ශශී❤️? 6 years ago 477 9 7
නිදි නැති තරු නෙත් කදුලු සලද්දී නුබ නොනිදන බව මට දැනුනා සුසුමන් දිය වී හැගුම් දැවෙද්දී මුලු රැය සිහිනෙක නුබ පෙනුනා හිමි කර ගන්නට වරම් නොමැති මුත් නුබ මා ගැන පමනක් සිතුවා ප්‍රේමය සිත ලග හඩා වැටෙද්දී කදුලැලි සිර කර මා දැවුනා හිමිකම සොයනට සසර දිනකදී අවසර දෙන්නම් නුබට යලිත් කාටත් කලියෙන් නුබේම වන්නට පෙරුම් පුරන්නම් සිතූ ලෙසින් ප්‍රේමය නොහැගෙන සේ මා උන්නට සමාව දෙනවද නුබේ සිතින් සොදුර ඉතින් මට නුබ හැර යන්නට අවසර දෙනවද මතක වලින්.... ????? ශශී
Deesha(දීෂා)❤️ 6 years ago 347 6 10
දහවල සිනාසී රැයෙහි සලනා කඳුළු ළඳකගේ සිතේ දින දින විඳවන අයුරු සිතුමන් සිර කරන් අනෙකෙක් වෙනුවෙන්ම හැඬු ළඳකගෙ ලයේ දැල්වෙයි නිති ගිනි පුපුරු හසරැලි නගා හිනැහෙමි මා සොඳුරු ලෙස කඳුලැලි හෙලමි කාටත් නොපෙනෙන විටෙක දරනා වේදනා යටපත් කර සිටින හැබැවින් ළඳයි " ඉවසුම " වදනෙහි අරුත...
Supuni Nilukala? 6 years ago 358 4 4
වාරු නැත මට පියවර නගන්නට අල්ලාගනු මැන දෑත මගෙ වෙව්ලන තවත් නම් බැහැ ගොදුරක් වන්නට මිනිත්තුවකි හසු වී එක් තිරිසනෙකුට.. ඊයෙත් එලෙසය අදත් එලෙසමය හෙටත් එලෙස නම් රැගෙන යන්න මා නොමිනිස් ලෝකයෙන් කාමයෙන් මත්වූ දුදනන්ගෙන් ඈතට. මව්පිය සෙනෙහස නොලැබුණු මා හට නැත කිසි සරණක් මිය යනු හැර තව. නිවන් යන්න පින් නොකළත් මේ මං පතමි නොලබන්න නැවතත් උපතක්........ ????
Kaveesha Lakmali 6 years ago 269 4 5
වසන්තය සුව දසුනකි.. නුඹ ලගින් උන් කාලය වැනි හදේ දහසක් පැතුම් මල් පිබිදුවා නුඹ සිහිනෙකි.. තුටු හදින් නැඟි සියොත් ගී.. නුඹේ තෙපුලත් ඒ වැනි තුන් සිතම සෙනෙහෙන් නිවී සැනසුනා මා සිහිනෙකි.. වසන්තය අද නිමා වී.. වස්සාන සැඩ සුළං හී තැනූ පෙම් ලොව බිදී විසුණුව සොඳුර ඒ රුදු සිහිනෙකි..?? ~~KaVee~~
✍️Nilushi Nisansala✍️ 6 years ago 428 6 5
තවත් අත වාරු නෑ ගොතන්නට පෙම්කවක් වදනින් වදන අමුණා ...... තවත් හිත වාරු නෑ දකින්නට පෙම් සිහින හැගුමින් හැගුම පුරවා ..... තවත් ගත වාරු නෑ කඳුළින්ම දිව් ගෙවන්නට සුසුමින් සුසුම සඟවා ...... වියෝ ගින්නක දැවෙන මහදේ තනිකම ලියමී අකුරින් අකුර අමුණා ........
තූර්යා ඉඳුවරී 6 years ago 485 7 13
මග හැරුන පෙම් වසන්තය ළඟ, ගුලි ගැහුන හිත සුසුම් ලද්දී..... දුකක් නෑ වගෙ කදුළු දුන්නේ, නුඹ තමයි මගෙ නෙතු දැවෙද්දී.... කීරි ගැහෙනා පපුව අස්සට, මුසා බස් චෝදනා දෙද්දී.... මගේ තනියට ළගින් වුන්නේ, කඳුළු පමණයි මං හඩද්දී.... දරා ඉන්නට බැරිව පෙම් නෙත, අහක බලනව මං දකිද්දී.... ස්නේහයේ මැවු හීන මාළිග, දෙපාමුල මගෙ බිඳ වැටෙද්දී.... නුඹත් නැතිදා අහිංසක හිත, නිසල පෙම ළඟ විඩා වෙද්දී.... කොහොම ඉන්නද සුවඳෙ දැවටී, තුරුල මට හිමි නෑ කියද්දී.... දුරින් වුන්නට සසර හුරුවට, නුඹේ සුවඳම මං හොයද්දී... බලන් වුන්නා දෙනෙත් රිදවන්, අනේ නුඹ යලි එයි සිතෙද්දී.... තුරු මුදුන් පර කුසුම් හැරදා, වසන්තය ළග සිනාසෙද්දී..... ආයෙමත් හද සෙනේ පිරුණා, නුඹ ඇවිත් පෙම් හුස්ම දෙද්දී.... සිනාසී පෙර ළඟින් උන් දා, ආයෙමත් හිත සිහි කරද්දී.... හිතත් හෙමිහිට කෝල කෙරුවේ, කීව පෙම් පද මතක් වෙද්දී.... තොදොල් වී ඔය තුරුලෙ දැවටී, සංසාර සෙනෙහස විඳිද්දී..... සඳක් වාගෙයි නුඹත් පායපු, අඳුරු හිත් අහසක් අඩද්දී.... හීන පෙම් බැඳි හදේ ඉපදුන, එකින් එක යලි උදාවෙද්දී.... හුස්ම යන තෙක් නුඹෙම වෙන්නම්, ඇස් අස්සේ අපි අපෙම වෙද්දී.........❤ ❤️❤️තරූ සමනළී❤️❤️
Supuni Nilukala? 6 years ago 363 3 4
රන්වන් භරණින් සැරසී උඩරට නෙරියෙන් හැඩව නළල් පට සිරස දෙපස හිරු චන්ද්‍ර මනමාලියකි ඇය පෝරු මස්තකය මත.. ඈ මගෙ යෙහෙළිය ඔහුගේ මනාලිය රූ සපූව අලංකෘත සොඳුරු රුවැත්තියකි අද.. යෙහෙළියේ නුඹ ඈත්ව පිය නගයි නව කැදැල්ලට සුබ පතමි හදවතින්ම වාසනාවන්ත යුගයකට.. ????
දිනේෂ් මල්ලී 6 years ago 291 7 4
අරක්කු කාලයි, දන්හිල් දෙකයි, සැන්ඩියට අපේ මතකයි අරන් වරෙන්... '' අපි දෙන්න දුක බෙදා ගහමූ'' බයිට් එකට මාවම ගනින්..?
ශශී❤️? 6 years ago 274 5 7
නිල් අහස පුරා නුබේ රුව මවලා සිත සැනසුවා මන් හිමි නැතත් ආදරෙයිනේ කියා... නෙත් මානයේ නොමැති වුව සිත් මානයේ රැදීලා නෙතු පියවෙනා සැනින් දැහැනක්ය නුබ මා වසග වීලා... වෙන් වෙන්න බැරි අයිති නැති බැදීමේ පහසෙහි රැදෙමි පියමන් කල නොහැක මතකය හැර දමා... ශශී
Supuni Nilukala? 6 years ago 291 5 4
පෞද්ගලිකත්වය නොදත් සමහරක් නළු නිළියන්, ගායක ගායිකාවන් රූප පෙට්ටි තුළට විත් තමන් ගැන තතු සියල් වාචාලව දොඩවා, පසුව ඔවුහු කෑ ගසති කුමකටද උඹලට අපේ පවුලෙ දේවල්........... සමහරක් ප්‍රේක්ෂකයන් වචනයක් පිට වූ සැණින් කැමති නොවැ අවුස්සන්න ගඳ ගහන කුණු ගොඩවල්..... උන් උන් දත යුතුය ප්‍රශ්න නැති ගෙයක් නොමැත කිසි කලෙකත් අකුරු ගැළපූ මගෙත් ගෙදර හරියට ප්‍රශ්න නොවැ..... ????
Supuni Nilukala? 6 years ago 315 3 4
ඇතුළතින් පිපිරෙන පිටතින් නිවිච්ච මිනිසුන් පිරි සමාජයකි කොතැනත් බොරුව රජ කරවන... උපදෙස් දසත පැතුරුවත් නිතර දරන්නෙ ලුහුඩු මත නම් හිස් වචනෙකි අවකාශෙක....... වසාගෙන හිත ඇති කලු කරන්නෙ අහිතකින් නම් කුමකටද අඳින්නෙ ඔයතරමටම රෙදිපිළි සුදු...... කියන්නෙ මෙහෙම නම් කරන්නෙ එහෙම නම් කුමකටද එසේ නම් රඟන්නෙ නැති නාඩගම්...... හැමතැනම තරඟය දුවන්නෙ හැල්මෙ මඳක් නතර වී බලව තව දුරයි නුඹෙ නිවන...... මේ කුරිරු සමාජෙන් මිදෙන්නට හැකි ආගම් ද ගරා වැටෙමින් ඇත ඇස් පනාපිටම....... නැත තවත් අන් සරණක් නුඹට නුඹ පමණය අත්හැර රුදුරු නරක ජීවත් වෙයං හැකි පමණ හොඳට මාරයා නුඹෙ අතළඟ ය........... ආවදා මාරයා දමා රැස් කළ වස්තූ යන්නට වන්නෙ හිස් අතින් නොවෙදෝ...... භෞතිකව මෙන්ම මනසින් කළෙත් සිතුවෙත් හොඳ නම් නොවරදී කිසි කලෙකත් ලැබෙයි ඉන් එහි අනුසස්...... ????
Supuni Nilukala? 6 years ago 385 2 3
ඉරි තැලී ගිය ඉඩෝරයට වීය වැහි බිඳුවක් නුඹ මට, නුඹෙ වැහි සිසිල ලැබ තෙත් වීය කැකැරුණු හද බිම, කර්කෂ රෂ්මිය පහව ලැබුණු ආලෝකය සුමුදුව, ලද සුවය අපමණ නුපුරුදු වසන්තයකි සැණෙකින, ලියලා වැඩෙන දලු මෝරන්නට මත්තෙන් ලද වසන්තය නිමා විය, ඇයි නුඹ ගියේ මා අතහැර....... අතරමග දමා ගිය නුඹ තවත් එපා මට වසන්තය එපා දැන් ඉඩෝරය හුරු පුරුදුය. ????
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps