමට නතර උන කෙනාව ඇත්තටම අතඇරියද කියලා ...., නැත්තං උබ විතරක් නෙමෙයි එයාලත් ..... ආදරේට වෛර කරයි __|°• …£?️?️ℹ️…•°|__
K.T.WIJEMUNI__•|°>_< 5 years ago 340 5 2
following your dreams and work for it..... , *__ what others say is not important __* ✰..⬆️__ one day.... your successful .....✰
Kavinda Sahan 5 years ago 304 5 3
කිසිත් නොවුනු ගානට ඉන්නට තරම්. දුකත් සිනහවෙන් පෙන්නන ලෙසින් මුල සිටම මෙහෙම සිටියද කෙතරම්. උස් දඩු උනත් ළදරුවෙකු විලසින්. *හරිම සංවේදී එක් තැනක හිත නැමැති අංගයත්.*
Dila ???? 5 years ago 302 7 9
හොවා හිස ඒ ළය මත රිසි විටෙක හඬනු නොහැකිය බදා වැළඳ දෝතින් තදින් ඔහු අසල නිවෙනු බැරිය දුක දියකරන හාදුවක් කිසිදිනෙක නළලත රැඳෙනු නැතිය එබැවින් සිතට මේ වග බොහෝ බර වැඩිය සංසාරගත ප්‍රේමයක් තනි හිතකින් උසුලාගෙන එන්නෙකුගේ හුස්ම තව තවත් වෙහෙසවනු රිසින් "තවමත් ආදරේ ද ඔහුට?" යලි යලිත් නොඅසන්නේ නම් මැනව !!
Dila ???? 5 years ago 341 7 8
ඉතින් හිමිහිට හිමිහිට ගලා ගෙන යයි කාලය බොඳ වෙලා තිබුණු ඇස් වල දියවෙලා යයි මතකය ආයෙමත් එක දවසක හිනාවෙනකොට පෙර ලෙස දැනෙන සැමරුම් ශේෂය සඟවන්න හැකිය බැල්මක අහම්බෙන් ලියූ කවියක අතරමැද පද කෙළවර බදෙන් ගිලිහුණු කඳුලක ඡායාව විය තිත් පෙළ අහම්බෙන් මළ ගසකට පණ දෙන්න බෑ පින්නට දුරක ගිය වැහි මේඝෙට එන්න නොහැකිය කතරට දරා හිනැහෙන ඇස්වල ප්‍රේමයක් ඇති නොදකින !!
චතුරංගි හර්ශිකා 5 years ago 341 7 8
°•°?✿ 2021 මාර්තු 26 වැනි දා පොහොය හඳ දොළහකුත් පායලා බැස ගියා ගගන නිල් වලාපට අතර මම කවි කළා මතක තරු රටාවක නුඹව සිතුවම් කළා නුඹ ම ඉල්ලන හිතට මම ම තරවටු කළා... නෙත් දැහැන් පැටලිලා ගෙවුණු කාලය පුරා එකතු කළ මතක පිටු තවම නැහැ වියැකිලා බොහෝ දුක් ගැහැට විඳ සුපිපුනත් ගිනි දරා කටුක මුඩු බිම් පවා පතොක් ලස්සන කරා... ・゚゚・。。゚ ------------------------------------------------------------➣?✿ මම, චතූ✍️
නදී ..✍???? 5 years ago 326 6 10
අම්ම තාත්තගෙ සෙනෙහස හොරා ගත්ත නුබ කවුරුද මුලු ගෙදරම පාලු මකන නුබත් සොයුරෙකු ලෙස නාවෙ මන්ද එක ලය පලා නොඉපදුනට නුබ මනුසත් කුලයේ නුබයි පුංචි පුතු අද නැලවෙන අපෙ නිවසේ එක් දෑසක් නොපෙනෙන මුත් නුබේ පියකරු ගීත නාද අසමින් මම තැවෙමි නුබට නිදහස අප දෙනු කෙලෙසක කටකාර නුබෙ වචන අසමින් දවස ගෙවන මම ආදරෙයි අපෙ චූටි මැනික මගේ පණටත් වඩා නුබට පතමි මම මතු උපදිනා සැම බවයෙකම යලීදු එක මව් කුසේ ඉපිදෙමු අපි සොයුරන් විලස පතා.. නදී ..✍️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps