නදී ..✍???? 5 years ago 314 4 6
මග හැරුනු නුබේ නෙත මගේ නෙත් මානයෙන්...... තවමත් පීරා සොයමි මම නුබේ නෙතු කොතැනක කියා..... මතක බිදු හද කොනක සිරකරන් සිහිනයක් සේ...... හිත් හදාගමු ඉතින් ප්‍රේමයත් අමරනීයවූ පරිත්‍යාගයක් සේ..... මුනගැසුනු මුත් කෙදින නෙතු පියන් එකිනෙකට ගැටිලා.... ඉමු දුරින් නාදුනන ලෙස අපිත් සිතින් පමනක් ලංවෙලා..... නදී ..✍️
Dila ???? 5 years ago 330 7 9
ඔයා දිහාම බලාගෙන හිටිය දවස් තිබුණා බැලුවෙ නෑ වගේ ඉදපු.. ඔයා ගැනම හොය හොයා වද වෙච්ච දවස් තිබුණා හෙව්වෙ නෑ වගේ ඉදපු.. ඔයා යන්න හදද්දි ඉන්න කියන්නම හිතුන දවස් තිබුණා සද්ද නොකර හිටපු.. ආදරේ පොදි ගහල තදට බැදල හිතේ හරි මැදම හංගං හිටිය කාලයක් තිබුණා දාල යද්දි අඩන්නැතුව හිටපු..
Dila ???? 5 years ago 362 6 5
වන්දනාවක් නොවුනත් කොහේ හරි දිහාවක ඇවිදිමු .. භාවනාවක්ම නොවුනත් ඇස් පියාගෙන හිනැහෙමු .. හෙටක් ගැන නොහිතමු අදට විතරක් නවතිමු .. ප්‍රේමය ම නොවුනත් වෙනත් නමකින් හෝ "අපි පවතිමු"..
නදී ..✍???? 5 years ago 366 3 5
සිතක් හඩනවානම් හොර රහසේම හංගා කදුලු කැට... හිරකරලන්න නොහැකි මුත් පෑරුනු සිත් වේදනා සැම..... පැතුමක් පැතුවානම් ආසිරි ජය පතලා කහටක් නොමැතිවම.... සිතක් තුටු වේවි යන මාවත දැක හද පත්ලෙන්ම..... නදී ..✍️
Kavinda Sahan 5 years ago 305 6 2
අතීතයේ සිදුවූ දේ ගැන විමසන්නේ නැතිව එයින් පාඩමක් ඉගෙන ගෙන පැත්තකට වෙන්න. මන්ද, අතීතය කියන්නේ පාඩම් වැරදුන එක් නිමේෂයක් විතරයි.
Kavinda Sahan 5 years ago 301 4 4
ජීවිතයේදී ලැබීම හා බලා ගැනීම එකිනෙකා අතර වෙනස්ය. ලබා ගෙනත් ආදරය දෙන්න දන්නේ නැති අය. ලබා ගෙනත් රැකගන්නට බැරි අය. ලබා ගැනීමට සංසාරික පැතුමන් පතාන සිටින අය. විවිධාකාරයි, ගොඩක්ම සංසාරික පැතුමන් පතාන සිටින අය.
renuka Dissanayaka 5 years ago 283 4 3
නැත මට ආදරනීය වදනක් නැත මට ලස්සන උපමා රූපකයක් මනාව ගලපන්න උබට මෙන් හැකියාවක් ඉතින් ඔහේ පදවැල් බදින්නම් උබේ සෙනෙහස මෙලෙස කියන්නම් නපුරු කතා ගොඩක් අස්සේ හැංගුණු අහින්සක හිතක් පුංචි දේකින් උනත් සෑහීමක් වෙන්න උබට තරම් වෙන කාටවත් බැරිව ඇති පවුලෙ ලොකු දුව කියන නමට විතරක් සීමා නොවුන උබ නංගිලා දෙන්නට ආදර්ශයක් උල්තල මිනිස්සු සුමුදුව දකින උබ ඕන දේකට හිනාවෙලා මූන දෙන උබ ගැන තව කොච්චර රස කතා තිබුනත් තවත් දවසකින් වයස ඉක්මුව උබට ලස්සන අනාගතයකට හදවතින්ම සුබ පැතුම් පුදමින් මම නවතින්නම්.......... චූටි නංගිගෙන් ලොකු අක්කට❤
Dila ???? 5 years ago 297 6 6
බොඳවු ඇස් අගකින් ගලා එන කඳුළු මුල් අතරට වැටී කවුලුවෙන් දුර ඈත නොපෙනිම විහඟ සත්සර නද ඇසී ... රිදෙන හැඟුමන් විඳින පපුතුර නිරුත්තර පැනයක ගැටී හිතට කොඳුරන උත්තරේ නම් ජීවිතේ නොදැනුන හැටී ... කුරුලු බිඟු නද නෑසුනාදෙන් ඒත් හිත දුර යන්නැතී කවුරුවත් නැති උනත් තනියට නුඹ ළඟින් හිටියම ඇතී ...
Hirusha Nirodh? 5 years ago 287 4 4
අහස් වියන පීරා ගනින්නට පෙර අවසාන තාරකාව... ඈ කියනකම් ආදරෙයි මං, හිඳිනවා සංසාර පාර ගාව... -නිරෝද්-
Hirusha Nirodh? 5 years ago 280 3 3
අහිංසක ගොවි දරුවා බලන විට හිස හරවා කපාගත් වීකරල අරගෙන බොහෝ දුරගොස් මාලගිරවා -හිරුෂ නිරෝද්-
Kavinda Sahan 5 years ago 305 5 5
+ උබ කොහොමද ප්‍රශ්න ආවත් දරාගෙන ඉන්නෙ? - නැව ගිලුනත් බෑන් චූන්. අහල ඇතිනෙ
චතු ගුණසේකර ? 5 years ago 360 3 3
වන ගැබට කාලික සුවඳ වගුරන කටු අතර නැලවෙන කුසුමක් අයාලෙ පරව බිම වැටෙන මොහොතක සංසාර වන අරණ දැවෙයි දිවිය පුරාවටම..... රොන් පුරවගෙන හෙට දවස පතන රන් හිරුට හොරැහින් පෙම් බදිමින් රන් හිරුගෙන්ම වියැකී දැවෙන මොහොතක සංසාර වන අරණ දැවෙයි දිවිය පුරාවටම..... වස්සාන සෘතුවට දිවිය පුරාවටම අත වනන පිණි දිය දහරකට ලෙංගතුව හදවතින් වරෙක ඒ වස්සාන අසනි වැස්සෙම මියැදෙන සංසාර ආකාශයම දැවෙයි දිවිය පුරාවටම.... පස මිතුරු නෑ සියන් සදහටම අතැර කදුලු බිදුවක් නටුවෙහි තවරමින් කාටත් හොරැහින් මිලින වන මල් පෙත්තක් සංසාර ගමනාන්තයට අකාලික පහදයි දිවිය පුරාවටම... මම චතූ ☺️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps