අහිංසකාවි මධු 4 years ago 386 2 1
තරු දිලෙන රාත්‍රීයක නුබයි මගෙ ලග හිටියෙ තනිකම ... ලයේ ඇවිලෙන දුක් ගින්න නිවන්නට නුබයි හිට්යෙ මගෙ තනිකම... ලස්සන හිනාවක් අතරින් මතකයට හීන ගෙනාවේ නුබයි මගෙ තනිකම ... දුකයි මට මාව දාලා යන්න එපා ලග ඉන්නෙ නුබයි මගෙ තනියට...????????????
Tharusha Nethmina 4 years ago 289 1 2
අරපේන දේදුන්න මගේ හිත පිරෙව් හැටි නිල් අහස මැද දිලේන ඔබයි මගේ තාරපති..... ඇය සේම ඔබත් මා අසලින්ම හිදින්නැති ඔ නැතත් ඔබේ පැතුම් මා වටා පිරෙන්නැති........ නිහඩව කෑ ගසා දුක් ගිනිද දැරෑ ඔබ සෙනෙහසින් අප වටා පවුරක්ව සිට්යෙ ඔබ සිප් කිරද පොවා මේ සිත් හතර තැනු ඔබ අදත් මේ හිත් අතර වීරයා නොවෙිද ඔබ... අහසක්ය අලු පාට විටකදි රලු පාට සයුරක්ය සෙනෙහසේ රැලි නැගෙන රන් පාට... අදුරැ වේ ගෙයි පාට කතාබහ අඩු දාට කදුලක්ය වැඩිදාට ඔබේ කතා සැර පාට... දිනෙක ඔබ පැම්ණි ඒ නිවාඩුව වෙන්න ඇති අතපුරා රස කෑම හිත පුරා කන්න ඇති නිවාඩුව පුරා ඔබේ සෙනේ අපි විදින්නැති මතක්වෙන ඒ මිහිර අතීතයේ සුවද ඇති... මගෙ පැටවු අද ඔබේ අතගේන මා වගේ දුව පනින අන්දම දකින සිත ගොස් අතීතය වෙත ඔබව සිහිකර ලොවම පෙන්වා කියා දුන් හදවතේ සුන්දර කෙනෙකු වේනම් ඒ තමයි ඔබ... නොකිවත් ආදරේ උතුරන... පොත් කවර පුරා ඔබේ හැඩකාර අකුරැ විය දිනෙක ඔබ පැමිනෙනා අත් අතර රසම විය අදත් ඒ මග බලන හිත් අතර මාද විය මතකයයි මා ඔබේ සෙනෙහසේ උසම තැන
චතුරංගි හර්ශිකා 4 years ago 597 1 2
සීත තිමිරය තුනී වෙන තුරු හීන් උණුහුම වෙලා රැඳුණු ගීතිකාවක් තරම් සුන්දර අතීතය මතකයක් තියුණු හාදකම් ඇතිවෙලා බැඳුනට ආයෙමත් නොදැනීම ලිහුනු වාරකන් කාලයක් ආවම පහසු නෑ එක්වෙලා නිවෙනු... තාල නැති කවි පේලි අතරේ හදිස්සියෙ පැටලිලා වැටුණු දැවී අලුවී නිවී යද්දිත් මුනි වතින් දින ගෙවා දැමුනු අත් හැරෙන්නට නොදී අල්වා පපුවටම ගුලි කරන් හැඬුණු සෙනෙහෙවන්තම තරුත් තිබුණා අහස අතහැර කඩා වැටුණු... චතූ ✍️
Naween Perera 4 years ago 449 0 0
අවසානය ලගා වෙන්නම උනා මතක රූප පෙල ගැහෙන්න පටන් ගත්ත හොද තැන් තිබුනා ඉවර කරගෙන නැතත් අන්තිමට බලන් ඉන්න හොද දේම හිත තියන් එකම අදිටනින් මුලු හිතින් හිටිය හින්දාම මං... අතහරින්නට දෙයක් ඉතිරිව නොදුන් දෛවය එක්ක දැන් තරහ නෑ මං හොදට වැටහුනා ඇයි එහෙම යන්න ලෙහෙසියෙන් දැන් වැඩ අහවර වගේ නම් චක්රයක දුවන ජීවන කතාවන් මෙහෙමම ගෙවුනදෙන් ණය නැතිව ජාතියට මෙත් බුදු සමය වෙනුවෙන් හිද ඉතිරි සසර තුල පහන් සිල නිවෙන තෙක්. ෴නවියා෴
____සිතු___ 4 years ago 512 5 3
*තාත්තා*❤️ දුක සතුට කදුල මැද.. එකට සිටි පිය සද.. වෙනස්කම් බොහෝ මැද... නොවෙනස්ව හිටි නිබද.. මගේ දුක කලියෙන්ම.. දැක්කේ නුඹයි හැමදාම.. සැර වදන් නොකියාම... සැනසුවා හිද ලගම.. වැරැද්දක් දුටු සැනින්.. පෙන්නුවා ඉක්මනින්.. මෙය වේය හැම අතින්.. හරි පාර සත්තකින්... තනිකමට පාලුවට... දුකක් නැ මේ මා හට... කුමක් හෝ විහිලුවට .. කියයි සිනහාවන්නට.. කදුලු නෙත් මගහැරැවා.. සිනා යලි ගෙනවිත් දුන්නා.. සොයුරැපෙම මතු වුනා. ඒ උන් හොදම යාලුවා... ඔබයි තාත්තේ.... ____සිතු____✍️
Naween Perera 4 years ago 476 2 3
හැබෑ ලෝකෙන් ඈතට වෙලා හීන අතරම හිර වෙලා ඇත්තට හමු වෙන්නෙ නැති මට ඕන තරමට මවාගත්ත සතුටු හීන... ගිනි වතුරට දුමට බැදි තාවකාලික ලෝක හැමදාම බලන්නට යන විදින සුව ආසාව... නුබෙ හිතේ ගුලි වෙච්ච උණුහුමට සැතපිලා ලෝකෙම අමතක වෙන්න ලංව උන් දා මතක.. නුබට උවමනා උන මේ යකාගෙන් තොර ලෝකෙ නුබට හරි අහිංසකයෙක් එක්ක විදින්නට ඉඩ දී ඉන්න මාරුවෙන් මාරුවට මං හිත අරන් දුවනවා පිම්මෙ අර කිව්ව ඇබ්බැහි වලට... ~ නවියා ~
Naween Perera 4 years ago 558 3 8
සිරිතට දෑගිලි නොබැදුනත් නෙතට පින නැතිවුනත් දෙතැනක වුනත් සිත් දෙකක හරි සුන්දරම බැදීමක් ආදරය හැර නමක් නැති වුනත් එතැනට සෙනෙහසත් හිත පිරෙන්නට දෙතොල මතුරන උබේ නම නින්දටත් වෙනසක් නැතිව පහස නැතුවට හැබෑවට හීන ලස්සනයි උබ ඉන්න සුකුමල උබෙ පහස විදිමි සිහින ලෝකෙක කොහොමින් කොහොම උබ ඈතට වෙලා උන්නත් කමක් නෑ හිමි මටයි ඒ රෝස මල මෙ හිත ඇතුලෙ... ~ නවියා ~
Thisu 4 years ago 351 2 3
මදුවිතක අනන්තයක මං පෙම් කලා නොදැනෙන්න සීතල නුහුරු කැපුම් එක්ක මුහුද මැද අයිස් කුට්ටියක ඉඳන්... ටිකෙන් ටික පා වුණත් නැවතුනා එක තැනක හිතුවත් ගිලෙයි කියලා තාමත් එතනමයි කොමාවක්ද තිතක්ද කියල දන්නෙ නැතුව... තිසූ...✍????
Dilandilan dias 4 years ago 321 3 1
කවිකාර සිත් තුළින් කුරුටු ගෑ සිතුවිලි ගීපද, පෙම් පණිවිඩ තනිවූ හිත් වලට සුව දෙන ඔසුවක් වුනත් ❤️ පන්හිද දනියි කවිකාර සිතේ තියෙන සෝ දුක් හා ගින්දර ඔවුන් මතුපිටට නොපෙන්වා සිතේ තියෙන දුක් හැංගි ඇළු යට ඇති ගිනි පුපුරු මෙන් දැවී සමාජයේ සිත් සතන් නලවන්නාවූ, සනසන්නාවූ ඔවුන් නම් දුක්බර කවියන්ය
Naween Perera 4 years ago 449 0 2
දුටුවොතින් නුබේ රුව මගෙ නෙත් පුරාම හදවත පිරෙන සතුටු සිතුවිලි එකල මගෙ හිතට හැමදාම එහෙම දැනුනාට එහෙමත් සතුට උබ හට නිකමටවත් දැනුනේ නැතිද... මගෙ දෑස හැමදා උබවම ඉල්ලුවාට තනි හිතකට තිබුන උවමනාවට පෙර මං පැමිණ ආපසු යන වෙලාවට වගේ වගක් වත් නිකමටවත් උබහට තිබුනාවද... දෙතැනක තිබුනු අපි දෙන්නාගේ සතුට මගෙ සතුටු හිත එක්කම උබේ හිත කොතනක කොහෙට කියලා සමපාතයි කියන්නද... බහට මගෙ වටිනාකම දිග හැරිය ඒ බහටම ආදරෙ පදවැල් ගෙතුව ඇත්තට උබට මාවත් මේ හිත වත් ගැඹුරින් බැලුවාම නිකමටවත් ඇල්ලුවෙ නැහැනේද... උබෙ මානයෙ ඉදන් ඔය හිතේ ඇදි රූප මගේ විදිය ඒකට කිසිවිට සරි නොවුන අහිංසක පෙමක් පැතුව නුබ එක්ක මුදු උන මේ යකඩ හිත නිකමටවත් පෑහුනෙ නැතිද... දුක සතුට වෙන වෙන තැන්වල ආදරේ කියන්නෙම මේ හැමදේම එක්තැනට සරි වන එකම නොව මධ්‍යස්ථය මත පිහිටා සාපේක්ෂයි හැමදේම නුබ ඉන්න තැන ඉදලා ගලපාගෙන ඉන්න දැන්වත් ඔය හිත දැන් නැවතුන තැන ඉදලා... ~නවියා~
නදී ..✍???? 4 years ago 465 5 3
හීනයට පණ දෙන්න දුවන විට හෙම්බත්ව සයන ඇතිරිලි සිනා හඩ සවන් වැකුනාට නෑසුනා සේ ඉන්න ඇහැකියිද මට ඉතිම්, තොටුපළත් පෙනෙන නොපෙනෙනා මානයක මගේ ළඟ නැංගුරම්ලාපු කරුම ථීනමිද්දය උඹ නිසා .... (කරුම නිදිමත)????☹️ මම නදී ..✍️
චතුරංගි හර්ශිකා 4 years ago 617 12 9
වැටුණු - අසෙනිය මහා වැස්සක තෙත වැදී හදවත පිරී... දැනුණු - තැන්වල තිබුණු ලස්සන සොඳුරු පන්හිඳ වෙත හැරී...!! දරුණු - ගිම්හානයක් අවසන නිලන කෙම්බිම මත එරී... මැරුණු - ගස්වල මුදුන් අතුවල පිපෙන මල් සඟවනු බැරී...!! චතූ ✍️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps