Nethu@27 4 years ago 343 0 1
ඔබේ විශ වූ රාග තුඩුන් මත්වී ඔබේ බොරු බොලද ආදර වදන් තුල සැගවී මතක අවුස්සමින් රෑ දිවා මුල්ලකට වී සගැවී වාවගනු බැරි තරම් හඩන ඔබේ පලමු පෙම්වතා අහම්බයකට මම වී.. ✍️ Nethu .
Amasha Oshadini 4 years ago 319 0 2
අඬනවා නම් අඬන්න හයියෙන් අඬලා ඉවරයක් කරන්න මගදි නවත්තන්න එපා අඬලා ඉවර වුණාම මම කියන්නම්, ජීවිතේ තව හුඟාක් දුරයි අඬන්න හේතු හොයනවාට වඩා හිනාවෙන්න එක හේතුවක් හංගලා හරි තියාගන්න හිනාව බෙහෙතක් දරාගන්න බැරිම තැන්වලදි මිනිස්සු ඇඬුවෙ නෑ හිනාවුනා... ශක්තිමත් මනුස්සයා තම වේදනාව පිට කරේ අව්‍යාජ හිනාවකින්... මතක තියාගන්න, ඇස් වේලෙනකම් අඬන්න එක පාරක් ඒත්,... ආයෙම ඒක මතක් කර කර අඬන්න එපා...
Amasha Oshadini 4 years ago 317 0 0
අහම්බෙන් හම්බුන එයා අද මට ජීවිතේම වෙලා..... එයා එක්ක එකම වහලක් යටට එන්න එයා වෙනුවෙන් ම ජීවත් වෙන්න..... එයාගෙ පොඩි දේටත් හිත රිද්දගන්න එයා නැති වෙයි කියලා බයෙන් හිත ගස්සගන්න..... එයාගෙම වෙන්න මේ හිත හීන දකින තරම්..... මට ඕනිම උඹේ වෙන්න උඹේ විතරක්ම වෙන්න ආදරේ කියන්නේ මොකක්ද කියලා උඹෙන් දැනගන්න..... මැණික තව එකපාරක් තුරුල් වෙලා කියන්න ❤️ආදරෙයි ❤️ කියලා විතරක්ම මට..... ????අමා...❤️.
Nethu@27 4 years ago 403 1 0
ගෙත්තම් කරයි හැම රෑම සිහිනෙන් පවා රෑ ගෙවී එලි වෙන්න මොහොතක් තියා සදු හා නොකියා තරු හා තනි වුනා සීමා නැතත් ඔබට අද මම තනි වුනා ..!
Nethu@27 4 years ago 306 3 0
යලි හමුවෙමු බෑ අත්තටු බිදිලා යලි සිනාසෙන්න බෑ සිදු රළ බිදිලා යලි කතා කරනු බෑ මතක ඉහිරිලා යලි අපි හමුවෙනු බෑ නුබ මග හැරිලා.. අත්තටු බිදලා නුබ පාමුල සිගමන් යැද්දත් සිදු රළ බිදිලා නුබ පාමුල දණින් වැටුණත් යලි හමු නොවනා එකම දෙයයි හමුවේ නුබ වෙන කෙනෙකුට සින්නක්කර දුන් නිමල ආදරේ.. ✍nethu .
Nethu@27 4 years ago 320 0 0
* තනි වූ ගැහැනිය - 1( විලාපය) කූඩුව අපේ දලු ලා ආවා පමණ යි ගිවිසාගත් දෙවසර ගෙවුනා පමණ යි බිළිදිය ලෝකය දුටුවා පමණ යි කුඩුව අපේ සවිමත් කර තැනුවා පමණයි.. * තනි වූ ගැහැනිය - 2(විලාපය) මහ මැදිමය එදා බිලිදිය සමග ගෙවූ අදුර තවත් මා මනසේ දවයි තතූ දෝණිඅපේ අප්පා කොයි අහද්දී මතූ මොනවා කියන්ද හත්වලාමේ කියා දෙනූ... *ඇයගේ ප්‍රාර්ථනය - 3 හැර ගිය නුබ මා මනස අවුල් කරවා පැටියා සමග මා මේ රෑ සීතලේ තනි කරවා වෙන හිතකට උනුසුම දී මේ රැයේ උනුසුමට ම වැතිරෙත්වා නුබට තනි දැනුනොත් ඇය තනි මකත්වා .. ! මෙතෙක් මා මෙතරම් දුරක් කැටුව ආවට පින් සිදුවෙත්වා නුබේ දිවියේ නව ඇරබුම කිරියෙන් පැණියෙන් උතුරත්වා තව එකෙකුට මෙවැනි දෙයක් නොම කරත්වා නුබ නැති හෙටක් මට නැතත් මේ පැටියට ලැබෙත්වා .. ! ✍️ nethu
Nethu@27 4 years ago 297 2 0
ඉගිල්ලී සුසුම් දගකර රූ ඔබේ සොයා ඉගිල්ලෙන්ද සුසුම් හිරකර සිහින අත්තටු වෙලා හැමදාම හිත හොයන සිහිනි නුබ කවුරු කවුලු පියා දෑස් මත්තේ සිහින අත්තටු නුබදෝ .. !
අඩ අඩ ගෙදරින් එලියට දුවගෙන ආපු බොරලු පාර දිගේ වැටි වැටි විදුහල වෙත පියනගපු බොරලු පාරෙදි මඩ වලකට තල්ලු කරලා දුවපු මගේ ලෝකෙ දග මල්ල නුබය කිසිදා අමතක නොවෙන .. නුබ දැන් මහත්තයෙකි මහත්මා ගති නම් නොම ගැවී වත් තිබුනු කුලියට වෙන වුන්ගේ වැඩ කරමින් අපේ කුස පුරවාපු අග හිග කම් තිබුනත් නොදැනෙන ලෙසින් අපිව වදාපු අම්මව අමතක කරේ කොහොම ද නුබ හට මෙච්චර කරාපු තුන් අවුරුද්දක් වෙන එකියක හා දීග කාපු අපේ පුන්චි පැල දාලා ඒකිගෙ ගෙදර ම බින්න බැහැපු අම්මා බලා ගන්න ඕනා නිසා තාමත් තනිකඩ මම ලියාපු මේ ලිපිය ලැබුනෝතින් හනික වරෙන් අම්මට තව මාස තුනලු ගමේ වෙදා නොවැ මට එහෙම කියාපු .. ✍️ nethu
Nethu@27 4 years ago 348 2 0
❤නිසදැසකි නුබ මගෙ ජීවිතය ලියන්නට . ගීයකි නුබ මට මගේ කතාවේ තනුව වයන්නට පවුරකි නුබ මට තවකෙකු වෙත ඉගිලී යන්නට ගිරි දුර්ගය නුබ වේ මට මෙ සසරේ නිදුකින් සැනසෙන්නට දෙවුලිය නුබ වේය මා වැනි මල් සරෙකු තනන්නට .. පතන්නම් නුබ හැම සන්සාරෙම මගේ ම වන්නනට .. ✍️ nethu
චතුරංගි හර්ශිකා 4 years ago 688 8 4
මටත් නිතර නිතරම හිතුනා අහඹු හමුවීම් හරි කෙටියි කියලා අදත් ඊයෙත් හිතා උන්නා දැන් දැන්ම නවතීවි කියලා... හදක් පුරවා සුසුම් ගංගා ඉවුරු බිඳ පිට නොවී තියලා හිතින් විතරක් හෙමින් හඬලා මමත් පිටමං වෙන්න හිතුවා... හදිස්සියෙ මග හැරී යද්දිත් නවත්වන්නට හේතු කියලා මටත් නෑ තිබුණේම හයියක් ඉඳින් එක මොහොතකට කියලා... සහස් ගව් දුර ඈත එපිටින් රහස් හැංගූ හීන ලියලා පහන් සඳ පායනා ගගනත සිහින් ස්වරයෙන් ගීත ගයලා... ඉතින් අත් මග හැරුණු තැන්වල මතක සැමරුම් ඉතිරි කරලා යන්න මං හිත හදාගත්තා ඇත්තටම... ඔයා කිව්වා වගේම, මං තවම පුංචි හින්දා...
Mahesh Niroshan 4 years ago 269 2 1
බුදු පුදට යන්න මම පේවෙලා සිටියා..... කවුද මා නෙළගෙන බුදු හිමිට පිදුවා..... යහලුවන් පිරිවරා සිනාසී සිටියා..... නොදෑනීම හොර රහසෙ හිරු අහසෙ ගිලුනා..... කවුද මා හකුලාන ගහක් මුල හෙලුවා..... පයට පෑගී තැලී මට හුගක් රිදුනා..... මහ පොලොව මත වැතිර ඉකි ගසා හැඩුවා..... මගේ ඉරණම මෙයද මම මගෙන් ඇසුවා...... @@@ niroshan @@@
Naween Perera 4 years ago 437 5 8
හැමදාම එක හේතුවක් හරි ජීවත් වෙන්න ඉතුරු වෙන හරි වදයක් වෙලාවකට හැමදේම අත හරින්නට හදන හිත හැම වෙලාවෙම කොහේහරි හේතුවක් හොයාගෙන ඉවර වෙනකන් ඉන්න හිතටම බරක් වෙන ඉවරයක් නැති ජීවිතයට විඩා දැනුනට හිතම අල්ලන හේතු වලට නිමාවක් දෙන්නට ඉඩක් නැති කරුමයක් නමට වෙන ජීවිතය... ෴ නවියා ෴
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps