...චූටි... 5 years ago 281 5 5
මේ නිසල රාත්‍රියේ ලෝකයා නිදි ඇතී.? හිත පෙලන කාන්සියට මං තාම නිදි නැතී.? එක්වෙන්න බැරි කදුලු මේ නෙතට බර ඇතී.? රත්තරනේ හිමි නැතත් මගෙ සෙනෙ අඩු නැතී....? - චූටි-
ශශී❤️? 5 years ago 427 5 8
සන්සාරයේ හුරු සුවදක සිත රන්දා ලන් වුනෙ අපිට අපි නැතුවම බැරි හන්දා නෙක නෙක පැතුම් සිත වටකර වැට බන්දා හද පානේම ආවේ මම නුබ කැන්දා සිවුවස් පෙමක අවසන අපි අපෙ වූදා හැඩුවා නුබත් රහසෙම පෙම දෝරෙ ගලා සිහිනෙන් වුවත් සැනසුනෙ නුබ තුරුලු වෙලා කොහොමද මැනික මම යන්නේ නුබව දමා එන විට දිනක් හදිසියෙ මම නිවස වෙත දුටු දසුනින්ම නෙත් බොද වුනි එක පෙලට පව් කර ඇතිද මම කොපමණ සසර මග සොහොයුරු සමග නුබ සිටියා යහන මත දුටු බව නුබේ හොර රැගුමන් නිවස තුල නුබ නෑ අදත් තව දන්නේ මගෙ මැනික මගෙ මුලු ලයම සත් කඩකට පැලුනු වග පවසමි කොහොම නවතාගෙන කදුලු කැට තරහක් නොවේ කවදාවත් නුබ එක්ක මදි වෙන්නැතී මගෙ ආදරේ කල් යත්ම වාවන් ඉන්න මට බෑ දුක හිත එක්ක නොපතමි ඇසුර නුබෙ ආයෙත් කිසි බවෙක මොහොතක් අපේ ප්‍රේමය සිහි කරන සද රසමුසු බොහෝ තැන් තිබුනා මතක මැද අවසන් වරට මැවුනේ නුබ මුව මඩල සිරකර ගතිමි තොණ්ඩුව මගෙ ගෙල මුලට ශශී
චතුරංගි හර්ශිකා 5 years ago 310 5 8
?⃟⌘࿔⃝❤__________________________________ කොළඹ අහස යට අතිනත් පටලා ⃟? ඇවිද ගියපු මග සැමරුම් බොහොමයි නැවත නේන්නට සිත දොරගුළු ලා ⃟?️පෙමක පසුවදන ලිව්වේ නුඹමයි... සසර පුරාවට සෙවනැල්ලක් සේ ⃟⏳ ළගින් ඉන්න බව දිවුරා පවසා අවරගිරෙහි හිරු සදිසි නුඹේ සිත ⃟?අතැර ගියේ මගෙ සොඳුරු හදවතයි... පුරුදු වීදිවල ඉහළ පහළ යන ⃟? නේක පෙම්වතුන් නිතර නෙත ගැටෙයි අපේ මතකයේ සෙවනැලි රේඛා ⃟?මනෙත ඉදිරියේ ඇඳී මැකී යයි... සිව් වසරක් වූ අපේ කතාවේ ⃟? අවසන් පිටුවල කඳුලැලි බොහොමයි සසර මගෙහි යළි කිසිදු දිනෙක අපි ⃟?නෙතින් නෙතට මුණ නොගැසිය යුතුමයි... මම, චතූ✍ ?⃟⌘࿔⃝❤__________________________________
Naween Perera 5 years ago 336 4 6
සුදු කලුවට දැක්ක ලෝකෙටම ඒ දෙකත් පාට බව නොදැනීම තව තව පාට විසිතුරු ලෙසට සොයා ගිය මුත් දෑස හේදුනු පාට හීන වල අවශේෂ බලනවට වඩා ඉතිරි උනු ජීවිතේ සුදු කලුව දැන හැදින ගෙන ලෙසට ඉන්නවා තරමටම සැනසුමක් තව කොයිද... ~ නවියා ~
Sewwandi Perera 5 years ago 254 4 5
මැණිකේ මම ඉල්ලන්නේ ඔය හිනා වතුරයි ඔය මුවින් මටඕන මුතු අකුරු හතරයයි ලස්සනම පෙම පිපුනේ අපේ හිත් අතරයි ඔබව මම හැරයන්නේ මැරුනොත්ම විතරයි - sewwandi perera-
චතුරංගි හර්ශිකා 5 years ago 352 6 11
❤️༺═─⃝─?⃟─⃟─?⃟─⃟?─⃟─⃟?─⃝─═༻❤️ කලක් තිබුණා ඉස්සර නෙතින් පමණක් මිමිණුව හදින් විතරක් ළං වුණ අතින් අත වත් නොගැටුණ... මුවින් දොඩමළු නොම වුණ දෑත් පටලා නොම ගිය වදන් අමුණා නොගැයුව කවක් විය එය සොඳුරුම... කියා ගන්නට බැරි වුණ දෙතොල් පෙති මත ගොළු වුණ නැවුම් කුළුදුල් හිත මත පෙමක් විය එය නොමියෙන... ගමත් හැරදා නගරෙට ඇවිත් බෝ කල් ගෙවුණට මගේ නොවෙනා මගෙ වූ අප්රකාශිත කවිකම... දුරක් ඈතට ගිය මුත් සිතෙහි පමණක් නැවතුන අද පවා මට සිහිවෙන මගේ කුළුඳුල් ප්‍රේමය... මම, චතූ✍️ ??༺═─⃝─⃟─❤⃟─⃟─⃟─⃟─⃟❤─⃝─═༻??
චතුරංගි හර්ශිකා 5 years ago 420 5 9
- වස්සානයේ එක දවසක ⛈☔ පෙ.ව.12.13 පෙර අප අත් බැඳ ගිය සුපුරුදු නැවතුමට...?? අහම්බෙන් මෙන් මම ගියෙමි ගෙවුණු සැඳෑවෙහි...? අපි දැකපු අහපු මගතොට තවම එහෙමම...? වෙනස් වෙලා නෑ කිසිවක් ම ඔහු තරමට...? වැහි වතුරත් එක්ක මගෙ කදුළු මුහු වෙන්න...⛈️? වැහි සීතලට හිතේ පාළුව ලෝකයට නොපෙනෙන්න...⛈️ වැහි සද්දෙට හිත කෑ ගහන හඩ කාටත් නෑහෙන්න...☔ වැස්ස! නුඹට හැකි නම් මේ හිත තෙමාගෙන වැටෙන්න...⛈️⚡ මම, චතූ 。.。.。.。☔ ...☬❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ ? _______________ ╰⛈⛈⛈_______________
Naween Perera 5 years ago 326 7 17
මලට තනිකම දැනුනාට පලිද බබරුන් තැන ගන්න එකෙකු හට රොන් දෙන්න බැරිව ලතවුනු මල තනිව සුමුදු මොලකැටි පෙතිවල කවදාක වනකම් ඉන්න ඉඩදුන්නු කෙටි කාලය විදිමි කදුලත තෙතමනය මලේ පෙතිමත ජීවය දෙමින් නැති උනාම තනිකම නෑ තවත් ඉන් ඵල ගැස්සුනු නටුව දුන් සලකුණු දැන් ඉතින් ඉගිලී යන්න සන් කිමද තේරුම් ගෙන තව එකෙකුට රොන් දෙන්න ඉඩදී ඉවතට ඉගිලෙන්න හැර ඉඩක් නෑ තව ඉන්න... ~නවියා~
චතුරංගි හර්ශිකා 5 years ago 360 4 6
නව වසරට තව බොහෝ කාලයක් ඉතිරිව නැත. ගෙවුණු අවුරුදු දා මතක තවමත් මා අසල රැඳී ඇත. මෙදා නව වසරේදීත් එක් වරක් නුඹට ඇවිත් යන්න හැකි නම්... නුඹ නේන බක් මහට කොවුලන් හඩාවිද...? නුඹ නේන බක් මහට මල් පිපේවිද...? ✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖ۬ වසත් ගී ඇසෙන කල මුතු පින්න මැකෙන කල සිතත් පාවී යාවි අතීතේ බොහෝ දුර... නෙතක් නිදි නොම ගන්න අහස් ගව්වට එපිට සිතුම් සිතුවිලි රැසක් සිත පුරා ලතැවේ ය... දුරක් ඈතට ගිහින් අතීතේ දවසකදි අලුත් වසරක අසිරි වින්ද යුරු සිහිවේ ය... මෙදා නව වසරෙදිත් එදා වාගෙම යළිත් ඇවිත් යන්නට නුඹට හිතක් නැති වී යයිද... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 270 4 7
ප්‍රේමයක් නම් ගසක් සේ මහ පුංචි පැළයට සෙවන සාදන දරන්නට වාගේම රක්නට හැකි හරිත වර්ණිතයි ගැඹුරුයි...? එවන් මහ ප්‍රේමයක් තිබුණේ සයුරු පත්ලක් සේම ගැඹුරින් ගොරතරව රළු රැලි නගා ලූ පියෙකුගේ හදවතේ විතරයි...? මවක් සේ හඩ ගා නොකී මුත් තුරුළු කරගෙන සිප නොගතමුත් දෑස් අතරින් මිදී නොපැමිණි සොඳුරුතම ආදරය එයමයි...? මම, චතූ _________༺═─⃝─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃝─═༻_________
Dila ???? 5 years ago 300 4 8
ඇතුළතින් මා බිඳී ඇති බැව් නොම දැන නේක විසිතුරු පිට කවර ගෙන එයි ඔබ කුටිය අත්හැර පලා ගිය වග දැන දැන නොනැවතී මල් පෙරහැරක් යයි ගේ ළඟ අළු දුහුවිළිව කල්ප ගණනක් ගෙවුනද පහන් දල්වයි කෙනෙක් සොහොනක අදටද
Naween Perera 5 years ago 310 6 10
සිද්ද සිරිලක මනුසතා දැන් නැත සද්ද වදනට පමණි උන් මන උසස් ලද්ද පමණට මුවට ගෙරිමස නැද්ද වෙන නම් මහ රසක් මද්ද බැද අල්ලවා ගන්නට නැද්ද තව අවිහිංසක සතෙක් හද්ද දුක විදගන්න මං අපායක් නැද්ද තව පවට ලැජ්ජා බයක් ලද්ද වර බුදු සසුන කල උප්පත්තියක් සුද්ද කොට පව් අනේ රැකපන් බුද්ද සාසනෙ පණ යට කරන් සද්ද කොට මහ පිරිත් දෙසගෙන සිද්ද පිලිවෙත් සපුරවන් සුද්ද කොට හිත් අනේ රැකපන් සිද්ද සිරිලක හෙල බුදු සාසනේ... ~නවියා~
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps