චතුරංගි හර්ශිකා 5 years ago 319 6 9
පසුතැවීමක් අද පවා හිත අද්දරින් එබිකම් කරයි... ලියා අවසන් නොකළ කවියක් නෙතු ළගම නැවතී තිබෙයි... ළබැඳි දෑසක් අතැර ගොළු වූ මුවග මදහස නොම රැඳෙයි... සොඳුර නුඹ මා යළිත් දවසක දොඩමළුව හිනැහිය යුතුයි...! මම, චතූ
Deesha(දීෂා)❤️ 5 years ago 434 7 16
හැමදාම නුඹ තුරුලෙ මා සැනසුවා හාදුවක් මුවඟේ තබා.... කඳුළු කැට සඟවා දෙනෙත් ඉම මගේ කඳුලැල් පිසඳුවා..... අම්මි නුඹෙ පණ නලට මා පෙම් කළා රිදුමන් ළයේ තෙරපලා..... හුරුපුරුදු සංසාර සුවඳම මටත් නුඹෙ ලඟින් දැනුනා සදා..... ඉකිගසා හඬන්නට කඳුළු නැහැ ඔය නෙතේ එය මා හොඳින් දන්නවා...... මවකගෙ උතුම් පෙමට මා දුන්න දුක් ගින්න විඳවාවි සසරම මෙමා..... ඉවසන්න ඉවසන්න රුධිර කඳ ගලනවා මෑණියනි නුඹ දන්නවා..... ඇමතුමක් අරගන්න තව මඳක් හිනැහෙන්න මගෙ සවන් නුඹ සොයනවා..... රෝහලේ සයනයක මට නොහැක ඉවසන්න ඇවැසිමයි සෙනෙහස නුඹේ.... උණුසුම්ම හාදුවක් ආදරෙන් මට දෙන්න සීතලයි සිරුරට මගේ...... අවසරයි නමඳින්න නුඹේ පායුග මෙමට මම රෝස කැකුළයි නුඹේ.... මෑණියනි ආදරය රැගෙන අසලම ඉන්න නෙත් ගිලෙන තුරු ගනඳුරේ.............. (රෝහල් සයනයේ සිට✍️)
❤️mila❤️ 5 years ago 306 5 14
පන්තියේ සය මසක් එකටම ඉගෙනුම ලැබුවේ ඉන් එක් දිනක්වත් නොම මා දෙස බලා සිනාසුනේ එවිට මා ද ඔබ පිලිබද සිතුවෙ මෙසේ, ආඩම්බර කොල්ලෙක්යැයි කියා අනේ.... ? දිනක් ඔබව චාරිකාවෙදි දුටුවේ එවිට නුහුරු හැගුමකින් මා සිත වෙලා ගියේ නුබ දෙස බලා මා හදවත සසල වුනේ නුබෙ ගතිගුන දුටු මා සිත වශීවුනේ..... ? බසයේ යනෙන විට ඔබ මා සමගම සිටියේ සුලු මොහොතකින් හොද මිතුරන් වුයේ නමුත් මිතුරුදම මොහොතකටම සීමා වූයේ ඔබ මාගෙන් බහ දෙන්නට විමසුයේ..... ? එය ඇසූවිට මා පුදුම වුනේ කුමක් කරන්දැයි හදවත නොම කීවේ ලැජ්ජාවෙන් ඔබ දෙස බල සිනාසුනේ සිතා බලා පවසන්න කියා නුබ මිතුරන් දෙසට ගියේ....? සත් දිනකින් මා නුබ හට බහ දුන්නේ එදින පටන ඔබ මා ආදරයෙන් උන්නේ නිරතුරු මා අසලම සිට මා රැක්කේ පියාගෙන් පසුව මට ලැබු සෙනෙහසිනේ.....? අදට වසර දෙකක් ගතවුනේ අපෙ ආලයට මියෙනා තුරු මෙසේ ඉන්නට නිරතුරු පතමි මම මැනවින් ඉගෙනගෙන, නුබවද තැනකට රැගෙන නුබෙ පතිනිය වෙන තුරු ඉවසුම් නෑනේ මට....? ?මිලා??️
චතුරංගි හර්ශිකා 5 years ago 328 4 9
නුහුරු නුපුරුදු හුදෙකලා බව අතර ඉද හිට නුඹ මැවෙයි... හදට බැමි බැඳ තබා ගත්තෙමි අහිමි නෙතු දැන් මගෙ නොවෙයි... පුරුදු මග තොට නෙත ගැටුණ මුත් තවත් මම නුඹ නොහදුනයි... නැවතීම තැබු ඒ බැදීමට පසු වදන් දැන් කැප නොවෙයි... සිය දහස් වර නුඹව අමතා කියන්නට දෑ අපමණයි... නුඹ නොකියැවූ මේ නිහඩ බව තුළ තිබෙන දෑ හරි බරයි... නොකී දහසක් හැගුම් නොදුටුව සබඳ නුඹ මා නොහදුනයි... මුණිවතින් දින ගෙවා ලන්නම් කිමද දෙබසත් දුක්බරයි... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 331 4 5
පුරුදු සීතල සුළඟ හෙමිහිට හද අඹර මත සැරිසරයි... නෙතට නින්දක් නොගෙනෙනා රළු මතක මන්දිර දුක්බරයි... මැදියමේ නෙතු නොපියෙනා ගන කළුවරට හිත පෙම් කරයි... නුඹ ඉතිරි කළ මතක පමණක් තවම හිත ළග තනි මකයි... මම, චතූ
Naween Perera 5 years ago 314 4 14
සංසාරෙන් එතෙරවෙන්න අදිටන් මා හිතේ දරා යන්නට අවැසිය නැත කිසිවක් මා හිතින් දරා හිරවුනු මගෙ හදවත බලපන් නුබ එබී බලා බැරිම දෙයයි මට යන්නට මගෙ අම්මයි නුබයි දමා.. ආපු කාරනේ මෙලොවට දැන් අවසන් වෙතයි එනමුදු යන්නෙ කොහොමද නුබ මගෙ පණ මෙනැයි එකම සතුට කොට උබ හද සිතුවම් මවයි නැත්තෙත් උබමයි මට මේ ජීවිතෙ අරුත් කිමැයි.. පාප කරුම ගෙව්වා මම හැම දේම නිමයි විදින්න තිබු ජීවිතේම විදවෙව්වේ පෙමයි එනමුත් හැමදාකම උබ මාගේ පණයි බලා ගනිමි නුබ ආ කල මගේ දෑස සමයි.. බැහැ යන්න හැමදේ අතහැර මට සසුන කරා නියම අරුත නැත එහි කලකිරුම අරා තේරුම දැන හැරයාමේ සසරක තතුම විනා සසුනට වරදන්න බැරිය මට වැරදුනු නියා.. යන්නට හිදින්නට බැහැ එක සිත් ඉන්ට පැතිරෙන හද ගින්න බැහැ ඉවසා ගන්ට එනමුදු තාම මගෙ පණ ටික රැක ගන්ට හේතුව එකම මගෙ රට දැය රැක ගන්ට... ~නවියා~
✍️කවිකාරි ✍️ 5 years ago 297 3 9
පුරුදු පාරෙම යනවා මන් අද මගේ තනිකම හිතේ රන්දා... දහස් පොදි බැදි හීන කැන් අද මගේ විතරක් වූ නිසා... නුබේ නමටම පේ වෙලා මන් මියෙන්නට දින ගණිනවා... ඉතින් මැණික,,, ඉන්න තැනකින් ඇවිත් පලයන් මියෙන්නට මොහොතක් තියා... ...කවිකාරි...
ශශී❤️? 5 years ago 379 6 12
හන්තාන මීදුමට සැගවිච්ච ආදරේ තාම තනි මකනවා හීනියට හිත් කොනේ පොද වැස්සෙ සීතලට දුර ගියපු මාවතේ මල් පින්න වැටෙනවා තාම පෙර දින වගේ මහවැලිය ඉවුර ලග සද පෑයු යාමයේ නුබ නැතිව නුබ එක්ක කරමි මම ආදරේ නිම්තෙරක් නොපෙනෙනා සීත කදු පාමුලේ අප පැතුම් සේදුනේ කිමද මගෙ සොදුරියේ ලස්සනට වැතිරිච්ච නෙක පාට මල් බිමේ දහස් පෙම්වත් හැගුම් රහසේම වියැකුනේ සියක් වර මල් පිපෙන වසත් සමයක අගේ විදගන්න හැකිවෙයිද නුබ එක්ක පෙර වගේ ශශී
Naween Perera 5 years ago 350 3 11
මගෙ රලු හිත මටසිලිටි කොට පුරවාපු නුබෙ ආදරය මට වටිනා තරම නුබ තාම නොදන්නා බව මිසක අන් හදවතක් නොපැතූව නුබ මාගෙ වෙන තුරාම බලාඋන්නු මං මිසක දන්නේ නම් වෙන කවුද මගෙ මුලු ලෝකෙන්ම පණ දුන්නු අම්මා ගෙන් පසුව ගරු කරන ගැහැණියක් වේද නුබ මිසක වෙන කවුද ~නවියා~
ශශී❤️? 5 years ago 387 5 8
රෑ තාරකා මල් හිනැහෙන මේ යාමේ සද සලු පටින් සිතුවම් ඇන්දෙමි රිසි සේ පාර කියන හත්දින්නත් තරු පොකුරේ දුටුවෙමි පුරුදු නෙත් සගලක රූ සිත් සේ හදවත නැවතුනිද ලෝකය නැවතුනිද සීතල කදුලු නොදැනිම නෙත් තෙමුවේද සිරගත කරපු සිතිවිලි සිල් බින්දේද නුබෙ රුව දසුන මගෙ හදවත සසැලීද පෙර මෙන් නුබේ රුව ලග මා අසරණය වින්දේ සිතේ පිබිදුනු නුබෙ සෙනෙහසය පෙර කල පිනට මුනගැසුනත් අප දෙදෙන නැවතුම තබා යන්නට මට අවසරය ශශී
Nethu 5 years ago 269 4 5
අහස ලස්සනයි ගෑවම දම් පාට හිරු ලස්සනයි ඇන්දම රන්පට සේල සයුර ලස්සනයි වැටුනම සඳ එළිය නුඹ ලස්සනයි දඟ කරනා ඇස් දෙකට... අහස කෙතරම් තැවරුවත් දම් පැහැය හිරු කෙතරම් ඇන්දත් රන් පට සේල සඳ දියේ ඇන්දත් රන් ඉරි නේක නුඹේ හිතේ නෑ නේදො මගෙ මතක... අහසින් දම් පැහැ අරගෙන යන්න ළඟයි හිරු රන් පට පිළී ද ඉවත් දරයි සඳ සයුරට අවසර කල් දෙන්න හිතයි මගේ හිතේ නුඹෙ රූපේ මැකී නොයයි...
Nethu 5 years ago 251 5 7
සිත නිවන සඳ එළිය සැඟව ඔබ කොහෙ ගියෙද අමාවක ගණ අඳුර නෙතු දවයි නොකියාම... රෑ කුමරි පෙති අතර දොඩමලු වූ ආදරය සිසි කිරණ රැස් නැතිව සොවින් තැවෙනා අයුර... නෙතු හඬන සිත රිදෙන කටුක එක් මාවතක පියමැන්න සමනලිය තවම බලනවා ඈත...?
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps