Sandu U Nanayakkara 7 years ago 295 4 6
ප්‍රේමයත් කලාවක්.. පිකාසෝ නොදත් මුලාවක්.. විටෙක ශාපයක්..විටෙක පාපයක්.. ඔහු ද එක් සිත්තරෙක්.. විය වශීයක්.. සිත්තමක්..පින්තාරුවක්.. විය රටාවක්.. ස්ත්‍රී දේහයක්.. මලානික බැල්මක්.. පාළු හුදකලාවක්.. ඈ..මොනාලිසාවක්.. "කොහොම ඇඳුනාදෝ ඇය..," ලියනාඩෝ..?? **සඳූ**
Sandu U Nanayakkara 7 years ago 294 6 0
දුර ප්‍රේමයක් ඇත පරිස්සමක් නොවුණූ.. වෙලාවක් නොමැත හමුවීමට සිත් බැඳුණූ.. කල්-යල් බලා අමතයි නොමනා බමුණූ.. පතෝල මිනිසෙක් සේයි, නුඹ නම් මට ලැබුණූ.. රණ්ඩු කර බැන වැදී ඔහු හට ඵලක් නැතේ.. කතා නොකර සිටියත් එහි වැඩක් නැතේ.. කඩදහි ලිප දමා මෙන් සංවාදෙ ඇතේ.. ඔහුද නොදනිතේ කිසිවක් ලොවෙත් නැතේ.. ප්‍රේම බස් දොඩන්නේ නැත ඔහු බමුණූ.. කතාවක්-බහක් නැති බව අපි දනිමූ.. එහෙත් ප්‍රේම කළයුතු බව සිහි තබනූ.. තුරුණු විය ඔබෙයි මගෙ වෙයි බකමුණූ.. **සඳූ**
Sherin Nathasha 7 years ago 287 2 3
හැම..පාට හීනය ක්.., ඇතුලෙ ම.., තියේ.., කලු සුදු කතාව ක්.., සිනහ පිරි සැම.., මුව ක් පිටුපස.., තියේ.., අමිහිරි කතාව ක්.., සිනහසුන මුත්.., සැවොම එකතු ව.., තියේ.., දුක්බර කතාව ක්.., ප්‍රීතිම ත් හැම.., මුව ක් අබියස.., හිදී.., ඉල්ලන ජීවය ක්..!!! ~නතාෂා ප්‍රනාන්දු~✒️ 2019/01/03
Dil Mi 7 years ago 289 4 3
ඉදිරිය බලන්න බලාපොරොත්තු ඇතීවේවි,හැරි බලන්න අත්දැකීම් ලැබේවි,බුද්ධියෙන් බලන්න යථාර්ථය වැටහේවි♠️☘
ajith sampath 7 years ago 289 1 1
අහිමි ඔබ
Sandu U Nanayakkara 7 years ago 304 5 8
දිනෙක දුටු දසුනක්.. රැගෙන මල් පොකුරක්.. සිනා නෙක අහුරක්.. විය අසල පන්සලක්.. ඇය සමඟ හිඳි කතක්.. විය මල් ගනුදෙනුවක්.. යුහුසුලු සිතක්.. නැත දුක් බවක්.. ජීවන බරක්.. ආගන්තුක බවක්.. දැකුමෙන් නැතේ මට.. අඩු බවක්.. ඈ කළු ලඳක්.. ඇත සුන්දර ගතක්.. ඇය..උස් හඬින් පවසයි.. දනන් නෙක්.. ""අනේ...අපෙනුත් ගන්න..මල්.."" **සඳූ**
Sherin Nathasha 7 years ago 290 3 2
කුරුලු සර..අරුණැල්ල.., නැගෙන හිමිදිරි උදේ.., පැතුම් පොදි හිත දරා.., යුවතියකි පිය මනින මාවතේ.., පියකරු ය ඒ.., වත මඩල.., සිනහ පිරි යව්වනේ.., කරුණාව වෑහෙනා.., කාන්තිය නෙත් යුගේ.., දුටු ව විට ඒ සොදුරු.., මුව කමල.., සකල රෝ බිය දුරුවුණේ.., මිහිරි කටහඩ ඇහෙන මානයේ.., හිතේ සංකා දුරුවුණේ.., බෙහෙත් ගෙන.., එහෙ මෙහෙ ට දුවනා.., කඩිසර ය තුන් තිස් පැයේ.., ළදකි ඈ මුලු ලොවම සනහන.., පහන් සිලුව යි ඝනදුරේ.., ~නතාෂා ප්‍රනාන්දු~✒️ 2019/01/27
Sandu U Nanayakkara 7 years ago 355 5 1
දරාගෙන දුක් ගැහැට.. නොනිදා ම තුන් රැය ම.. විඳි වේදනා අපමණ යි.. ගතට නැත නිවනක්.. සිතට නැත සෙවණක්.. හෙළූ දහදිය අපමණ යි.. නොවුන්නත් දසමසක් කුස දරා.. සමසිත් හි සිත දරා.. දුන් වෙර විරිය අපමණ යි.. කිරි වුණේ නැත ලේ නහර.. උණු වුණා පිතු ස්නේහේ ලේ නහර.. දුන් හුස්ම පොද අපමණ යි.. පුතෙකි..සොයුරෙකි.. වරෙක සැමියෙකි.. දුන්නු ස්නේහය අපමණ යි... පියෙකි..අද ඔබ දියණියක් ලැබ.. ලොවක් පූජිත සසර බැඳි මඟ.. ලැබූ පදවිය අපමණ යි.. ලැබූ ශ්‍රී සුබ උපන්දිනයක්.. රැගෙන ආසිරි හද බැතින්.. පතන්නෙමි නිදුකින් නිරෝගි ව.. දිනේවා..!මතු මතු යලිත්..** **සදූ**
Sandu U Nanayakkara 7 years ago 328 3 2
දවසෙන් තත්පරයක් වෙන් නොවෙච්ච්... හුස්ම ම සල්ලි වෙච්චි.. දෛවයෙන් මට ලියැවුණු හිස් පරිච්ඡේදයකි නුඹ.. සල්ලි ම ජීවිතය වෙච්චි.. යකඩ ලෝකය ම වෙච්ච්.. නුඹේ ඔය පපු ගැඹුරේ කොහොම නවතින්න ද මං..??
Sherin Nathasha 7 years ago 293 1 2
උදෑසන ඒ හිරු කිරණ.., වැද.., හදවතින් මා ඉපිල.., යන්නේ.., ලොවේ හැම ඒ.., දුක ත්..එකතු ව.., සතුට පමණක්.., ඉතිරි වන්නේ.., හොද නරක හැම.., එකට එකතුව.., හොදම පමණක්.., ඉතිරි වන්නේ.., හදේ ගැඹුරු ම.., තැනින් නැග එන.., පැතුම් පමණක්.., සඵල වන්නේ..!!! ~නතාෂා ප්‍රනාන්දු~✒️ 2019/01/20
sad danu 7 years ago 287 3 3
වසන්තයේ දවසක ලඟින් සිටි හැටි මතකෙට නැගෙයි පාවයයි හිත අඳුරේ සුවඳ සොයා පාසල් බිමේ දෙනොදහක් අතරින් සොයායයි නුඹ නෙතු දැහැන් මැවෙනවා රහසේ නුඹෙ ඔය නෙතු දැහැන් කියා නොකියා ගනු බැරි සෙනෙහෙ මැද ලංවෙලා බලා සිටියා අප එදා කිසිත් නොකියා ගොළුවෙලා මට මාද අහිමි වී ඒ නුඹ නිසා දැනෙනවා සෙනෙහෙ ඒ නුඹ නිසා නැඟූ පිය සටහන් බොඳ වී ගිහින් මතක පිටු අතරේ සිත ලතවෙමින් සුළඟ සේ ඇවිදින් නුඹ දුරක ගිහින් ලන්වෙලා වෙන්වී නුඹ දුරක ගිහින් ... චතූ වීරසේකර
✍️Nilushi Nisansala✍️ 7 years ago 306 4 2
වාඩිවී බැංකුවක් උඩ මා බලා සිටියේ නුවර වැව දෙස සිතෙහි ඇති දේ කියාගන්නට නොහැකි නිසා මුනිවතින් තනියම , හමා ආ මද සුළං පොදකින් මා දෙනෙත් යුග වසාගෙන ගිය සොඳුරු දිගු කෙහෙරැලක් අතරින් පළමුවර නුඹ දුටුවේ මා නෙත් සමාවන ලෙස නොයෙක්වර නුඹ කියාසිටි මුත් ඇසුනෙ නැ මට බලාසිටියේ නොසැල්වී මම නොහැකි හින්දායි කතාකරනට, පිළිරුවක් සේ මා සිටිනු දැක සිනහ නැගුනා නුඹේ මුවගට දහසකුත් දේ ඇතත් කියනට වචන නොම එ මගේ මුවගට , තවත් දිනයක නොසිතූ විලසට හමු වුණා මා දෙනෙත් අභියස පැ සිනා මුතු දසන් සඟවා මගේ සිතත් නොදැනීම බැඳුනා කොතැන සිටිමුත් අහස යට අප දිනයක හමුවෙවී නොසිතූ විලසක සිත තුළ ආදරේ කෙලෙස කියන්නද පෙර කළ කරුමෙට ගොළු වූ වරදට උපන් සෙනෙහේ මියදෙනු ඇත රහසේම
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps