Deesha(දීෂා)❤️ 5 years ago 472 7 14
????????
Nawodya Dissanayake 5 years ago 260 5 7
ජැන්ඩියට ඇන්ද මුත් සමහර මැටි පිරිමී කේලම් කියයි ලොක්කන් හට නිති සැරසී ගෑනුන් වගෙයි පේන්නේ අපහට පිරිමී කලිසං ගලවලා ඇදගන් චීත්ත මල්ලී.......
Nawodya Dissanayake 5 years ago 255 5 8
සදක් සේ දිලෙන ඔය රුව මලක් සේ රැකගන්න මා හැම කැමති මුත් නොහැකීනෙ මට අද ආදරේ නොදැනේද මේ හද...... හැගෙන බව මා දනිමි ඔය හදට දෝරෙ ගලනා මාගෙ ප්‍රේමය නොතේරෙන ලෙස සිටිනු කෙලෙසක දරාගන්නට නොහැකි මා හට......
Dila ???? 5 years ago 319 8 14
ආදරය මායාවකි පැටලිලි ලෙහා ගත නොහැකි සේයාවකි.. ජීවිතේ පේයාවකි.. ඔබ.. රාත්‍රියේ නින්ද කඩන ඉන්ඳ්රජාලයෙකි !!
කෞශික නිමාදිත් 5 years ago 239 4 6
රිදෙන හිත සනසන්න ඉරුණ හිත මහගන්න පෑරිච්ච හිත සෝදන්න විකල්පයක් නැත්තටම නැති තැනකදී ඒ වේදනාවෙන්ම මිරිකෙන්න. "ආටෝප ඕනී නෑ සුලුවෙන්ම" ඔය තරම් වේදනා ඉවසන්න බැරිහින්දා මට ඕනි උබේ අස්සේ. "දැවි දැවි ගින්දරින් ඇවිලෙන්න" කෞශික....
Naween Perera 5 years ago 323 7 13
නුබේ සියුමැලි මුව කමල සිත්තම් කල මගේ රළු අත්ල මත රදවාන මා ඇදි නුබෙ සිතුවම දෑස අල්වා බලා සිටිමි මම සේයා රූ කොතෙකුත් ඇත්ද එහෙත් එහි නුබ නැතිය මගේ සිතුවම තුලම නුබව මම හැබැහින් දකිමි හැබෑ දෙනෙතට නොදුට නුබ හැමදාම හිතේ ඉන්න තවතවත් නුබව මම සිතුවම් කරමි හිත තුලම ආයෙත් නොයෙන්නටම නුබ යන්න නුබෙ ගමන ඇදි සිතුවමත් සමග මං ඉන්නවා හැමදාම ~නවියා~
Naween Perera 5 years ago 315 6 9
මහ උපාධි බම්බු අත දැරුවාට නම යටින් පට්ටම් එල්ලන් හිටියාට උප්පැන්නෙට බොදු උන් කීවාට දන්නවද උබත් හය හතර... අපේ බොදු මුතුන් මිත්තන් මේ හය හතර නොදත් උන් හැදිනුවේ මෝඩයන් මෙන්... හය හතර ලෙස නම් කලොත් චතුම්මහාරාජිකය,තාවතිංස ,යාමයත් තුසිත,නිම්මාණරතිය, පරණිම්මිත වසවර්ථියත් යන දිව ලෝක හය මෙන්ම තිරිසන්,ප්‍රේත,නිර,අසුර අපාය සතරද වෙත්... නමට බොදුනුවන් උන උන් අඩක්වත් ඇත මෙය නොදත් දිවා රෑ දහම් ඇසුනාට මූලිකම දේ නොදත් උන් පරයන්ට කත් අදින පරයන් මිසක නමට පමණක් බොදු කොටස තියාගෙන තොපි හට ඇතිද? ~නවියා~
ශශී❤️? 5 years ago 403 5 8
සැගවූ නුබේ සෙනෙහස හිත අග්ගිස්සේ දැනෙනවා හොදින් වැටෙනා විට හැමතිස්සේ නොසැලෙන ලෙසින් නුබ සිටියා පවුරක් සේ හැම විට ඇද හැලේ නුබෙ පෙම වැස්සක් සේ රෑ නිදි නැතිව හැලූ කදුලැලි අපමණය ලේ කිරි කර දුන්නේ අහිතක් නැතිවමය හැම රෑ නුබෙ ලගින් දැනුනේ උනුසුමය නුබ හැර දමා හෙට මම යන්නේ කොහොම සසරම නුබ මගේ මව් වෙන්නට පතමි මගෙ පණ වගේ නිති නුබ මම රැක ගනිමී නුබෙ ගුණ කදට උපමා මම නොම බදිමී දෝතින් බදා නුබේ දෙපතුල සිප ගනිමී ශශී
නදී ..✍???? 5 years ago 321 6 12
"අ"යන්නෙන් පටන් ගත් හෝඩි පොතේ මුල් අකුර.... ආදර අම්මා ලෙස ලියන්න ඉගැන්නූ මුල් ගුරුතුමිය.... තාත්තා සමගින් අපට ආදර දයාබර නෙතින් නිමක් නැති සෙනෙහසක් පැතිර වූ සෙනෙහෙවන්තිය...... තෙරක් නැති කතා කෝච්චි නිමක් නැති පුංචි රහස් සවන් යොමා හිත ඇතුලෙම රදවගත් සොදුරු හිතවතිය...... ජීවිත මාවතේ ඉදිරියටම යන්න නිර්ලෝබීව සවි දුන්න ඇගේ දුක හංගාගෙන අපේ සතුට ගැනම සිතූ පරිත්යාගවන්තිය... ආදර අම්මා.........❤️ නදී ..✍️
චතු ගුණසේකර ? 5 years ago 372 6 8
අහම්බෙන් මුණ ගැහුන ඔහු වත හාදකම් පෑදුනෙ හිත් යට සතියකට වතාවක් මුණ ගැහුන ඔහු මුව ප්‍රේමය දළු ලෑවෙ දින දින අපට කඩදහි ලියුම් හුවමාරුව දින දින ඔහු ගැන ඇරෙන්නට සිත නොගිය වෙනතක සිත් අහස මෙන් විශ්වාස ගොඩ නැගුවේ සිතට ප්‍රේමයට වහල් වුනු සිත කාමයට දොර ඇරුනෙ ඔහු වෙත... තත්පර පැය ගණන් ගෙවුනේ ඔහොම නොදැනිම දවස ගෙවුනෙ ඔහුගෙ සෙනෙහෙ යට පසු දින අමුතුවක් දැනුනෙ ගතට නොදැනිම ලෙයක් ඇග දැවටුනෙ ඔහුගෙම රහසක් නොකර ඔහු ට එය දැන්වූවා මග හැර යනු දැක ලොවක් කදුලු වැටුනා මව් පියන් අඩනු දැක හිත කඩන් වැටුනා ඈට අනුවප්රේමයට මුලා වි ඈ වැරැද්දක් කෙරුවා ලෝකයම අවලාද ඈ විදන් උන්නා ඔහු කල මුලාව කිසිවෙකුට නොපෙනෙද මන්දා දරු ගැබක් කුස දරන් අවලාද වින්ද සමාජ නීතියක සහනයක් ඇයට දිය යුතුය රන්දා.... (නිමිත්ත:ප්‍රේමයට මුලා වී හිත් යටින් මියැදෙන යුවතියක,කතා වෘන්තාන්තයෙ අවසානය) චතූ 2021/01/26
❤sami❤ 5 years ago 257 4 3
"දැනුම,වින්දනය සදහා අත්මෙවලමක් වුනු සමහර ඇයොන්ට එය තම ජිවිතය වුනු තම පෞද්ගලික ජිවිතය විදහා දක්වයි එහි නිරතුරු උපදෙසක් දෙන්නම් මා, එය ජිවිතයම නොකරගන්නා ලෙස මින් මතු"
නදී ..✍???? 5 years ago 300 5 10
කිරි දියරක් සේ නොගැලූ සෙනේ දිය දහඩිය කදුලැලි වී ගැලුවා ..... පැතුවත් ඔබහට නොහැකිවු සිහිනෙට මා යන මාවත එලිය කලා ..... වැටුනත් නැගිටා පෙරටම යන්නට ඒ හැම විටකම දිරි දුන්නා ...... තාත්තේ නුඹ මේ පිං මහිමෙන් නිදුක් බවින් නිති වැජඹේවා .... නදී..✍️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps