Kavindi Himasha 7 years ago 297 9 5
මගේ හිත පිස්සුවෙන් උබව හොයද්දි පොඩි දේටත් ගහ මරාගෙන හරි උබට සමාව දෙද්දි පිහියෙන් අනිනවා වගෙ වචන කියල මගේ හිත රිද්දද්දි වැලහින්නක් වගේ අඬනකොටත් උබට ගානක්වත් නැතිවෙද්දි මම මගේ දුක කාට කියන්නද බං ..???? .....................??
Ishara umayanga Hewawasam 7 years ago 261 2 2
දවල් පොහොට්ටුවක් උන කඩුපුල් මලක් රත්රියෙ පිපුණාම සද එලියෙ, බුදු පුදට ගිය පසු පතනුයෙ හිරු එලියෙ පිපෙන්නට වරම් දෙන ලෙසය ඉතින්,........ කඩුපුල් මල් හිරු එලියෙ පිපෙවිද? හිරු රත්රියෙ උදා වේද? පිලිතුර දිගු වු සුසුමක්ම පමණි ....... Ishara Umayanga Hewawasam
ShaKuA 7 years ago 336 3 0
කට පුරා හිනාවක් මිනිස්කම පිරි, හිත එක්ක මුලාවක්, ආලයෙන් රිදි, සෙනෙහසින් කතාවක්, දෑස්වල පිනි අත් ඇරුනු බැදීමක්, හිතක ලඟ රැදී..! පුරා ලේ බැදීමක්, ඇටමිදුලු වල සවි කතාවෙන් සිරාවක්, බොක්ක හෙට බදු දෙමි ඔතාගෙන බත් එකක්, වටේ සිට පොරකති පතාගෙන පෙර භවේ, set එකම පණ දුනි............♡ _ශකුA_
ShaKuA 7 years ago 275 3 0
හිමිකරුත් නැති සෙනෙහෙ ගීයක්, සොවින්බර ඒ නුවන් අභියස, කදුලු බිදුවක් ලෙසට වූවා,, අනාගතයට කල්ප ගණනින් මැවූ සිතුවිලි, එකම රැයකින් මිලින වූවා,, ආදරෙයි පණ ලොවක තරමට කියු බොරු බස් හිතක වූවා,, හිතක් නැති ඒ පවක් පැතු මම හුදකලාවේ කවිය වුවා.... _ ශකුA_
SL SP 7 years ago 279 6 1
මං හපලා විසි නොකර උඹත් හපලම විසි කරපු උඹ හපලා විසි නොකර මාත් හපලම විසි කරපු අප්පිරිය නොවූ තැනකට ආදරය උස්සපු එකම එක චුයින්ගම් එක මතකද තලු මරපු (විjay)
Sachina Fernando 7 years ago 245 3 0
මැදියමේ මෝරා විරහ පීනිස පාරා සරදම් කරන පින්න ඇය.. සොටු කදුළු බෝමා නිමක් නැත සූරා කෙසේනම් මේ දුක විදිමිද මම....?
SL SP 7 years ago 277 4 3
උඹව ඉස්සරහින් යවල මං පස්සෙන් එන්න හැදුවෙ උඹව මට පේන දුරින් තියන් යන්න පාර දන්නෙ ඔයා කියල ඔයා ඉස්සරහින් යන්න මං පස්සෙන් එන්නම් කියල උඔ කිව්වම මං ඉස්සර වුනා රජා වගෙ ඉස්සරහින් ගියාට නිතර නිතර පස්ස බැලුනෙ මගෙ ලෝකෙම පිටිපස්සෙන් එන උඹ වුන නිසා (විjay)
Ishara umayanga Hewawasam 7 years ago 267 3 1
පොළොව සොයා එන දිය බිඳුත් ගංගාව නලවන දිය පාරත් මුහුද වෙහෙස කරන රලුදියත් දෝත එකතු කොට දෝතට ගත් කල හැලහොල්මනක් නැතුව නැවත අහස දෙසම බලා හිඳි ..................................................................................Ishara Umayanga Hewawasam
ShaKuA 7 years ago 294 1 0
සඳ සෙවනේ තරු තරමට පැතූ පැතුමන් සිදී ගියදා ඔබෙන් ලද ඒ සිහින තවත් හදකට සින්න වුණදා ලැබූ සරසවි සිහින සොයාගෙන විත් වැළදගත්දා ඔබත් ඒවිද ඇයත් සමගින් පරණ හදවත පාරා පාරා... _ශකුA_
ShaKuA 7 years ago 281 1 0
සරා සඳකට නුරා හොරහින් රුදුරු අහසට හිතින් පෙම්කල මලානික වු පුංචි තරුවක් දවල් අහසෙත් තනිය මැකුවා. එක හිතක නැති, හිතක හදවත නිමක් නැති ඒ දුකක් සොයමින්, තනිය මැකු ඒ තරුව අභියස, විරහවක කුලුදුලක් වූවා ආදරේකට ජීවිතය දුන් නුහුරු එළියට අඳුර ගෙතෙනා සොදුරු අහසේ තනිය අරගෙන කඩා වැටෙනා තරුව ඇඬුවා... _ශකුA_
ShaKuA 7 years ago 357 1 0
කුලුඳුලක ආදරේ බොලදයි සියුමැලියි හදවතක් පතන එය ගැඹුරුයි පෙම්බරයි... හිතක් යට පතන ඒ සිතුවිල්ල, මල්බරයි සමාවක් නොලැබෙනා.. ආදරය සුන්දරයි❤ _ශකුA_
ShaKuA 7 years ago 278 3 0
සියුම් හදවත් රිදෙන දරුණු සැඩ සුළඟක් සෙනෙහසින් පිරුනු සාගරෙන් ගැලුවා,, ආදරෙන් බැදුනු, පුංචි කදු ගැටයක කාලයත් එක්ක,ලොකු වේදනා ගෙතුනා,, මැවී පසුතැවෙන මිතුරුකම හෝ අද නෑ දුරක හිඩැසක් මිරිඟුවක් වෙන්කලා,, ආදරය හිතෙන සෙනෙහෙබර හිතක සදාතන පැතුමන් පිපී සුව දේවා!!.. _ශකුA_
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps