චතුරංගි හර්ශිකා Nisadas Count (437)
චතුරංගි හර්ශිකා 5 years ago 330 5 5
කවිකාර ඇස් ගිහින් හිරු මතම රැඳුනාට... කහපාට ඇස් වලට පෙම් හිතම බැඳුනාට... කවිකාර මගේ හිත හිරුට පෙම් කෙරුවාට... පෙම් කරපු හිරු අයිති ගගනටයි හැමදාම... හිරු කිරණ නොදුටු සේ මම ඉවත බැලුවාට... රහසින් ම ආදරෙයි ඉර මලට මම තාම... පිං කරපු ඇස් වලට හිරුගෙ වත පෙනුනාම... නොකී ප්‍රේමය හිතේ කවි ලියයි හැමදාම... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 347 4 5
-අහිමිකම තුළ හිමිකම් සොයා- හිතවත්ම හිත ගාව ආදරෙන් උන්නාට... ආදරේ මහ මෙරක් මං උඹට දුන්නාට... සිගිති මල් හීනයක මං පෙමින් බැඳුණාට... මට නොවෙයි නුඹ අයිති මං බලා උන්නාට... පුංචි පා පොඩි පවා පිස දමා හැදුවාට... අයිතියක් කියන්නට ඉඩක් නෑ අක්කාට... පුංචි කිටියෝ ඉන්න තැනක සතුටින් ඉන්න... ආදරෙයි හැමදාම මම පුංචි කිටියාට... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 294 4 5
පාරාදීසයේ සිහින මල් උයනට මම තරම් හිත් බැන්දූ තවත් කිසිවෙකුත් අනනන්ත අහසේ නොවුණි... දේදුනු පාලමෙන් මෙපිට සුදු රෝස පොකුරක් අත දරා නිශාවට සීත පිණි වැටෙන තුරු බලා උනි... කාන්තිය මවා ලූ ෆැන්ටසිය තුළ උපන් සෙල්ලක්කාර යෞවනය සිතුවිලි අතර සිනාසුණි... සිහින මල් සුවඳ අතරේ ඉමක් නැති මග ගෙවා විත් අපමණ සොඳුරු ඉසව්වට මම යළිත් පිය මනින්නෙමි... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 269 4 4
හිත පිරුණු ඇල්මට කලාවට හදින් බැඳුනට සිත්තරෙක් නෙවෙයි මම පරසිදු දනන් හඳුනන... හුදෙකලා හීනවල හීනියට පාට තවරන පාට අතරේ ජීවිතේ නොදුටු කවිකම් හොයා යන... ශිල්පියෙක් වෙන්න තව උගත යුතු බොහෝ දෑ හොයා යන සිතුවම් කලාවට හැබෑවට පෙම් කරන... ආදරණීය සිතුවමට ජීවිතයම දියකරන හුදෙකලා රස්තියාදුකාරියක් මම හිස් පිටු මත රස්තියාදුවට පුරුදු වුණ... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 285 5 6
ලගන්නා සුළු අරුම සිතුවිල්ල හිතක රදවා මටත් අහිමිව ගිය මම මාව සිතුවම් කෙරුවා... පුරාවට කොල මගේ මුහුණම මවලා මම ම මා ගැන රෑ පුරාවට හිතුවා... හිතේ හැමතැන කදුළු විතරක් තවරා නෙතින් ලොවටම හිනාවක් මුව පෙන්වා... දෙබිඩි ජීවිතයෙන් සමු ගන්න තුරු මේ මා මදහාස මුවේ නංවා මා මුව ම සිතුවම් කෙරුවා... හදවතට ගතු කියනා කලු පාට සායම් ගෙනා අදුරු සිතුවිලි කවි කතා නොදැනේ හිතක් මට නැති නිසා... කහ පාට සිතුවමෙහි තවරා සතුටු මුහුණක් පෙන්වන්න හිතුවා මතුපිටට නොපෙනී හදම දවනා මතක පිටු යළි යළිත් පෙරලී තිබුණා... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 303 5 4
සරසවියෙ මල් පාර බලා උන්නා තනිව අපට එන්නැයි කියා ලියා එව්වා නිතර... නමුත් හදිසියෙන් ආ වසංගතයට නතුව පළමු වසරත් ගෙවුනෙ ගෙදරමයි ඔය අතර... ඔන්ලයින් පාඩමට හිතක් නෑ මට නිතර ප්‍රැක්ටිකල් චිත්‍ර හෙම අදින්නට බෑ මෙහෙම... පින්සලට පැන්සලට දෑත් පටලන් නැතුව පරිගණක තිරය මත සිතුවම් කරනු කොහොම... බොහෝ කල් වෙහෙස වී සරසවිය සොයා ගිය රොතු පිටින් අපි තනිව ගෙවල් වල කොටු කෙරුව... කොරෝනා නුඹ නිසා සරසවිය විය නිසල පළමු වසරත් ගෙදර නිම කළා අපි එහෙම... දන්නවද උපාධිය ගන්න ආසයි අපිට සරසවි බිමේ පොළොව මත රැදී දෑතටම... මෙහෙම ගියොතින් ඉතින් සිව් වසර පිරෙනකොට තැපෑලෙන් එයි ගෙදර සිහින මැවූ ඩිග්‍රිය... මම, චතූ 2020 නොවැම්බර් මස 10 වැනි දා
චතුරංගි හර්ශිකා 5 years ago 379 5 6
මතක මන්දිර මවා නිල් ගැබ පැතුම් අතරේ රැදී ඔය වත අරුණ රැස් කිරණක් වගේ හිත නිවා සනසන සොඳුරු මතකය... හදට ළං කර තබා ගත්තෙමි ප්‍රේමයේ සිහසුනයි නුඹ මට නුවන් අග ලියැවුණු සිනාවට හරි මනාපයි තාම මගෙ හිත... වැස්ස අරගෙන වලාකුළු පොදි ගුවන විසිරී හඩ නගන විට අක්බාර් පාලම අසල මම අකුණු කොටනා කලු අහස යට... වීදියේ නෙක පහන් කණු වල මලානික එළි දැල්වෙනා විට හැන්දෑව අරගෙන නබෝ ගැබ බැස ගියා හුරු පුරුදු ඉර මල... මතක අහසේ ඈත දුරකට රොබරෝසියා මල් සුවඳ මැද වසර ගණනක් පුරාවට අප ඇන්ද සිතුවම් මැවේ හිත මත... දෑත් පටලා බැඳී එක මග ඇවිද ගිය සරසවි බිමේ අද පෙම්වතුන් යුවළක් ඈත ඉම මැවී නෙතගට ගෙනෙයි පිණි කැට... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 273 5 6
කිසිදා වෙන් නොවෙමියි ගිවිසා ගත් බොහෝ බැදීම් කාලයේ නිම්න අතරේ මං මුලා වූ අරුමය නොදනිමි... හදවතින් තදින් අල්වා ගිලිහෙන්න නොදී මම මගේ යැයි කියාගත් බොහෝ දෑ අහිමි වුණි... මම ප්‍රේම කළා වූ මට ප්‍රේම කළා වූ හැමදේම නෙත් ඉමෙන් බොද වෙලා දුර ඇදුනි... අතිර සසරේ හිතට කදුළු වැටුණා ඇතිය මට මිදෙන්නට දෙන්න දුක පිරුණු ලෝකයෙන්... සදහටම ඇස් පියන් වසා ගන කළුවරක පුළුන් රැල්ලක් වෙලා පාවෙන්න අවැසි මට... හිත පිරුණු බර සියළු කොහෙන් හෝ තියා හැර සාමදානෙන් දෙනෙත් පියා ගන්නට හැකි ද...? මම, චතූ 2020 නොවැම්බර් මස 10 වැනි දා ප.ව.3.42
චතුරංගි හර්ශිකා 5 years ago 279 5 6
??? -පාට ගෑ අපේ පෙම-??? දකිනු රිසියෙන් නුඹව දෑස් ඇවිටිලි කරයි හොයනු රිසියෙන් නුඹව මහද කරදර කරයි... අකීකරු පෙම් පුවත යළි යළිත් පණ ගැහෙයි කවිකාර නිල් අහස තාම තරුණයි හැඩයි... කෙකටියා පදුරකට මල් පොකුර පෙම් කරයි ගග දියේ ගලාගෙන ගල් බොරලු ඇදී එයි... සුදු පාට කිරි පැහැති ගලක් රළ මත හැපෙයි පෙරැළි කරමින් ගගේ මල් වදුළු මැද රැදෙයි... කෙකටියා මල් පොකුර පරව මියැදී වැටෙයි සුදෝ සුදු ගල් කැටය මියැදි මල සිප ගනියි... දිනෙක නුඹ අසරණව ආවොතින් ඒ වගේ ආදරෙන් වැළද ගමි මියැදි මල් පොකුර සේ... ඒ තරම් හිත් ඉවුරෙ සෙනෙහසක් තව තිබේ පාට ගෑ කොළ පුරා ඒ සෙනෙහෙ තැවරුවේ... මගේ සිතුවම් අතර නුඹ මැවී නැවතුණේ පාට ගෑ අපේ පෙම තාම සොඳුරුයි හිතේ... මම, චතූ✍ 2020 නොවැම්බර් මස 10 වැනි දා පෙ.ව.10.47
චතුරංගි හර්ශිකා 5 years ago 272 5 5
පද නොගැළපුණු කවක එක පේලියක් ඔබත් හිත පුරාවට දුවන සිතුවිලි රටා මවන්... නිරන්තර හිත් මලට පිණි වැස්ස වී ඇවිත් මතක පාරා යළිත් හද මලට ගතු කියත්... වසත් ඉර මල යටින් උදෑසන අරන් විත් මද පවන සමග මුසු නුඹෙ සුවඳ දවයි සිත්... හදවත් ඉමේ නැවත පූදින්න කැකුළු මල් මම ආදරෙයි තවම නුඹ සොඳුරු කතාවක්... ඉල් මහට පිණි වැස්ස ඇද වැටෙන සැදෑවක් මතක මැව්වේ නුඹව හිත පුරා යළි යළිත්... කලු කෝපි සුවඳ හා මුසුව යළි වතාවක් අවන්හල පුරාවට මතක සුව සිනාවක්... මම, චතූ 2020 නොවැම්බර් මස 10 වැනි දා පෙ.ව. 8.21
චතුරංගි හර්ශිකා 5 years ago 274 4 5
නුඹව මට මග හැරුණු ජීවිතේ මංසලක මම තාම මතක සුව යළි යළිත් විඳිනවා... සදහටම වෙන් වෙන්න දෛවය උරුම කරපු මගෙ ප්‍රථම ප්‍රේමයට තවම පෙම් කරනවා... නොදැනෙන්න නොරිදෙන්න කදුළු නෙත් තෙමනකොට රහසේම මම නුඹව යළි යළිත් මවනවා... ආදරේ පූජාව දෙවොළ මත තබන්නට අහිමි දෙව් රුව සොයා හිත ගොළුව ඉන්නවා... කදුලින්ම දිය කරපු සායමට පණ පොවා නුඹව යළි යළිත් මම සිතුවමට නගනවා... අකාලේ මිය ඇදුණු මගෙ ප්‍රේම පුරාවත පින්සලය පැන්සලය දැන් හොඳින් දන්නවා... මම, චතූ 2020 නොවැම්බර් මස 10 වැනි දා පෙ.ව.8.00
චතුරංගි හර්ශිකා 5 years ago 333 4 5
නොනවතින වැහි කෝඩ පොළොව සිප ගන්නකොට වැහි හුළං සීතලට කෙස් කැරලි සිඹිනකොට... දෑත පටලා පුරුදු මාවතේ අපි දිගට මතකයිද දිව ගියා නිකිණි මහ වැස්ස යට... අකුණු සැර හරි තදට කහපාට මවනකොට නිල් ගුවන කළු පාට සළු දරා ඉන්නකොට... ගෙරවිල්ල සවන් පෙති පාරමින් හඩනකොට මතකයිද මගෙ සවන් වැසුවෙ ඔබ වැස්ස යට... එකම කුඩයක තෙමී නොතෙමෙන්න හදනකොට නොදැනීම වැහි බින්දු දෙතොල් සිප ගන්නකොට... අදුරු මල් මාවතේ තුරු සෙවණ යට රැදී මතකයිද නිල් නුවන් කී කවිය රහසින්ම... සිව් වසර පුරාවට අපි ලිව්ව කතාවට සොඳුරු සීතල වැස්ස මතකයක් හිතේ යට... නිකිණි මහ බද වැස්ස වහින හැම මොහොතකම දන්නවද වැහි බින්දු කිව්වෙ මට නුඹ ගැනම... අපි අපට අහිමි වූ අපි අපෙන් මග හැරුණු අතීතය අද පවා සුවඳ මතකයක් ම ය... මම, චතූ 2020 නොවැම්බර් මස 09 වැනි දා පෙ.ව.12.01
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps