Niලntha ..✍️poetry Is My Life ..✍️ 6 years ago 276 3 2
පි.. නිතර දිලෙන ඔය ලස්සන නෙතු සඟල මා මත් කරයි ඔය ලස්සන රූ සපුව වැටකින් බෙදා වෙන් කෙරුවත් නුබෙ ඉඩම මගෙ හද තිබෙන්නෙත් නුබෙ ලඟ හැමදාම ගැ.. සැමියා ගියේ රැකියාවට දුර ඈත පාළු මගේ සිත හැඩුවෙි හැම රෑම වැටෙන් එබිලා බැළුවම ඔබ දොර ගාව ප්‍රේමෙ බැදුනා මල්ලියෙ ඔබ දුටු දාම පි.. ප්‍රේමෙ බැදුනෙ සුදු අක්කිගෙ රුව ගාව ඇයිද සිටියෙ හැමදාකම නඹ ලිඳ ගාව මාත් තවම මගෙ නාඹර හොද ගාන නුඹත් හිටියා හැම රෑකම මා ගාව ගැ.. ප්‍රේමෙ බැදුනෙ නුබෙ කඩිසර කම ගාව සැමියා නිදන්නෙත් හැම රැය වැට ගාව නිතර සිබින ඔය සුරතල් තොල් ගාව ගතම රැදුනෙ ඒකයි රැය ඔබ ගාව නිලා...✍️
✍️Nilushi Nisansala✍️ 6 years ago 358 2 1
ඉර පොළොවට හාදු දෙන්න , කලින් සුපිපි කුසුමයි............. ගත දවනා ගිනි දහවලේ , දර දිය ඇද වෙහෙසෙයි......... ඈ නොදුටුව ලෝ දකින්න , මට සිප් නැණ දුන්නයි......... මගේ අම්මා මා රැකුමට , දිවා රෑ දුක් වින්දයි................ නොමැති නමුත් විද, කිසිදින විදු පහසක්.......... කියා දුන්නේ ඈ මුල් පොත නෑරම අකුරක්......... ඈගේ දහදිය බලෙන්, අද මා ගුරුවරියක්............ මගේ අම්මම වේවා , උපදින හැම භවයක් ................
දිනේෂ් මල්ලී 6 years ago 299 4 5
මට රිද්දලා? උබ හිනා වෙද්දී උබට රිදුන දවසට? මට හිනා වෙන්න බෑ බන් මොකද උබට නැති හිතක් පපුවක් මට තියෙන නිසා..
Niලntha ..✍️poetry Is My Life ..✍️ 6 years ago 268 7 8
ගෙවුව ගමන් නුඹ හපුතල් කන්දේ වැදුව පුතුන් වැල කපලා කුසයේ විදපු දුකට උන් ගෙවුවද නය සේ ලෙයත් කිරට කර පෙව් නුඹ අම්මේ.. ඇඟ රැලි වැටුනද එක් තැන් උනාද මුව ගොළු උනාද නුඹ තනි කරාද.. කිරි අඩු කලාද අවමන් කලාද කැත කුනු දැම්මද උඹ මඟ හැරියද... නැති බැරි කම් රජ වෙන ලෝකේ අඩුවක් දැනුනද නුබෙ පොඩි ලෝකේ ලේ කිරි කර නුඹ බිවු ඒ කාලේ අම්මගෙ කුස ගිනි දැනුනද එක සේ.. පහත් සමාජය අද කුරුරුයි අම්මෙි නුඹත් නිවාසෙක රජවෙල අම්මේ ලෙයින් වැඩුව මව තනිකර අදුරේ ගියපු උඔට දැන් ගෙන දෙයි කරුමෙි... වැදුව මව්වරු මෙි ලෝකයේ අන්ත අසරණ කරන්න එපා බොලවුනේ... නිලා....✍️
Niලntha ..✍️poetry Is My Life ..✍️ 6 years ago 280 4 1
පාට පාට තරු හිනහෙන අහසේ සේද වලා කැන් සැඟවෙන අහසේ සිහින් මුවින් ඇය පවසයි රහසේ එයයි මගේ දැන් රැප් එක ලෝකේ තඹ පිත්තල මුදු එල්ලෙන යකඩයි පාට කරපු කොල අත ඇදි ටැටුවයි කෝල නුබෙි ඔය පැද්දෙන නෙතබයි රුවට ලොලේ මම ඉල්ලන පහසයි.. මාල හවඩි මුතු ලස්සන ඔබටයි මිල්ල මගේ හිස් මල්ලයි සැඟවුණු කෙල්ලෙ නුබෙ ඔය රෑපෙට රැවටුනු කොල්ලා මමයි හද බොක්කෙන් පන පිදු... නිලා...✍️
Deesha(දීෂා)❤️ 6 years ago 369 8 19
ඔහු :- මන්දාරමක සැඟවූ පෙම් පහස විඳ මගෙ දෙව්ලියේ මල්පිණි වැටි නිම්න මත දොවා මා නෙතඟින් වැටි මිණිකැට පොකුර ආ ගමනක සිහිනය අද සැබෑ වෙන.. පතිනිය නුඹයි නිරතුරු මගෙ දිවිය පුරා වදනින් පවා සුරකිමි මා නෙතෙහි හොවා මව් වූ නුඹ හැඬුවා මා සිප සනසා මතකයි සොඳුර නුඹ වෙයි මගෙ හැඟුම පවා.. ඉවසුම් සුසුම් මා පසු කර නොයයි නුඹ ලය ගැහෙනා තනුවෙහි නැඟි මිහිරාව දහසක් පැතුම් ඉටුවූ මල් සිහින මත නා දලු සිප ගන්නට අවසරද මට.. ❤❤❤❤❤❤❤ ඇය:- පතිනියයි මා නුඹෙ දිග දිවි ගමනේ මන්දරම් කතරෙහි ගිනි නිවුනවේ ලයෙහි ලැගුම් ගෙන සැමදා නුඹෙ පහසේ හී පහරක් කෙටුවා මගෙ ලය මත්තෙ... ඉවසුම් සුසුම් හෙළුවා මා නුඹ සෙවණේ අඩුවක් නොවුනි මට කිසිදා නුඹෙ සෙනෙහේ මල්ඵල දැරූ සිහිනෙක අද ඵල වෑහේ කිරි සිහිනෙක කුස තුල නුඹෙ පුතු හිනැහේ...
Niලntha ..✍️poetry Is My Life ..✍️ 6 years ago 273 3 0
ඔබ දැකුමෙන් හිත රහසක් මට කීවා කවි ලීවට නැහැ අදහස් ඒකත් රහසක් ඇයි මන්දා මෙි හිතටත් අපමන බාදා ඔබ එයිනමි මම යන්නමි එය මට නිදහස්... අනේ මන්දා...
Methmi Nimnadi 6 years ago 243 4 5
ගිම්හානයට දළුලන රතු රෝස මල්කිනිත්තක් ... අඬ සඳ මෝරන මැදියම් අහසක් ... ස්නේහයේ පලුද්දක් සොයා ගිය එක් මොහොතක් ... හදවතක් සසල කල මතක පෙම් රොත්තක් ... කාල හෝරා පසුවට ගිය අරුමක් ... නුබ නොමැතිව පාලුවට ගිය සොහොනක් ... සොයා වෙහෙසයි නුබෙ සෙවනැලි හසරක් ... මංමුලා වූ මගෙ හද අද පාලු හදකඩුලක් ...❤️ මං මෙතූ-
ශශී❤️? 6 years ago 314 5 5
මුදු පින්න තාම සීතලයි නගේ මගෙ හිතට පාලු දැනෙනවා වගේ දැවටෙන්න ලගම මීදුමක් වගේ කොදුරමුද ලොවට රහස් ගැන අපේ පාන සිනා හුරතලෙන් වගේ ලැසි කොමල ගමන් මදහසක් වගේ නෙත් විලට පිපුනු සියපතක් වගේ සුර දෙව්දුවකගෙ සිත්තමක් වගේ ❤️❤️❤️
Supuni Nilukala? 6 years ago 278 4 5
සුමුදු වූ නුඹෙ පෙති සිපගන්නමයි සිත නමුත් මං හරි බයයි රිදේවිදෝ නුඹහට....... බඹරු නම් බෝමයි නුඹටමයි උන් පොර එපා නුඹ රැවටෙන්න රොන් ගන්න ඔය චාටු......... උදය හිරු එළියටත් ලැජ්ජාවෙන් ඉපිළෙයි බලාන ඉන්නට සිතෙයි වශී වී ඇත මා නෙත්......... විහිදුවා සුවඳ දසත පුබුදුවා සැම මන නෙත් හැකි වේ නම් මට වන්න නුඹ ලස්සන මලක් වැන්න........ ??????
නිමාලි 6 years ago 264 3 5
නිසොල්මන් හදක් සංසල නොවන්නේ.. සිසිල් ඉමක් නිසලව පාවීයන්නේ.. සුපෙම් සුසුම් ඉකි බිදිමින් හඩන්නේ.. නුරා සෙනේ හද පත්ලෙන් උතුරන්නේ... මිලින නොවූ සුපහන් මල් කොදෙව්වේ සිහින වඩන රූ රවටන මිහිරාවේ.. ඇස් බැන්දුම් සගවන ඝන වලාවේ.. නෙත් කදුලින් රවටයි මංමුලාවේ... දෛවය නම් පහුරට සහයක් වෙන්න.. පෙම නම් සැඩ මාරුතයක් එක් වෙන්න... ගං තෙර වෙත නිසගව පිය මනින්න.. කෙලෙසක වෙද මරු සිතැතිව දකින්න...
✍️Nilushi Nisansala✍️ 6 years ago 382 5 8
මතකයි ද ? අද නුඹට , සිව් කොනින් ගිගුම් දුන් වෙඩ් ශබ්ද වර්ෂාව ...... දනන් තුඩ තුඩ රැදුණු මරණ බිය සංකාව....... දැනුදු ඇහෙනවා වගෙයි නැගූ මර අඳෝනාව........ කුරිරු පාපින් අතින් මරු තුරුලේ නිදි කෙරුව............ බුර බුරා නැගුන වෙඩ් හඩින් හද ගැස්ම නැවැත් වූ................ පැයෙන් පැය ,දිනෙන් දින මරබියයෙන් මුළු රටක් තිගැස්සූ ....... එහෙව් ,යුද ගිනි නිවා දොළොස් වසකි අද දිනයට ගත වූ.. තුති ගී කියා විරු හරසර පුද කරමූ................................. තම හුස්ම පුද දුන්නේ, දේශයට පණ දෙන්න .......... නුඹට ණයගැතී දැයක් නොහැක ණය පියවන්න......... ඇස් ,ඉස්,මස්,ලේ පුදා තම දේශේ රැකගන්න............ සවි දී එඩ්තර දූ ,පුතුන් වැදූ මව්පියන් මතු බුදුවන්න........... පවනක් ව හමන්නේ හෙලූ ප්‍රාණ වායුවයි......... දිය දහරක් ව ගලන්නේ විරු පුතුන්ගෙන් ගැලූ ලේ කදයි.......... ඇව්ලි යුද ගිනි නිවූ මිහිපිටැති දෙවිවරු තමයි .......... රට වටැති රන් පවුර ත්‍රිවිධ හමුදා විරුවණී නුඹයි.......................... නිලුෂි නිසංසලා 2021.05.18.
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps