Imara 5 years ago 253 5 3
සසරගත බැඳීමක් පැවතියද, ඔහු ගිය පසු ඇය වෛර නොබැන්ද, සෙනෙහසින් අඩුවක් නොවීය, ඔහු වෙනුවෙන් මියගියේද් නැත, ඔහුගේ ගමනට ආශිර්වාද කරා පමණි, එයයි මා දුටු පිවිතුරු ප්‍රේමය.
Dila ???? 5 years ago 360 8 11
දවසක බැරි උනොත් අපිට අපේ වෙන්න.. කඳුළු මතක මට දිලා සතුටු මතක ඔයා අරන් යන්න.. අතර මඟදි එපා කොහෙදිවත් නතර වෙන්න.. ඉඩ දෙන්න නුඹේ මතක එක්ක මට තනි වෙන්න.. හමුවෙන්න කලින් සිදු උනොත් අපිට වෙන් වෙන්න.. ඉන්නම් බලා සසරේ එක භවයක හෝ නුඹේ වෙන්න.. බැරි උනොත් ඒ භවයෙත් නුඹේ වෙන්න.. මං නැතත් කොහේ හෝ නුඹ හොදින් ඉන්න..
Vosandi Dissanayake 5 years ago 413 4 4
යළිත් යනු බැරි ගියොත් එනු බැරි අතීතෙක සුවදත් අරන් තවම උණුසුම් පෙමක සිතුවම් මතු කළා හිතටත් හොරෙන් ආදරය සින්නක්කර අරන් නොරද නුඹ අද පැන ගොසින් නොබිදෙනා මිලැති මුතු පොටින් සිඹිනවා කොපුල නෙතු හොරෙන් කරන නොවෙනස් රැස් රුවන් කෙනෙකු ලොව නැත නුඹ සොයන් සිඹින සුකොමල නළල් තලයෙන් නැගෙන මන්මද සුවද නොසොයන් පාට පාටින් දිලෙයි නෙක මල් එදෙස නොබලන් රත්තරං නුඹ නුඹෙම කරගත් නෙළුඹු මලකට ආලෙ දෙනු මැන දිවි පුරාවට
Vosandi Dissanayake 5 years ago 374 3 3
මව් සෙනෙහෙන් ළැම උණුසුම ලබනට සසර පුරා රතැගිලි පටලාගෙන නොමියෙන බැදුමක සෙනෙහස සුව දෙන නිබඳව දැනෙනවා සොයුරිය නුඹ මට නෙක ගැරහුම් මැද හද පෑරුණු සද සද දෙව් නුඹමයි හසරැල් කැන්දන නාරිලතා මල් පරයා වැඩි සද මුතු පබළු වැලක් වැටුණා නුඹෙ කොපුලට අනියත දේ නුඹ හිසේ දරාගෙන නොසැලෙන මනරම් පියුමකි නුඹ මට දගකාරකමින් ඔච්චම් කෙරුවට මම දෙවෙනි මවුන් නුඹ මට මුළු සසරෙම
Dila ???? 5 years ago 323 7 12
තනි වෙන්නෙ නැතුව තනි වීම ගැන කවදාවත්ම වචන හසුරවන්න එපා උඹ අසාර්ථකයි !! මොකද, තනිවීම ගැන හොඳාකාරවම දන්නෙ තනිවෙච්ච උන්.. ඊටත්, තනි වීම ඇතුළෙ තනි වෙච්ච උන් තනි වෙනවා කියන්නෙ හුදෙකලා වෙන එක නෙමෙයි.. දාහක් මිනිස් හිත් අස්සෙ ලක්ෂ ගානක් කටහඬවල් අස්සෙ තමන් විතරක් ජීවත් වෙනවා කියන දේ හදවතටම දැනෙන එක.. කවුරු සනසන්න හැදුවත් සැනසෙන්න හිත සූදානම් නැති එක.. කරන කරන හැම වැඩක්ම අසාර්ථක වෙවී.. කඳුළින් සේරම ඉවර වෙන එක හූල්ලන හෝරාවල් දවසෙන් වැඩි හරියක් හොරකම් කරන එක. කිසිම දේකට ඇල්මක් නැති වෙන එක.. කලුවරට ආස කරන එක.. සිංදු අහන්න ලියන්න කියවන්න හුරු වෙන එක.. තව හුඟක් දේවල් තමන්ගෙ දරා ගැනීම අනුව වෙනස් වෙන එක.. ඉතිං, තනි නොවී තනි වීම ගැන සාරාංශ කරන්න යන්න එපා !!
කෞශික නිමාදිත් 5 years ago 302 4 6
කඳුලක් උනත් ලස්සන ඉකිගහද්දිම වැටෙනකොට. . මැණික ! බාගදා ප්‍රේමයක් කියන්නෙම අහඹුවෙන් දැනගත්ත පිළිකාවක් උනහම පණපිටින් මැරි මැරී විඳවන එකත් පුදුමද ? ? හදවතේ ගැස්මත් වෙන පපුවක ගැහුනම ජීවිතේ කියන්නෙම වියරු යථාවක් පපුවට මහ හුඟක් බර. . ඉතිං මැණික ! බාගදා ප්‍රේමයක් කිව්වෙම නුඹට විතරක්මකොට දැන් මට කියලා ඉතුරු මොනවත් ඇත්ද ? ? කෞශික____
Nilanka Vinodani 5 years ago 250 6 5
ඉර හිතුවේ හැංගෙන්න කලුවරට ඉඩදෙන්න.. සඳ පැතුවේ ලං වෙන්න තරු අහසේ සරසන්න.. මං පැතුවෙ ලං වෙන්න ඔබේ සිතට සතුට දෙන්න.. ඔබ පැතුවෙ වෙන් වෙන්න මගෙ දෑස හඬවන්න...
Art Pablo 5 years ago 296 4 5
නොලද සිප් නැන දුන්නෙ ඇය නුබට ජීවය කෙතෙ තේ වත්තෙ දිව රෑ දෑතේ කරගැට සිම්බෙ පුතුගෙ මුහුන බලාගෙන වැටෙනා දහඩියට පවනකි නුබෙ සුරතල් සිනහව හෙලනා කදුලැලි පිට උනෙ දමනි ශිරා කිරි සයුරක් කරලමින රජෙක්ද නුබ කොලොම්පුරේ වෙසෙන නොහකිදො මට එහි පර වඩ කරන්නට දෑස් නොපෙනී ගිහින් මයෙ පුතෙ නොහැකිය වෙනද වගෙ පියාබල එන්නට
Naween Perera 5 years ago 354 7 13
විසිර ගිය සිතුවිලි ලෝකෙ එකට කැටිකර දුන්නු සුවද මල හදට මං ගෙනගිහින් හිනැහුන පෙත්ත මට දුන්න සුව වරුවකට හිරිවැටුන වතුර පොද තොල තෙමුව පිච්චුනා බඩ පපුව වෙනම ලෝකෙකට අරන් ගිය උබේ මතක දෙන වේදනාව අමතකම වෙලායන්නට සැර මදි උනාද මන්දා... ~නවියා~
Vosandi Dissanayake 5 years ago 362 5 5
සිහින සිතුවමක සිටිනා මල් මද බිසවක රූ සරිනා නෙක ඉගි බිගි හැඩ දමනා ලස්සන නෙතු මට පෙනුනා ලා හිරු කිරණින් ගත දොවලා හැඩ වැඩ දැමු ගවුමක් ඇදලා නිල් වරලස කරලට ගොතලා පළදියි නෙක පියුමන් පුබුදා මුතු ඇල්ලූ මිරිවැඩි පළදා රන් යානාවක ඇය නැගිලා අහස් කුසේ සුදු සේද අතුරලා යහන සදයි දරු කැල වෙතටා රන්දිය එකිනෙක එක් කරලා නිල් පාට බෙදයි මුළු අහස පුරා මුතු පබළුත් නෙක දෝත දරා දේදුන්නක් ඇය පාට කරා.
Vosandi Dissanayake 5 years ago 455 3 4
"සියුම් තැන් පෙනෙන මහා තැන් නොපෙනෙන මනරම් සිතුවම නුඹ ලස්සන ඇස් දෙක"
Vosandi Dissanayake 5 years ago 422 5 3
රස්සාව රත්තරං ජීවිතය ගෙටගහන අදත් හතරයි තිහට කුකුළාව අරගෙනම නැගිට්ටේ අළුයමේ... උයලා පිහලා කෑම බෙදලා ළමයින් පාසලට යවලා හනික දුවලා ලෑස්ති වෙලා හයයි තිහට යාන්තමින් බසයක එල්ලුනේ... කාර්,බයික්,බස්,ත්‍රීවිල් සිමෙන්තියෙන් අඹපු රූප වාගේමයි පාර මැද්දේ... හතයි තිහට විනාඩියයි... රතු ඉර මගෙ දෑස ළගයි... අද විතරක්නේ කියලා... හදාගනිං කෙල්ලේ හිත සුපුරුදු විලසින්...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps