Hansi Sadaru 5 years ago 283 4 3
නෙතු පුරා විසිරුණු හිමි නොවුනු සිතුවමක මිහිරි මතක හීන පොදි කදුළකට අත වනන හදවත කොනක සිට ජීවිතය කියා දුන්නේ නුඹයි ආදරය එපා කෙරුවේ නුඹයි..
චතුරංගි හර්ශිකා 5 years ago 649 2 0
What is the life... I don't know. But I can say many meanings about the life... I think, the life is a journey. A long journey... Today I like to write about the life. ? I think the life is a challenge. Am I wrong? We should try to overcome it. Life is uncertain. So eat dessert first. We are living with many dreams. Day by Day we are going to end of our lives. When I born in the world, we didn't know about our future. We should make our future. We should be a good person. That's the goal. Everyone has many hopes. The hopes are helps to live. <(◉‿◉)> - chathu
Deesha(දීෂා)❤️ 5 years ago 449 3 5
මද්දහන සිත වෙළන රශ්මි කඳ මම වෙන්න..... හැකිද ගං ඉවුරකින් ගලන ගඟ නුඹ වෙන්න..... තෙත් වෙලා නැග එද්දි තෙමුණු ළය දාහයට..... හැකිද මද නළ වෙන්න මා මතින් හිස සිඹින.....! පුරන් වූ හදවතේ ඉවුරු අස්වද්දන්න..... මිලින වී පරණ වූ හැඟුම් පොදි නුඹ ගන්න..... කාටවත් නොපෙනෙනා මඩ ඉවුර මට වෙන්න..... හැකිය නුඹ ඉපදුනොත්...මා මතින් නෙළුමක්ව.....! ඈත අර ගංතෙරෙන් කෙතක් සරු කරවන්න..... පොළෝ කඩ දෙදරවා හැකිය මට උහුලන්න..... සත් කඩට පලා හද... ඒ සතම නුඹ ගන්න...... හැකිවේද ආයෙමත්... අංශුවක් ළඟ ඉන්න....!
Inoka Jayasekara 5 years ago 259 3 4
ජිවිතෙ ගෙවෙද්දීත් මග සොයාගනු බැරීව .... නුබ නොඑන මගක හිද ... බලා සිටියා සබද ... නුබ එතැයි සිත සිතා .... පෙරේදාක සේම නුබ නොඑන විට... දගකලා නෙතු කොනක ..... මහා ගිරිදබට වැඩි බරක් ඇති ..... කදුලූ බිද ... නුබට මෙතරම් සබද පෙම් කලෙ කිමද මම ...... නුබ මගෙන් වෙන්ව ගොස් ගෙවිගිය අතිතයේ .... කෙසේ ගෙවුවාද මම ... මම සිතුවේ ඔබ නැතිව ... මියයැතැයි සිතා මම .... කදුලූ පොඩි ගල ගලා වැටෙද්දිත්... නිහඬවම දරා සිටියා සබද ... නුබ නොමැති අඩුව සිත...... දැනෙන විට ..... අමතක කරන්නටම සිතුන විට... නුබම එයි මගෙ නෙතු මානයට... නුබෙන් විදි අහිංසක පෙම් සුවද .. ආදරණීය බව .. කෙසේ අමතක කරන්නද.... හදවතින් දහස් වර මියයමින්... ජිවත් වුනෙමි මම ... පතමි මම පැතුමක් හදවතින්ම .. නැවත උපදින බවෙහි .... ඔබෙ ආදරණීය පෙම් සුවද ... යලි රැගෙන සිනා පිරි හදවතින් .. වඩින විට පෙර මගට... දොත පා පිලිගන්න ... මතකයෙ තියේවා... එතෙක් මම මෙලොවින් සමුගන්න ..දිනය තෙක්.... නුබව සිහි නොවේවා... නොවසාම හදකුටිය... නුබේ මතකය රැගෙන ... මේ ලොවින් නික්ම යමි... මතු බවෙහි හමුවන්න....
Sewwandi Perera 5 years ago 296 4 4
ඒකාල අපි පෙම් කරේ ඇහැක් ලෙස මග රැකන් වසන්තය ආවමුත් දිව්වේ නෑ රොන් අරන් ඉද හිටලා පැටලිච්ච දෑත් දෙක ගුලි කරන් හාදුවක් දුන්නේ මන් නලලටයි ලන් කරන් එලෙසටම ජීවිතේ පෙම් කවිය ලියමිනා වරක් දෙවරක් නොවේ ආදරේ ලියලුනා දරන්නට බෑ මැනික ඒ හීන පාරනා නුබේ දිග කෙස් කලබ මුඩුම කොට පෑදුනා දින ගනන් සති ගනන් නොදැක මට බැරි උනා ඒ නිසයි ආවේ මම තටුත් නෑ පියබනා පිටත් වී එන විටත් අමුත්තක් වැට හුනා නොදැනීම නොහැගීම පමාවට බර උනා හීනියට ඇස් මත්තේ කදුලු කැට පටලුනා නුබේ සුදු මුහුන අද කලුදියෙන් වෑහුනා සිනාසෙනෙ නෙතු සගල බරකරන් පිය උනා අනේ මගෙ සුදු මැනික පස් යටම වැලලුනා.
Dila ???? 5 years ago 336 4 6
ජීවිතේ තව දවස් එක එක මෙහෙම ටික ටික ගෙවී යන්න ගෙවෙන තප්පර එකක් ගානේ ඔයා මගේ මතකයෙම ඉන්න.. ප්‍රේමයේ නුඹට දුන් තැන කවදාවත් බෑ වෙන කෙනෙකුට දෙන්න පුලුවනිද දවසක පුංචි මොහොතකට හරි ඇවිදින් වෙනස් උන හැටි කියා දෙන්න.. අහසකට අයිති තරුකැට පුංචි මට බෑ නෙලාගන්න ප්‍රේමය කොයි තරම් වුනද.. හරි පරිස්සමට නුඹ ජීවිතේ රස හිමිසද එක්කලා බෙදාගන්න අපේ ජීවිතේ හීන පැවරුම් ගෙන ඇයත් එක්කලා දිනාගන්න..
ශශී❤️? 5 years ago 340 3 4
ලන් වෙන්න රහසින්ම හිත ගාව නැවතිලා පෙරුම් පිරු සිහිනයම දැන් සැබෑවක් වෙලා... නෑ යන්නෙ කිසිදාක නුබෙ හීන රිදවලා ලග ඉන්න හැමදාම නුබ මගේ සද වෙලා... අතැර යන්නට නොහැකි ලෙස මන් නුබේ දැහැනෙහි සිරවෙලා කියාගන්නට නොහැකි ලෙස මුව නුබේ රුව ලග ගොලු වෙලා... සිතන්නට මට නොහැකි තරමට සිතත් නුබ ලග නැවතිලා නුබේ හදවත ගැහෙන රිද්මය මගේ මුලු දිවියම වෙලා.. ශශි
ශශී❤️? 5 years ago 331 4 4
වලා යහනට මුවා වෙන සුදු සදේ රැස් අතරින් වඩිනු මැන හද යහන් මඩලට රැගෙන සද සිත්තම්... සිතේ දොරගුලු විවර කරලන සිනහ මල් මුවගින් කියනු මැන නුබෙ හදේ සැගවුනු ප්‍රේමයේ අබිමන්... සෙනෙහෙ තැවරුනු හැගුම් ඉකිලන රැයේ කෙලි තුඩගින් කුමක් ලියමිද නෙතේ දැවටෙන ආදරේ නාමෙන්... සදා නොමියෙන අපේ ප්‍රේමය සරා සද විලසින් රකිනු මැන මුලු බවෙන් බවයට අපේ පෙම් ලියකම්... ශශි
Naween Perera 5 years ago 319 3 10
අප්රකාශිත ආදරය සුන්දරද... තෙපල වදනට සිර වූ ආදරය පරව යන මල් මිටක් කල්හි එක් පසක අවුල ගිනි දැවුන හදවතට වඩා හදින් මවා හීන සුරකින සුන්දරයි ලග නැති වේදනාවත් නොකීවාට මුවින්.. හිමිකරන් රිදවන්ට නෑ හිත බලහිදිම් මං හරි මනාපෙන් නා දෙතොලගට නැගි සිනාවන් දොඩන්නම් මං පෙම්බස් හදින් හීන අතරින් උබ ලං කරන් කාරි නෑ මගෙ නොවී උන්නට සතුට ඇත්නම් උබෙ ලය පිරෙන්නට.. ~නවියා~
Naween Perera 5 years ago 339 3 11
මගෙ රළු අත්ල මත සිසිලසට පහස දෙන වැහි බිදුව එක පැහැ වෙනස නැති මුත් කදුලු බිද නෙතගින් වැටුන හද පුරා හක්කලං කරපු මහ ගින්න නුබ නැති සොවින් ගිනියම්ව මගෙ නෙතග මුව දිගේ රූටා වැටෙන.. හරි පුදුම මගෙ මැණික එහෙමවත් නොවුනිනම් හද දවා ඒ ගින්න ඉතිරි වෙන්නේ මගෙ ලගට නර සිරුර හදවත මැරුණ... ~ නවියා ~
චතුරංගි හර්ශිකා 5 years ago 302 4 5
-උපුටා ගැනීමකි- බොද මීදුම් කදු රැල්ලේ සුරංගනා රජ දහනේ නුඹේ සිනා කදුළු බිදක් හෙටත් වාසනා හෙටත් වාසනාවන්... සිහින නදී නළ රැල්ලේ පැතුම් රුවන් රන් ඔරුවේ නුඹේ නිමල නිද්‍රා ගී මටත් වාසනා මටත් වාසනාවන්... සිතක තැවුල් සන්සිදිලා මිටියාවත මල් ඉසිලා මල් වරුසා සුවඳ සමය මටත් වාසනා හෙටත් වාසනාවන්... රැහැයියන්ගේ නොනිම් නාද සැවුල් කොවුල් විහග ගීත අපට ඇරුණු හුදෙකලාව හෙටත් වාසනාවන්... ( දුහුළු මලක් චිත්‍රපටයේ ගීතයක්)
චතුරංගි හර්ශිකා 5 years ago 307 4 5
කවිකාර හිත පුරාවට කවියක් වුණේ නුඹයි හැමවිට... නුඹ නොමැති හැම මොහොතෙම දුක ලිව්වෙ කිව්වෙ මම කවියට... කාලය ගෙවිල යනකොට හිත නුඹ ගැනම හිතුවට... මැරුණු මතක ගැන තවත් කවිවලට කියන්නේ කුමටද... මතක එක්කම හිත යට මම තනියම හිතනකොට... වෙනස් වෙන ලෝකය තුළ නුඹේ වෙනස් වීමත් අරුමයක් නොවෙයි දැන් මට... අහිමිවීම පුරුදු නැති හිතකට එක පාර ගින්දරක් දුන්නම... පිච්චිලා ගියාට හදවත දැන් හුරුයි හිත හැම දේටම... පොඩි දරුවෙක් වගේ මම ආයෙමත් අඩන්නෙ නැහැ ඉතින් තව... ලෝකෙ හැම දෙයක්ම වෙනස් වෙන එකයි ධර්මතාව... කවියක් ලියන්න හිතුවට ලියන්න දෙයක් හිතෙන්නෙ නෑ මට... හිස් බවක් විතරක් මේ දැනුත් හරි බරට තියෙනවා හිත පුරාවට... මම, චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps