තූර්යා ඉඳුවරී 6 years ago 444 3 3
ඉඩක් නොමැතිද කිසිදු දිනකදී නුඹේ ළමැදේ හිස හොවන්නට.. මගේ හද රැදි නොනිමි සෙනෙහේ ගලන්නේ මේ ලොවට රහසේ... නොදෙනු ඇයි නුඹ සොඳුරියේ මට සැබෑ කෙරුමට දුටව සිහිනය... ආදරය පිරි මගේ නෙත් දැක ඉවත බැලුවේ ඇයිද ඔය ලෙස... ලේ මසින් පිරි මගේ හදවත පිරික්සන්නේ ඇයිද තව තව... හෙටත් අද මෙන් නිදනු හැකිවෙද දෙකොන ගුලිවී එකම යහනක.. හදේ තෙරපෙන නුරා හැඟුමන් විසුරුවන්නද ලිහා සළුපිළි... අවසරද මට කියන් ළඳුනේ තව තවත් නොරිදවා මා සිත... ?️තරූ සමනළී?️
තූර්යා ඉඳුවරී 6 years ago 436 3 3
හීන පොකුරක් හදේ ගුලිකර හිත්මානයේ හෙමි හෙමින් ඇවිදින ඇස් පියන් යට තබා රැකගත් සුදු මැණික නුඹ මගෙය හැමදින... නීල නෙතුවල විඩා සිඳුමට නුඹෙන් ගිලිහෙන සුසුම් ළංකර මිහිරි රිදුමක දෙතොල සිරකර මුව සිඹින්නට නැද්ද අවසර... මිහිරි ගීයක පද වැනී.. සිතේ තෙරපෙන සිතුවිලී නුඹෙ නමින් මා රැස් කරන්නම් සොඳුරු සෙනෙහෙන් මත් වෙවී.. ?️තරූ සමනළී...
Deesha(දීෂා)❤️ 6 years ago 307 6 8
සෙනහස මෝදු තුරු සෙවණේ පහස ලබා නිදහස සොයන විහඟුන් ඇයි ගියෙ පියඹා දැනුණොත් දිනක මතකය අහසක් කළඹා නුඹ නම් හඬයි මගෙ පපුවට දෙඅත් තබා ???????????
සනූ 6 years ago 328 5 4
පොවා කිරි තන අගින් වෑහුන හොවා ලය මත සෙනෙහෙන් පණ සුර ලොවින් මා ළඟට පැමිණුන මගේ කිරි කැටි පුතු ඔබයි සඳ උස් මහත් වෙයි පුතු දිනෙන් දින පා තබයි මා අත් වාරු ගෙන කිරි සිනාවයි මුවේ රැන්දුන පින් කඳයි පුතු හිත පිනා යන ඇස් වලින් කෝලම් කරන්නේ අක්කිටයි කරදර කරන්නේ තාත්තිගෙ නම් දඟමල්ලනේ අපේ කිරි කැටි පුතු ඔබයි නේ ??සනු??
Kaveesha Lakmali 6 years ago 317 3 2
අහසේ සඳට සමකර කවි ගී ඇසුනා පැසසුම් නොලද පිය හිමි නෑ දොස් නගලා නිවසේ බුදුන් අද මහ මග කත වූවා තනියක් නොවේ ඈ ලොව හිරු ළග උන්නා.. ~~KaVee~~
amitha kumari 6 years ago 296 2 1
හදවිලෙ ඔබ ඉන්න අති දයරකින්න එක්වන්න අති නොහිදින දුක් ව්හිදින්න අති තුන් ලොවෙ දවි කෙනක් ඔබ වෙන්නති රනවිරු සබල රට වෙනුවන් දිවි පිදු සබල රට සුරකුනු සබල ඔබත් ලොවශි අපගෙ අත්තමචරයෙ 2009 , 5 ,18 2009 , 5 , 19 2020 , 5 , 18 , 19
Deesha(දීෂා)❤️ 6 years ago 316 4 4
ඔහේ රැඳිලා තිබුණු පිනිබිඳු තඹර මල් රැකගන්න හැදුවා ගොහොරු මඩ තනි ලොවක හයියෙන් වෙනස්කම්වල අගය මැව්වා දිනිඳු කවි නොකියාම යද්දී තනිව විඳගෙන පාට හෙව්වා හඬපු කඳුළුත් සිඳෙන්නට පෙර හිනාවෙන්නට හේතු ලිව්වා෴ ☺️☺️☺️☺️✍️✍️✍️✍️
Methmi Nimnadi 6 years ago 305 4 2
සන්තාප සෝ තැවුල් මං ඇකයේ හොවා... කිරි දී වැඩුවා මහත් ලෙස කාලෙකට ඉහතදා... අබිමානවත් පුතෙකු දැයට වඩා... තිස්වසරක අඳුරු සෙවනැලි සුනුවිසුනු කරා... සදා නොමැකෙන කැටපත් පවුවක නම කොටලා.. නිවහල් බිමක් ඉදිකොට මෙදා සැවොමා.. අබිමානවත් ලෙස රට වෙනුවෙන් අවසන් ගමන් ගියා... ජාතියටම මිණිකැටයකි ත්රිවිද හමුදා විරුවන් සැමා... සිහිවෙනවා නිරතුරුවම ඔහු සැමදා ... නෙතත් කඳුලැලි වගුරා සයුරක් වී මෙකලා... රණවිරු මවකි මම එඩිතර පුතෙකු වැඩූ... නිහැඩියාව දුරු කෙරුමට එය මට අස්වැසිල්ලකි වුනු..❤️ මං මෙතූ-
Kaveesha Lakmali 6 years ago 253 2 2
ගඟක් විලසට ගලා ආ පෙම සිදී ගිය ගල් තලාවේ වාලුකා වැසි වස්සවාවී මතක නම් නිති දෙවේලේ සිතක් හඩවා දුරක් යන්නට නොහැක කීවත් නිසොල්ලේ නුඹේ දෙනෙතට කදුළු නොමවන් මලක් පිපියන් කැදැල්ලේ සසර හුරුවට පැටලුනා හිත් පෙමක් පිදුවට තුරුල්ලේ මගේ සෙවණේ සුරැකුනා නුඹ සතුට එයමයි ජීවිතේ ... ~~KaVee~~
Niලntha ..✍️poetry Is My Life ..✍️ 6 years ago 285 3 3
මකර කටින් ගිනි පිටවෙන තාලේ සිංහ පැටවු අද වැජබෙන කාලේ මෙික තමයි අපි පැතු ඒ ලෝකේ විරුවො තමයි අපි සක්වල දියබෙි.. පාට පාට හිරු මවන රටාවෙි සීත සීත පිනි දියඹ කලාවෙි අපේ මුත්තො හැදු වැවක තලාවෙි ගිමන් හැරිය අපි දාලා සලාජේ.. කඩුව අරන් එන ගහලගෙ වෙිගේ මද්දු පුතා පැන පෙන්නුව නාදේ සිංහ කමයි අපෙ උරුමය සසරේ බෙල්ල ගියත් අපි නැහැ බයවෙන්නේ.. වසර තිහක් අපි ඟත කල සමයේ ලෙයම පුදා අපි ගෙවු මහා කැලයේ මදුරො තලා අපි රෑ නිදි මැරුවෙි විරුවො හෙලා අද අපි තනි කෙරුවෙි... ගමෙි නගර මැද සුවිසල් මන්දිර කෙල්ලො කුරුටිටෝ පෙමි කෙලි මහ මග නගේ මලේ අද නිදහස වින්දද නුඹට ජයයි හෙට අපි යයි වලකට... නිලා...✍️
amitha kumari 6 years ago 297 0 0
දුව නුබ මතකය රදුනු පිය මම දුව නුබ අදරෙ සහනහස රදුනු මව්නි මම
Niලntha ..✍️poetry Is My Life ..✍️ 6 years ago 255 3 2
අවුව වැස්ස එක ලෙස සම සම බෙදුන රටක් ඇතිද ඉරකින් වෙන්වී බෙදුන ජාති කුලය කාගෙත් සිත් තුල බෙදුන රටක් ඇතිද කාගෙත් සිත් තුල ඇදුන වැවක සිරිය මතු කොට රජවරු හැදුව මවක් ඇතිද බිහිකල රට මෙන් වැදුව පතක් අතින් අත දරලා මව මෙන් රකින නුඹට සෙතයි විරුවනි දේශය රකින අව්ව වැස්ස කිසි විට නෑ හිතට ගෙන ලෙයින් පිදුව ජීවිත හදවත් පෙරට ගෙන රටම හඬයි කල විරුකමි හිතට ගෙන පෙරට යමන් විරුවනි ජාතික ධජය ගෙන සිංහ තේජසින් හදවත් පෙරට ගෙන නමා කාලා තිස් වසරක යුද්දෙ නිමා පුතුන් විරුවො කල මව සුරකින්න සදා ලෙයින් පුදා රැක ගත් රට සුරකින්න සදා.. නිලා...✍️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps