Mahesh Niroshan 4 years ago 348 3 1
රහසේම හිත දවන ආදරේ මතකයන්❤️❤️❤️ නුඹ ගැනම හිත හිතා මා දුටුව හීනයක්❤️❤️❤️ තාම සොදුරුයි හිතට නුඹ දුන්නු ප්‍රේමයත්❤️❤️❤️ තනි කමට ලග රැදෙයි රිද වමින් සිත තවත්❤️❤️❤️ ආදරෙයි තවම මම කියන්නට බැරි වුනත් ❤️❤️❤️ දැවෙන හිත හැර දමා නුඹ මාව තනිකලත් ❤️❤️❤️ ලන් වෙන්න හිතෙනකොට තවත් ඈතට ගියත් ❤️❤️❤️ හැර යන්න බැරි ලෙසම හිත බැදෙයි තව තවත්❤️❤️❤️ @@@ niroshan @@@
Mahesh Niroshan 4 years ago 320 1 1
සන්සාරේ හුරු පුරුදු කමට හිමි උනත් නුඹෙ ආදරේ.... නුබට වාගෙම මටත් හිමි නැත සතුට සැමදා ජීවිතේ.... බිදුනු සෙනෙහස මතක් කරවයි ඉන්න බෑ සිත ගින්දරේ.... වෙන්ව ගිය පෙම මතක අතරෙම මන් හෙවුවෙ නුඹෙ ආදරේ.... රිදෙන හදවත තවත් රිදවයි නුඹ ඇවිත් රෑ සිහිනයේ.... ඉතින් අමතක කරනු කෙළසද නුඹ රැදෙයි මගෙ මතකයේ.... ලන්වෙලා නුඹෙ හදට කීවත් නුඹට පමණයි ආදරේ.... අහිමි හිමිකම මාව තනිකර නුඹ ගිහින් දුර පාලුවේ.... @@@ niroshan @@@
Saneesha HettiArachchi 4 years ago 291 0 1
නිතර පායන අහසේ තරු මැද එකට යා වුණු පුන්චි තරු දෙක ඇසිල්ලක් වත් පමා නොව් හිත් එකට බැදුනම තිබුණ අරුමය දෙතොල් පෙති මැද මතක එකිනෙක ගලපගෙන අපි රටා ඇන්දම අදත් පුදුමයි දඩබ්බර නුඹ කොහොම බැදුණද කියා සිතුවම !!! නුඹෙ හිත වෙත බැදුණු අරුමය දඩබ්බර නුඹෙ දෙඇස් මැද්දෙම දහක් හමු වී පෙනුන තැනකදි ආස මම නුඹ වැලද ගන්නට සියුම් සිපුමක් දෙතොල් මැද්දෙන් අපට හොරැහෙම ගලා යන්නට වස්සානෙ මැද මතක වැස්සක නුඹම එක්කම තෙමී ඉන්නට !!! වරක් දැක නුඹ සිනාසෙන ඇස් අදත් ඒ මග සිනා වූවම නිස්සාර වැහිකෝඩ වසන්තෙම නොම වැටුනු මතක මැද දුරුතු පුරසද එක්ක අපි එක ඇරඹූව අපෙ කතාවෙම මැද ගලා යන්නට සියුම් සිපුමක් තියන්නම් නුඹෙ පපුව මැද්දෙම !!! ඇසිල්ලක් වත් නොලැබු තුන්යම බලා ඉන්නට පුරුදු වූවම මතක දින දින තවත් වැඩි උණේ පින්සාර සකුරාව මැද හිත දැවටෙන්න හිත හැමදාම ලග නිලම්ඹරේ පෝ සදත් මැද්දෙම ඉතින් ඇවැසිම පුර පෝය එළියක් වස්සාන අහසකට සත්තකින්ම !!! අද ; සිප ගන්න තහනමක් ; ලෝකේ මැද ඇවිලුමක් ; මටම වෙන් වූ හිතක් ; ඉතින් කොයි තහනමක් ; සනීශා හෙට්ටිආරච්චි
suboo 4 years ago 342 4 4
උනුසුම් කදුලක් කොපුල් සිබින කල මගේ මනසේ නුබේ වචනත් සක්මන් කලා ඔබ මොබ???? දැනුනත් නොහැගුනා සේ සිටියද ඔබ මගේ පෙම???? නැතිනම් ඇත්තටම නොදැනුනාද එය???? මා මගෙන්ම අහනවා කිමද හේතුව ඔබ යන්නට???? තාමත් නොතේරුනිද උමතුවෙන් මෙන් පෙම් කරනා මගේ පෙම❤️ මට වඩා ඇය හොද වන්නට කිමද හේතුව???????? මා නුබට පනටත් වඩා පෙම් කිරීමද එකම වරද????
Dila ???? 4 years ago 440 1 5
ප්‍රේමණීයම දවස් කොපමණ තිබුනාද ඔබ මා අතර පහද පහදා නොකීවට පුංචිම පුංචි බැල්මකින් පවා මත්වුන... ඔයා ලස්සනම කහපාට ගවුමට ලා රෝස පාට සෙරෙප්පු කකුලට යාන්තම් තුරුලු වෙද්දීම පපුවට ආදරේ ඉතිරුනා සසරේම හුරුවට... ජීවිතේ කියන්නේම කෙටිම කෙටි හුස්මක් අල්ලලා නවත්තා ගන්න බැරි ගැස්මක් නතර වූ පසු හිතක් ලගක ඇස් බැල්මක් ආයෙමත් ගත්තොතින් හිතක වේ තැල්මක්... ඔයා ලග තිබුනා කතා කෝටියක් මම ලග තිබුනේම කෙටි ශබ්ද කෝශයක් නිහඩ බව ආදරේ මිස නෙවේ දෝශයක් ගිරවියෙක් නොබැදේද බස්සෙකුට ප්‍රේමයක්... ආදරේ හරි මිහිරියි ඒ අපි පොඩි දවස්වල ජීවිතේ දැන් තේරෙයි දැන් අපි ලොකුයි හිත් වල... මතක කෝකත් එක වගෙයි අමතක කරනු බැරි හිත්වල ජීවිතේ මේ ගෙවෙන්නෙත් වටිනාම වටින තප්පර...
Dila ???? 4 years ago 406 4 7
පාට ගෑ මල් වලට තව සුවඳ තියන්න මේ අඳුරු දිනවලට රහසෙ හරි විඳින්න දුර ඈත පා කරපු අපෙ හීන මකන්න තවම බෑ හෙට දිනට හිනාවක් මවන්න.. ඉර බහින හවසකට වළා මත ලියන්න අපි කියපු පෙම් ගීත මතකයි ද බලන්න නිදි නේන වරුවලට හීනෙනුත් පෙනෙන්න සඳ ඉතින් ඇයි පමා රැය අරන් වඩින්න... මගෙ අහසෙ තනි තරුව වගේ නුඹ දිලෙන්න සඳ නැතත් මට හැකියි නුඹෙ නමින් නිවෙන්න ඝන අඳුර ඇස් වලට හුරුයි දැන් දකින්න පාර තව මතක නම් ආයෙමත් හැරෙන්න...
චතුරංගි හර්ශිකා 4 years ago 992 5 5
හීන මියැදුනු දෑස් කෙළවර එකදු කඳුලක් නොරැඳුනාවේ මුළු හිතින් මතකයට තුරුළුව මම ම විතරක් ලතැවුණාවේ යළිත් හමු නොවෙනා මුවින් මුව තවත් කවි පද නොගැයුනාවේ ඉතින් අවසන් පෙම් කවිය නුඹ හිතේ විතරක් නැවතුනාවේ සසරෙ හමුවෙන අනෙක නිල් ඇස් අතර මැද නුඹ නොපෙනුනාවේ කතර සිප ගෙන වහින වැස්සක කටුක රෑ මම තනිවුනාවේ පුරා නයනත සිනා පොකුරක් වෙන හදක නුඹ පැටලුනාවේ අපිට අපි හිමි නොවෙන හීනෙන් හෙට උදේ මම ඇහැරුණාවේ -චතූ
චතුරංගි හර්ශිකා 4 years ago 651 2 4
නෙතින් නෙත ගැටෙනා දසුන් රැළි හිතින් හිත යා කරපු තරමක්... ඉඳින් නුඹ මා හදින් පෙම් බැඳි තෙලි තුඩග විය සුවඳ අඳුනක්... නිතින් දෑසේ මතුව දිලිසුණු වෛවර්ණ ජීවිතේ කවියක්... ඉතින් අදහනු නොහැකි සුන්දර නුඹෙ සෙවනෙ විය සඳුන් සුවඳක්... -චතූ ✍️
අහිංසකාවි මධු 4 years ago 421 0 2
මැනික මං ඔයාට ගොඩාක් ආදරෙයි හැබැයි ඔයා මට ආදරෙ කරන්නෙ නැ... එක මං දන්නවා මැනික මේ දේ මතක තියා ගන්න මං ආදරෙ කරයි එත් .... මගේ ආදරෙ මැරුන දවසට ඔයා මට ආදරෙ කරලා වැඩක් නෑ මට ඔයා බනි මට ඇගිල්ල දික්කරයි ... අතීතයෙන් වැඩක් නැ ... මොකද එදා නොදුන්න ආදරෙ මට ආයෙ ඕනි නැ... දන්නවද මට මං විතරක් ඇති හොදටම ඇති ....
Nirmani Priyadarshani 4 years ago 435 1 1
නිර්මානි ප්‍රියදර්ශනී
කවිඳු මධුසංඛ 4 years ago 369 6 3
ඉරි උඩ තැළුණු කතරක හිනැහෙන වැස්ස හිරිකඩ වැදුණු පොළොවක සෙනෙහස ඉස්ස විල් මඩ ගොහුරු වගුරක නෙළුමක් උස්ස නිල් දිය නුඹද පපුවක නිවෙමින් බැස්ස!? කිරී°
අහිංසකාවි මධු 4 years ago 365 1 0
නෙත් මානෙ නුඹ දුටුවේ නැ දැක්කෙ මං රූපපෙට්ටියෙන් හිත් මානෙ නුබ හිටියා පිං වත් ඇතෙකු ලෙසින් .... ගාම්භීර ගමනින් නුඹ හැඩකාරයි දළදා කරඩුව වඩම්මවන විට නුඹ පිං පාටයි සංසුන් ගමනින් යන විට කළු මාමාත් ආඩම්බර පාටයි සංසාර බැදිමක් දෝ මට විටෙක සිතෙයි ..... නුඹත් කළු මාමාත් හරි හරියට යාළුකම සංසාරික ලෙසින් විටෙක නුඹත් හැසිරුණා කළු මාමාට පුතෙකු ලෙසින් .... පිං වත් සිව් පා තැබුවේ නැ යකඩ උඩ මතින් දුර කතර ගෙන ගියෙ නුඹ මහා පොළොව මතින්.... පුතෙකු නැති පියෙකි දැන් කළු මාමා ඉතිං ඇත් රජුනි කළ පිං හොදටම ඇති මතු නිර්වානෙට යන්න ඉතිං ... මහන්සිත් ඇති දැන් එකයි නැවතුනේ මෙතනින් "යන්න එපා කියන්න " වත් හිට්යෙ නැ ඇත් රජුනි නුඹඑවිට දෙනෙත් පියන්..... ( මදු)✍️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps