අහිංසකාවි මධු
2 years ago
175
0
1
මට ආදරෙයි කියලා මං දන්නවා ...✍️
ජිවිතෙ මගෙ ඇස් ඉස්සරම
නැති වෙද්දී
සතුට මගෙන් ඉක්මනින්
ඈතට අරන් යද්දී
මොනදේ මොනවිදිහට හරි
වුනදෙන් කියලා
හිත හයිය කරගෙන
ඉන්න කියලා කියද්දි
මට ආදරෙයි කියලා මං දන්නවා ....
මාව තුරුළු කරන්
අඩන්න බැරි කමට ඔයා ඉද්දි
ආදරෙයි කියලා ඔයා නොකිව්වත්
මට ආදරෙයි කියලා මං දන්නවා ...
මගේ හිස අතගලා
පරිස්සමෙන් ඉන්න කියලා යද්දී
නිතරම call,msg නොකරත්
ඔයා මං ලගින් ඉන්නවා නෙද
කියලා මට දැනෙද්දි
මට ආදරෙයි කියලා මං දන්නවා ....
එකයි අදටත් මං හිතන්නේ ඔයා
මගේ දෙවැනි තාත්තා කියලා... ✍️