Deesha(දීෂා)❤️ 6 years ago 294 3 6
වත්කම් ඉසුරු සැප සම්පත් සවියකට මුදලට යටයි ඒ හැම දේ දවසකට පිරිපුන් මනස සමවෙයි දිය කළයකට සොරකම් කළ හැකිද දැනුමක් අවියකට ??
Supuni Nilukala? 6 years ago 264 2 2
සිතුවිලි දැහැනක අතරමංව තනිවී හිඳින කල හද දොරටු විවර කර සෙමින් ඇසුවෙමි මම අකමැතිද ආලෙන් වෙලෙන්න තව එක් වතාවක්. ලබ් ඩබ් ලබ් ඩබ් ....................... මොහොතකට නතර වී හද එක් වී ඇය මොළකරු හා සමඟ පැවසූහ මට කිපී, කලින් කළ කැපුම් තවමත් මහන බව ????
Supuni Nilukala? 6 years ago 302 3 0
කොරෝනා නුඹත් හරි නරකයි අත් හෝදන්න පුරුදු කළාට වැඩක් නෑ පුලුවන් නම් හෝදපන් මිනිස් හිත්වල බැඳුණු මළකඩ බෝම...... ????
Kaveesha Lakmali 6 years ago 251 3 5
මුව වැස්ම තුළ සුසුම් සිරවී හැඟුම් ගුලි වී හද ගිලන් වී පුන්සඳක් වන් මුහුණ සිහිවී නුඹව නොම දැක හිදිනු බෑ සොඳුරී.. වරද දැන දැන ඉතින් මෙහි ආමී නුඹේ දසුනින් සුසුම් දිය කරමී ගතින් වෙන්වී සිතින් අප ළංවී නෙතින් මුමුණමු සුපෙම් පෙම් ගී නුඹේ නෙතු අග කදුළු රැන්දී සැනසෙන්න තහනම් තුරුල් වී නෙතින් හිනැහෙනු මැනවි සොඳුරී වසන්තය හෙට ඒවි හිනැහී... ? ~~KaVee~~
Kaveesha Lakmali 6 years ago 285 4 5
සිහින නුඹ නම් හරිම පුදුමයි රූ තිරය මත දකින ඔහුගේ පෙම් දැහැනට මා හොවන්නට තරම් නුඹ බොළදයි.. ඒත්, යටි හිතේ දළු ලන අහිමි බැව් දැන විඳින අහිංසක ප්‍රේමයට ප්‍රාණ දෙනු වස් මේ තුතිය නුඹටයි.. වැහි සීත මැදියමේ නුඹ මැවුව සිතුවමට තවම හිත ලෝබයි..❤️ ~~KaVee~~
✍️Nilushi Nisansala✍️ 6 years ago 371 4 2
ඉරාගෙන ගැබ මෙලොව දුටුවේ මවගේ පණ ටික නවතලා.... ඒ දුක වාවන් ඉන්නට බැරිතැන පියා මළේ නියගලා කාලා... කට කැඩුණු බස් ,දෙහි කපනවුන් එක්ක කැත්තකට පොලු වීලා.... අත්තම්මා රැකගත්තා නෙත් මෙන් ඇගේ කුසටවත් නොම කාලා.... කළක් ගෙවී ගිය ඉක්මන ඇස් අදහනූ බෑ ලස්සන ....... ගමේ දී කොලු කවට බසට නොවරැට් ඈ ගියේ ගස්සන.... රූ සිරියෙන් මත් වූ බඹරු මල්සර හී වැසි වස්සන..... උඩු යට්කුරු කර දිවියම වුණි විපතක් හද ගැස්සෙන..... ඇස අඳුරු කම නිසා පය නයෙකු කාලා.... අවසාන ගමන ගියේ මිණිබ්රි තනිව දාලා...... අනග රැගුමන් හමුවවේ නොමැත රැවටීලා...... සගවාන කඳුළු බිදු සැමට මෙහෙකම් කලා...... නිලට දිළි නෙතු අඳුරු වී අද උයල ම ලිප ගින්නේ... වැහැරී ගතමත නහර දිස්වේ ඉදලම කුසගින්නේ .......... සඳක් පැරදූ ළියක රූසිරි දැවිල ම ඉර ගින්නේ....... ලොවට හොරා මිලීන වුණේ ඇයි ද? කියාපන්නේ.........
✍️Nilushi Nisansala✍️ 6 years ago 471 5 4
තනිකම්න් සුසුම් ලෑ පොළෝ සන්තානය, ඇසිල්ලෙන් දුරුකළේ නුඹේ ආගමනය , යළිදු පණ ලැබ දිලෙන සොදුරු ගම්මානය, අහස් කුස ඉරාගෙන ඇවිත් වස්සානය...... සිදුණු වැව් ,ගං,පොකුණු , පුරවා අතොරක් නැති ලෙසින් ඉවතලනු බෑ දෙනෙන් , ඇද හැලෙන කදුරැළි දියෙන් එක්ව දන කිළිට් කළ මිහිමවුන් නහවා පෙම්න්, සයුර තෙක් දියකද ඇදෙයි රැගෙන දුර්ගුණ පාපයන් ......
Deesha(දීෂා)❤️ 6 years ago 291 7 9
පාළුව සුසුම්ලන තනි කළු අහසකට මතකය විඩාවක් විඳවන පොළොවකට සිතුවිලි එකට හිරකරගෙන බැරි කමට වැටුණා රිදුම් වැස්සක් තනිවුණු සිතට ???????
amitha kumari 6 years ago 292 1 0
නතක් මොකටද කදුලු අතිනම් මුවක් මොකටද සිහිනහ නොමතිනම් හිතක් මොකටද නුබ හිත මන් නතිනම් හදක් මොකටද හද අදරෙ නතිනම් ?
තූර්යා ඉඳුවරී 6 years ago 380 5 5
හැඩ වෙච්ච රතු පාට රෝස පෙති වල රුවින්... හීනියට එළිය වුන පහන් දැල්ලක රසින්... සීත හිරිකඩ ඇවිත් දැවටෙද්දි හරි ළගින්... නුඹෙ තුරුල ඕන මට ගුලිවෙන්න උණුහුමින්.... දඟපාන හසරැල්ල කෝල කම් කරයි නම්... ඉඟිපාන හාදුවල රහසේම බැඳෙන්නම්... හීන් කෙඳිරිලි හඬින් හද කීරි හැගෙයි නම්... හුස්මකටවත් දුරින්... යන්නෙපා මගෙන් නම්... නෙතු පියා පපුව මැද ආදරේ විඳගන්න... අකීකරු දෑස් වල තුරුලේම දඟවෙන්න... සිහිවටන පෙම් රිදුම ආදරෙන් විඳගන්න... ඇස් හෙමින් පියවෙද්දි මං නුඹෙම කරගන්න.... ?තරූ සමනළී️?️
තූර්යා ඉඳුවරී 6 years ago 403 5 6
සඳ නොමැති අමාවක තරු බිඳිති නිදිවරයි.... ඒ මැදින් මට නුඹේ නීල තරු නෙත් මැවෙයි... වස්සානේ කෙළවරක සිහිල් මද නල එතෙයි... නුඹෙ සුවඳ පොදක් මට තිළිණ කර හමායයි... මගේ සිත් මල පුරා නුඹ හෙමින් අඩි තියයි... හද කුටිය විවර කර සොඳුරු කවියක් ලියයි... තනි යහනෙ ඉකිබිඳින මේ සීත රැය දිගයි... නුඹෙ සුවඳ ගුලි කරන් මම මටම තුරුලු වෙයි.... ?️තරූ සමනළී?️
තූර්යා ඉඳුවරී 6 years ago 397 5 5
සඳ අහසෙ දිළිසුණත් එහි සිහිල විඳගන්න... තරු කැකුළු එනවාලු ඒ වටේ ඇවිදින්න... දුරින් සිටියාට නුඹ පෙම් සිසිල විඳගන්න.... වැට කඩොලු බිඳ දමා මටත් හිතෙනවා එන්න... ආකහේ නිල් පැහැය ඔය වතේ තවරන්න.... අත පොවන මානයේ සෙනෙහෙ සුව පතුරන්න... හුස්ම නවතින තුරුම ඔය තුරුලෙ සැතපෙන්න... ඉගිලෙන්න හිතෙනවා නුඹෙ සෙවණෙ නවතින්න... නිදි නැතිව ඉකිගසන තනිකමට සමු දෙන්න... උදා සඳ මඬල සේ සිත් අහසේ පායන්න... මියෙන තුරු ඔබෙම වී හද සුවඳ විඳ ගන්න... සඳවතිය වී හිඳිමි තරු කැකුළු අමුණන්න...... හද ගැහෙන තුරාවට ඔබෙම වී ළඟ ඉන්න.... සවන් යුග කිති කවා පෙම් ගීත මුමුණන්න... හාදු වැහි වස්සවා කොපුල් තල සෝදන්න.... මඟ බලා හිඳිමි මං තවත් බෑ ඉවසන්න... ?️තරූ සමනළී?️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps