චතුරංගි හර්ශිකා 5 years ago 286 4 5
__________________________________________ ?☀?☀?☀?☀?☀?☀?☀? ☀ඉර ඇවිත් තනියෙන්ම කහපාට සළු දරන් නිල් වලාකුළු සේල සොඳුරු සිතුවිලි මවන්...? ?මියැදෙනා තරු කතා පුරාවත් යට කරන් උදෑසන උදා වුණි තණ පතට පිණි අරන්...? ?කුරුළු හඩ පරයනා සුළං රැල් ඇවිත් යන තුරු මුදුන් පුරාවට වෙලී පැටලී එතෙන...? ?කාලයෙන් කාලයට නොවෙනස්ව හිනාවෙන පොළොව මත අලුත් පැළ මල් දරා බලාගෙන...?? ?කුඹුරු යායට උඩින් සිහින සිත්තම් කරන කහපාට ඉර රැසට සිතුවිලි සිහින මවන...?? ☀උදෑසන අරන් ආ සිසිලසට පණ පොවන ගස් පවා සර සරය නගයි ගී කවි විලස...?? ?මේ උදා ගී ගෙනෙන මද පවන සිප වැළඳ ඒ සුළග හා මුසුව පාවෙන්න මට බැරිද...? ?කදු මුදුන් පිස ගලන සුදෝ සුදු දිය ඇල්ල සොඳුරු සිතුවිලි අතර රැදී හිනැහුණු අයුර...? ?ගගබඩට තනි රකින කොක් රෑන් කලබලය තිත්ත පැටවුන්ට නම් ගානකුත් නැති හැඩය...? ?වක්කඩේ දිය සුළිය මැද හිනාවෙන නිතර මාළුවෝ කී සොඳුරු කවි කතා හරි හැඩය...? ?මේ අරුම අපූරුව අරන් ආ උදා ඉර හෙටත් පායා ඒවි අරන් මේ කලබලය...☀ ?උදෑසන මවන රූ හැබෑවට සුන්දරය ඒ අසිරි වනන්නට මටත් උපමා හිගය...? මම, චතූ✍ ?☀?☀?☀?☀?☀?☀?☀?
චතුරංගි හර්ශිකා 5 years ago 336 4 5
වෙනදාට හුදෙකලාව පිරුණු පිටුවල... දැන් එකා දෙන්නා ඇවිත් අකුරු තියලා යනකොට... දන්නවද දැනෙන්නෙ පුදුම සතුටක්... තනි වෙලා නෑ කියලා මේ ලස්සන ඉසව්ව... මම තනියම මේ පිටු අතරේ ඇවිදිනකොට... නිරන්තර බලා උන්නා එයි කියා කෙනෙක් ඉදහිට... කාලෙන් කාලෙට ඇවිත් යන්න එන... සොඳුරු කවි හදවත් දුටුවා මමත් තැන තැන... ජීවිතේ වන්දනාවේ දුර ගමන යන නිමේෂයක... ඇවිත් යන්න හරි සොඳුරුයි මේ තානායම... වචන අතරේ තවරාපු හැම සුවඳක්ම... හරි ආදරණීය කවි හදවත් ගැන කියාවි රහසින්ම... මම, චතූ
ශශී❤️? 5 years ago 305 4 6
සද තුහින පුරාවට හීන ලියකම් මවා දෝතින්ම ආදරේ අරන් නුබ හිනැහුනා නිදන විට මුලු ලොවම රහසේම ලන් වෙලා පෙම් සිහින ඇහරවා නොදැනීම පෙම් කලා තරු නිදන හැම රෑම මගෙ ලගින් නැවතිලා ආදරේ කතාවේ පද නිතින් හැඩ කලා ඈත කදු මුදුන් සිප ඇදෙන සුලගක් වෙලා මගේ දෙසවන පුරා නුබේ හඩ තැවරුවා සීතලට සිහිනෙන්ම නුබේ ලග ගුලිවෙලා ප්‍රේමයේ මල් පියලි එකින් එක හැඩ කලා ආදරේ දෙව්දුවත් අපේ පෙම් කවි අසා හැම බවේ අපේ සිත් අපි නමින් වෙන් කරා
චතුරංගි හර්ශිකා 5 years ago 272 8 9
_____________________________________⛈___ වසන්තය මිය යද්දී දිගන්තය පුරාවට මල් වදුළු පිසගෙන මද නළ හමා ගිය වගයි... ලොවේ හැමටම රහසින් හුදෙකලා මුල්ලක මගේ හිත් මල ජීවය සිඳී මිය ගිය වගයි... මහලුවිය ගෙනා උරුම දුබලකම දෙපා දෑත් පවා යදමින් බැඳ ලූ හැඩයි... තවමත් පණ ගැහෙන හද මල විතරක්ම සිසිරයට පවා නෙතඟ තාරුකා එළි මවයි... හැබෑවට සැඳෑ සමය පෑල දිග අහස් ගඟ රක්ත සළුවෙන් වෙලා මතක පුරා වත් ගිනි තැබූ හැඩයි... තාරුණ්‍යය මැකී යන තුමුල සොඳුරු කළු කෙස් ශ්වේත වර්ණිත ව එකිනෙක වැටී යයි... ගඟක් වූවා නම් නියඟයට සිඳෙනු ඇති මලක් වූවා නම් දිනක පරවී මියෙනු ඇති... පෙමක් වූවානම් දිනෙක එය අහිමි වනු ඇති මමත් මේ රංග භූමියෙන් දිනක බැස යාමට නියමිතව ඇති... මම, චතූ✍ 2010 නොවැම්බර් මස 04 වැනි දා ප.ව.11.49 _____________________________________⛈___
චතුරංගි හර්ශිකා 5 years ago 282 4 5
_____________________________________?___ ?වරින් වර අප ඇවිද ගිය මග නිරන්තර මම ඇවිද හෙව්වෙමි... ?විටින් විට අප උන්නු තැන්වල වරු ගණන් මම බලා උන්නෙමි... ☀සියක් වර නුඹ නමට හිත්මල හඩද්දී මම හිනා හෙව්වෙමි... ⏳සහස් ගව් දුර නුඹේ පෙම් වත හොය හොයා හිත පෙලා දැමුවෙමි... ☔නැතක් හිත් වේදනා අභිමුව පතිනි දෙවොලේ හඩා වැටුණෙමි... ?අදත් ඊයෙත් හැම මොහොතකම නුඹ නමට පේ වෙලා උන්නෙමි... ?දෙනෙත් ඔය රුව දකිනු රිසියෙන් හඩද්දී ගොළු වෙලා වැලපුණි... ?මදක් සිත එක තැනක තියලා ඔබේ රුව සිතුවම් කරන්නෙමි... ?දහස් සිතුවිලි හිත් අහස් කුස පෙරැළි කොට හිත පෙළා දුර යති... ?අතක් නෑ දැන් වාරු වෙන්නේ කොලය මත කදුලැල් වැටෙයි නිති... ?මියැදි කවියක මියැසි මතකය සොයා සිතුවිලි අතීතෙට යති... ❤අහස් ගව්වට වඩා ඈතින් පෙමක් තිබුණා මියෙන තුරු ඇති... මම, චතූ✍️ 2020 නොවැම්බර් මස 04 වැනි දා බදාදා ප.ව. 08.29⛈ _____________________________________?___
චතුරංගි හර්ශිකා 5 years ago 295 4 5
?පෙම්වතෙකුගේ කවක්☔ ______________________________________?__ ප්‍රේමණීය වැහි හුළං හුදෙකලාවට ගතු කියනකොට විල් තෙරක පුංචි තණ පදුරක් භාවනා කළා පෙම් දැහැනක... වසන්තයට පසුවත් අදුරු ජීවිත උයනේ ගල් තලාවක පතොක් මලක් පිපිලා වගේ මීන නෙතග දැන් ප්‍රේම ආලිංගනයක... සංසාර ගමන දුර ඈත අනන්තය හොයන හිත් දෑල වස්සාන ගීතිකා කියන පෙම්පාට රතු හැන්දෑව... මේ නම් අරුම ආදරේ ගෙනා ලස්සනම කවි හීන ආදරණීය මලක් පිපී ඇති යළිත් කිති කවයි පෙම කෝල... හීන් මන්දාරමට අහසටත් හොරා සිපගතිමි පිණි කවිකාර සොඳුරු වසන්තය ගෙනා සුරගන ඇය තමයි මට භාර... වන උයන් මැද නේක වර්ණිත මී බිගුන් සිත සිහින ඈ තමයි හැම සෘතුවකදිම හිත් දෙවොළේ දිව්‍යාංගනාව... මම, චතූ✍ 2020 නොවැම්බර් මස 04 වැනි දා බදාදා ප.ව. 08.20⛈ ____________________________________?___
චතු ගුණසේකර ? 5 years ago 278 5 6
මහවැලිය කිව්වම බලන්න ඇති කවියක්ද කියලා නැ අද මහවැලිය සමාන වුනේ ප්‍රේමයට........ මහවැලියට නන් අවසානයක් තියෙනවා.ප්‍රේමයට අවසානයක් නැ. එහෙමයි අපේ අය හිතන්නෙ... ප්‍රේමය ඇති වෙන්න,නැති වෙන්න තැනක් නොතැනක් නැ.මහවැලිය ඔය ඔක්කොටම වඩා වෙනස්..ඒකයි මිනිස්සු අදටත් ප්‍රේමය මහවැලියට සමාන නොකරන්නෙ.. කොච්චර ඉර මුදුන් උනත් මහවැලිය නවතින්නෑ.කොච්චර කාලය ගියත් මහ සයුර බලාපොරොත්තු අත් ඇරියෙත් නැ.. වෙනස් වෙන ලෝකයත් එක්කම සමාජ රටාව හැසිරීම වෙනස් වෙලා..මිනිස්සු යන්නෙම ප්‍රේමය විරහව ලග රැදුනු ඉර හද යටට.... ප්‍රේමය ඉර හද නොවී මහවැලිය වුනි නම්, අදටත්,හෙටටත් විරහවට වඩා කවි හැදෙන්නෙ ප්‍රේමය ලග ? -චතූ- 03/11/2020
චතු ගුණසේකර ? 5 years ago 303 4 5
වැස්ස සමහරුන්ට ලොකු සතුටක් උනාට වැස්ස කියන්නෙ අහසෙ ලොකු මතකයක්,දුකක් ☔ - චතු- 03/11/2020
thanya priyadarshana 5 years ago 254 5 6
නිහඬ මැදියම, උල ලේනි හැඬුවාට... නිදි ගතවූ සිතිවිලි, යලි කිම්ද අවදිවම... නොකියාම නොසැලීම, සෙමින් පියවර මැන්න, නුඹේ ආලයේ.., කමටහම හොඳින් හැඳිනියෙමි... මණිමේකලා නොවූ යලි නොඑන ඒ රැයට, ශ්වේත ඇතිරිලි කිම්ද?, පුදසුනක වැඦ්ඹෙන්න... -තාන්යා-
චතු ගුණසේකර ? 5 years ago 288 4 4
තාම හරිහැටි නොදත් ඇය ලග යටි හිත් පෙමක් සැගවීදෝ ආඩම්බරකාර ඒ හිත පෙරදා දිනෙක් හෝ හමුවුනැකැයි සිතට ආ සිතුවිල්ලට හීන් හිනාවක් මුවග රැදුනම ඒ කෙල්ල තාමත් මා නොහදුන බව හැගුනු විට සිනහව සුලගත් එක්කම මටත් නොදැනිම දුරකට ගිහින්..... අප්රකාශිත පෙම ලග කොහෙදෝ දුර ඈතකට යන හිත බලෙන්ම රදවන්නට තරම් ලෝභයි මටත් ඒ හිනාව ලග....? නිබන්දය : -චතූ- 03/11/2020
~ප්‍රවී~ 5 years ago 223 5 5
අස්ථිර ලොව තුළ , කිසිවක් නැත ස්ථිර , වෙනස් වන සිත් ඇති ලොව තුළ , නිහඬබව පිලිතුරකි, ජිවිතයෙ එක් ඉමෙක,
Geethanjalee ? 5 years ago 339 4 8
නිසොල්මන් පවන තුර තිමිරපට පටලාගෙන ගැඹුරු තැන් හදවතට අහුමුලු ව සොයා යන සියුම්ව පිරිමදින කලු සුදු අන්තරයක පරතරය තුළ රැඳෙන පෙනෙන නොපෙනෙන දහමක සම්පයෝගය තුළින් විප්පයෝගය දකින විප්පයෝගය තුළින් සම්පයෝගය දකින කියවන නමුත් තවමත් නොකිය වූ අද්භූත ගුප්ත සිළුවක ස්පර්ශ අස්පර්ශ සේම විනිවිද දැවෙන දැල්වෙන චිත්තයක ඉබාගාතේ සොයමි සිත..... ???
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps