Vosandi Dissanayake 5 years ago 318 3 3
දසමස කුසදරන් මෙලොවට බිහි කළ පුතුනි දෙතනට කිරි එරුනෙ ඔබ හින්දයි පුතුනි සෙනෙහස හදපුරා පැතුරුව මගෙ පුතුනි අම්මා ලෙසින් මා රජ කළ මගෙ පුතුනි දිව රෑ වෙහෙස වී රැකගත් මගෙ පුතුනි ගුණ නැණ බෙලෙන් පිරිපුන් මගෙ පුතුනි කරදඩු උස්වුවත් පින්බර මගෙ පුතුනි ඔබ මට තවම නොතැලුනු කුසුමකි පුතුනි කබායක් ඔබ දමන් දවසක මගෙ පුතුනි රන් රුව ඔබේ දැකුමට මගෙ පොඩි පුතුනි ගත සිත සරියි පෙරටත් වැඩියෙන් පුතුනි අම්මා මමයි ඔබ බිහිකළ මගෙ පුතුනි
Vosandi Dissanayake 5 years ago 296 2 2
මගෙ සීයා හිදගත් වෙල ළග කොටේ උඩ ඉදගෙන ගොතමි කවියක් මම රටාවට සීතල දැනෙන විට මද සුළගේ මෙමට හැකිදෝ එසද පදවැල් එක්කරන්නට සීයා මගේ නිදියපු පොඩි යුගල් ඇද දිරලා යනව ඒ සමගම පඩික්කම කවදත් රතුපාට ඔබෙ ඔය බුලත් කට තවමත් මතකයට එයි දුටු විට පඩික්කම වෙනදට ගරාජයෙ ඇසෙනා මහ සද්දේ අනේ ඉතිං දැන් කොහි සැගවී ගොස්දෝ මගෙ සීයා නැතිව ගෙවෙනා අවුරුදු හතර වෙනස් වෙලා සීයගෙ ගෙදරත් අවට ගෙදර ඉදිරියේ තිබෙනා ලොකු බෙලි ගස දකින විටම සිහිවේ ඔබෙ රුව මෙමට එහිම තිබෙන මනරම් කඩුපුල් පොකුර සැමදා සොයයි ඔබ නැති මේ කළුවරේ සිට නිවස පහළ තිබෙනා නිල් දිය අගල ඊට පහළ තිබෙනා රන් ගොයම් කෙත සිසිලස වැඩි කරයි සීයගෙ ගේ ඇතුළ සීයේ ඔබ කොහිද කියලා කියනු මට
❤sami❤ 5 years ago 269 4 8
"එක බත් එක බෙදන් කාපු...... අවසන් පෝලිමේ ඉදන් නිදි කිරපු....... පන්ති කලින් ඇරුණු දාට පිස්සූ නටපු........ දිව යන්නට ඇත්නම් ඒ සුන්දර අතිතයට ........" "අවුරුදු දෙකේ පිස්සු නැටුවා...... එත් ඔලුවේ තිබ්බේ...... සරසවි හිනේ විතරමයි...... හිනේ නිසා පේ වුනා........ නිදි දෙව් දුවත් පන්නලා......." "මිතුරන් හට සරසවිය සිහිනයක් වුනු....... මා හට එය අවැසිම වුනු........ වරම් ලැබේද යන්න සරසවි පිං බිමට........ බලා හිදින්නම් ප්‍රතිඵල එනතුරා ......." "වරම් ලැබුනොත් සරසවි යන්නට........ දකින්නට පුළුවන් ...... මාපිය දෙපළගේ සතුටු කදුළු......... අවැසිය මා හටත් එය දකින්නට........."
Vosandi Dissanayake 5 years ago 298 4 4
සති අන්තයේ ඉරිදා දිනය වීය මට මහ වැඩ ගොඩක් විටෙක තිත්තයි සිතුන ලෝකෙ තරමට වැඩම කරන අපේ සුන්දර ගණන් පන්තිය සයුර රළ රළ නගන තරමට කෑව ගුටි බැට තවම මතකයි දෑතේ දෑගිලි වලට වැඩියෙන් වින්ද ටොකුරස තවම වෑහෙයි පංතියේ යහළුවන් සමගින් විටෙක දෙඩවූ මුදු කතා බස් කොහේදෝ සිට ඇවිත් මුව මත හසරැලිත් සිත්තම් කළා බිත්තියේ සුදු ලෑල්ලත් ඇත බිත්තියටම බර දීලා තවමත් එහිම තිබෙනා මේසේ පුටුවත් තවම පවතියි එදා විලසින් නේක හැඩ වැඩ දමා නිම කළ මගේ ලස්සන ගණන් පොත් ටික බලා ඉන්නවා හිනැහි හිනැහී දෑතේ උණුසුම ලබන්නට මෙන්
Vosandi Dissanayake 5 years ago 311 3 3
නොනිමි පැතුමන් තිබෙන්නට ඇති බොහෝ මල්දම් ගොතන්නට ඇති ගෙලෙහි පලදා සිටින්නට ඇති මලෙහි ලස්සන විදින්නට ඇති සුපුෂ්පිත මල පරව ගියදා නැගුනි හද තුළ කෝප වරුසා ලිපෙහි ලිප්ගිනි වැඩිව ගියදා මෙනෙහි විය ජීවිතය දෙදෙරා මලක් පිපුණා දහස් පෙතියා සුළගේ පාවි ගියා නොකියා බලායිමි නැවතත් එනතුරා නොඑන්නේ කිමදැයි ප්‍රියා
Vosandi Dissanayake 5 years ago 342 2 2
වසර ගණනක් තැනුව කූඩුව තිබෙයි තවමත් හුදෙකලාවම කූඩුවේ දොර තවම එලෙසම ඇරෙන්නේ නුඹ පැමිණි විගසම මතකයේ ඇත නුඹ සමග මා දෙපස හිදගෙන පන්සලේ බිම ගෙතූ මල්දම් කියූ නෙක බස් නුඹට අමතක වී ඇතත් අද ගෙයින් ගෙට ගොස් පඩුරු එක්කොට සැදුව කූඩුවෙ පාට මතකද වෙසක් දිනයේ සදුගෙ එළියෙන් පහන් දැල්වුවා නුඹට මතකද පාසලේ එක පන්තියේ අපි අකුරු කෙරුවා නුඹට මතකද පන්තියේ නුඹ මාව පරදා පළමු තැන නිති ගත්තා මතකද සැමට හොරැහින් නුඹම සැමදා මගේ පසුපස ආව මතකද හදවතින් මුත් නුඹට මා කළ ආලෙවත් දැන් නුඹට මතකද
කෞශික නිමාදිත් 5 years ago 245 3 5
වචනෙකින්වත් උබේ සැපදුක. සොයන්න බැරි මට. බලා හිදීම හැර වෙන මොනවා. කරන්නද?. මං දන්නවා උබේ හිතේ ආදරය. උබට දැණෙනවද? මගේ හිතේ ආදරය. හමු වෙන්න නම් අපි. ලොකු පිනක් කරලා ඇතී. ඒත් හිමි වෙන්න තරමට. ඒ පින මදි ඇතී. හඩවල් වලින් විතරක්. සැනසුන. රෝම ස්පර්ශයක් වත් නැතුව. මහ ගොඩක් දවස් අපේ දින පොතේ. තියෙන්න ඇතී. හදවත් ඇතුලෙන් පුච්චගෙන. මහ මෙරක් ආදරේ හිත් දෙකක. හිර කරන්______________ ඉතිම් අපි බලා ඉද ප්‍රේම කරමු. අසම්මතය ගැහැණියට විස කටුවක්. නිසා. කෞශික________
Vosandi Dissanayake 5 years ago 317 3 2
පාට පාට මල් වැටිච්ච සාරි පොඩ්ඩ ගත වට දැවටෙනවා නේක නේක හැඩ වැටිච්ච මාල පොඩ්ඩ ගෙලවට කැරකෙනවා හීන් සැරේ සුවද හමන මල් විලවුන් ගත දොවමින් සමනලියක කොහෙන්ද විත් රතු අන්දයි මගෙ දෙතොලට උස සපත්තු දමාන මං යනවිට පාසල අසලින් ළමයි රෑනක් ආවා දැවටෙන්නට මා වටකට හසරැල්ලක් මගෙ මුව මත කොහෙන්ද පැනගෙන ඇවිදින් රෑ පුරාම නිදි යහනට සිහින ගෙනෙයි හැම මොහොතෙම
Vosandi Dissanayake 5 years ago 302 2 3
හිමිදිරිය සීතලයි මගේ සිත කිලිපොලයි නවමු රැස් දහරකින් දිනකරද අවදිවෙයි සොදුරු උවනෙත ඔබගෙ සගවමින් අප සැමට ගිනිගහන රැස් දහර රජ කරයි ඔය හිතග කවුරු දුන්නෙද ඔබට ගිනිගහන ඔය තරහ නැද්ද පොඩි අදහසක් නිවා ගන්නට ඔන්න ඔබ නිසා අප සැවොම අවදිවෙයි කඩිසරව නමුත් ඇතැමෙක් ඔන්න බණියි සැමවිට ඔබට ඔබට හැකිනම් සකිය අදට පමණක් ඔන්න ඉඩ දෙන්න තනි මෙමට සද එළියෙ ගුලි වෙන්න
Vosandi Dissanayake 5 years ago 313 2 2
නිමාවුනි නොවේද? ළමාවිය සොදුරු සැහැල්ලුව, විවේකය, දගකාරකම් ගිලිහුනා නොවෙද නැගණියනි මගේ වගකීම් දැනුනෙහිද දිවියෙහි තහංචි වැටුනා නොවෙද, නොනවතින්න සොයාගෙන යන්න දිවිමග හමුවේවි මන බදනා නෙක නෙක දේ රුදුරු වූ මේ සමාජයේ ඉගි බිගි පැමිණේ දසතින් යන්න දරාගෙන ඉදිරියටම මතකයට ගනු මැනවි පා තබා ඇති ඔබ තුරුණු වියට
Vosandi Dissanayake 5 years ago 366 3 2
මා යනෙනා, හැමවිටෙකදි, මා පසුපසම පැමිණෙයි ඔබ, ලුහුබදිමින්ම, සැහැල්ලුයි ඔබ, මන බදියි, මා වටා දැවටෙයි ඔබ, සිනාසෙයි, නමුත්, ඔබව නොපෙනෙන්නේ, මා හට පමණිද?
Dila ???? 5 years ago 299 6 8
ආදරනීය හදවත___ අනේ අහපන් දැන්වත්.. උබ එයාව හොයද්දි හිත පිච්චෙනවා උබ අවුලුවන ගින්දරේ හරියට.. උබ රැයක් දවාලාක් නැතුව එයාවම ඉල්ලනකොට කොහෙන් එයාව හොයන්නද... උබ ඇස් වල කදුලු අරන් ඒ කදුලු කැට අස්සෙනුත් එයාගෙම රූපේ අදිනවා බොද වෙවී.. මං දන්නවා උබ හුස්ම ගත්තෙ එයා වෙනුවෙන් උබ එයාව පපුවේ තියන් පරිස්සම් කලේ.. ඇබ්බැහි උනා උබ එයාට... උබ හරි මුරන්ඩුයි හදවත උබ දැනුත් හරි මුරන්ඩුයි... එයා මනමාල ඇස් වලින් ඇස් වලට එබෙනකොට... මුලු මූනම අතට අරන් නලලතට හාදු තවරනකොට... එයාගේ රළු පපුවේ උණුහුමට යට කරගන්නකොට.. ඔව් උබ උමතුවෙන් වගේ එයාට ලං උනා... ඔව් උබ අන්ධයෙක් වගේ එයාගේ පස්සෙම වැටුනා.. අනේ අහපන්... දැන්වත් බලපන්.. දැන්වත් මට ඉඩක් දීපන් හැමදේම තේරුම් කරන්න... එයා එන්නෙ නෑ බන්.. උබ කොච්චර කෑ ගැහුවත් එයාට ඒක ඇහෙන්නෑ...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps