චතු ගුණසේකර ? 5 years ago 341 6 5
"චන්දන මෙන්ඩිස්" මේ ඔහු ගැන නම්, රටවලින් බිහි වූ ශේෂ්ඨ ලේඛකයන් පෑන් තුඩෙන් සිත්තම් කල හාස්‍යය,උපහාසය,සන්ත්‍රාසය,කුතුහලය,හා ආදරය සහෘදයා වෙත ජනිත කල ඔහු,පරිවර්තන,ස්වත්න්ත්‍ර ඇතුළු කෘති විශාල ප්‍රමාණයක් විශ්ව සාහිත්‍ය ට එක් කොට හමාරය... පරිවර්තන කෘති හා බැදි අභිරහස් දොස්තර ෂර්ලොක් හෝම්ස් හා බැදි කෘති ගණනාවකට පන පොවා හමාරය..ඒ අතර, *සුනඛ ශාපය,සිව් රහස් සළකුණ,බිහිසුණු නිම්නය,මලගිය ඇත්තො සාක්කි දෙති,ලේ සලකුණ,අන්තරාය අඩවියක,මහ රෑ අ මාරයා,ඉන්ද්‍ර නීල මාණික්‍ය,දියමන්ති ඔටුන්න,ලෝහිත පරීක්ෂණය,රතුවත හැදි කත....එට්ච් මෙවැනි පරිවර්තන කෘති ඉතා විශාල ප්‍රමාණයකට හිමිකම් කියන ඔහු, ප්‍රථම ස්වතන්ත්‍ර නවකතාව,වන "නිශ්චල චංචල දේපළ" අදටත් සහෘද ජනාදරයට පාත්‍ර වනු ඇත... 2008 වසරේදි,රාජ්‍ය සම්මාන ලැබු හොදම පරිවර්තන කෙටි කතා කෘතිය "ශේෂ්ඨ ලේඛකයනෙගෙ විශිෂ්ට කෙටිකතා වේ.. 2009 වසරේදි එය "සොදුරු සිතුවම්" නම් කෙටි කතා කෘතියට හිමි විය... මෙවැනි අසීමිත සම්මානයන්ට පාත්‍ර වූ ඔහු, පාඨකයන්ගෙ හදවතෙ ලේඛකයා වී හමාරය ජීවිත අත්දැකිම තුල ඔහු ගැන ම'විසින් පලකල දෑ..කෙසග ඇති පරමාණුවක් තරම් වුවත්,එයින් පාඨක ප්‍රේමි බවක් පෙන්වමි.
Imara 5 years ago 257 6 8
සුන්දරය කියා තහනම් ආදරයක් ඇරඹුවේ ඇයිද? නිමාව සුන්දර නොවෙන බව නොදැනද?
Dila ???? 5 years ago 294 7 9
පිච්චෙන්න දෙයක් නැතුවම හිස්කම පවා ඇවිලෙයි ඉර ගිණිගත්ත අහසක මම කළුවරේ පාවෙයි.. ඝණදුර දෙබෑකරගෙන හදිසියේ තරුවක් පායයි "හොඳින් නේද?" යි අසා පිළිතුරු නොඅසාම නික්මෙයි.. මොහොතකටවත් නොනිවෙමි ඔබ උනත් නිවෙන්නට නරකයි ආයේ ඇවිලෙන්න උනොතින් දැනෙන වේදනාවන් දරුණුයි..
Kavinda Sahan 5 years ago 335 4 3
දහසක් කරදර මැද අප එකට ඉන්නට වෙර දරන අපටත් දවසක් එයි දිනෙක අපි සැමදා අපේම වෙන
Kavinda Sahan 5 years ago 315 9 7
හිත අස්සේ හංග ගෙන නුබ මද පවනක් වී සියොළඟ අයිති නොවේ වෙනකෙකු හට ඔබ මාගෙමයි නිරතුරුවම... හීන් සීරුවට පද ගෙත්තම් කර ඒ පද තුලමා නුබ සෙව්වා.... අමිහිරි මතක මිහිරි මතකයන් කර මේ සිත තුල ඔබ රැන්දේවා...
Dila ???? 5 years ago 292 5 9
හොඳට වැහිබර වෙලා තිබුණට දෙදෙන දෙපසක හිදින්නේ තිබුණෙ එක ප්රශ්නයයි දෙදෙනට කවුද ඉස්සර වහින්නේ... විදුළියක් සේ හැපී හඬ ගා හිදින බව සිහි කරන්නේ දෙතැන හිටියට වළා දෙකටම එකම පැතුමයි තියෙන්නේ... පෙමක වැහි ගෙන පොළෝ තලයට වඩින පැතුමයි තියෙන්නේ කඳුළු බර වැඩි හින්ද දෙදෙනම හැඟුම් තදකර හිදින්නේ...
චතුරංගි හර්ශිකා 5 years ago 460 9 10
මුණ ගැහෙන්න space නැති ජීවිතේ busy දවස් මැදින් සයිබර් අවකාශයේ පුරුදු යාළුවෝ meet වුණා... පණට පණ වගේ ඉස්සර උන්නු ගොඩක් දෙනෙක් last seen පවා හංගගෙන රහසින්ම ගොළු වෙලා... නයෙක් වගේ දිගට contact list එකේ උන්නු ගොඩක් අය online හිටියත් අපිට offline වෙලා... අහම්බෙන් A/L Class එකේ මුණගැහුණු යාළුවගේ යාළුකම තවමත් available වෙලා... පුංචිම කාලෙම එකට උන් බව කීවත් අපිට අපිව තිබුණේ අමතකම වෙලා... අහම්බෙන් හමුවෙලා පුංචි අවුරුදු දෙකකට අපටත් රහසෙම forever friendship එක permanent වෙලා... සයිබර් කොණක chat එකක දවසකට දෙතුන් වරක්ම හේතු හදාගෙන හරි නුඹෙන් massage එකක් ආවා... ආදරණීය bestie නුඹ දුන්නු යාළුකම වෙනුවෙන් ඕනිම මොහොතක chathu ඉන්නවා is typing... වෙලා... -chathu
Kavinda Sahan 5 years ago 316 5 7
සුවදැති නැවුම් කුසුමන් නුබෙ නමට පිපි අද දෙන සතුට මා දුරකට වී විදිනා ඒ මල් සුවද ඉහිරුනු ජීවිතේ පුරා සුන්දර බව දකිමි ඒ මිතුදම පෙරට වඩා.. සවන් පුරා විදගත් ඒ කුරුලු ගීතිකා පොද වැසි වැටුනු හැන්දෑවකය එදා හිත පුරා වින්ද සතුටට නැවතුම් තියා ඔබ හිදී මා හද සතුටු කරවලා... වසන්තයේ වන සුපුමල් සුවද දිගේ විලිකුන් සුරත් ඇති බටහිර අහසේ සිතුවම් අදින සද පහතක් හැන්දෑවේ යුගයක සැමරුම් මතකයි හද වෙලෙන්නේ..
Dila ???? 5 years ago 307 5 16
ඔබේ හීනය බර වැඩියි අත්තටු කුඩයි රැය සීතයි ඉතිං අපි පියඹමුද කියලා මට අහන්නට බය ඒකයි... ඔබේ අහසත් මගේ අහසත් එකක් කියලා දැනුනු දවසක ඔහේ පාවී යන්න කියලා මගේ හීනය මුදා හැරියෙමි... හිස් තැනක් සේ දුරට පෙනුනත් කොයි තරම් නම් බරද අහසක් කියා දන්නේ පොළව හින්දා හෙටත් මහ පොළවෙහිම නවතිමි...
Vosandi Dissanayake 5 years ago 384 5 4
ඉස්සර දවසක අත්වැල් බැදගෙන මතකද සිත් ඇමුණුව කාලේ වහන් උන්නු මගෙ දෑස තුළට වුණු ඔබ සෙව්වා තත්පර ගානේ සිහිනෙන් දකිනා පාට හීන තුළ ඔබ පමණයි සැමදා දුටුවේ සේද වළාකුළු සැගවිලා අහසේ අමාවකයි අද රත්තරනේ
Deesha(දීෂා)❤️ 5 years ago 455 5 5
මහද පාරා ගලන කඳුලැල් නිමක් නොවනා බැවි දනිම්.... සූර සූරා ගතෙහි ලේ බිඳු ඉහිරිලා දැනුනත් රිදුම්........ පපුව ගැඹුරේ නිදන් කරමින් නිතර ඇවිලෙන දුක් සුසුම්.... සයන මත දී දිවිය අයදින රෝගීයෙකු හට ඇයි පැතුම්................ සිනහ රැව් දී සතුට ඉතිරූ සුරවිමන තුළ ඇයි හැඬුම්..... මව්නි නුඹ ලය ගින්දරක් ඇත දියණියගෙ නාමෙන් දනිම්...... තුරුළු වී පිය සෙනෙහසට මා විඳපු ප්‍රේමය ඉස්තරම්..... නමුත් මට නැහැ කිසිඳු දිනකදි ඉන්න යළි එලෙසට වරම්.................. මලක් වුවහොත් සැනින් ජීවය නතර වන බව මම දනිම්.... ලපටි පෙති වුව අකාලයකදි ගිලිහිලා යයි හැර කුසුම්...... ජීවිතය අරුමයක් නම් නොව නතර වෙනවා නිසැකයෙන්..... නොබෝ දිනකින් දිවිය හැර යා හැකියි මට දැන් හිත හදන්..................
Vosandi Dissanayake 5 years ago 375 6 4
හිටපු තැනම ඉද්ද ගැහිලා බලා ඉන්න වෙලා මෙමට උදෑසනට පායා ආ හිරු කිරණත් සේද ගිහින් කවි උපදින මගේ හිතත් සද රැස් යට තනිවෙලාද පින්න මලක පැහැය අරන් මගෙ සිත ඔබ හොරා ගෙනද කඳුළු අතර සැඟවුණු ඔබ නිල් දියඹේ සැඟව ගොස්ද ඔබ ඇවිදින් මේ හිත යට කතා කරයි හැම රැයකම
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps