චතුරංගි හර්ශිකා 5 years ago 273 4 5
වැහිබර අහස සද තරු සැගවූවද රාත්‍රියට ගනදුර මකන ඒ ආලෝක වස්තු සදාකාලිකව සගවා තැබිය නොහැක... සනාතන දහමක පණිවුඩය තුළ කාලයත් සමඟ බාහිරින් බොහෝ දේ වෙනස් වේවි... නමුත් එදා අද පුරාවට හදවත් හි රැදි තාරුණ්‍යය මකන්නට කාට නම් හැකි වේද...? මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 240 4 4
සිනාසෙන්න, හඩන්න බැරි නිසා නොව... කදුලටත් වටිනාකමක් අවැසි නිසා... හඩා වැටෙන්න, සිනාසෙන්න බැරි නිසා නොව... සිනාවටත් වටිනාකමක් අවැසි නිසා... නමුදු, සිනාවට කදුලට උකස් කළ ජීවිතය සින්නක්කර නොදෙන්න... මම, චතූ
Geethanjalee ? 5 years ago 330 4 4
අහසටම අයිති ඉර හවසට අයිති කරගෙන ක්ෂිතිජ ඉමේ කොනක එක් රැයකට හංගාගෙන උදේ වන විට යළිත් අහස ඉර හොයාගෙන.... පුංචි යාලුවන්ගේ වැලි මාලිගා කඩා ගෙන නිතර වෙරළට ගලන පෙණ කැටිති නංවමින් හිනාවෙන... හෝ ගානා පොකුණ ලස්සනම හවසකට මවෙත ඇදෙනා සැමගේ සිත් සතුටින් පුබුදු කරන කවි සිතුවිලි කළඹමින් කවියන් බිහි කරන... ඉර අවරට යනෙන විට මැවෙන ඒ සොඳුරු සිතුවම තෙලිතුඩින් සිතුවම් කරලා හදවතින් සායම් කරන සොඳුරු සිත්තරුවන් මවන.... දෙපා වල හැපි හැපී නැවත ඈතට යනෙන ගිහින් ආයෙම නැවත එන නගරයේ මහමග දුවන විඩාබර නෙතු වලට මොහාතකට සැනසිල්ල දෙන සයුර මම.....
චතුරංගි හර්ශිකා 5 years ago 277 4 6
උවනත පුරා මදහස නංවාලන්න හදවත කොණක ඇවිදින් ඉඩ අරගන්න සදවත පුරාවට එක කවියක් වෙන්න ප්‍රේමය නුඹ හොරෙන් මල් විමනට එන්න... අවසග නොවන හිත ළග සැගවී ඉන්න සීතල ගොම්මනක මගෙ නෙතු සිපගන්න රෑ කොවුලන්ට මද නළ කී රහසින්ම මගෙ දෙසවන් සනහා නෙතු පියවන්න... නිලුපුල් පෙති මානෙල් මල් සරසන්න වලාකුළු විමන් මැද ඇවිදන් යන්න හීන් සීරුවේ ප්‍රේමය පහදන්න සුන්දර කවියක් ව දෑතේ පැටලෙන්න... මන්දාරමට කුඩයක් නැති ගොම්මනක හීන් පොද වැටෙන හිරිකඩ සීතලක හදවත පුරා ගීයක් වී උණුසුමට ආසයි නුඹ එක්ක තව දුර ඇදෙන්නට... ලා හිරු එන තුරා පෙරඹර අහස යට මැදියම් හීනයක දොඩමළු වී ඉන්න දෙසවන් පුරා ඔය සිනහව තවරන්න ආදරණීය නුඹ මා ළඟ නවතින්න... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 299 2 2
දම්පාට දේදුන්න මල් සුවඳ ඉහිරෙන්න වැහි හුළං අරං ආ මතක පොදි බොදවෙන්න... වේදනාවක කටුක රළු ගැහැට හැරයන්න මටත් ආසයි සුළං නුඹ වගේ පාවෙන්න... - චතූ
Rasika Maduwanthi 5 years ago 404 5 4
ජීවිතෙ අනන්ත ය වෙනකන් ම මට ඔයා එක්ක ඉන්න ඕන ❣️ මම ආදරෙයි මගෙ මැනිකට එ තරමටම ❣️ ❣️❣️❣️❣️❣️❣️❣️ ✍️මදු 2021.05.02 ප. ව. 4.08
චතුරංගි හර්ශිකා 5 years ago 283 5 5
අත්හරින්න සිතා මිටි කරගත් දෑත් අත්හැරි පසුව ඉතුරු වූයේ හිස් දෑතයි... එවිට තවත් බොහෝ දෑ අල්වා ගැනීමට හිස් දෑත් වලට හැකි විය... අත්හැරීම වනාහි අල්ලා ගැනීමක් ද එවිට අත්හැරීමක් නැතිද? අල්ලා ගැනීම පමණමද ජීවිතයේ හැම තැනකම තිබුණේ? මම, චතූ
Geethanjalee ? 5 years ago 326 4 4
මොහොතක ඉසිඹු ලබන්නට කෙනෙකු නවතින සෑම තැනකම සෙවන ගසක් ඇත්තේ නැත සෙවන ගසක් ඇති සෑම තැනකම විඩාවට පත් යමෙක් නැවතී සිටින්නේද නැත ජීවිතය යනු නොගැලපීම් සමුදායකින් සැදුම්ලත් විශාල වනාන්තරයකි නවතින්නට සිතෙන සෑම තැනකම සෙවන නැතුවා සේම, සෙවන ඇති සෑම තැනකම යමෙකු නැවතී සිටින්නේද නැත.... ???????
චතුරංගි හර්ශිකා 5 years ago 294 4 5
හැන්දෑවේ පිණි කැට වලාකුළු අතරෙ හාදු තියනකොට... ගගනතට ළං වෙන්න තරු කුමාරියො හීන දකිනකොට... රෑ පුරාවට මා වවුල්ලු මට නොතේරෙන ගීත ගයනකොට... අහංකාර පුරා හද අද ඇවිත් නෑ අහසට අමාවක... දන්නවද තාම තණ බිමට හිරු එළිය ලස්සනට වැටෙනකොට... සූරියකාන්ත මල් වලට ජීවය පොවනවලු මද සුළඟ... අහස් ගවුවෙන් එහා ඉමක මට හොරෙන් ඉගිල්ලුනු මතක හිත... මේග දූතයක් වෙලා හීන දෙපාමුලටම ගෙනැල්ලද කොහෙද... මැරුණු වැලලූ කතාවක පිටුවෙන් පිටුව ආයෙත් කියවනකොට... නොතේරෙන තැන් පහදන්න ශබ්ද කෝෂයක් අවැසි නැහැ මට... ජීවිතේ තක්සලාවෙන් මම උගත් හැමදේම... මේ තක්සලාවේ හැම ප්‍රශ්න පත්රයකටම උත්තර ලියන්න සෑහේවි මට... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 295 4 5
නේන බව දැනගත්තෙ නෑවිත් ගොඩක් කල් ගතවුණු නිසා...? හංගගෙන ඇස් අස්සේ කදුළු ලෝකෙටම පේන්න මම හිනාවුණා...? මතක පිරුවට ගිනිබත් කළත් එකතු කරපු මතක මහ ගොඩක් තිබුණා...? නෑවිත්ම ගොඩක් කාලයක් ගියාම මමත් ටික ටික තනිකමට හුරු වුණා...? හදිසියෙන්ම ඔබ ආයෙමත් ආවත් මියැදුන හිතට පණ දෙන්න උඹට බෑ...? ඒ නිසා ගිය තැනක නැවතිලා හිටපන්? රෑ වැටුණු වලේ දවල් වැටෙන්නෙ නෑ...? මම, චතූ?✌
චතුරංගි හර්ශිකා 5 years ago 260 3 5
ඇහැළ මහ වැහි කලුව එලා තිරපට හවස ඉදහිටත් බිදෙන් බිද කදුළු වැහි බිඳු හලන... මලානික අහස යට හීතලම හුළං පොද බලා අවසන් මතක නිමා නොකරනු කිමද... බක් මහට මෙහි ආව කොවුලෙක්ගෙ කෑ ගෑම නොනැවතී ඇසෙන්නේ හැර ගොසින් දෝ පියඹ... වැහි බරම අහස් ගැබ පාරනා මතක පොත කොවුල් වැලපුම අතර යළිත් හිත වෙලාගෙන... - චතූ
අනූ ගමගේ 5 years ago 214 3 4
දැත් බැඳගෙන එදා ඔහේ කුටු කුටු ගගා තුරුල් වී ලන් වෙලා නොදැනීම ගොම්මන උනා සුන්දර මතක ගොන්නක් කිතිකාවයි මුළු හදවතක් දැක ගන්න මුව පොඩ්ඩක් අයදිමි මා යළිත් වරමක් සෙනෙහෙ බර නුඹේ නමට නැගුණු උණුසුම් හැඟුමට බැහැ තවත් ඉවසන්නට එන්න යලි හමුවන්නට
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps