Prem14 Nath 6 years ago 236 7 4
ගුලි කරන් හිටි කවියක පද පේලි වල නොලියපු අකුරු අමුණයි නුඹ හිත ලඟින් නැවතී
ශශී❤️? 6 years ago 310 5 8
දහදිය කදුලු මිනි මුතු විය නුබෙ පෙමට... කරගැට පිපුනු අත් රලු විය විදි දුකට... රිදුමන් නොදී මා සැනසූ හදවතට... නුබ මගෙ තාත්තා වූයේ පෙර පිනට... ගොතනට එකින් එක පදවැල් නැත මැවුනේ... නුබේ ගුණ ගයන්නට ලෝකය මදි සිතුනේ... මහමෙර හිසින් අරගෙන නුබ දුර ආවේ... නුබෙ සෙනෙහසට උපමාවන් නැත ගෙතුනේ... දිවියම මගේ හැඩ කෙරුමට නුබ වෙහෙසී... දුක් කම්කටොලු වින්දා නොඅඩුව පේවී... දිනුමක් ලදොත් ජීවිතයේ මතු දිනෙදී... ඒ නුබ නිසාමයි පෙම්බර අප්පච්චි... ශශී
ශශී❤️? 6 years ago 373 4 6
සීත මිහිදුම් සලු එලා පබලු පිනි කැට වපුරලා නුබේ සිත දගකම් කරනවද මගේ නෙත් මත පැටලිලා සිහින තරු දෙස නෙත් යොමා හැගුම් සුසුමක දවටලා කොපුල් තලයට හාදු දෙන්නද ආදරෙන් තුරුලට වෙලා... සුලග මුමුනන පෙම් කතා මගේ දෙසවන රදවලා සිතින් නුබ මගෙ ලග ඉන්නවද හන්තාන සේ නොසැලිලා අදුර මැද මුලු රැය පුරා එලිය දෙන සද වගෙ ඔයා නුබ මගේදැයි මට කියනවද හෙමින් සවනට කොදුරලා... ශශී
Deesha(දීෂා)❤️ 6 years ago 294 7 7
ගසා පොළොවේ සළඹ පත්තිනි පඬිපුරම ගිනිබත් කළා... සොළී දේශයෙ කන්නගීලත් කෝවලන්ලට රැවටුනා... නෘත්‍ය රැජිණිය මාධවීලට කෝවලන්ලත් අහුවුණා... එ්ත් පුදුමයි පතිනි සළුවත් තුත්තිරී වල පැටලුණා... මධුසමය සත් මසක් වෙද්දී සත් දිනක් තව දික්වුණා.... නැටුම් මණ්ඩපයක් මතට වී මාධවීලත් විකිණුනා... ආලයේ දෙව් රුවද පත්තිනි ඇයත් ශෝකෙන් වැලපුණා... කාවේරි පටුනත් හඬයි අද එදා වෙණ නද සිහිවෙලා....
ශශී❤️? 6 years ago 310 5 6
සෙනෙහෙ සිත්තම් කරන නුබේ මන හැගුම් ලග... නොසැලෙනා මගේ හිත සසල විය මොහොතකට... දග කරන නුබේ ඇස් මගේ රුව ලග නිතර... සිපගන්න අවසරද සිහිනෙකින් මගෙ සොදුර... නුබ මගේ නොව හැගෙන අදුරු ඒ නිමේෂය... කල්පයක් සේ දැනෙයි කදුලු දෙන ඇස් වලට... හැන්ගෙන්න නුබේ ඔය සොදුරු හද විල් පතුල... කාටවත් නොහැගෙන්න පින් පුරමි හැමදාම... ආකහේ හැමදාම දිදුලනා සද ලගට... තරුවකට කෙලෙස නම් ලන් වෙන්න හැකිවේද... දුරින් හිද සැනසෙන්න මගේ දුප්පත් හිතට... අපේ ලස්සන මතක හැමදාම මට දෙන්න... බොලද මගෙ හදවතට හැම මොහොතෙ පෙම් කරපු... නිබදවම ආදරේ නොඅඩුවම පුද දුන්නු... මියෙන තුරු ආදරේ දලුලන්න පින් කරපු... මගේ පණ මගෙ වෙන්න මතු බවෙකදී නුදුරු... ශශී
Deesha(දීෂා)❤️ 6 years ago 319 5 6
ඝන පටි ඉරන මන්දාරම් දිය සෙවණේ හද තනි නිවන ගොම්මන් සීතල අරණේ නුඹ ළඟ තරම් හැන්දෑවක් නෑ පෙනුනේ මතකය එක්ක ඒකයි අඳුරෙම ගිලුනේ නිවනා භාවනාවක් හද විමන් මැද ගොතනා මල් දමක් සිතිවිලි පවුරෙ බැඳ සිහිවී සිනහවක් සත්කුළු පව්ව බිඳ වැටුනා කඳුළු වැස්සක් නුඹ දන්නවද ?????????
Deesha(දීෂා)❤️ 6 years ago 359 4 7
නිල් දිය ගොළුකරන අහසේ සඳ සේම තුරු වැල් නතර කරවන පියුමක ප්‍රේම හිඳ දැහැනේම සිත ඉවසුම් නැතුවාම නෙළුමක් පාට මැව්වා මඩ ගොහොරේම ????????
✍️Nilushi Nisansala✍️ 6 years ago 387 4 4
පිපී නොයෙක් කුසුමන් විහිදයි සුවඳ. ගණදුර මකා පායා අද පොසොන් සඳ. මොහදුර දුරලූ අපමහ බුදු සමිදු වැද. අනුබුදු මිහිදු මාහිමි වැඩ් දිනයි අද.
Deesha(දීෂා)❤️ 6 years ago 307 5 6
පොළොවක් නිහඬ වෙද්දී වැහි දිය වැටුණා හවසක් නිහඬ වෙද්දී කොළ මල් හැලුනා දවසක් නිහඬ වෙද්දී විහඟුන් සරනා නිහඬම සිද්ධි වල ලොකු අරුතක් තිබුණා...
Supuni Nilukala? 6 years ago 314 4 3
ලියැවූ දහස් පදවැල් අතරේ ගැයූ දහස් ගායනා අතරේ කියැවූ මහා පුස්ථක අතරේ නැරඹූ දහස් සිත්තම් අතරේ විරහවට ඇයි මෙතරම් හැඟුම් විරහවට ඇයි මෙතරම් ඉඩක්.....?? ????
චතු ගුණසේකර ? 6 years ago 312 5 5
සිත රැගෙන යන මං මුලාවක කවිය විය නුඹම ඒ සොබාවක නිබද දයාවක රූ ඇදි රටාවක පද වැලක ඇති ඒ අමුතු නිහැඩියාව කවිය නුඹ ඇයි මෙතරම් සොදුරු ඒ පියසට මන්ද හුදකලාවම නුබේ ඒ නිවහන නිශා දියබට කිමද ඔය තරම් සෙනෙහස සද තරු විතරද නුඹට ආලය තවම වස්සාන සමය ගෙනෙයි රෝබරෝසියා මල් ගොමුව නුඹට හැකිවෙයි මෝහන්දය මවන්නට සිතට එදින කවුරුත් නුඹ ගැන විමසයි ඒ සොබාවට නුඹ නැති දිනෙක ගෙනෙයි ඔය පදවැල නියම ලන්සුවකට ..
Supuni Nilukala? 6 years ago 312 4 6
නාස් කුහර හිර කරවන?? නෙතින් අග්නි පිටවන? හිස පුපුරා? මුළු ගතම වෙව්ලවන? "හිසරදය'' නුඹ නම් මහ කරුමයකි ? මගේ ඉහටම පතබෑවුණ?? ????
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps