1,804 Total Nisadas Found





Tharindu Rukshan 5 years ago 299 3 7

Nisadas Image

නොකී කතාවක්

කදුලු නැතිලු මේ පිරිමි ඇස් යට....
රළු හිතත් උනු වෙනව දවසක....
ලොවට නොපෙනෙන පිරිමි හිත ලඟ....
කදුලු ඇත සාගරේ විලසට....

පිරිමි හිත හදුනනා ගැහැනිය....
රැක ගනි ඔහු ලොවක් විලසට....
එහෙවු ගැහැනිය මගේ මව විය....
ජීවිතේ දුන් දේවතාවිය....

දිනක මා හා පෙමෙන් වෙලෙනා....
සිතේ කදුලට සිනහ ගෙනෙනා....
තව කතක් ඇත ලගම රැදෙනා....
ඇයයි මාගෙ බිරිඳ සැමදා....

රුක්ෂාන්...

වැරදි දෙයක් ලියුවනම් සමාවෙන්ඩ ඒත් හිතට දැණුනු දෙයක් මේ ලියුවෙ. පිරිමියෙකුට දුකක් දැනෙන් නැත්තේ නෑ දැනෙනව. ඒත් ගොඩක් වෙලාවට ඇස් දෙකෙන් කදුලු එලියට දාල දුක පෙන්නන්නේ නෑ. තනියම හිතින් අඩල තනියම දුක නිවා ගන්නව.

ඒත් මේ ලෝකෙ පිරිමියාව තේරුම් ගන්ඩ දෙන්නෙක් ඉන්නව ඒ එක්කෙනෙක් අපිට ජීවිතේ දුන්නු අම්මා. අපි කොච්චර ලොකු උනත් අපේ දුක අම්මට තේරෙනව. අපිත් මොන වයසක හිටියත් දුකක් දැනුනාම අම්මා ලගට යන්නේ ඒ නිසයි.

අනිත් කෙනා අපේ ජීවිතේ ලස්සනට හරි ගස්සන බිරිඳ. හැබැයි ස්වාමියාට ආදරේ බිරිඳ ගැන මම කීවෙ. එහෙම බිරිඳක් කියන්නේ ස්වාමියාට වාසනාවක්. අම්මාගෙන් පස්සෙ පිරිමි හිතක් තේරුම් ගන්ඩ පුලුවන් එකම කෙනා. අවන්ක බිරඳයි.



චතුරංගි හර්ශිකා 5 years ago 270 4 4

Nisadas Image

හිතුවක්කාර හිත

ප්‍රේමයට ඉඩක් යළිත් නොදෙමි යි
මම මටම ගිවිසා ගත් නමුදු
ඔය නෙත් අතර හිරවෙන මොහොතකට
හදවත නුඹට කවි ලියයි සිතුවිලි පවුරු බිද...

ආසයි හුදෙකලා හීන තුළම
ලොවට රහසින් ජීවත් වෙන්න
නමුත් නුඹ දෙනෙත් දකින මොහොතේ
හිත දුවයි නුඹේ වත සොයන්නට...

ආසයි ප්‍රේමයෙන් වෙන් වී
සදාකාලික තනිකමක රස
තනිව විදිමින් තනිව සොයමින්
හුදෙකලාවට පෙම් බඳින්නට...

නමුත් ඔය දෙනෙත් මා වෙතට
මානන සෑම මොහොතකම
ආසයි නවතින්න ඔය හිත මත
සිතුවිල්ලක් ව සදාකාලිකවම...

ප්‍රේමය කටුකයි රළුයි මම සිතුවද
නුඹ දුටු සෑම මොහොතකම
ආසයි වෙන් වෙනවා නම්
ඔය හිතේ ඉඩක් මා වෙනුවෙන් ම...

අන්සතු බව හැගෙනකොට
සිත හොරෙන් ඉකි බින්දට
අහිමි අපූරු සෙනෙහසක් පූදින හැඩයි
නුඹ වෙනුවෙන් අනවසරයෙන් මා තුලම...

නුඹට වෙන්වූ නුඹට පේවූ
පෙම්වතියක් ඇතැයි සිතුනත් තනි හිතට
ආසයි නුඹ ගැනම සිතන්නට බල කරන
මගෙ දේදුනු පාට හිතුවක්කාර සිතුවිල්ලට...

මම,
චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 255 3 6

Nisadas Image

නුඹට රහසින් නුඹේ කුටිය අද්දර නැවතී සොරා ගනිමි මගෙන් උදුරා ගත් හදවත...

දෙසැම්බරයේ හමන සීතල සුළඟ
හිතට ගොඩ ගහගෙන ආ මතක කවිය
කදුළු පිරවූ පොතක ලියනු වස්
අදුරු මුල්ලක් සොයා යමි තනිව...

ග්‍රීස්මයට හිරු ගිනි ගන්න
දහවලට ගස් මල් පවා පිච්චී හඩන
දහවලේ ගිනියමට සුව සදන
සීතල අරන් ඇවිත් රෑ පුර හඳ...

ජීවිතේ නෙක පැතුම් අතරේ හොයන
මටත් අහිමි වූ පුදුමාකාර මම ගැන
මමත් නොදන්නා කවියක් ලියමි මම
මේ තමයි අවුරුද්දේ අවසාන මාසය...

අපි අපෙන් වෙන් වී ගියපු මග
අට මසක් පිරෙන හෙට දිනයට
හිතුමතේ කතා කරන මගෙ හිතට
මමත් කිව්වා හිටපන් ඔහොම ඉවසගෙන...

ජීවිතේ හරි පුදුම කතාවක එක පිටුවක
මටත් හිමි නොවූ කවක් ලිවුවා තනිව මම
අදහන්නට නොහැකි තරමටම මේ මටම
හැම පදයක්ම ලියා තිබුණේ මම ඇදට...

එළිසමය හෝ පද ගැළපීමක් නැතිව
අකුරෙන් අකුර මම වැරදියට ලිව්ව
මගේ නෑඹුල් ප්‍රථම පුදුම කවිය
හරි ගැඹුරට හිතේ නම් ලියැවිලා තවම...

දුන්නු ගින්දරට පිච්චිලා ගියපු හිත යට
අළු අතර හිනාවෙන සුදු පාට පිටු කෑලිවල
අරුම ප්‍රේමයක් ලියැවී තිබුණු බව දන්නවද
ඒ සෙල්ලක්කාර ආදරේට තවම ආදරෙයි මම...

හීන විසිරුවා දමන සිතුවිලි සුළගත් එක්ක
හැකි නම් මටත් පාවී දුරක් එන්න
නුඹට රහසින් නුඹේ කුටිය අද්දර
නැවතී සොරා ගනිමි මගෙන් උදුරා ගත් හදවත...

මම,
චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps