Supuni Nilukala? 6 years ago 286 1 0
කොහෙද යන්නේ.. මේ උදැහැනැක්කෙ..... කදමලු බැඳන්.. නෑයො බැහැදකින්නට දෝ.... බැලූ විට ළං වී පහළ උලුවස්සේ, මංතුමි බිඳ දැමූ, පුංචි රජ මැදුරෙන්, රැගෙන තම නොමේරු දරුවන්... කුහුඹු පේළියක් දුවන්නෙ හැල්මේ......... කුහුඹුවන්ටත් ඇත්තෙ මට වගෙම පවුලක්... ආයෙ නම් නෑ වන්නෙ තවත් මගෙන් වරදක්... සමාවුව මැනවි මට කුහුඹු යහළුවන්නේ,, නැවත මේ පැත්තෙ ආවට කම්නැත්තේ... ????
සනූ 6 years ago 266 4 5
ගැබ පිරුණු දා නුඹේ ජීවෙන් දැනුනා හිතට අමුතු හැඟුමක් දකින්නට නුඹෙ කිරි කැටි සිනාවන් හීන මැව්වා ඇඟිලි ගනිමින්,,,,,,, පෙරුම් පුරනා දිනය එලඹී ගතට දැනුනා වේදනාවක් දිවියෙ ලස්සනම දවසක අතට ලැබුණා රෝස කැකුළක් ලස්සනයි ඈ බෝනික්කි වාගේ රෝස පෙත්තක් වගේ සුමුදුයි ජීවයම ලේ කිරි පොවා දුන් නුඹයි ඒ මගෙ සුදු දෝණියයි
ශශී❤️? 6 years ago 406 4 7
සුදු පාට මීදුමට මුහු වෙච්ච මද සුලග දග කලා උනුහුමට දැවටිලා අප ලගම ඈත කදු වලලු මැද තනිවෙච්ච කෝවිලට පියමැන්න හැටි නුබට මතකයිද මගෙ සොදුර... අතින් අත පටලවා ගුලිවෙලා උනුහුමට නෙතින් නෙත දල්වලා ලන් වෙලා සිත් ගැබට කදු යාය නිම්නයක තනි වෙලා අප දෙදෙන වින්ද ඒ මිහිරි සුව නොවේ අමතක හදට... සීත මිහිදුම් පොකුරු ඈත කදු සිපගත්ත නීල තණ පලස මත වැහි බින්දු වැතිරිච්ච සෙනෙහසට සිසිල දුන් මනමාල පොද වැස්ස පිබිදුවා මන හැගුම් මගෙ හිතේ හැන්ගිච්ච... ශශී
Supuni Nilukala? 6 years ago 268 4 7
සීතලම සීතල පිණි බිඳිත්ත දැවටෙන්නටමයි වැර අනුකම්පා නැද්ද නුඹට සීතයි මට බොහොම එපා දැවටෙන්ට නුඹ උණුසුම නෑ මා ළඟ සිටියනම් මා හිමි සඳ ඔච්චම් කරයි නුඹට දවටවා මා ගත උණුසුම ❤️❤️චූටි හාමිනේ❤️❤️
Supuni Nilukala? 6 years ago 277 3 2
නාස් පුඩු මන්මත් කර.. සංඥාව දී පාදවලට.. හොරැහින් ඔබා දිව පිනවන.. ඒ ගමන් සිත කළඹන.. ඇතුළු වී උදර රාජයා වෙත.. නිවාලයි ගින්න මා බඩෙ කැකෑරෙන.. වෙනයම් දෙයක් වේ ද කෑම?? කෑමම???? මිස ????
Supuni Nilukala? 6 years ago 295 3 1
අනෙ නිදි දෙව්දුව වඩින්න මගෙ යහනට ඇතුළු වී මගෙ හද ගැබට කරකවා අඩුවන්නට මේ හදවතේ ගිගුරුම් හඬ තවත් බැහැ හඬන්නට මහන්සියි හරියට..............? ????
Supuni Nilukala? 6 years ago 235 4 3
අතේ ඇඟිලි පහම එක වගෙ නෑනෙ දූලා පුතාලගෙ අප්පච්ච්... ............... පුංචි සන්දියේ,,, දිනක් අපි පස්දෙනා ලොකු රණ්ඩුවක් වුණා එකිනෙකා හපාගෙන කොනිත්තා ඇස් රතු වුණා තාත්තා පැමිණවිත් නඩුව දිග හැරවුණා ඒ වෙලෙහි මයෙ අම්මා ඔහොම කියනවා ඇහුණා. ................... ඇත්තටම ඒ වගෙම අදත් අප රැස් වුණා බහින් බස් වී රණ්ඩුවකින් අවසන් වුණා දික් කර ඇගෙ නෙරිය පිසදා සෙමින් කඳුළු මේ අප දෙන්නාගෙ දරුවො නෙව පැවසුවා.... .................. සිතන විට නිවි සැනසිල්ලෙ, අම්මා??? කොහොමද නෑහෙන්නෙ ඔබ දරුවන් මත්තෙම මේ තරමට, ඇඟිලි පහ එක වගේ නොවුණත් ශක්තිමත් දෑතකි නුඹ ඒ ඇඟිලි පහ එක් කරන. ඒ නුඹෙ නොවෙනස් ආදරය අප සැම අතරේ බෙදී ගිය.❤️ ????
Supuni Nilukala? 6 years ago 281 3 5
රක්ත වර්ණ වූ දෙනෙත් මිටිමෙළවූ අතැඟිලි සෙළවෙන දෙකම්මුල් ඉලිප්පුණු නහර සමන්විත තරහව නුඹ දැන් සිංහයෙකි ඇඟට කඩාපැණ ලේවල පහස විඳින. නැත,,, නුඹ මහ බියගුල්ලෙකි නුඹ කියන අමෘතයෙහි පහස විඳ ඇවිදින්, සිනිඳු මලකට තඩිබාන. ????
Supuni Nilukala? 6 years ago 296 5 3
සෙනෙහෙවන්ත ඔය දෙනෙත කෙමෙන් වී විඩාබර. රළු කෙහෙරැළි පිරුණ නමුදු දැන් සැඟව ගිය. පුළුල් වූ උරහිස ක්රමයෙන් වූ වකුටු. ගාම්භීරව තිබූ සිරුරේ සම් සිඳී ගිය. මහන්සියි නේද මගෙ අප්පච්චි දැන්වත් ටිකක් හුස්ම ගනිමු ද බිම තබා නුඹෙ වගකීම.??? ❤️❤️ආදරණීය දෝණි❤️❤️
Supuni Nilukala? 6 years ago 327 6 3
ඔය උරහිසට හිස තියාන හිඳිනට එක් තත්පරයක්.? පුළුවනි ද පැමිණෙන්න පාළු මගෙ ලොවට වී එළියක්.. සයුරෙන් එහා⛵, ගෙන එන්න සැප අපේ ලොව වෙත, ගියත් නුඹ මා තනිකර... මැණික නුඹ දන්නෙහි ද... නුඹයි මගෙ මුළු ලොවට සතුට?.. දුටුවත් මා ඔය රුව පුළුල් කොම්පියුටර තිරය මත. ස්පර්ශයයි නිතර ඉල්ලන්නෙම මේ සිත... කල්පයකි මා හට නුඹෙන් දැනෙන ඒ ගැඹුරු උණුහුම?. ❤️❤️චූටි හාමිනේ❤️❤️
තූර්යා ඉඳුවරී 6 years ago 423 7 5
කතා කරන ඔය නීල නෙතු යුගේ කැල්මෙන් ජීවන කවිය ලියන්නට පියඹා එන්නට සිතුණත් මා හට ගත සිරවී ඇත සයුරෙන් ඈතක... හසරැලි පානා නාදළු දෙතොලේ රත් පැහැ උකහා ගන්නට සිතුසේ ගිලී මියෙන්නට ආදර සයුරේ පෙරමං බලමින් හිඳිනෙමි සොඳුරේ... ගත රැඳි සළුපිළි සෙමින් මෑත් කර දෙතොලින් මත් තිසරුන් ඇහැරන්නට හද ගැහෙනා රිද්මෙට නැළවෙන්නට ආසයි සුදු මැණිකේ ළඟ ඉන්නට... වෙණ මිණි තත් හෙමි හෙමින් සුසර කර කර්ණරසායන තාල විදාහල මින් පෙර නොගැයූ මිහිරිම ගීයක තනුව වයන්නට අවසර දෙනු මැන....
ශශී❤️? 6 years ago 424 8 6
වැසි වසින කල සොදුරු වූයේ වෙලේ ඉපනැල්ලයි සුලන් හමනා විටෙක දුටුවේ තුරුලතා රැගුමයි මියදෙනා තුරු හිතේ ඇත්තේ එකම එක පැතුමයි දිවි තුරා තුරුලටම වීලා නුබේ ලග ඉන්නයි ශශී
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps