චාමි... 5 years ago 290 3 3
සැදෑ යම ගෙවීමට නම් නිදැල්ලේ සොයා යා යුතු තැනක් ඇත පහස විදිනා විට ගුලිවී ඔය තුරුල්ලේ දැනෙයි සහනය මා ජීවිතේටම නමුත් රැය වී සැනින් අලුයම හැරදා යාමට සැරසුනත් මා ඔබට කම් නැත නොසෙල්වී ඔබ බලා සිටී මා දෙස අතවනා පිටව යයි මා නමුත් තවත් රැයකදී ඔබේ පහසෙම රැදී ඉන්නට පියමනිමි සැදෑ කලුවරද රැගෙන දෙව්ලියකි මා තනිය මකනා සොදුරු තිත්පල තනිකඩය ඒ මගේ කැදැල්ලයි චාමි...
චතුරංගි හර්ශිකා 5 years ago 332 4 7
☬❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ ?❤....☬❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ ?....☬❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ ? මල් හීන පුරාවට මැවුනේම නුඹේ වත දන්නවද මහිමි නුඹ මගෙ ලොවේ හිරු කිරණ... වසන්තය නිමා වී අනෙක දුක් ගැහැට මැද ගිම්හාන සුළග යට පවා සැනසුමයි නුඹ... ජීවිතේ මුව දොරක නෙත් පුරා සිහින ගෙන මගෙ ලොවට වඩින තුරු නොදත්තෙමි පෙම අරුම... සොඳුරු හිතවත් සුළග තරම් ආදර සුවඳ ජීවිතේ පුරාවට තැවරුවේ සොදුර නුඹ... දිවි ගමනේ කෙලවරක නෙතු පියෙන තුරාවට නුඹේ දෑතේ වෙලී රැදී එන්නම් දුරක... අනෙක වේදනා මැද නුඹ හඩා වැටෙන දා කදුළු පිස නුඹේ මුව හොවා ගන්නම් ළයට... මා නෙතේ කදුළු කැට නොපැතු නුඹෙ හිත් මලට පිණි පොදක් වගේ මම සිසිල දෙන්නම් සොඳුර... ආදරේ පූජාව නුඹ දෙපා මුල පුදා සදා නුඹගේම වූ පතිනියයි නුඹේ මම... මම, චතූ ☬❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ ?❤....☬❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ ?....☬❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ ?
❤️mila❤️ 5 years ago 321 3 10
දූගේ සතුට මවගේ සතුටම හින්දා ඈ වෙනුවෙන් දියනිය ඔබ හට දුන්නා අදින් පසුව ඔබ ඈ රැකගනී සිතා...... ඉපදුන දා පටන් මා සමගම සිටිය අක්කන්ඩිය දැන් බාරයි ඔබට පිය සෙනෙහස ඇය හට නොම උරුම නමුදු ඔබ ඇය හට පියෙකුවන මෙන් අයදිමී මම ?..... ?මිලා??️
Tharindu Rukshan 5 years ago 360 3 4
හරි පුදුමයි ආදරේ.... කෙනෙකුට ගෙනෙයි සතුට... ගෙනෙයි කෙනෙකුට ගින්න.... ආදරේ...... ගොඩක් වෙලාවට අදරේ ගින්දරක්. හැබැයි හරි කෙනා ආවාම ලෝකයේ තියෙන ලස්සනම හැගීමක්. ආදරේ කරන්ඩ හැමෝටම බෑ මොකද ආදරේ කියන්නේ දෙන්නට දෙන්නා තේරුම් ගැනීමක් අපි කොච්චර ආදරේ කරත් අපේ හැගීම් තේරුම් නොගෙන ඒ හැගීම් එක්ක සෙල්ලම් කරණ කෙනෙකුට ආදරය කිරීම අපි අපිවම රවට ගැනීමක්. ආදරෙන් පැරදුණු කට්ටිය ඕනෙ තරම් ඇති චුට්ටක් හිතන්ඩ ඉවසීමෙන් ඉන්ඩ නැතිවුණු ආදරයත් අරගෙන තව කෙනෙක් ඔයාගෙ ජීවිතේට හිතාගන්ඩවත් බැරි සතුටක් අරගෙන එනවා.
Dila ???? 5 years ago 334 5 10
සීත කඳුකරයක පොඩි බංගලාවක ගිනිමැලය දල්වා උණුහුම් පොරෝනාව නුඹේ සියොලඟ දවටා... නුඹ ඇහැරෙන්න පෙර හෙමි හෙමින් අඩි තියලා ඉතින් මම නික්ම යමි ඇයට එන්නට දොර අගුළු හැර දා...
චතුරංගි හර්ශිකා 5 years ago 368 4 7
________༺═─⃝─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃝─═༻_________ නුඹට කියන්න දේවල් නම් මහිතේ එමට... ඒත් අහන්න තරම් නුඹට වෙලාවක් තියෙනවද...? හිතේ උපන් කදුළු හිතේම දිය කරගෙන... අහිමි ප්‍රේමයක තවත් හොයන්නේ මොනවද මම... ජීවිතේ පුරාවට හමුවුණු බොහෝ දෙනා අතර... හිත නතර වුණේ නුඹ ළගයි කුළුදුලේ දිනෙක... නුඹම ලියපු වසත් කවියේ අගට... නැවතුමක් තියන්න ලෝබ හිතුනේ නැතිද...? මම, චතූ ________༺═─⃝─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃝─═༻_________
චතුරංගි හර්ශිකා 5 years ago 340 4 5
නුඹ ගියේ නොගොස් එන්නට බැරි නිසාද දෙවෙන්දොරා වාගෙම ආයෙමත් එන්න හිතෙනවද ලොවේ ඇත්තේ යාම් ඊම් පමණක් බව නුඹත් හිතනවද නුඹටත් මට වගේම ආයෙමත් මුණ ගැහෙන්න හිතෙනවද...? දෙවෙන්දොරා වාගෙම හයිය නැත්නම් හිත එන්න එපා මටත් හිමි නැති මහිතට නැවත ඇවිත් ආයෙමත් හදවත ගිනිතබා ගිය කලට නොරිකෝට තරම් ඉවසන්න බැරි වේවි මට... ගිනි ගත්ත හිත් මලට කදුළු වතුර හැලෙනකොට නොරිකෝ වගේ දරාගෙන ඉන්න දන්නේ නැහැ මම මලවුන්ගේ අවුරුදු දා එන තෙක් බලා නොසිට මමත් එ්වි එදාට නුඹ ගියපු එපිට ලොවට... මම, චතූ
ශශී❤️? 5 years ago 356 6 18
මා මියගිය දිනෙක ඔන්න හැකි නම් ඔබ මෙය කරන්න එපා නෙතට කදුලු දෙන්න මන් වෙනුවෙන් නොහඩා ඉන්න... ආ ගිය තැන් සිහි කරන්න එපා මතක සිත තබන්න උනුසුම් හාදුවක් තියා ආදරයෙන් බලන් ඉන්න... මගෙ හිත මට හදාගන්න නව දිවියක් පටන් ගන්න ආසම සුදු මල් අරගෙන මගෙ සොහොනට ඇවිත් යන්න... ශශී
Naween Perera 5 years ago 293 4 10
දෙපසට වැදුනු සුවිසල් රුක් මහ අතු දෙඅන්තය මහ සැපයක් මෙන්ම මහ දුකකුත් නිර්මිතය කරුව මැදින් මිහිකත මත ස්පර්ශිත දිවයුරු රැස් කදය යායුතු කෙලවරට මං පෙත්ද බුදු හිමි සොයා එලිකල මග තුල දන මන හට නිරතුරු පෙන්වීය එනමුදු එමගට බාධා නම් එමට කැලතුනු දියක මෙන් ඇති සිතට ගෝතම අපෙ මුණි දෙසු සත්‍යයේ මග එක්තැන් බට පිවිතුරු දල දහර තුල දිස්වන සෙවනැල්ල ඇති අඹර තල හිස් අවකාශයම නම් නිවන විය ~නවියා~
ශශී❤️? 5 years ago 363 5 11
නිසදැස් ඉමේ හමුවුනු පෙර අප තිදෙන සොහොයුරු පෙමින් බැදුනෙමු නොවෙනස් විලස ලොවේ නොයෙක් වත්කම් මැද මට ලැබුන වටිනම දෙයකි ඔබ දෙදෙනගෙ ඇසුර මට සසර මගදි පෙර බවයක ලග සිටිය පුරුදු ලෙසින් හදවත මට කියයි එය නුදුරු බවෙක සොහොයුරියන් ලෙසින් අප ඉපදෙමු පුරුදු ඇසුරක පෙර නිමිති ගෙන ශශී අක්කා
✍️කවිකාරි ✍️ 5 years ago 296 6 12
දුටුදා පටන් ඔය රුව ගැස්සුණා හද මඩලම... කෝල බව පිරි නුබේ අහිංසක නෙත් යුගල කියයි එක කතාවක් මට.... පෙම් කලා මන් නුබට දුටුදා පටන් මගේ මැණික... කරකාර ගෙන යන්න හීනෙනුත් හැදුවා මන් ලස්සනට මගුල් පෝරුව... එක් අදුරු වැසි දිනක කණකොකා හැඩුවා මගෙ පෙමට පණ වගේ පෙම් කරපු මගේ පුංචි සුදු මැණික... ඒ විසල් පපුතුරට තුරුලු දුටු මගෙ නෙත් කුමට... කිය හිත හදාගෙන මම නුබේ අයිතිය ඔහුට පුද කර... පුද කලා මන් මගේ දිවියම ඈතින් එන බදුලු දුම්රියට... ...කවිකාරි...
Naween Perera 5 years ago 323 5 11
තනි වූ හද රළු දවළු මුහුකොට පවනතට අළු දැවටුනි නම් ඔබෙ සිතලු දැනෙයි ඔබට මගෙ වියවුලු කාරිය නැති ඉන් බිද හිස්වූ ලංවී පවසන්නට මග නැතිවූ හද තුල සිරකොට කැටිවූ හද සුසුමක් පවනට එක්වූ සවනට අද ඔබෙ වෙලිලා මිමිනූ සුබ උපන් දිනක් සතුටින් පිරුනූ ~නවියා~
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps