✍️කවිකාරි ✍️ 5 years ago 322 4 11
මන්දාරම් අදුරු අහස යට නුබේ අතින් අල්ලාගෙන ගියා මම නුබ හා දුර... මතක අස්සෙම කිමිදෙමින් මම හැරි බැලුවෙමි පේරාදෙණි දිහාවට... මැවුණා චිත්තාරූපයක් ලවන් පෙති මත සිනා රදමින් පේරාදෙණි මල් වත්ත පුරාවට තියේ අපි දෙන්නගේ සිනාහඩ... මල් වත්තේ ඇති මල් පවා දුටුවා නුබ සිප ගත්තා කියා නෙතින් කදුලක් ගිලිහුණා කොපුලතක් මගෙ සිපගෙන... දෙකපුල් පිසදාගෙන නැවත පියමං කෙරුවා මං නුබේ ආසම සුදු අරලිය මල ගෙන අරන් නුබ හා තනි වන්න නුබව වලලපු නුබේ සොහොනට... ...කවිකාරි...
❤️mila❤️ 5 years ago 314 3 12
නොසිතූ මොහොතක දී නොසිතූ ලෙස උබ ආවා මුලු ලෝකයක් වසන්ගතයක පැටලූවා මිනිසුන් මිලියන ගනනක් උබ ලෙඩ කෙරුවා එයින් දහස් ගනනක් උබ මරුවට දුන්නා.... කවි පද ලීවට, ගී වැල් ගැයුවාට , උබට නොඇසෙන බව අප දන්නේය.... නමුත් කෙසේ හෝ ලගදිම දිනක අප උබ පරදවලා අප ජයගනු නියතමය... ? (හැමෝම පරිසමෙන් ඉන්න යාලුවනේ ?❤️ ) ?මිලා??️
චතුරංගි හර්ශිකා 5 years ago 280 4 8
වැටෙද්දි නයන අගින් කදුලක් නොකිව්වට මොකද ඒක අනෝරා වැස්සක්... ගිලෙන්නට ළගයි ඒ දියේ තනි මං නුඹ ගියේ රැගෙන පාරුවේ හබලත්... නුඹත් එක්කලා එතෙර වන්නට හුන් මං වැහි වතුර ඉස්සරහ දමා දිව්ව නුඹ නම්... දෙහදක් බැදී ගයන කවිකම් නුඹ කොහෙද හදුනන්නෙ ආදරේ මල් ලියකම්... ගොඩ ගලන්නත් පෙරම වැහි වතුර කදුලක් කොහේදෝ මුල්ලක උඹ බයේ ගුලි වුණත්... හයියයි තනි මගේ හිත තාමත් ජීවිතේ කියන්නෙම උඩුගං බලා යන ගමනක්... මම, චතූ
Nethu 5 years ago 262 5 7
තනිකමත් දැන් ගීයකි, එහි පදවැල් කඳුලු බිඳු තුල ලියැවෙයි ගී තනුව මා සිතයි වේදනාවෙන් බිහි වූ සංගීතය හුදකලාවයි ගීයෙහි නිමැවුම ලබන නියම හිමිකරු නුඹ යි නමුත් අයිතිය මගෙයි ඔබට ඇත්තේ විඳිීමට පමණයි විඳ වීමට නොවෙයි..??️
❤️mila❤️ 5 years ago 350 3 8
දුටුදා පටන් ඔබ කෙරෙ ඇති වූ ආලේ තවම කියාගන්නට බැරි වුනි මාගේ නුබෙ සිනහව නුබෙ රූපය නිතර මැවේ නුබ මා සිත වසග කලේ කෙලෙස නගේ.... නුබ දෙස බලා මා සැමදා සැනසුනෙමි කෙදිනක හෝ නුබ ලැබෙයැයි සිහිකෙරෙමි පතිනිය කරගන්නට නිරතුරු මා සිතමි එදින එන තුරා දින ගනිමින් සිටිමි.... ?මිලා??️
ශශී❤️? 5 years ago 384 5 15
සොදුරු මතක මැද දැනෙන හැගෙන දුක කියාගන්න මට බෑ සිතම රැගෙන නුබ ගියපු දුරක් මට අදහගන්නට බෑ ලගින් නතර උනු නුබේ සිනහ මුව සිතින් මකන්නට බෑ සිහින පුරන නුබෙ දෙනෙත් අතර මට ඉන්න අවසර නෑ ශශ
✍️කවිකාරි ✍️ 5 years ago 298 6 16
කවිය නුබ නම් තනුව මම වෙමි එක්ව ගලපමු සප්ත ස්වරයක්... මිහිරි නාදෙට පද සුසර කොට ගොඩනගමු අපි පැදි පෙළක්... ස්වරය ගලපා වචන අමුණා කරමු ප්‍රේමෙට ?...ඇරයුමක්...? ...කවිකාරි...
❤️mila❤️ 5 years ago 304 2 10
රථයට නැගි පසු සිතුවෙමි යනෙන මග මදු සමයට යන බව සිහි වුනි එවිට ස්වාමියා සමග ආවිට හෝටල් කාමරය වෙත දුටුවෙමි ඉතා සුන්දර යහනක් මෙ ඇසට... හෝරාවකට පසුව මන්ගල යහන මත අපේ පලමු රැය ගෙව්වා සතුට මැද දෙදෙනටම නොදැනී නින්දට ගියද පසුදා උදේ සිදු වූ දේ පතිනියට... තමා අවදී වූ පසු තම ස්වාමියා වටේ ගිය එකී යැයි මා ඇමතු නිසා හැරී බැලිමි පිරිසිදුකම තිබෙන දිහා මා ඉකිගසා හැඩුවෙමි එහි එය නොතිබි නිසා... දැන්ම ගෙදර පලයන් කියා මා හට පවසා දරුනු ලෙස පහරක් ඔබ මා හට එල්ල කරා කොපමන පැවසුවද මා පිරිසිදුයි කියා කිසිදු පිරිමියෙක්ට උබේ අයිතිය නොදුනි කියා... ඒ කිසිවක් නොතැකූ ඔබ දෙසම බලා යන්නෙමි කියා පවසා මා පිටත් වුනා තම නිවසට ගිය පසු මා පියන් බලා සිදු වූ සියලු දේ ඔවුනට පැවසූවා.... දිනක් ගතට දැඩි අපහසුවක් දැනුනි වෙදදුරු පැවසුවෙමි මා ගැබ් ගත් බව නිසැකී මෙය පැවසුවද ඔහු මා හට බැන වැදුනි.. ඔහුගේ ලේම ඔහුගේ නොව පැවසුවෙමි දිනක් පැමින ඔබගේ ආශාවන් ඉටු කර ගත්තා... මා ගැබිනියක් කියාවත් නොසිතූ ඔබ හන්දා, එදිනම අපේ පැටියා අපෙන් සමුගත්තා...? මා පතිවත රැකි බවට ද ඔප්පු උනා...❤️
Dila ???? 5 years ago 338 6 8
අන්තිම වතාවට ඇවිත් යන්න එනවද මොහොතකට ලං වෙලා කම්මුලක් ඉඹිනවද කාටවත් නොඇසෙන්න කොඳුරලා කියනවද මහ ගොඩක් ආදරෙයි මැණික උඹට මම උණු කඳුළු නොආවත් ඇස් කෙවෙනි ඉරාගෙන ආත්මය ගිනි ගනියි උඩු හුලඟෙ පාවෙන හුස්ම නොවැටෙන නමුත් පපු ගැඹුර කලතගෙන ආත්මය හඬාවි දැනෙන දුක දරාගෙන...
Dila ???? 5 years ago 351 6 5
මේ ලොවෙන් මම නික්ම ගිය විට පුංචි හරි තරුවක් වෙලා ඈත ඉඳඟෙන බලන් ඉන්නම් පහත හිනැහෙන ඔබ දිහා මටත් තනියක් දැනෙන මොහොතක අහසෙ අඳුරුම තැන් සොයා අද වගෙම මම කවක් ලිව්වොත් ඔයා කියවන්නට එපා දුකක් දැනුනොත් ඉතින් මතුවට එදින නිල් නෙත් යුග පියා කැමති පැතුමක් පතනු මැන ඔබ කඩන් වැටෙනා විට මෙමා
❤️mila❤️ 5 years ago 339 3 9
රෑ දවල් නිදි නැතිව වෙහෙසී බඩට අහරක් නොගෙන, තම ජීවිතය ගැන නොතකා මව් රටට මෙහෙවරක් ඉටු කර යුද්දයෙන් මුලු රටම බේරු විරුවනේ... නුබලා ගැන මහා ඉහලින් එදා කතා කලාට ගරු කලාට ටික කාලෙකින් මිනිස්සුන්ට විරුවෝ අමතක උනා ආපහු උබලව මතක් උනේ පාස්කු ප්‍රහාරෙදි එදා ආපහු උබලා ගැන මහ ඉහලින් කතා කලා පෝස්ට් හැදුනා විරු ගුන කියලා එයත් ටික කාලයයි... දැන් කොරෝනා නිසා උබලව ආපහු මතක් වෙලා... අපේ රටේ මිනිස්සුන්ට ටික කාලෙකින් හැමදෙයක්ම අමතක වෙලා යනවා.... තව ටික දවසකින් ඒ දේම සිදුවෙයි යලිත් අපට විපතක් සිදුවෙන තුරු ඔබව අමතක වෙයි... අපට විරුවෝ මතක් වෙන්නේ උන්ව ඕන උනාම විතරයි... රට වෙනුවෙන් අප වෙනුවෙන් දිවි නොතකා වෙහෙසෙන රණවිරුවනේ ඔබට මාගේ උත්තමාචාරය ? ?මිලා??️
✍️කවිකාරි ✍️ 5 years ago 344 4 9
සසර පුරුද්දට මෙන් ගැහුණා හදවත නුබේ නාමෙන්... පෙම් බදිනවා අදත් පුරුදු ලෙසට ම මේ ආත්මෙත්... ප්‍රාණයට සමවේය හුස්මටත් ලංවීය... ඉතින්,,,, පෙම්වත මම වේ ය නුබේ පාදපරිචාරිකාවම... ...කවිකාරි...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps