...චූටි... 5 years ago 325 3 4
කප්පරක් දුර ජීවිතේ බර සැහැල්ලු කුරුලු පිහාටුවක් මත ගෙත්තම් කල සිත්තම්කරු නුඹයි.. සිනාව වියැකුණු දෙතොලක සිනාකැන් වස්සන සොදුරු සිහිනය නුඹයි. රික්තයක් වූ දිවියට වරිණ පරාවර්තන නියම කියාදුන් කිරණ නුඹයි.. අදුරු ලොව තිමිර බිද ලොවක් දිනන්නට සවිය ලබා දුන් අරුණැල්ල නුඹයි .. තනිව හඩනා හිතකට සෙනෙහස උරුම කළ උණුසුම් සිනහව නුඹයි.. ස්නේහයේ ද්වාර මත ජීවිතයම කවියක් කළ සෙනෙහෙ දියවර ... නුඹයි ...
Bhagii 5 years ago 300 5 6
පිපෙන පරවෙන දහස් මල් මත අතිර බව ලොව ලියවිලා ඇත... මියෙන තුරු බොහෝ හදවත් මිහිමත දහස් වරක් මැරී නොමැරෙනු ඇත...
✍️කවිකාරි ✍️ 5 years ago 312 8 9
ගැහැනුකම දරන් ඉපදුන එක කෙල්ලෙක්ට මොන තරම් වේදනාවක්ද කියලා කොල්ලෙක් එක තප්පරේකවත් හිතුවද? අද සමාජේ(සිංහල සමාජේ)කෙල්ලෙක්ව දකින්නේ කොයි තරම් පහත් විදිහටද; බිළිදියක්,දැරියක් තරුණියක්,බිරිදක්,ගැහැණියක් මේ චරිත ඔක්කෝම රගදක්වන්නේ එකම එක මනුස්ස ප්‍රාණයක් කියලා කොල්ලෙක් හිතලා තියනවද. ඉපදිලා කන විදපු දවසේ ඉදලා කෙල්ලෙක් ජීවත් වෙන්නේ මොන තරම් දුකක් විදගෙනද ? මාසෙට දවස් 2-3ක් කෙලින් හිටන් ඉන්නවත් බැරි විදිහට විදින දුක කොල්ලො වෙච්ච උබලා විදිනවද බන් ? විලිරුදාව කොල්ලෙක් විදලා තියනවද? උබගේ අම්මා,අක්කා,නංගි,කෙල්ල මේ තරම් වේදනාවක් විදින්නේ උබලව සතුටු කරන්න බන්.ඒකි මාසෙට දවස ගානක් විදවන්නේ උබව තාත්තෙක් කරන්න.විලිරුදාව විදින්නේ උබගේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න.උබලා මොන තරම් වාසනාවන්තද බන් එහෙම බලද්දී.ගෑනු අපි මොන පවක්ද මේ ගෙවන්නේ. උබගේ අම්මට තරම් නැතත් ඒකිටත් ගරු කරපන්.එක වචනයක් ආදරෙන් කතා කරපන්.එකිට එක තප්පරේකට හයියක් වෙයන්.පුලුවන් හැමවෙලේම එකිට ආදරේ දීපන්.ගෑනු අපි හොයන්නේම එකයි.(යම් කතා පුවතක් ඇසුරෙන් ලියන ලදි) ...කවිකාරි...
Naween Perera 5 years ago 310 6 11
කෙරුනු වැඩ අතරතුර යැවුනු ඇස වෙනතකට අහම්බෙන් වාගේ දැකපු නුබ දැකල පුරුදු වගෙ කොහේ හෝ හිද ආව සිතුවිලි වලට ඉඩ දුන්න යැවුනු ඇරයුමක් මම නුබ එක්ක පැටලෙන්න සයනයට බර දුන්නු ගත තව නෑනෙ නිදි එන්න ගත මෙතන උන්නාට නුබ එක්ක දොඩමලු වෙන්න මං හොයනවා මං තාම ~ නවියා ~
...චූටි... 5 years ago 301 5 7
සදුන් තුරුපත් රටා සෙවණේ සද එළිය සක්මන් කරනවා. තනිවුන තරුවට කිසිමදාක සද අහිමිදෝ සිත අහනවා. පැතුම් කුටියෙ පියාපත් යුග සිත් කොනක තනි රකිනවා. කෙම්බිම් මායිම කඩුපුල් මදහස හිත අසපුව මගෙ හඩවනවා.. සදුට පෙම් බැදි මිලින කුමුදුනි පැටලි සිහිනය නිදනවා. සිහින දොරකඩ පිපුණ මල් සේ කදුලු බිදු නෙත පිපෙනවා. නිසල මහ රෑ සසළ කරමින් මහද වෙණ තත් හඩනවා. සංහිද පාමුල නුඹෙ නමින් මම තවම පැතුමන් පතනවා......?
නදී ..✍???? 5 years ago 339 5 11
ෆොමලින් වාෂ්පෙට කැරපොත්තො ගෙම්බො බිලි වුනෙ පවට පින දී ගන්න වෙන්න හොද දොස්තරනෝන කෙනෙක්.. ගබඩාව හිස් කරන් ආවර්තිතා වගුවෙන් බාගයක් දියවුනේ පිච්චුනෙ වෙද කම හොද හැටි දන්න වෙන්න හොද දොස්තර නෝන කෙනෙක් .. නිව්ටන්ගෙ නියමයන් ආකිමිඩ්ස්ගෙ නියමයන් යාන්ට්ර විද්‍යා නියමයන් හැම එකක්ම ඉගැන්නුවෙ තාර්කිකව හිතන්න පුලුවන් වෙන්න හොද දොස්තර නෝන කෙනෙක් .. හොදහැටි හදාරා ජිව විද්‍යා රසායන විද්‍යා වගෙම භෞතික විද්‍යාවද මටත් ආසයි දවසක වෙන්න හොද හදවතක් ඇති දොස්තර නෝන කෙනෙක් .. නදී ..✍️
...චූටි... 5 years ago 299 5 7
හිටපු ගමන් හිත රිද්දුවට උහුලගන්න බැරි තරමට වෙන කවුරුත් නැ මේ ලොව මං තරමට නුඹ ගැන හිතන දුක හිතුන වෙලාවකට හිතුනත් නුඹ හැර යන්නට තත්පරයක්වත් බෑ මට ඔය ආදරෙ නැතුව ඉන්නට හීනයක් වෙන්න ඇති ඒත් ලෝබයි ඇහැරෙන්න ඔය ආදරෙ දැනෙනකොට ඇති මට කල්පයක් සැනසෙන්න ජීවිතේ හැමදේම නැතිවුණත් මුකුත්ම එපා මේ හිත හදන්න නුඹේ එක හිනාවකට පුලුවන් ඒ හැම දුකක්ම නැති කරන්න..❤️
ශශී❤️? 5 years ago 436 5 10
හීන ලියකම් නෙතු මවා පාට සිතුවම් හැඩ කලා සියුම් රස තැන් සොය සොයා මගේ හදවත ඉගිලුනා... සිවුරු පඩු පැහැ ගත් වලා සැදෑ යම සිතුවම් කලා දිලෙන හිරු මල සැගවිලා සදට කවිකම් එලි කලා... වියැකි සිනහව පිබිදිලා නොනිමි කදුලැලි සේදුනා තරු පිපෙන අහසට වෙලා මගේ කවි සිත දග කලා... සිතට නොදැනිම ලන් වෙලා මතක මන්පෙත පෙරලුවා ලොවට රහසින් සගවලා අපේ මතකය දග කලා... ශශී
...චූටි... 5 years ago 373 5 6
පත්ඉරු මත ලියවී බොදවුණ දහසක් කවි අතරේ. සිහින ලෝකයම කදුලින් පෙගුනා ලොවටම හොර රහසේ. සද සෙවණැල්ලක් හිමි නැති කලුවර ඈත අදුරු අහසේ. පුංචිම තරුවක් ඉකිබිද හැඩුවා ලොවටම හොර රහසේ..? සිහින හොරු අරන් නාඩන්න තව ඉතින් මුලු ලොවටම හඩ නගා කියනවා. මගේ හිතට නොතේරෙන මොකද්දෝ තනිකමක් ඒ තරුවෙ සැගවිලා තියෙනවා ..? ඉකිබිදින සිත් මලට තවත් කවිකම් කුමට හදවතත් නෙත් අගින් අහනවා .. සිහින මියැදෙන ලොවක මටත් කවිකම් කුමට..... ...මම නුබේ හදවතින් අහනවා ...!
Thisari Tennakoon 5 years ago 270 5 5
හිමිදිරියේ ලිප ලග දුම් සුවද ව්ද තේ කෝප්පයෙන් අප සනසන අම්මාවරුන් කොතෙක් හිටියත් ඔවුන් සනසන දු පුතුන් කොහේ ගියාදෝ දරුවන් ගෙදර එනතුරු අම්මා මග බලාගෙන හිටියත් ඔවුන් ගේ දෙනෙත් යොමු වුනේ අම්මාගේ මුදල් පසුම්බියටදෝ
✍️කවිකාරි ✍️ 5 years ago 304 7 9
ගොඩ ගැහුණු පොත් ගොඩක් කදු තරම් පාඩම් ගොඩක් දවස් හතේම ඔන්ලයින් ක්ලාස් ගොඩක් එපා වී ඇත දැන් ඉතින් මට මහ ගොඩක්? ලොජික් දැන් මැජික් විය ඇරිස්ටෝටල් , දේකාත් , ප්රොපර්ලා පිටු අස්සේ ලොකු විප්ලවේකය...? දුටුගැමුණු,වලගම්බා,මහසෙන්ලා මරන් කන්නට හිතෙන තරම් දැන් ඉතිහාසය එපා වී ඇත ලියලා ලියලම? සිංහලත් එපා වී සුද්ද සිංහල මතක් වී ගෙවනවා මේ දවස් නින්ද නැති වී? අරමුණට හබා යන්නට වෙනවා දුක් ගැහැටයනය විදුමට කියා හිත හදාගෙන කරනවා හතිදාලා ඔක්කොම.?? ...කවිකාරි...
නදී ..✍???? 5 years ago 314 5 8
දත් ටික වැටී ගත රැලි වී වෙව්ලුවට.. නුඹේ උණුහුමේ දැනුනා පෙර ලෙස අපට.. කාමරයේ කෙදිරිලි හඩ ඇසෙන විට.. ශක්තිය වුනා නුඹ තවමත් සිටින වග.. කවා පොවා නහවා හිස පීරු විට.. කිසිවක් කතා නොකරා ඔබ සිටියාට.. අප වෙහෙසුනා ඔබහට තව ආයුෂ ගෙන දෙන්ට.. අහෝ දුකකි ඔබ ගියෙ ඇයි දෙව් ලොවට.. ඔබ නැති අඩුව දැන් දැන් ගෙයි පාළුවට.. දැනෙයි මහ තනිකමක් ගෙල සිරකරන වග.. ගෙමිදුලේ නුඹේ වතුසුදු මල් වැටද.. තාමත් අසයි නුඹ ආයෙත් එන්නැතිද.. දෙව් විමනේ පරසතු මල් සුවද හමනවද.. එය විදගන්න අප තවමත් දුරවැඩිද.. ඔබ ගොස් එහි දැන් තුන්මසකට ළගා වෙලා.. අපි නැති අඩුව නූඹටත් එහි දැනෙනවාද.. දං පිං දී නුඹේ ගුණ කද සිහි කරමී.. නුඹේ වියෝවෙ දුක මෙලෙසින් යටපත් කරමී.. පතන බෝධියෙන් මොක්සුව ලැබගන්න.. පතමි එක් සිතින් මම මෙලෙසින් ඔන්න.. මගේ ආදර අත්තම්මා. නදී..✍️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps