Niලntha ..✍️poetry Is My Life ..✍️ 6 years ago 300 3 2
ලස්සන ඇස් මට ඉගි බිගි පෑවා පුළු උකුලට සිත වහ වැටුනද මන්දා ඉඟ නෙරියට තව සිත ගිය තැන් බෝමා ගොළු කුමරිට මගෙ සිත පෙම හඳ බැන්දා.. බැළු බැළු තැන මගෙ නෙත් ඔබ හා බැදුනා රුව වසගෙට සිත නැහැ ඉවසුමි ගෙනෙනා මම යනවා දුර ඈතක ඔබෙ මතකය බන්දා ලලනා විය නුඹ සීගිරි ගල මත ඉන්නා...
ශශී❤️? 6 years ago 330 4 4
නුබ දුරු රටක යන්නට ගිය ඒ දවසේ මන් මුලු රෑම ඉකිබිඳ හැඩුවා රහසේ මතකෙට නැගෙන විට නුබෙ පෙම හැමතිස්සේ දුක හිතෙනවා ගෙවෙනා හැම තත්පරයේ නුබෙ සෙනෙහසට උපමා නෑ පබදින්නේ මවුපිය සෙනෙහෙ තරමට එය වැජඹෙන්නේ මේ මුලු ලොවේ නැත කිසිවක් මට අගනේ නුබ හැමදාම මගෙ මුලු ලෝකෙම සොයුරේ ශශී
ශශී❤️? 6 years ago 395 4 4
සිහිනයක සිත දුරක රන්දා නීල ඉදුවර දෙනෙත් සැලුවා නුහුරු නුපුරුදු හැගුම් අවුලා සුලග වී නුබ ඈත ඇදුනා... මතක ගුලිකර සුසුම් හෙලලා මුලු රෑම ඉකි ගසා හැඩුවා පවන මුමුනන කවිය ඇසිලා නිදන සද මල කදුලු සැලුවා... නුබේ සෙනෙහස දැනෙන හින්දා අතැර යන්නට ලෝබ හිතුනා ඒත් ඇය නුබ ලගම හින්දා ඉතින් යන්නම් මතක හැරදා... ශශී
Niලntha ..✍️poetry Is My Life ..✍️ 6 years ago 297 3 7
දුටිට ගාමිණී හෙල රජ සටන් වැද රැකපු රට උතුමි බුදු තුන් සරනෙ වැද ලෙයින් උපන් රැකුමට මෙි දෙරනෙ අද විරුවො අප තමයි ලක් මව රකින..අද තල් ගස් යට තෙමි තෙමි අපි වැස්සේ වෙඩි හඬ ඇහෙනව අලි කැල අස්සේ තෙමුනට නැහැ අපි නිතරම කැස්සේ.. බෙලි කපලයි අපි හැන්ගුවෙ මඩ අස්සේ ... ආටි මල්ටි බිම් බොමිබ හඬ මැද්දේ ගෙවුව ජීවිතේ නැහැ අමතක වෙන්නේ විරුවො අද අනේ අමතක වෙලා පොඩි පුතේ රැකපු රට නිසා නුඹලත් ගෙවමි ජීවිතේ.. නිලා ...✍️
Supuni Nilukala? 6 years ago 284 4 2
දැන් ඉතින් මක් කොරන්නද.. ගමේ ඉස්කෝලෙ ම තමයි... ළමයා නම් අපේ අක්කාගෙ දක්ෂයි නොවැ ..ඉහළින් සමත්.. කමක් නෑ බන් කුඹුරු කොටන්නට බැරිය බොට මහ උන්දැ එක්ක.. ප්‍රතිඵලේ දැනං යන්නැ..උදෑසනින් ආවෙ මං.. එහෙනම් ගොහින් එන්නම්.. .......................... ගම්මුන්ගෙ කතා බෝමයි.... ශිෂ්යත්තෙ ෆේල් මං. සිත නම් සලිත උනා මං ඉතින් පුංචි නොවැ ඒත් නැහැ වැටුණෙ මං ගියා සැමදා ගමේ පාසල් ලැබුවා දැනුම් සාරේ.. සාපෙළ පාස් මං. කනිටු විදුහලින් රැගෙන සමු ටවුමෙ ඉස්කෝලෙ ගියා නොවැ මං නැහැ තැනක් මට ගමේ දුප්පත් සැලුණෙ නැහැ මං ලොකුයි නොවැ දැන් උගත්තා මං පිනෙන් මව්පිය ලබාගත්තා දෙවන අභිසෙස්.... උපෙළ පාස් මං. ජ'පුර මෑණිගෙ තුරුලෙ සිව් වසරක් තිබුණෙ නැහැ කිසි කලෙක බේදයක් සහෝදරයන් සේ එක මව්ගේ රොක් වුණා සැම දේට එකාමෙන් ලද මහා පන්නරය අභිසෙස්.. ලබා ගත්තා උපාධිය මං. :::::::::::::: නමුත් නැහැ නැවතුනෙ කතා නම් කෝ පුතේ ගත් උපාධියට ජොබ්??? ????
ශශී❤️? 6 years ago 352 3 3
සරා සද මල දිලෙන අහසෙහි නුබේ රුව ගෙත්තම් කලා සදට හිනැහෙන තරු පොකුරු මැද නුබේ නෙත් මට හිනැහුනා රැහැයි හඩ ලොව ගයන ගීතය සිතට විරහව එක් කලා මැවෙන පෙරදා මතක සිතුවම් සිතම මගෙ අසරණ කලා ශශී
✍️Nilushi Nisansala✍️ 6 years ago 442 5 2
බොහෝ කාලය ගෙවුණු පසුව ද , ඊයේ අද වාගේම දැනී රිදුම් දෙනවා මගේ හද තුළ අතීතයේ කළු සෙවනැලි තියුණු රුදු සැත් ලෙසින් මතකය මහද පාරන මුත් ඇනී කඳුළු අතරින් නුඹේ රුවමයි පෙනෙන්නේ බොඳ වී හරි, දැවී ගිනිගත් සිතින් නිතරම ඉගෙනගෙන හැම දරාගන්නට මගේ තනියට හිට්ය කඳුළට යන්න අවසර දුන්නා හෙම්හිට, කිම ද ? දැන් එන්නට හදන්නේ පසුතැවිල්ලක දුක කියාගෙන ලියා අවසන් බොහෝකල් මම නුඹට පිදු ආදරේ මළගම . කුළුඳුලේ අකුරු කල මගේ ආදර කවිය, වියෝ ගීයක් කලත් ශාප නොම දෙමී නුඹට ඉතින් එබැවින් නවතිමී , හදින් පිටමන් නොකරමී .........
Niලntha ..✍️poetry Is My Life ..✍️ 6 years ago 286 2 3
සිහින් නෙතඟ ඉගි කරනා තාලේ බැල්මට මෙි ලොව වැටෙනා ආලේ සංගීතය මන පිනවන ලෝකේ කවිකම රජකම එක හා පෑහේ... ඇදලා පන්දම සුරලොව නැවතේ පාට බැළුන් නෙත් පෙනිලා නැවතේ පැනිරස කෑමට හිත යන වෙිලේ දිව ඔසුවක් එය දෙවුලොව බැබලේ.. රාග නෙතින් ඔබ හිනහෙන වෙිලේ පාට රුවින් ඔබ සැතපෙයි යහනේ කෙල්ලෙ නුබෙි ඔය පෙනෙනා විසගේ සිතම දවයි ලොව පෙනිලා අරුමෙි.... නිලා ...? මතට නොවෙි මෙය..සිතටයි කෙල්ලේ...
Deesha(දීෂා)❤️ 6 years ago 292 6 10
උණුසුම සීතලට නොදෙවනි රුවන් ගල රුව ගුණ අතින් පිරිමදිනා නෙළුම් මල ගලනා රිදුම් ඉවසා සිටි සයුරු රළ ලෙය කිරි වන්න පින් පුරනා ස්නේහ විල
Niලntha ..✍️poetry Is My Life ..✍️ 6 years ago 279 4 5
හිරු මිලිනව යයි අදුරට ඟනදුර එලියක එතිලා තල් අරනේ සිසිලස මට ගෙන එයි සුලඟක වෙලිලා උනුසුම මම විද ගන්නමි අවි කඳ තුරුලට කරලා ඔබෙ වත මම ඇඳගන්නෙමි සද මත සිතුවමි කරලා...
Niලntha ..✍️poetry Is My Life ..✍️ 6 years ago 280 3 3
ආත්මයම මා පසු පස පියමැන්න ඉමක් නොවෙන ආදරයක් මට දුන්න දෙනෙත් මගේ අඳ උෟවත් ඔබ ඉන්න සෙනෙහෙ නුඹයි ආත්මයම මට දුන්න .. සසරෙ කොතන හමු වූවත් අපි සොදුර කතර නුඹයි සසරෙම දිය වී නොයෙන නිබඳ හදෙහි ගැඹුරෙම සිර වී සිටින මැනික ඔබයි මගෙ දිවියම ජීවත් කරන... රෝස දෙකමිමුල් පිරිසිදු වත කමල ආලෙ දුන්නෙ හදවත නිමකින් නොවෙන නීල නෙතග හැමදාමත් මගෙ වෙන්න පතමි නිබඳ හැමදාමත් මගෙ වෙන්න... නිලා...✍️
Supuni Nilukala? 6 years ago 303 3 3
මං ආසයි ලස්සනට ගයන්න මං නොලියූ කවියක්.. මං ආසයි ලස්සනට වයන්න මං නොසිතූ තනුවක්... මං ආසයි ලස්සනට පාට කරන්න මට අයිති නැති චිත්‍රයක්... මං ආසයි මවන්න ලස්සනම ලස්සන හීනයක්... මං ආසයි ඒ තුළින් සුවපත් කරන්න කැඩී බිඳී ගිය අන් හදවත්. ????
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps