Kavinda Sahan 5 years ago 267 6 5
ජීවිතයම ලියා නුඹට දුන් මුල් කල තිබූ සතුට දියවෙලා ඇස්පනා පිට නුබේ වචනයද රිද්දන මගේ හිත දිනක් එයි නුබටත් නොකියාම යන...
Dila ???? 5 years ago 347 6 10
සොඳුර නුඹ හමායන සුළං රැල්ලක් ගත සිත නිවන සිසිලස් මද පවනක් හැරිලා බලනවද මැණික මොහොතක් නුඹ එක්කම පාවෙන මම වළාකුලක් ... නැවතුනත් ගස් ගල් පවන විඳ විතරක් පොළවට බැඳුන උන්ට යන්න බෑ ගමනක් ඈත දුර යන්න හැරදමා ආවත් හැඟුමක් අමතකද මම තාම බැඳීම් නැති වළාකුලක් ... නුඹට යන්නට හැර වළාකුළු නොකී රිදුමක් සඟවාන සුළඟට මග කියන එක සිරිතක් කිසිදින හිමිනැති නිසා මේ සුළඟේ අයිතියක් තනිකමේ දුක නිසා කඳුළුත් ඇරඹුවා වැස්සක් ...
නදී ..✍???? 5 years ago 349 5 7
සංගීත පංතියේ කෙලවරේ තත් සුසරකල මගේ වයලීනයෙන් උච්ච ස්වරයෙන් වැයූ ගීයක තනුව අද නෑ මතකෙට මගේ..?? තනිකම රජයන මන්දගාමී සැදෑවේ සුසර බව ගිලිහිච්ච මගේ වයලීනයෙන්ම වයමි අද මා මන්ද ස්වරයෙන් පැරණි ගීයම නවමු තනුවට මෙසේ.......?? නදී..✍️
Hirusha Nirodh? 5 years ago 245 3 5
රජෙක් විලසින් එදා රැකි ඒ කරල් බරවූ අතීතය, පුරන් කුඹුරේ සුසුම් හෙලනා වළන් මූණෝ උබට මතකද.... -නිරෝද්-
Hirusha Nirodh? 5 years ago 273 6 8
ගඟක් වී ගලා ගිය අතීතය, ඉතිරි කර ගිය පුංචි තෙත් බව, සෑහේද හටගන්නට යලිත් පෙම් මල. -නිරෝද්-
නදී ..✍???? 5 years ago 364 7 10
හද ගිනි ඇවිලී මසිත දවාලූ කදුලැලි දෙනෙතට උරුම වෙලා.... හද විල කැලබූ සුපුරුදු හැගුමක පැතුමක් පමනක් ඉතිරි වෙලා..... හද මගෙ සුපිපුනු පෙම්බර හැගුමට උපන් ලෙසම මියදෙන්න වෙලා..... නදී..✍️
චතු ගුණසේකර ? 5 years ago 352 5 6
හැමදාම හවසට මගෙ සිතුවිලි යන්නෙ පැරකුම් වැව් ඉස්මත්තෙ හීන් සැරින් හමන සුළගට දෙන්න නෝක්කාඩු බස් නොකියම තෙරක් නැති සිතුවිලි ගොන්න බරක් නැතුවම අරන් යන්නෙ මූනිච්චාවටවත් මට මොකුත් නොකියම සුපුරුදු ගහ කොලත් සුපුරුදු වෙරළ ,රළ දිය කදත් හැමදාම වගෙ මුණ ගැහුනට මට විතරක් නොකීව අමුතු රහසක් කියන්නට හදානවා වගෙ මට දැනුනා එදා, මොහොතකට ගහකොළකට බරවෙමින් ගිලෙන හිරුට කවියක් මුමුණන කොට නෝක්කාඩු බැල්මෙන් පෙම්වතුන් බලමින් මටත් නොකියම නොපෙනෙන දුරකට යන්නෙ මට විතරක්ම වස්සානය මියැදෙන වග ඒත්තු ගන්වන්නට වගේද මට විටෙක සිතුනෙමි...? චතු ?
Ishu Baba 5 years ago 269 8 6
ආදරේ නම් රැකේවි..... නැත්නම් හැර යාවි... එපා කවදාවත් .... ආදරේ නාමයෙන්... හඬා වැටෙන්න... පිරිමි ලග .... කවදාවත් පිරිමි ... දුන්නේ නැහැ කඳුලට... වටිනාකමක්.... දන්නවද ?☝️ රාධා-ක්‍රිෂ්ණා වෙනුවෙන්.... හැමදාම පේවෙලා.. උන්නත්... ක්‍රිෂ්ණා සැනසුනේ ..... ලක්ෂ්මිය ලඟ... රාධා තනි උනා අවසානේ.. කලි ශිවගේ පළමු බිරිද වෙලත් .... ශිව සැනසුනේ නැහැ... ශිවත් දේවත්වයෙන් පිදුම් ලැබුවා.... පාර්වතියගේ තුරුලේ.... කලී දුක් වුනාට...? කන්නගි කෝවලන්ගේ බිරිඳ වුණත්... ඔහුත් හෙව්වා රාගයේ උණුසුම...? මාදවිය තුරුලේ... කන්නගිය වැලපුනාට... කුවේණිය තම සන්තකයට...... පුදා ප්‍රේම කරලත්... විජය සැනසූනාද කුවේණියගෙන් .... නෑ ඔහුත් සෙව්වා.. සැනසුම....පරපුර ලගින්..... කුවේණිය ශාප කලාට..... පණ දෙවැනි කොට... පතිවත රැකලත්.. රාමා සීතාව.............. විශ්වාස කළාද .... ඔප්පු කරලම පෙන්නන්න වුණා නේද.... පිරිමි රිද්දන තරමට... ගැහැණු අඬ අඬා හිටිය නම් ..... කොහෙද අද..පතිනියක් ..කාලියක් ..සීතාවක් ..රාධාවක් ඔව් නැගිටපන්............
Hirusha Nirodh? 5 years ago 314 8 14
ඔබ කියා ලියනකොට වචනයෙන් කෙටියි, ඔබ කියා සිතනකොට හැමදේම කැටියි. -නිරෝද්-
Hirusha Nirodh? 5 years ago 257 5 9
කොහේදෝ යම් තැනක, හිස්ව ගිය ගැඹුරක, පතුලක, මහා ගනදුරක, තට්ට තනියම මම. -නිරෝද්-
Hirusha Nirodh? 5 years ago 369 5 8
පෙනෙන නෙතුමානයේ නොසිටියත් නුඹ පත් ඉරු පුරාවට සිතුවම්ව මා අසලින්ම සිටී, එදා වාගේම අදත් ඉතින් කෙසේ පිළිගන්නද නුඹ මට දුර බව? -නිරෝද්-
Hirusha Nirodh? 5 years ago 248 6 8
මරු අබියස අනාතව, අසරණව, අජූතව, මියෙන්නට සිහිනෙන්වත් නොපතමි, මරුද මරු විකලෙන් දොඩවන මොහොතක සන්සුන්ව මියෙන්නට රිසියෙමි. -නිරෝද්-
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps