චතුරංගි හර්ශිකා 5 years ago 267 3 7
තාත්තා මිය ගොස් ය. තාත්තාගේ මියගිය හදවත පුතාට අමතයි. __________________________________________ ආදරණීය පුතේ, නුඹේ කරපිට මාව අවසන් ගමන් ගෙනියන ගොම්මනේ නිරන්තර හිත ළගින් උන් පෙම මකා හිනැහෙනු මැදියමේ... ගැහැට දුක් විඳ වේදනාවට සමුදෙන්න මම යන දිනේ අම්මටත් උඹ ගිහින් කියපන් ජීවිතේ ගැන මගෙ පුතේ... ජීවිතේ හරි පුදුම කවියක් නුඹත් තව දන්නෑ පුතේ තනිකමක් නෑ මාව තනිකර හනික පලයන් මේ බිමේ... මගේ දෝතට නුඹව අරගෙන නැලෙව්වා පොඩි සන්දියේ තාම නෙතගට කදුළු උනනවා ආදරෙයි මම මගෙ පුතේ... වසන්තය අහවරයි කීවත් සින්දු කියනා කොවුලනේ හිස් අතින් ආ අපි හැමෝටම යන්න වෙනවා මේ වගේ... අඩි හයක් යට මාව වාගෙම මගේ මතකෙත් වළලලා අනාගතයට මුහුණ දීපන් අම්මටත් හයියක් වෙලා... එහා ලෝකේ ඇත්තො ඉන්නවා එනතුරා මග බල බලා පමා වෙන්නට බැහැ ඉතින් තව මමත් යන්නම් වෙන්වෙලා... මීට, ආදරණීය තාත්තා __________________________________________ මම, චතූ
Rasika Maduwanthi 5 years ago 297 2 2
ආසයි ඔයත් එක්කම ඉන්න ඔයා ලගින්ම හැමදාටම ආසයි මගේ ජීවිතේම ඔයා නමින් වෙන් කරන්න ආසයි ඔය තුරුලෙම අවසන් හුස්ම හෙලන්න මදූ ✍ 2020.10.23 4.09 ප.ව
චතුරංගි හර්ශිකා 5 years ago 231 2 2
ඒ වසන්තය හරි කෝඩුකාරයි පරෙවි හදවත නම් කවිකාරයි නෙතග කැල්ම හැබෑවටම අහංකාරයි ඇත්තටම ඒ හිනාව හිතුවක්කාරයි... දෑත ගෙන ගිය මග අලංකාරයි පාළු දුම්රිය පොළ තාම අන්ධකාරයි ගෙවෙන සීතල මැදියම හීන පාරයි පරෙවි ආදරේ නුඹ නම් සෙල්ලක්කාරයි... මම, චතූ _________________________________?______
Deesha(දීෂා)❤️ 5 years ago 303 4 13
"වසර ගණනක් පුරා මා දුටුව සිහිනය, දිවියෙහි අරුත, ආත්මයෙහි පූජාව, වෙහෙසුණු කරුණ නුඹම වේ °වෛද්‍ය සිහිනය °" ? ✍️? සොඳුරුතම ගීතයක සැලෙන මෘදු ස්වර අතර ගැඹුරකට අරුතක්ව නුඹ හිඳී සිහිනයක නුඹ නමින් මට ඉන්න හැකිය දැන් පේ වෙන්න නුඹම වේ සඳ කිරණ හුස්ම පොද මට පෙව්ව.............. වසර ගණනක වෙහෙස ඔය කිරුළ පළඳන්න උත්සහය විය මගේ පොතෙහි නෙත් රඳවන්න ගිලනුන්ට නුඹම මිස වෙනත් පිහිටක් කොහෙද අවසරයි නුඹ නමට සසර ලියැවී ඉන්න...............
චතුරංගි හර්ශිකා 5 years ago 325 3 9
මේ රාත්‍රිය නිහඩ හීනවලට පාට පුරවන්න මග බලනවා...? දන්නවද ජීවිතේ ලස්සනම කතා නුඹ වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා...? හෙට ගැන තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටුවේවි ඉතින් හිත කියනවා...?? තවත් රැයක දවසේ අවසන් කවිය මම මෙහෙම කුරුටු ගානවා...? මම අද දවස දැකලා තියෙනවා මට හෙටට මුහුණ දෙන්න හයිය තියෙනවා...? ජීවිතේ කියන්නේ කවියක් නම් තවත් එක පිටුවක් මම මෙහෙම ඉවර කරනවා...✍️ දන්නවද මිතුරි නුඹයි මමයි එනතුරු හෙට දවස බලා ඉන්නවා...?? මම, චතූ?❤
චතුරංගි හර්ශිකා 5 years ago 291 2 6
ඉබ්බයි හාවයි තරගෙට දිව්ව කතාව මතකද...??සත්තු හැමෝම කිව්වේ මෝඩ හාවා ලොකු කමට නිදාගෙන ඉදලා පැරදුනා කියලනේ... කවුරුත් ඇහුවෙ නෑ හාවගෙ කතාව...? දන්නවද... හාවටත් කියන්න දෙයක් තියෙනවලු... මේ බලන්න ...?? ⬜ ?⬜?⬜?⬜?⬜?⬜?⬜ හැමෝම මේ කතාවේ මටම දොස් 'කීවා'...?? මම මෝඩ ඌරෙක් ඉබ්බා උනත් 'කීවා'...? මගදි ගහ දැක්කා නින්ද ඌ වෙත 'ආවා'...? අනේ ලොකුකම හින්දා පැරදුනා ඔය 'ඌරා'... ඔන්න ඔය ලෙස කියමින් සත්තු මට දොස් 'කීවා'...? අර බුද්ධිමත් ඉබ්බා හරි හෙමි හෙමින් 'ආවා'... අනේ උඹ මෝඩ කාවා නිදා වැටිලා 'නෑවා'...? ඔක්කොම ඔහොම කීවා මටම බැන බැන 'කෑවා'... කවුරුත් නොදත් ඇත්තක් මගෙ හිතේ මුර 'ගෑවා'... අහන්නට ඔය කවුරුත් කැමැත්තක් නැති 'වූවා'...? ඒ නිසා නොකියා මං තනිව දුක් ගී 'කීවා'... දන්නවද තරගේ දා මං බතල අලයක් 'කෑවා'...? ඒකෙ අවුලක් හින්දා බඩ පෙරලිලා 'ආවා'... තරගෙ මැද්දෙම ලන්දේ පණ නැතුව මම 'උන්නා'... මටත් නොදැනී නින්දෙන් මගේ ඇස් බර 'වූවා'...?? ලෙඩින් වැටිලා හින්දා නිදා වැටිලා 'උන්නා'... වේදනාවත් විදලා ලෝකෙන් බැනුම් 'ඇහුවා'...? ලෝකයා හිනැහෙද්දී දරා උන් මම අහිංසක 'හාවා'...?? මම, චතූ
Rasika Maduwanthi 5 years ago 266 2 2
කවියක් ලිය්න්න ආසයි පද ගැලපීමක් නෑනේ තවම වචෙනෙන් වචනෙ අමුනලා ලස්සන කවියක් ලියන්න ඇත්නම් අනේ කොයිතරම් දෙයක්ද.....? මදූ ✍ 2020.10.22 8.47 ප.ව
චතුරංගි හර්ශිකා 5 years ago 257 2 2
දෙවැට දිග තාරුකා මල් තාම පිපෙනවා කහ කුරුල්ලෝ තවම දෙණිය ළග ඉන්නවා... හවහාට වහින මල් වැහි තාම වහිනවා ගග අයිනෙ සුදු කොක්කු තාම සිල් ගන්නවා... කුඹුක් ගහ යට බෙනේ තාම මෙහි තියෙනවා ගම්මු හවහට ඇවිත් වන්දනා කරනවා... අවාරේ ගෙඩි හැදෙන කොස් ගහත් තියෙනවා වවුලො හැමදාම විත් පොර කකා ලගිනවා... ගං ඉමේ හැම තැනම අතීතය තියෙනවා එකම එක අඩුවකට මුළු හිතම තැවෙනවා... හැමදේම පෙර වගේ තාම මෙහි තියෙනවා නුඹ විතරමයි අඩුව මම තනිව ඉන්නවා... හැමදාම නුඹ සොයා මගේ හිත දුවනවා නුඹව දැකගනු රිසින් තාම මග බලනවා... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 270 2 2
පැතුම් මල් මිටියක් සිතුම් පියවිලි ගොන්නක් මේ හැන්දෑව කවිකාර හෝරාවක් ගගන නොකියන කවියක් හැගුම් අතරේ මැවුනත් පුදන්නට පුදසුන මත වෙන්න ආසයි කුසුමක් වලාකුළු කවි කිව්වත් පුර පෝය හඳ නිවුනත් දන්නවද එක කවියක් හිතම නිවනවා තාමත් මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 236 2 5
ආදරණීය කලාවට හිතෙන් ගතෙන් දෙකෙන්ම බැදෙන්න ජීවිතේ අපිට හුරු කළා නොනැගිටින්නම වැටුණත් පැන්සලට පින්සලට සුබ ගමන් කියලා සමුගන්න බැරි වුණා අපිට හොරෙන්ම අපේම හිත් සායම් ඇතුලෙ හීන හෙව්වා දිගට හරහට ගැහැට ආවත් උන්මත්තක හීනවල අපි අපිම ගිලුණා සිත්තරා පිස්සෙක් එකෙක් කියනකොට සිත්තරා හිගන්නෙක් තවකෙක් කිව්වා ලෝකෙටම රහසින් තමන්ගෙ සිතුවිලි හිස් කොල පුරාවට සිත්තරු මැව්වා ලෝකෙ මොනවා කිව්වත් සිත්තරා හැබෑවටම සංවේදී ප්‍රාණියෙක් අපි අපිටම කිව්වා මම, චතූ
Rasika Maduwanthi 5 years ago 399 2 2
මාත් පාට කරා වාරයක් මට අයිති නැති හීනයක් හිතෙනවා නැවත වාරයක් නිම කරන්නට සිතුවමක් ච්ඔපිඩ්..
Deesha(දීෂා)❤️ 5 years ago 247 3 5
කාලයක් අතැර සිටි බොහෝ දෑ දෙස බලා මවයි සිතුවම් එදා ගැයූ ගී හිනැහිලා තාලයට අඩි තැබූ පා සලඹ නැත මෙදා මිහිරි මතකයන් ඇත අතීතයෙ සිරවෙලා................ ගායනය නර්තනය මුසු වෙච්ච ජීවිතේ දෙතොලතර මදහසත් නිරන්තර රජ වුණේ ස්වර එකින් එක වයා තනුව මනරම් කළේ පියාණෙනි කිමද මා හැමදෙයින් වෙන් කළේ...................... ඉගිලගිය පියාපත් එකින් එක බිම වැටී තනිව සිරගෙයක් තුළ රෑ දවල් ඉකිබිඳී කුඩා කල ගතකෙරූ හැමදිනම හද රැඳී කවිකලා මුළු සිතම කඳුළු මුව සිඹිද්දී.................... ??✍️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps