1,804 Total Nisadas Found





තූර්යා ඉඳුවරී 7 years ago 321 6 0

Nisadas Image

දයාබර ගුරු පියාණෙනි...

ගිම්හාන ඍතුවට වසන්තය ඇවැසි මෙන්
වෙහෙසකර මඟියෙකුට ගිමන්හල ඇවැසි මෙන්
ක්ෂිතිජ ඉම ගගනතල රුවන් සේයාව මෙන්
වර්ණවත් කරන්නට පීදෙනා කැකුළු මල් මෙන්
ඇවැසි වන්නේ ඔබයි...
ඔබේ ඔය ශක්තියයි..

සඳක් සේ පායා විත් තරු නොමැති ගනඳුරට
ගඟක්සේ ගලාවිත් පිපාසිත බිම් කඩට
මහාමේරු පවුර මෙන් ඔබ කළ මෙහෙවරට
ඇත්තමයි වඳිනු ඇත දෙවියනුත් නුඹෙ නමට..

සංසාරේ බොහෝ දුර හමුවී ආ ලෙසට
ඉතින් අප හමුවුණේ කැලණි විදු සෙවන යට
ජීවිතේ නේක විධ දුක් සෝ තැවුල් මැද
ඔබ කළා මෙහෙවරක් අපේ රට ජාතියට
ඉතින් ඔබ ණය නැහැ පියාණෙනි
අපේ මේ මව් බිමට..

කාගෙන් නොලැබුණත් කීර්තිය ප්‍රශංසා
නුවරුන් ගැරහුවත් කර ඔබට නින්දා
යහපත මියනොයයි පැරදී කිසිමදා
සොබාදම් මාතාව පිවිතුරුයි සැමදා
එබැවින්,
ලැබෙනු ඇත ඔබට
දෙව් විමන් සැප
නිබඳ හෙට දිනේ...

....තරූ සමනළී....

sad danu 7 years ago 274 6 1

Nisadas Image

නෙළුම් මලක්..

නෙළුම් මලක් තනිවම පිපි සිනාසලයි අහස් කුසට
ඹමරු රැලක් එය වටකර රොන් ගන්නට හදයි නිඹඳ
පුංචි මලේ පෙති තැලුනොත් රිදෙයි කියා බයයි හිතට
ඹමර රැලේ මල නොතල රොනඟ පහස විඳ බලන්න

හිරුත් පාන්දරින් ඇවිත් කියයි අයිති නෙළුම් මලට
සඳත් රැයේ එබී බලා එහි වතගොත හොයයි නිතර
විලත් බලාහිඳි කෙලෙස ඩැහැගන්නද කියා කුසුම
පෙති විහිදා සිනා සලයි කිසිත් නොදත් නෙළුම් කුසුම

මල වටකර වැට බඳින්න රළු ඹමරුන් පොරකන්නේ
ඹමර පහස කෙසේ වීද කියා නෙළුම ලතැවෙන්නේ
සුපිපුන නොයිඳුල් කුසුමට කිසිවක් නෑ වැටහෙන්නේ
නෑඹුල් පොඩි නෙළුම් කුසුම සුවඳින් දස බබලන්නේ

නෙක වෙස් ගෙන රොන් ගන්නට පැමිණෙන වන ඹමර රැලට
පෙති නොතලා රොන් ගන්නට පමණක් නිති ඉඩහරින්න
මල් මැද රන් මලක් වෙලා සුවඳ දසත පතුරවන්න
නෙළුම් මලේ නුඹෙ අයිතිය හිරුට සඳුට පවරවන්න

චතූ වීරසේකර

sad danu 7 years ago 354 3 4

Nisadas Image

අම්මා....!

දෑතේ විරිය යනතුරු මතු හැමදාම
මා උස්මහත් කර හැදුවැඩුවා මදිද
කරඳඬු වැඩි වැඩිහිටියන් වුවාට
සිතුවේ පොඩි එවුන්යැයි හැමදාම

රතු ලෙය කිරට හැරුනට පුදුමයක් නොවේ
එ් තරමට වැඩි සෙනෙහස නුඹෙ පපුවේ
දරුපෙම නිසයි දෑසට කඳුළැලි ඉනුවේ
අම්මේ නුඹයි මාගේ ප්‍රාණය වූයේ

දුන්දාා දෑස් මට මේ ලොව දකින්නට
සතුටට අඬන්නැති අම්මේ නුඹ එදින
ජීවන ගමන ඉදිරියටම ගෙන යන්න
නුඹ දුන් විරිය සැමදා සිහි කරමි මම

රැජිනක් ලෙසින් වැජඹී මුළු දිවිය පුරා
සසරේ හුරුපුරුදු සෙනෙහස දී සැමදා
උණුසුම දැ⁣නේ තාමත් නුඹ දුන්න එදා
ආසයි නුඹ් ළඟ දැවටී ඉන්න සදා

මහසයුරට වඩා වැඩි ඇති නුඹ දුන්න ⁣සෙනේ
එය සම කරන්නට කිසිවක් නෑ මෙලොවේ
මතු බුදුවන්න පැතුවත් මේ සසර භවේ
හැකිදෝ තව වරක් වන්නටඅම්මා මගේ

චතූ වීරසේකර







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps