ශශී❤️? 5 years ago 289 4 5
අහස නිලබර සදකි නුබ මට අමාවක රෑ එලිය ගෙනෙනා කතර මැද නැවතුමකි නුබ මට ගිමන් නිවනට සිසිල සදනා වෙරල සිප එන රලකි නුබ මට ලගින් නිරතුරු තනිය මකනා හුස්ම පුදදෙන ජීවිතේ නුබ විඩාබර සිත ලගින් රැදෙනා ශශී
Wathsala Madushani 5 years ago 285 3 2
කෙනෙක් උඹට ලං වෙන්න හදනවනම් හොඳට හොයලා බලපන් මොකටද කියලා .. මොකද කවුරුත් ආදරේට ලං වෙන්නේ නෑ බන්.. හැමෝම බලන්නේ තමන්ගේ වැඩේ කර ගන්න .. මිනිස්සු ... මිනිස්සු කියන්නේ ආත්මාර්ථකාමී ජාතියක්.. තමන්ට වාසියක් නම් ඕන දෙයක් කරයි.... විසකුරු නයි පොලොන්ගු වගේ .. සත්තුන්ගේ හැටි දැනගෙන ආශ්රය කරපන්..
චතුරංගි හර්ශිකා 5 years ago 242 3 3
කඳුළු නෙත් කෙවෙනි ලග සුසුම් තනි කළ සවස ජීවිතේ ගොම්මනක වෙරළ හැරගිය නැවක මදහාස පෑ නෙතඟ කැටයම හිත රිදුන අපේ කවියේ අගට තියන්නද නැවතීම චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 257 3 2
අයාලේ යන කවි මිටට සරණ වන්නට ඉස්පිලි පාපිලි ඇද කුද ගළපන එළි වැටක් අවැසිය ... චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 241 3 4
හැමදාම ගොම්මනේ පහන් කණුවක් අසල ජීවිතේ හොයනවා රෑ කරුවලේ නිතර... එකින් එක එහේ මෙහෙ යනෙන වාහන අතර එක්කෙනෙක් ඈ රැගෙන යයි නිවන් සොයන්නට... දෙතොල් රතු සායමින් පාට කෙරුවේ තදට දෙනෙත් අංජන ඉලූ මීන දෑසේ අගට... පුරුද්දට වගේ ඇයි ආවෙ කදුලක් මෙලෙස දන්නවා ගිරි දුවේ නුඹ දරන දුක් කන්ද... සැමියා නැති ගේ පැලේ දරුවො බඩගින්නෙන්ද ඇගේ මස් විකුණලා කන්න දුන්නද උන්ට... නිරන්තර ජීවිතේ ගැහැට විදිනා උන්ට පඩුපුල් ආසනේ රත් වුණේ නැතුවාද... ලෝකෙන්ම කුණු කතා කෝටියක් කියනකොට ජීවිතේ හොයාගෙන කදුළු හංගන උඹට... යන්තමින් හරි ඉතින් සැනසීම ගෙන එන්ට ලෝකේ දිහා බලන සක් දෙවිඳු නුඹ නිදිද... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 293 4 5
මුළු ලෝකයට හොරෙන් රහසේ සෙනේ තොටුපොලේ අපි පාට කෙරුව අනාගතේ සිහිනයක්ම වේ... ඔය දෙතොලතරේ මිමිණූ පෙම තවම හිත තිබේ... පොඩි වූ මල් පෙති අතරේ සොයමි රුව නුඹේ... පුරහඳ ළග බලා නොසිට අනන්තය දිගේ... ආවෙමි එනමුත් සදවත හිතේ නිතර ඇදේ... අපි මග හැරුණත් මේ හවයේ අහම්බෙන් වගේ... යළි මතු භවයක යශෝධරා වෙන්නද මම නුඹේ... චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 241 3 3
හැමදාම හැන්දෑවෙ වැඩ ඇරිලා එන දිහා පුංචි උන් අපි ඉතින් මග බැලුවෙ එයි කියා... කඩල ගොට්ටක් මගේ දෑත මත්තේ තියා බෙදාගෙන කාපල්ලා කියූ ආදර පියා... ගියොත් ගමනක් ඉතිං හැමදාම එයි එයා මේ පාර මාස තුනකට වැඩියි නෑ පියා... වෙනදාට ලොක්කියේ කියා අමතන එයා දුරකථන ඇමතුමක් දුන්නෙ වත් නෑ මෙදා... මෙහෙට එන්නකො මගේ සුදු පුතේ ඇවිදිල්ලා තාත්තට විට එකක් ගෙනත් දීපන් කියා... ලොක්කියේ ඇද යටින් මගෙ සපත්තුව හොයා ඩිංගක් පොලිෂ් කරලා තියාපං කී එයා... පොඩි පුතේ තාත්තගෙ පෝන් එක රින් වෙනවා ඉක්මනට ඔන්න ඕක ගෙනත් දීපන් කියා... හැමදාම ජීවිතේ කොටසක් ම වූ පියා ලියුමක් පවා ඔයා නොඑවාම හැංගිලා... එදා මූසල හුළග වැහි කදුළු ගෙනැල්ලා මග දෙපස පේලියට සුදු පාට කොඩි දමා... පෙට්ටියක දමාගෙන ගෙනගියා කර තබා හැමදාම ආව නුඹ නේන ගමනක් ගියා... චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 253 3 3
"මෙලොව අන් කිසිවක් හා සමකළ නොහැකි යමක් ජීවිතයේ කුමන නිමේෂයක හෝ හද තුළ ශේෂ වෙයි... සැබෑ දිවි අරුත වටහා දී ඔබ මා තුළ ශේෂ කළ ආත්ම තෘප්තිය ද එවැන්නකි... මෙලොව අන් කිසිවක් සමග මම එය හුවමාරු නොකරමි..." ( චාරුලතා සහ නිශ්ශංක)
චතුරංගි හර්ශිකා 5 years ago 499 3 2
සරත් හුළගට මලක් හිනාවෙනවා... සදත් හෙමිහිට මං දිහා බලනවා... තරුවකට පෙම් කරපු වරදට කණාමැදිරියෙක් තවමත් හඩා වැටෙනවා... හීන මාලිගා දෙනෙත් අභියස කඩා වැටෙනවා... ජීවිතේ තව දුරයි සදත් රහසින් මගෙ කණට කොදුරනවා... සරත් තුරු පතක හෙමිහිට මම තනියෙන් මගෙ කතාව ලියනවා... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 252 3 3
ඇලවෙන්නට ඩිංගක් මේ සැප සෙටියේ... පුළුවන් වුණොත් නවතිනවා මම සෙටියේ... ඒවිද සැකයි ලොකු අම්මා කඩිමුඩියේ... දේවි ඉතින් ගුටි පාරක් හිටිහැටියේ... දැනෙනවා ඉතින් සුවදක් මට ලහි ලහියේ... බදින හැඩයි සාලයො දාලා තැටියේ... ඇලවෙන්නට හිතුනත් ඩිංගක් සෙටියේ... යන්නට කුස්සියට දැන් හිත කිටි කිටියේ...
Supuni Nilukala? 6 years ago 321 3 2
එක් බැඳීමක් රැකගන්න හොඳම බැඳීමක් කැපකරන ආවස්ථික පිරිවැයකි හැමදෙයක් මත රැඳුණ
චතුරංගි හර්ශිකා 6 years ago 247 3 3
හිත රිදෙන මොහොතක නෙත තෙමන මොහොතක ඒ සියල්ලටම ලොව එකම හේතුව ඔබයි... නෙත් කෙවෙනි පුරාවට දුක පුරවගන්න මට මේ තරම් ආදරේ පිරෙව්වේ තනිවමයි... හිමි අහිමි හීනයක මතක අහුරක් අරන් ජීවිතයේ වසන්තය අහිමි කෙවිලිය මමයි... මිතුරු හිතකට ඉතින් පෙම් කරපු පාපයට ජීවිතය පුරාවට මතක තුළ මම හඩයි... - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps