✍️කවිකාරි ✍️ 5 years ago 308 5 11
රාගයට මුල් තැන දෙමින් කන්තෝරු මහත්තුරු එනවා මඩමට කඩිනමින්... ඉහල මිලකට විකිනෙද්දි මම දවසකට වෙන්දේසියෙන්... මගේ පහසට ලොල් වෙලා මදුවිතත් හොද හැටි මරා... දුකක් විතරයි වින්දේ හැමකල එක එකා යට යට වෙලා... රළු පහසවල් ලබන මේ රෑ ආපු මිනිහට පොඩි වෙලා හැමදාම මන් ඔට්ටු වින්දේ පැටියගේ කිරි රැක්මටා.... ...කවිකාරි...
✍️කවිකාරි ✍️ 5 years ago 287 5 14
සොහොන් කොත් ලග මතක ගුලි කර... වැලලුවත් එදා මැණික නුබ... අදත් හොල්මන් කරනවා හිත අස්සෙම අපේ පෙම් පුරාණය... පපු කුහරයම කකියද්දි නුබ නමින් උපන් ස්නේහයට මක් කරන්න ද හැරෙන්නට බෑ අපේ පැටියව තනි කරලා මට... ...කවිකාරි...
චතුරංගි හර්ශිකා 5 years ago 302 5 5
එකම එක දවසකට වත් යළි නොඑන මතකය අතර සිරවී හද පුරාවට සුසුම් පුරවන් සිනාසුණු තැන් අනන්තයි... සිය දහස් වර සිතින් ගොළු වී පත් ඉරුව ළඟ දෙනෙත් අඳ වී නුඹේ වත මැවෙනා දසුන ළඟ විරහ කවි කළ තැන් අනන්තයි... මම, චතූ
Naween Perera 5 years ago 302 7 15
මීවිත දෙතොල් රහට හුරු උනාට ඔබෙ සියුමැලි දෙකොපුල් වල පාලු මකන්නට බැරි උනාට එමිහිරි රසයට තවමත් මන් ආදරේය.. මීවිත දෙතොලගම තෙමුවෙ ඔබෙ සියුමැලි පහස සිහිඋනාම ඔබ සිහිනයෙ සැතපෙන්නට මිස සිහිඑලවන්නට සිතට නොවෙම් මට.. වෙව්ලට දෙඅතත් තවමත් ආදරයේ මිහිරියාව ගෙනහැර මිස ඒ සුන්දර අතීතයෙ මතකයහට වෙන කිසි සිහියක් එපාය මට ජීවිතේට ඉන්නවනම් ජීවිතේම ඔබ මෙලෙසින් මගෙ සිතතුල එපා මට සිහිඑන්න නැවත මෙ අවසිහි ආසයි මම.. එපා මට එන්න සිහිය උබ මට හිමි වනතුරු.. ජීවිතයයි දුන්නෙ උබට නැහැ මට කිසිවකුත් ඉතුරු.. උබ නැවතත් පැමිනෙනෙ තුරු මීවිත වෙත් මගේ මිතුරු... මෙ ජීවිතෙ නිමවන තුරු බලා හිදිමි පණ ඔබ එනතුරු.. ~නවියා~
❤️mila❤️ 5 years ago 310 5 11
දෙවසරක් ආලයෙන් වෙලී සිටියත් මාව පන වගේ ආරක්ශා කෙරුවත් දැන් ඔබට මා එපා වී ඇත්තේ කුමන හේතුවකට දැයි කියාපන් රත්තරන්... නුබට ඇති ආලේ වැඩි කමට උබ ගැන ඔනවටත් වඩා සෙව්වා එයම දවසක ඔබට මාවම එපාවේයැයි මා නොසිතුවා.... කුමක් සිදු උනත් රත්තරනේ උබට ඇති ආදරේ නෑ අඩුවක්.... නුබ සතුටින්නම් මගේ සතුටද එයයි උබ වෙනුවෙන්ම දරාගන්නන් මෙමා... ? ඉන්න තැනක සතුටින් හිද ඉහලටම යන්නට ලැබෙන්නට කියා අදිටන් කරමි මෙමා...... නුබේ පතිනිය වීමට මම හීන මැව්වා මහා ගොඩක් ... ඒ හීන වලලා දමන්නේ කෙසේ මා.... නමුත් දිනයක නුබේ පතිනියට දුකක් දෙන්නට නොම සිතනු මැන .......? ?මිලා??️
නදී ..✍???? 5 years ago 298 6 13
?? සබද, ඔබ මා සමග තරහයිද, මා නොදනි..? මග තොටේ නෙක වෙලේ හමුවෙලා අපි මෙහෙම.. නෙතු වලින් ඉගිකරා දසන් නොවිදාම මුණගැසුණු හැම වෙලේ..? දසන් විදහා යලිදු ඔබ සමග හිනහෙන්න..? අවසරද මට ඔබෙන් , කොරෝනා යලි නික්ම යනදා.... නදි..✍️
චතුරංගි හර්ශිකා 5 years ago 341 5 9
✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰ?⃟⌘࿔⃝❤ හීන පුරනා මීන ඇස් ළග ගීත ගයනා කොවුලෙක්ය නුඹ නීල ගගනත පාළු නොකරන සීත මකනා හිරු කිරණ නුඹ... ඈත දුරකට යන්න මා හා දෑත් පටලා දුරක් ආ නුඹ රෝස පිටුවක් පුරාවට ලියු ප්‍රේම කවි පද පේළියක් නුඹ... පෑල දිග රත් අහස සිපගෙන එබී බලනා පුර හඳක් නුඹ පාළු මූසල අඳුරු රෑටත් පෑයු ඉරබටු තරුවක්ය නුඹ... මම, චතූ ✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰ?⃟⌘࿔⃝❤
Naween Perera 5 years ago 286 5 9
ලෝකෙම මායම් වෙලා සුද්ද අල්ලපු රටෙන් හම්බවුනු මායන්වරු පස්සෙන් ගියාට උන් දැන දැනම හැංගුවා අපිට මායා රටක් තිබුනාය කියලා අපේ උන්ටද එවුන් ශිෂ්ඨයි ලෝකෙම උතුම්ම රටේ එවුන්වුව එකල වැද්දන් ය වලට වැදුන ලෙන් දෙදහස් පන්සීය කෙප්පෙට කොටු උනු රවුලු පරපුරම ප්‍රබන්ධයක් කල සීහෙල ඉතිහාසේ.. අනේ අනිච්චං, ලොකුවංසෙන් ඉදන් වට්ටපු ලෝකෙම පතල උනු උතුම් ජාතියක් ඔටුවන් අවුදින් උන් රජයන කල නිදිවැද රට වනසන තුරාවට... ~නවියා~
චතුරංගි හර්ශිකා 5 years ago 341 5 7
නොහිතාම උකස් කළ මගේ නෑඹුල්ම හිත සින්නක්නර ලියාගෙන හැංගුණේ කොහෙද නුඹ... හුදෙකලා ජීවිතේ තරු එළිය බලාගෙන මං ගියපු මාවතේ ගැහැට කදුලැලි බොහොම... හිස් වෙච්ච ආකහේ තරමටම හිත තවම රිදෙනවා දකින විට මතක හසරැල් සිහින... නොනිදාම පහන් කළ තවත් රැයකට පසුව මම මගෙන් අහනවා ඇයි තැවෙන්නේ ඔහොම...? මම, චතූ
✍️කවිකාරි ✍️ 5 years ago 297 6 18
අහම්බෙන් හමුවුණ නුබ නැතිව බැරි වුණි ඉතින් හැමදින අවුරුදු ගණනාවක් පුරාවට හොදම මිතුරා නුබම විය මට...? ආදරෙන් නුබ සැමදින මැට්ටි යැයි ඇමතිය මැටි වැඩ කරන නිසාවෙන මමත් නුබ හට මැට්ට යැයි නම දිය..? හිතන්නට බැරි දිනක් අමතක නොවන දවසක් සෙනසුරුගෙ අහසයට ඉදන් නුබ බහ ඉල්ලුවේ ආලෙන්...? මගේ නමට නුබ ලග ඇති සෙනෙහස දැනන් සිටි අය බොහෝ ලග ඇත මගේ මව්නද එය දැන සිට ඇති බව දැන ගත්තේ මන් එදා දහයට...? නුබ නමට පේ උනා මම අපේ මිතුදම නැවතුමක් කොට රණ්ඩු සරුවල් කොතෙක් වූවත් අත් නොහැර අපි අපේ ප්‍රේමය...? නුබට අනුව මම පොඩි එකෙක් විය මට අනුව නුබත් පොඩි එකෙක් විය අපි එකට සිටින කල බබාලන්තය ඊට සමවිය...? ඉතින් මගේ පණ මට නුබම විය ප්‍රේමයෙන් එක්වන්න පෙර සිට දිනමි දවසක නුබ සමග මම ලෝකයට රහසින්ම දවසක ?? හැමකල්ම නුබ මගේ ප්‍රාණයයි පියාගෙන් පසු නුබ මගේ මහ ඇත් රුකයි ඉතින් උපදින හැම භවයකම මම නුබේ අත ගත් පාදපරිචාරිකාවයි...?? ...කවිකාරි...
නදී ..✍???? 5 years ago 298 5 9
අවුරුදු දෙක හමාරක් උසස් පෙළ යැයි විභාගයකට සැරසිලා... ගත නොම වෙහෙසුනා හිත ගොඩක් වෙහෙසිලා.. ලැබුමට දැනුම පාඩම් වැඩ පොත් අතරෙ හිරවලා.. ජීවිතේ සොදුරු බව කටු අත්තක සැගවිලා.. හිතට නැත නිදහස විභාගය අද එළඹිලා.. නැගෙයි කල පාඩම් පිලිතුරු පතේ ගොනුවෙලා.. මා නොකල පාඩම් දුටුවිට ගතම වෙව්ලා.. ඇතිවුනේ මහ දුකකි හිනහි නෙතු අද වැලපිලා.. නදී..✍️
නදී ..✍???? 5 years ago 349 5 7
අධික රශ්මියෙන් ගත සිත වෙලාගෙන.. මද නල පහසක් විදුමට හසරක් නැතිය.. දහඩියෙන් මුලු ගත්හ නැහැවුනු ලෙසය.. බිමට නෑමට ජලයත් අඩු ලෙසය.. මම හෙට ෆෑන් ගෙන එන්නෙමි රස්නයට.. මම හෙට වතුර ටැංකියකුත් සාදන්නෙමි ජල හිගයට.. යනුවෙන් නැගෙයි හැම දිනයකමත් හරි හරියට.. බෝඩිමේ බිසෝ ඇන්ටිගෙ බොරු කියවිල්ල.. හැමදාමත් පිසෙයි බතකුයි දිය පරිප්පුව යි.. තෙල් බේරෙන ලුණු වැඩි කරවල බැදුම යි.. පාඩම් කරන මේසය චිරි බිරි ගාතී.. කාමරයේ ජනෙල් එල්ලි පැද්දෙනවා.. විදුලි සුවිචයද ඇත්තේ එල්ලෙමිනී.. යන්නට දැන් තැනක් නැත දැන් කල් ගත වීලා.. විභාගය පෙනෙයි ලග ලග ඉගි පාලා.. මෙහෙමත් බෝඩිමක් ලැබුවේ පෙර මොන කරුමෙටද? නදී..✍️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps