නදී ..✍???? 5 years ago 325 4 12
ඉඩෝරය දරුණුය. ඉරි තැලූ පොළෝ තලය හරහා වේගයෙන් හමායන උණුසුම් සුළං පොද ගත දිගේ වැගිරෙන රන් දහදිය බිදු ගෙල දිගේ රූරා වැටෙද්දි ධාරානිපාත මහ වරුසාව තම කැදැල්ල වටකරන් ගොස් රූරා ගිය රන් දහඩිය මුසුව වගා කල රන් අස්වැන්න සුනුවිසුනු වී යද්දි අටලෝදහමින් අකම්පිතවූ අධිෂ්ඨානය උත්සාහය මැද දරු පවුල තම රැක ගන්න දිරිගන්න දෙවියන්වන් දිරිය මිනිසුන් අදත් වැඩ ඉත්..... නදී..,✍️
නදී ..✍???? 5 years ago 320 4 5
නාග රාජයෙකුසේ විස ඇති සිතුවිලි නොයෙක අසරණ කරයි දිවි තලාවේ යැදුම.... වරෙක කෙළිදොල් සිතුම් වරෙක සරුවල් සිතුම් දෙකම එක වහල යට කෙසේ මැවුනිද විශ්ව ලෝකය... නදී....✍️
නදී ..✍???? 5 years ago 389 4 10
සයුරු වෙරළේ පාද සටහන් සුසුදු රටකින් මැකී යයි... අහස් ගැඹ තුළ ඇදෙන දේදුනු මොහොතකින් සැගවිලා යයි..... අහස් කුසයෙන් වැටෙන දිය බිදු මහ පොළොව තෙම ගලා යයි..... එහෙත් සොයුරිය අපේ මිතුදම මියෙන තුරු එක වගේමයි.... නදී..
නදී ..✍???? 5 years ago 336 4 7
කිසිදාක හිස් නොවන කිසිදාක තනි නොවන නගරයෙ කොනක සිටගෙන නෙතු අයාගෙන හැම දින හිරු නැගෙන සිතිජයෙන හිරු බැසෙන සිතිජයෙන හෝ හෝ සුමුදු රළ සිඹින වෙරළ දෙස බලාගෙන.... උදේ සිට රෑ තුරා කඩිමුඩියේ දුවයන නා නා විදියෙන් යුක්ත ඇදුම් පැළදුම් වලින් සැරසුණු ගැහැණුන්ය පිරිමින්ය..... අනුන් හට අත පොවන හිගන්නන් එක පසක කඩල අඹ විකුණමින් තද අව්වෙ වේලෙමින් තවත් පිරිසකි අනෙක් පස... නාද නගමින් ඇදෙන නොයෙක් රථ වාහන මා පසුකර හඹායන පෙරහැරකි දිගටම ඇදෙන..... ඒ අතර සෙවණක් සොයා ඇදෙන මහ ජනයාට සෙවන සලසන මා..... ගස් වලින් හිස් වුනු මාතර පුරවරයෙහි කොනක සිට නගරයේ වත ගොත සොයන යෝධ නුග රුක වෙමි.. නදී
Deesha(දීෂා)❤️ 5 years ago 427 7 11
දිවි ගෙවූ මුල් වියේ අපි සිටියෙ හිනැහිලා කාලයද අපි දෙදෙන අපෙ නමින් වෙන්කලා ඇමතුමක දැවටෙමින් මැවූ ඒ පෙම්කතා ලෝකයෙන් සඟවලා රහසින්ම පෙම්කලා................... ප්‍රේමයේ නාමයෙන් ලියු සොඳුරු පෙම් කතා හිනැහෙන්න මතකයට අරුත් තව එක් කලා රිදෙන විට වේදනා දහක් එක්තැන් වෙලා නුඹෙ සොඳුරු වදන් වැල් මාව සුවපත් කලා ................ පස් වසක් අපි විඳපු සෙනෙහසට තිත තියා නුඹව අත්හරින්නට පියතුමා අණකලා ගිලිහෙනා සුසුමන්ට පණ දුන්නු නුඹ දමා පියඹන්නෙ මම කෙලෙස මතක අළුකර දවා?....
චතුරංගි හර්ශිකා 5 years ago 277 4 9
නොකියාම ගියාමත් එනකල් මග බලන් හිටියා... නොහිතාම රිදෙව්වත් ආයෙමත් හිත හැදුවා... නොරිදෙන්න නොතැලෙන්න ජීවිතේ කියා දුන්නා... වසන්තය නිමා වූ කල පවා මල් කැකුළු ගැන සිහින මැව්වා... රහසින් කදුළු හලනකොට රහසින්ම හිත හැදුවා... මතක අහසේ සොඳුරු පාට දේදුන්නක් වුණා... ෆැන්ටසියට එපිට ජීවිතේ සොයා ගියා... හුදෙකලා මොහොතවල් අනුස්මරණීය මතක කළා... හදවතින් බදා වැලඳ දුක් කදුළු ඉහිලුවා... සදාදරණීය මිතුරන් එහෙමයි නොකියාම හිත ළග නතර වුණා... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 339 5 8
හිත පුරාවට නොහිතාම සිතුවිලි මැවුනේ රහසේම නිශා නීල ගගනත පාරන තරුවක් වුණා සදාදර නුඹ මට... හද මල මිලිනව හඩන චංචල ඇසිදිසි හීනවල යළි යළිත් නැවතී කුමට හද පෑරී ගලයි කඳුළු නිතරම... සන්තාප ලතැවුල් එමට නිවුණු කල ආදරයේ පහන් සිල මතක සිළු අවුලා යළිත් පතන්නේ කඳුළු නොවෙද මම... වහින්නට පෙරම වැහි අදුරට හිත බයෙන් ගැහෙයි මතක මීදුම අසල නෙත හුරු නමුත් දැන් මේ කඳුළට හිත තවම හුරු නැහැ පාළුවට... මහා වැස්සකට පසුව එන සීතලම පාළු දවසකට මතක එක්කම අහසේ පායන පුංචිම පුංචි තාරකාවක් නුඹ... වසන්තය මැරුණා වුණත් දවසක හිතේ කහටක් නැහැ නුඹ ගැන ආදරෙන් ළං කරන් නුඹව සනසන්න මට හැකියි හැමදාම ජීවිතේ කඳුළු පිසින්න... නෙතු අගින් වැටෙන කඳුළු කැට වැටුණේම නිරන්තර නුඹ නමට ආසයි මං වෙනුවෙන් වැටෙන නුඹේ එකම එක කඳුළක් දකින්න... ආදරේ හිත පතුලෙම පැළ වුණාම දෝරෙ ගලන සෙනෙහසේ ගංගාව හිත් යායම පිස දමාගෙන නෙත් දෑලෙන් ගොඩ ගලන අපූරුවයි ආදරය... මම, චතූ
නදී ..✍???? 5 years ago 330 3 3
එකම විදියට හිතන එකම විදියට දකින එකම විදියට පතන එකම විදියට ඇදෙන ලොවක් වූවානම් මෙලොව.... අදුරු නෑ කිසිදාක.
නදී ..✍???? 5 years ago 363 4 6
නොබිදුනු සිතක සංකල්පනා එක්වූ අනාගත පැතුමන් ගොන්න පැතුමක්ම සේ සැගවිලා බිදුණු සිතකට ඇරයුම් කරයි දෝ.... මලානික නෙතු අගින් දුක් කදුලු ගලාවිත් දෙකම්මුල් තෙමා දෝරේ ගලා යයිදෝ..... සරසවිය මා සෙව්ව හිමි නැතිය අද එන්න වැසුනි දෝ... ඒ විසල් දොර ලබන වසරට අගුළු දා....... මව්ගෙ හද මඩළ පියතුමගෙ හද මඩළ තුල රැදුනු මා නොදත් සිහින මාලිග.... බිදුණු සොවින් තැවේදෝ..... නොදනි මම තවම මේ වේදනා නිවෙන දවස....
❤️mila❤️ 5 years ago 291 4 15
උසස් පෙල පන්තියෙදි මට ඈ හමු වූයේ මුල් දින වල හරිහැටි නොම සිනාසුනේ බත් කන විටදීද ඈ තනියම කෑවේ ඈ උඩගු යැයි මාගේ සිත මට කීවේ .... ? එලෙස ටික කලක් ගතවුනේ අපෙ පාසල් කාලේ..... ටික කලකින් ඔබ මා හා මිතුරු වුනේ මිතුදම අවසානේ සහෝදර බැදීමක් වූයේ...... සතුටේ නැතත් හැම දුකෙදීම මා ලග සිටියා මව මෙන් ඔවදන් දී මා යහමග යැව්වා..... නොදන්නා, දේ නොපැකිලව මා හට ඉගැන්නුවා....... ඔබගේ සෑම බලාපොරොත්තු ඉටුවී සතුටු සිතින් , නිරෝගීව දිවිගෙවන්නට ලැබී.... දීර්ගායුශ ලැබේවා යැයි මා පතමි....? ?මිලා??️
Deesha(දීෂා)❤️ 5 years ago 440 6 18
මැණික මේ අහගන්න කඳුළු පිසදා ගන්න ඉහත කළ පාපයට විඳවන්නෙ මම තාම ආසයි නැඟිටින්න පෙර වගේ ඇවිඳින්න දුව පැනපු අතීතය මතකයට එක් වේද?............ ලියන්නට කවි කතා පෙර වාගේ බැහැ තවත් හිනැහෙන්න ලඟ ඉන්න මට තිබේවිද වරම් සෙලවෙන්න නොහැක මට දෙනෙත් තෙමනවා දැනුත් නුඹෙ සොඳුරු ආදරය හුසුම පොවනවා අදත් ............ ගත රැඳි වේදනා යටපත් කර ඉන්නම් දැව්නත් සිරුර නුඹ ළඟ මා නොහඬන්නම් නුඹෙ ඔය සිතට සැනසුම අරගෙන එන්නම් අද හෙට නොවේ දිවියම පතිනිය වෙන්නම්........
චාමි... 5 years ago 274 4 5
ගෙවීමට නම් නිදැල්ලේ සොයා යා යුතු තැනක් ඇත පහස විදිනා විට ගුලිවී ඔය තුරුල්ලේ දැනෙයි සහනය මා ජීවිතේටම නමුත් රැය වී සැනින් අලුයම හැරදා යාමට සැරසුනත් මා ඔබට කම් නැත නොසෙල්වී ඔබ බලා සිටී මා දෙස අතවනා පිටව යයි මා නමුත් තවත් රැයකදී ඔබේ පහසෙම රැදී ඉන්නට පියමනිමි සැදෑ කලුවරද රැගෙන අදත් මා තනිය මකනා සොදුරු තිප්පල තනිකඩය ඒ මගේ කැදැල්ලයි චාමි...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps