ශශී❤️? 5 years ago 332 6 10
නෙතු පියන් සැලෙන විට හද ගැහෙන හඩ අසා අතීතයේ ගව් ගනන් දුරක හද තනි වුනා මියදෙනා මතක පොදි කදුලකට සිර වෙලා සත්තමයි නුබට මන් නොදැනිම පෙම් කලා... ආදරේ අරුත්බර කවිය මට මුමුනලා සිත මගෙන් ඈතකට රැගෙන නුබ දුර ගියා දැනෙන විට විරහ දුක නෙතු පියන් කෑ ගසා සොයන්නේ නුබෙ රුවයි පනම මගෙ නුබ නිසා... ලග ඉන්න පින් නැතත් දුරින් නුබ දෙස බලා සැනසෙන්න අවසරද රිදුම් නොම දෙමි සදා දකින්නට ආයෙමත් මම එන්නේ නෑ සොයා පතන්නම් මතු බවේ වෙන්න නුබ මගෙ කියා... ශශී
ශශී❤️? 5 years ago 353 7 12
නුබට පුලුවන්ද තව මා එක්ක දුර යන්න සතුට වාගෙම දුකත් එක සේම විදගන්න අඩුපාඩු වැරදි ඇති හොදින් කියලා දෙන්න ජීවිතෙ නුබෙ නමින් හැකියි පේවී ඉන්න... රන්ඩු වෙයි තරහ වෙයි නුබට වෙයි ඉවසන්න ඉකි ගසා මම හඩයි නුබට වෙයි නලවන්න හාදු වැස්සක් තියා පුලුවනිද සනසන්න හැකිද පුද දුන් සෙනේ පන වාගෙ සුරකින්න... ලදැරියක වගේ නුබ ලග ඉදන් කියවන්න උරහිසට බර වෙලා හුගක් දුර ඇවිදින්න හැකියි මට නුබ නමින් හැමදේම ඉවසන්න මට දුන්නු හිත එපා වෙන කාටවත් දෙන්න...
චතුරංගි හර්ශිකා 5 years ago 226 4 4
ආදරණීය මහී, කාලය ගෙවී දින සති මහ ගොඩක් වෙවී ආලය පලා ගිය මග මම බලා ඉමී නාවත් දිනෙක පෙර වාගේ සිනා වෙවී තාමත් මතක සුවඳක් ඇත මකනු බැරී දෑතින් බදා අල්වා ගෙන රැදෙනු හැකී එනමුදු දිනෙක වෙනකෙකු හා සරණ යමී මගේ කියා ගන්නට මට තවම බැරී මගේ නොවුණු මගෙ ප්‍රේමය නුඹයි මහී මම, චතූ
Dila ???? 5 years ago 290 4 5
උඹ මට දුන්න හීන කන්ද බැදගෙන පපුවට තදින්ම උඹ නැතත් මං තාම උඹ එක්ක.. උඹ එක්ක හිනා වුන හැන්දෑව මතක ලිහ ලිහ මේ ගග ගාව උඹ නැතත් උඹේ මතක එක්ක මං තාම.. උඹ තිබ්බ හාදු වල සුවද නැති තැනක් හොය හොයා මේ සිරුර පරවුණත් සුවදයි උඹේ හාදු තාම මං ගාව.. අතාරින්න බැරි ඇස් ගාව ගැට ගැහිච්ච ආලය එක්ක හිත හිත විදවන කියන දේ නාහන මුරණ්ඩුකාරියක් දැන් මම...
Dila ???? 5 years ago 246 6 6
නැතිවුණු ඔබේ නමට ඇතිවුණු ආදරයක් මේ එක අහස යටදී හමුවීම අහම්බයක් හිත ඇති තැනක රැදී ඉන්නට අවසරයක් ගහකොළ වලින් පවා නැහැ පොඩි පිළිසරණක් වෙන්වෙන තැනදි මිදී හිරවුණු කදුල දුකක් හමුවෙමු සසර අගදී වෙන්වෙන එක රටාවක්
Dila ???? 5 years ago 295 6 6
හීන නොදකින නුඹ දැඩි ගැඹුරු නින්දක තෙමි තෙමි තනියම හීන වැස්සක මම.. තරු රෑන වට වී සඳට පෙම් බස් දොඩන හීන් හීතල හිරිපොද ඇඟිලි තුඩු පවා කිතිකවන.. මේ සොඳුරු රාත්‍රිය නොතකාම නොවිඳම නුඹ ගැඹුරු නින්දක මම තවම අවදිව..
චතු ගුණසේකර ? 5 years ago 329 5 5
රැදී සියොලඟම හැගුම් කිතිකැව්ව ස්පර්ශය ධරණිය හා නැවතෙන තුරු නුඹ ප්රේමාන්විතයය සොඳුර... නමුදු අද, වික්ශිප්ත බැල්මකින් දිගැටි ඇස් විසල් කොට වේගයෙන් ඇද හැලුන නුඹේ මුව කමල දකිමි මම අද....? හෙමි හෙමින් ඇද හැලුන ඒ මතක පොද වැස්ස ආයෙමත් වහිනවද ප්‍රේමයේ කවි එක්ක....? -චතූ- 8/12/2020
Tharindu Rukshan 5 years ago 277 4 6
දෙහද බැදි අපෙ ආදරේ.... අනන්තයි මේ අහසසේ.... තරු දිලෙන රෑ මැදියමේ.... දෑත ගත් මගෙ සොදුරියේ....
චතු ගුණසේකර ? 5 years ago 363 3 5
පොද වැස්සට තෙමීගෙන හන්තාන මීදුම දුර අතවනාවි දවසක ඇවිද යන්නට ගව් දුර සියුමැලි දෙඅත් පටලවගෙන හීන නෙක ඇහිදින්න අවරගිර අහස යට ආසයි කවි ඇහිදින්න රැලි නැගෙන බිදෙන රළ ට වැව් රළ මුමුණන කවියට එදාට හැකිවේවිද පෙම් බදින්න අපූරුවට සෙනෙහසේ ඉම දුර ඈතක, නොනවතින කවක් ගොතන්නට නුවර අහසත් සැරසෙයිද ප්‍රේමයට තනු මවන්නට... -චතූ- 6/12/2020
චතු ගුණසේකර ? 5 years ago 351 3 4
ජීවිතේ කියන්නෙම නැති දෙයක් හොයන එක තියෙන බව දැන දැනම නොදන්නවා වගෙ තියෙනවද අහන එක තියෙන තැන දැන දැන කොහේද කිය කිය ඒ තැනම මග හැර එහෙ මෙහෙ යන එක කවදහරි දවසක නිස්කලංක සවසක කාටහරිි "මෙන්න මේකයි උනේ ඉස්සර" කියා ජීවිතේ වමාරන එක ♥️ (උපුටා ගැනීමකි ) චතූ ?
Tharindu Rukshan 5 years ago 277 5 5
දවසක හමුවී නුබ ලඟ ඉන්නට.... පෙරමෙන් නුබගේ තුරුලෙ රැදෙන්නට.... නුබේ සිනාවන් බලා සිටින්නට.... අවසර දෙනු මැන නුබේම වන්නට.... අපි ආ ගිය මග නැවතත් යන්නට.... බලාසිටිමු අපි දෑස් අයාගෙන.... නුබට දුන්නු සිත එලසම ඇත ලඟ.... සසරින් සසරට යමු අපි එක මග.... සීතල සුලගක් ගත දැවටෙන විට.... නුබ නැති පාලුව හොදට දැනෙන විට.... උණුසුම අරගෙන ආවොත් නුබ මට.... තුරුලෙම ඉන්නම් උණුසුම විඳගෙන.... ----රුක්ෂාන්----
ශශී❤️? 5 years ago 311 4 6
අගුලු ලා නෙක යදම් සිරකර තැනූ මන්දිර ගරා වැටුනිද... නෙතට බර වැඩි කදුලු ඉකිබිද පබලු මිනි මුතු පැරද වූයෙද... තනුව අහිමිව වැයුනු සත්සර මියුරු පෙම් ගී ගොතනු කෙලෙසද... කතර ගිම් මැද ගෙවෙන දිවියට සතුට සිහිනෙන් වඩිනු පමණද... ශශී
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps