Hasini Shenaya 5 years ago 255 7 5
තිබුණු කවි සිත ඉගිලගොස් වෙනව මහ ලොකු කලයක් අහම්බෙන් මෙන් සිතෙ පටලුනු පැරණි මතකෙක නටබුනක් දැකලා ආයෙත් ඇවිත් ඵ් සිත සොයයි ඵ් කවිකාරකම්
Kavinda Sahan 5 years ago 296 3 5
දුක දැනුනට නෑ සතුට පෙනුනු හිත යට නෑ කහටක් මගෙ දරුණු පෙනුනට නෑ හදවත අස්සෙන් කැත කුණු උබෙත් මගෙත් ලේ දුවන්නෙ කැටි නොගැසුනු වෙයන් හොද හිතක් කාටත් අමතක නොවුනු.....
Dila ???? 5 years ago 310 5 5
නොකියූ පෙම් කතා සිත තුළ සඟවලා එනතුරු නුඹ දිහා බලනෙමි සොය සොයා... නොරහසකි මෙය සඟවනා මා නුඹට ලෙන්ගතු වනා කෙලෙස කිව්වත් පහදවා නොදැනුණේ නුඹටම තමා...
නදී ..✍???? 5 years ago 349 4 4
තැවෙමි මා හද විලම දුක් සුසුම් නෙක මුසුව දෙපා මුල වැටී නුබෙ ඉකිගසා හඩමි මා අයදිමින් සමා......... නුපුරුදු නුබේ බැනුම් සුපුරුදු අම්මගෙ බැනුම් අහස පොළවසේ මට දැනේ වෙනසක් ගලපගනු බැරි ලෙසම.... කමාකරනු මැන නොකරමි යලිත් කිසිවිටෙක සිත් රිදුම්.... ඇහුවත් නුබෙන් බැනුම් තරහ නෑ මං, නුබේ දෝනි ඉතිං..... නදී..✍️
ශශී❤️? 5 years ago 437 7 13
සිතින් විතරක් අවදියෙන් මන් දෙනෙත් නිදිගත් වෙලාවේ මතක අස්සේ අසරණයි මන් හැගුම් ලියවුනු කතාවේ කටින් නොකියම සෙනෙහසක් දුන් මියුරු පෙම් රස හිනාවේ සිතින් පමනක් ලගින් ඉන්නම් නුබත් අන්සතු වුනාවේ... ශශී
Dila ???? 5 years ago 300 7 9
පරවෙලා ගිය මලක සුවඳක් මැරුණු තරුවක පරණ එළියක් තාම මම නොමැරී ඉන්න බව ආයේ ආයෙම කියනවා... වැරදිලා අපි අතින් අත්හල මියැදිලා ඇති සිතූ මතකය පැල වෙලා මල් පිපුන් නැතුවට අතුපුරා කටු තියෙනවා... නරක නපුරුම මතක මත්කර ඇවිලිලා පිච්චුනත් කොච්චර හැම දේම සිදුවෙන්නේ හොඳටයි පුරුද්දට වගේ කියනවා...
Naween Perera 5 years ago 460 8 9
නිදිබර නෙතු සැනසූ සොමි කැන් දහර මගේ ලග තනියට උන් අහස්ගැබ පුරාවට සද නැති අමාවකට දැනුනු අදුරු පාලුව සද නැති නිසාවට ආයෙත් තනි නෑ මට සද ආවාද නාවාද එකලෙසට ඈ ඉන්නවා මගෙ ලග බලාහිදිමි නුබ දෙසම නිදිබරිත දෑස හැරගෙනම මනහර මයු ඒ රුවම හීනෙට මගෙ එනකල්ම.. ~නවියා~
නදී ..✍???? 5 years ago 353 5 8
සසරෙ සුපුරුදු සෙනෙහෙ සුළගකි හමන්නේ මා සිත වෙලා ගෙන නුබෙම දියණිය වාගෙ මා වෙත හෙලන්නේ කෙලෙසකද නුබේ ඔය නෙත පුංචි සංදියෙ මා වඩා ගෙන නැලවුවා මතකයි අද වාගෙම පාට පාටින් ඇදුම් ගෙනවිත් හැඩකලා මතකයි අද වාගෙම පාතැබුව මා යොවුන් විය වෙත තුටු සිතින් මා සමීපෙට ගෙන නොවන්නට අතරමං දිවි මාවතේ නිවැරදි මගක් පෙන්නුවා නුඹ මවට පමනකි දෙවෙනි නුඹ මට ලගම හිතවතියයි මසිත සනසන කොනකවත් නැත සිතේ කහටක් දිරිය දුනි මගෙ දිනුම ලැබුමට නුබෙන් මා වෙත පිදුනු සෙනෙහෙට ණය ගැතියි මා නුඹට සැමදින පතමි ආසිරි නුඹට අද මම වේවා නිදුකින් වැජබෙන සුබම සුබ උපන් දිනක් ...... නදී..✍️
චතු ගුණසේකර ? 5 years ago 360 7 9
දුටිමි මම එක් ස්වප්නයක් වෙරළ ඉමක තනිවෙන මොහොතක් දැනුනි මට සිතට අමුතු සහනයක් කෝ කොහිද ජීවිතය තුළ බරක්,? නැගෙන එක් මොහොතක කෙහෙ රැළි අවුස්සන සුළඟක් දිගැටි ඇස් හීන් වුණු අරුමයක් සයුරු රළ එක්කම නැගෙන මතකයන් ස්වප්නයක් එක්කම ඇවිද ගියෙමි මම ටික දුරක්............. මම -චතූ- 2020/03/08
Dila ???? 5 years ago 267 7 8
''සතුටින්ද?'' 'ඔව්.. නැතුව.. ඉඳහිට කඳුළක් උනන එක ගැඹුරු සුසුමක් හෙලන එක පුරුද්දට ගිහින් මට.. කියන්න ඔයාටත් එහෙමද?' ''කාටවත් කියන් නැත්නම් දෙයක් කියන්නද? එහෙමවත් සතුටක් නෑ මට.. හරි වෙහෙසයි සතුටින්ය අඟවන එක...''
ශශී❤️? 5 years ago 420 7 11
අහසක් උනත් අඩාවි නොකියම සද හැන්ගිලා ගියාම.. පොලොවක් උනත් ඉරි තලලා යාවි වැහි කලුව නැති උනාම.. වෙරලක් උනත් වැලපේවි සයුරක් නිසලවම උන්නාම.. සිතත් දුක උහුලාවි නොනිවෙන මතක පොදි තිබුනාට.. ශශී
Art Pablo 5 years ago 277 4 4
මසිත් උයනෙ විකසිත සුවද ගෙනා පෙම් කුසුම නොදුටුව දෙනෙත් සමීප වදන් කියා මා උමතු කරනා සද චතු විශ්මිත මල් උයනක් බදුය නුබ මට
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps