චතුරංගි හර්ශිකා 5 years ago 406 3 4
අන්තර්ජාලයේ සැරිසරන මොහොතක නෙත ගැටුණු ලස්සනම කවි පෙලක් මෙසේ සටහන් කර තබමි. කවියට ආදරේ කරන සැමට රස විඳිනු වස්... මෙහි රචකයා ඉලක්ෂ ජයවර්ධන නම් වේ. අහසකට ලස්සනම ගෑවමයි දම් පාට... හදත් අයිනෙන් අදිමු එය නැතිව බැහැ රෑට... දුවේ නුඹ දන්නවද දුරයි හද හාවාට... ඒ නිසා අදින්නට ඕනි නැහැ ආවාට... චිත්‍රයට නගද්දී එක ළගින් ඇන්දාට.... අහස සයුරට දුරයි බර වැඩියි මගෙ දූට... ගගනතේ මායිමේ නුඹ ඇදපු වවුලාට... ළගින් තවකෙක් අදිමු තනිය හොඳ නෑ ඌට... ටීචරුත් ලකුණු දෙයි නොවෙන් බිය සංකාව... දැන් හරිම ලස්සනයි වෙරළ ළග හැන්දෑව... චිත්රයේ නොඇද ඉමු දුවේ අපි දෙන්නාව... එහෙම වුණොතින් ළමයි සොයයි නුඹෙ අම්මාව...
චතුරංගි හර්ශිකා 5 years ago 292 2 2
ජීවිතේ කියන්නේ මොකක්ද මම මගෙන් ම අහනවා මම දන්නෑ හිත කියනවා ඇත්තටම මොකක්ද ජීවිතේ මේ හැම දේම මොනවද දන්නවද මලක ජීවිත කාලය දවසක් නැත්නම් දෙකක්, තුනක්, සතියක් ඔය කොහොම වුණත් හරි ඉක්මනට මල පරවෙනවා ඒ වුණාට මලට ඒක ජීවිත කාලයක් අපි තව අවුරුදු සීයක් ඉන්නවද විශ්වාසද නෑ මම තව අවුරුදු සීයක් ඉන්නෙ නෑ දැනටමත් අවුරුදු විසි එකක් මම පාවිච්චි කරලා ඉවරයි අවුරුදු විසි එකක් මට තව අවුරුදු කීයක් ඉතුරුද මම දන්නෙ නෑ මට දැනගන්න ඕන නෑ ලැබෙන දේවල් කෙසේ වෙතත් මේ පුංචි ජීවිත කාලෙට නොලැබෙන දේවල් ගැන හිතලා පසුතැවෙන්න තරම් මම බොලද නෑ කවදා කොහොම වුණත් අපි යන්න ඕනි, වෙලාව ආවහම ආවා වගේම හිස් අතින් තනියෙන්... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 262 2 2
සිහින නෙත් ඉම කුරුටු ගෑවේ සදා නොමැකෙන අරුම ප්‍රේමය... නිහඩ ගගනත සොඳුරු ඇසිදිසි ආදරේ ගැන වදන් ගොළු විය... හිරුට අහසට පෙම් කරන්නට හිරු මලක් ළග හිතක් ඇති විය... මතක ගිරි හිස පාමුලට විත් සිහින ඇහිඳින කිරිල්ලිය ඇය... රිදෙන හිත ළග අවැසි කවියයි ආදරේ ගැන ගොතන්නේ තව... මියැදි ගියමුත් මියැසි ප්‍රේමය පුරාවත් නොලියූ සුයාමය... කහට කුල මල නැතිලු ආලෙට පූජනීයයි සැබෑ ප්‍රේමය... දෙවිවරුත් දණ නමා නැවතෙන පඩි පුරක් ගිනි තැබූ ප්‍රේමය... රාධා නෙතග කවියක් ම වූ ළබැඳි ඉමිහිරි සොඳුරු ප්‍රේමය... ටජ්මහල් උස අහස විනිවිද ලෝකයට කී පුදුම ප්‍රේමය... විඳින විඳවන මියැසි ඇසි දිසි මිහිරි කවියයි යොවුන් ප්‍රේමය... මම, චතූ
Rasika Maduwanthi 5 years ago 291 2 2
කොරෝනා ..... යන්න හිතෙන්නෙම නැද්ද ඔයාට අපිව දාලා තවත් ඇයි දුක් දෙන්නේ මිනිසුන්ට 2020 අවුරුද්ද ඔයා ඔයාටම බාර කරගත්ත ද දැන්වත් යන්න ආයේ නොඑන්නම ............... මදූ ✍ 2020.10.21 7.24 ප.ව
චතුරංගි හර්ශිකා 5 years ago 280 2 6
නිහඩ ම හීනවල ඉකි ගහන කදුළු ලෝකෙටම හොරෙන් කන්නගීලගෙ නෙත් ළග වියැලුණාලු... ලියැවුණු හැම කතාවෙම ආදරේ කියන වචනෙට ලස්සන අරුතක් වෙන වෙනම තිබුණාලු... හීන් මන්දාරමට පිණි බිඳු මල් මත රැඳුණත් අනන්තෙන් එහා ගිය සුන්දරත්වයක් මද්දහනටත් තිබුණලු... පුංචි පුංචි දේවල් අතරේ අපි නොහිතුවට නොදැක්කට හැම වෙලාවෙම ආදරේ නම් අඩු නැතිව තිබුණලු... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 255 2 2
ආදරේ හරි අරුමයක් එක්තරා පුදුම නිර්මාණයක්... ප්‍රශ්න ජීවිතේ රිද්දුවත් ජීවිතේ මොන අඩුපාඩු තිබුණත්... ආදරේ ඇති තැන මැවෙනවා සුර පුරයක්.... හදවතක් තියෙන ආදරණීය මිනිසෙක්... ලෝකෙම නැති වුණත් ආදරෙන් ඉන්න ගැහැණියක්... ජීවත් වෙන කැදැල්ලක් ඇත්තමයි ලස්සන කූඩුවක්... අඩු පාඩු අග හිඟ ගොන්නක් එකකට පස්සේ එකක් ආවත්... ආදරෙන් බැඳුනු දෑතක් අත් හැරෙන්නෙ නෑ කවමදාවත්... ලුණුයි බතුයි කෑවත් අඩුවක් නැති ළෙගතුකම ආශිර්වාදයක්... මම, චතූ
මග දෙපස පුරුදු එළි පුරුදු වාහන අතර මල් පාර නොපෙනෙනා අවන්හල් පෙළ අතර මතකයේ නිරන්තර ගිලී නොගිලී නිතර යනෙන වාහන අතර සෙව්වෙ නෙතු නුඹ නිතර අතරමග හැර නොයන තාර පාරේ තැනක බස් රියට නුඹ නැගපු නැවතුමේ අද වුවද නොබැස්සට මම එතන යනෙන කොට මග නිතර නුඹ මැවී පෙනෙනවා සෙනග මැද නිරන්තර මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 303 3 3
ජීවිතේ එක තැනක නැවතිලා බලන මොහොතක... දන්නවද මගෙ නෙතට ගැටුණෙ මම ආසම පොත... මතකද ඔයාලට පොලියානගෙ පුදුම සෙල්ලම...? පොඩි කාලේ ඉඳලම මම හරි ආසයි ඒකට... දෙයක් නැති වෙනකොට තියෙන දෙයක් ගැන හිත හිත... හිත හදා ගන්නට කියා දෙනවා පුංචි කාලේ ඉඳලම... හරි පුදුම ජීවිතේ හිනාවකින් බාර ගන්න... හඩන වැලපෙන හැමෝම කරමුද පොලියානගෙ සෙල්ලම...?? කියවපු නැති අය පොත හොයාගෙන කියවන්න... අතරමං වෙනවා නිසැකයි මොහොතකට නුඹ පිටු අතර... ඒ තරම් ළෙංගතුයි පොලියානා කතාවම... ආදරණීය කෙල්ලට මම හරි මනාපයි හැමදාම...?? මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 274 3 4
නෙතග එක කදුලකට සිනහවක් ගෙනෙන්නට හිතෙන් ළංවී හෙමින් ආදරෙයි කියන්නට මතක මැද ලස්සනට ජීවිතේ වියන්නට මට අහිමි සෙනෙහසක් අරන් ඇවිදින් යන්න විරාමය නෙත් කෙවෙනි වේදනාවෙන් තෙමන නිසංසල හීනවල යළි යළිත් ඉකි බිඳින මගේ කවි පියස යට අකුරු අතරේ නිදන මගෙ හිතේ කොණක හිද ඉතින් හිනැහෙන්න නුඹ මම, චතූ
Deesha(දීෂා)❤️ 5 years ago 302 3 4
දිවි ගමනෙ විඩාවන්-මොහොතකින් සිඳලන්න නුඹේ ඔය සිනාවට-හැකිය මා සනසන්න එපා ඔය නෙත් ඉමට-කඳුළු හෙම ගෙන එන්න අක්කි ආදරෙ ගොඩක්-සිනහ වී ඔබ ඉන්න අකුරු ඇහිදන් කියන-රස කතා අසමි මම මාගෙ සුරතේ වෙලී-ළඟම දැවටී ඉන්න නිරන්තර දුව ඇවිද-දඟකරන මගෙ මැණික මා ළමදෙ හොවා හිස-දැන් ඉතින් නැළවෙන්න...........
Deesha(දීෂා)❤️ 5 years ago 291 3 5
????????????????????????????????????????????????????????????????????????????????
චතුරංගි හර්ශිකා 5 years ago 313 3 4
ගිම්හාන හුළඟ කිව්වා ආදරේ හරි අහිංසකයිලු... මහ පොළොව වුණත් ආදරේට ළෙංගතුයිලු... පොළොව පිච්චුණත් දූවිල්ලටත් ආදරෙයිලු... යනෙන මග දිගට නෙක ගැහැට හමුවෙයිලු... හුළඟ හැමදේම සම සිතින් දරා ගන්නවලු... හුළඟ මට කිව්වා මටත් හුළඟ වගේ වෙන්නලු... මම, චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps