1,804 Total Nisadas Found





Deesha(දීෂා)❤️ 5 years ago 331 3 4

Nisadas Image

හිමි නොවූවත් අහිමි නොවනා... ආදරේ නම් නුඹ තමයි මා...?

යන්න මතකෙන් අඟුළු හැරදා
නුඹෙන් මිදිලා හදින් දුර මා...
පළුදු වූ තැන් යළිඳු හදලා
ගන්න බෑ දැන් රිදුම් හැරවා...
කඳුළු ගංඟා ඔහේ ගලලා
දුරට යාවී නෙතින් රූරා....
නමුදු සෙනෙහේ මතක රන්දා
නුඹ හිඳීවී... ළයේ රැඳිලා....

කිසිඳු දිනයේ මැකී නොයනා
නු⁣⁣ඹේ සෙවනැලි ළඟම රැඳෙනා...
මගේ නොවනා මගේ කියනා
මගේ වූ නු⁣ඹෙ සෙනෙහෙ පතනා...
හිමි නොවූවත් අහිමි නොවනා
පැතුම් ගොන්නක් සිතේ රඳවා...
නුඹේ මුලකුරු ළඟම සොයනා
ආදරේ නම්... නුඹ තමයි මා...

හුස්ම වැටෙනා පපුව ගැහෙනා
රිද්මෙ ඇසුනා ලොවට හඬගා...
ගතේ දැවෙනා රිදුම් ඉවසා
සිතින් මා නම් නුඹව සෙව්වා...
යන්න හැදුවත් මතක හැරදා
යන්න බෑ දැන් නුඹව දමලා...
නිවුණු මතකේ යළිඳු අවුලා
ගින්දරේ මා මසිත දැව්වා....

Deesha(දීෂා)❤️ 5 years ago 323 3 4

Nisadas Image

මා රකින්නට මා දිනන්නට නුඹයි වෙහෙසුනෙ ජීවිතේ ❤️

වසාගෙන මම නුඹේ රුව සිත
හඬ හඬා දුක කිය කියා
දහස් වරකුත් මැරී ඉපදී
තවත් හදවත ගැහෙනවා
සිතේ පුළුටට නුඹේ සුවඳම
තවත් හද මා සොයනවා
නීල නෙත් ළඟ නුඹේ ඔය රුව
පෙනෙනතුරු දින ගනිනවා....

පිදූ සෙනෙහස් සමරු අතරට
කඳුළු කැට බර වැඩි නිසා
සඟවන්න මම හිනැහුනා දුක්
කඳුළු ඇස් යට රඳවලා
කිසිඳු දිනයක නොරිදවා සිත
මා සුරැකි නුඹෙ පෙම නිසා
අද ඉන්නවා ලොවක් තුළ මා
නුඹේ සවියෙන් නැගිටලා....

යදම් බැඳි මේ සිරකුටියෙ හිඳ
ඈත අහසේ මායිමේ
මවා නුඹෙ රුව ඉකිබිඳිමි මම
අදත් මහ රෑ තුන් යමේ
මා රකින්නට මා දිනන්නට
නුඹයි වෙහෙසුනෙ ජීවිතේ
හුස්ම ගන්නට තව වරක් මට
එන්න නෙත් මානෙට මගේ....

Sewwandi Perera 5 years ago 263 3 4

Nisadas Image

අකුරු නොදත් පොඩි පුතු


දහස් වර නුබ ගැන ලියන්නට මාත් පෑනක් ගන්නැතී
ගැහෙන හදවත මෙල්ල කරගෙන හිතින් පද අමුනනැතී
අරමුනක් මත ලියුම ගලපා තිතට ගන්නට බැරුවැතී
ගියපු නුබ යලි එන්නේ කවදද් අම්මේ මම මුමුනන්නැතී

ගැහැට අපමන පිරුනු කොටුවුන බිත්ති අතරට මැදි වෙලා
ගෙවන ජීවිත උහුලනා දුක දෙයියොවත් නැත එය බලා
කාසි මලු කර එවන හැම දින සතුට ඇති බව හිත බලා
ලැබුව සතුටක් නොමැත සැනසුම් කදුලු පමනක් මුසු විලා

ගියත් ගම රට බැහැර දුරකට අම්මේ නුබ කල් යල් බලා
ගත්ත දිනනම් බොහොම වැඩි බව ඊයේ මල්ලිත් සැල කලා
අප්පු නැති ගෙට ලොක්කා නුබමයි කිව දිනයක් සිහි වෙලා
දෑස් අග පොඩි කදුලු ගැලුවා අම්මේ මට නුබ සිහි විලා

කාසී කුමටද සතුට නැති තැන විදවනා හිත් පෑරිලා
ගැබුරු පපුවේ යටම ඇත නුබේ ප්‍රේම වදනින හෑරිලා
අම්මේ නුබ අපේ සතුට වෙනුවෙන් රුහිරු හෙලුවද වැහැරිලා
නුබේ සැප දුක නොදැන තනි උන මගේ හිත දැන් සීරිලා







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps