නවෝද්‍යා දිසානායක ? 6 years ago 267 5 3
සසර පෙර කර පිනකි ඔබ මට... හමුවෙලා මගෙ රත්තරන්.. පතිනියක වී ඔබේ නිවසට.... එන දවස අද ඉස්තරම්.... සිතා ගන්නට නොහැකි අද මට.... සතුට පිරිලා හදෙහි මාගේ.... පතපු දින අද ඇවිත් අපගේ.... කියා ගනු බෑ පනයි ඔබ මා....
නවෝද්‍යා දිසානායක ? 6 years ago 221 4 3
දග කලත් හැම විටම.... තරහක් නම් නෑ මසිත.... මිතුරෙක් වීලා ඔබ මට.... නමුත් අප හැර ගිහින්.... සිතා ගන්නට තවත් බෑ මට..... මදෙසටම යොමු වු ඔය නෙත්.... වැසුනෙ නෑ මියදුනු පසුත්...... හද රිදුම් දේ නිතර.... සිහිවන්නෙ ඔබමයි... පාළුවක් දැනෙන මුත්..... ඉවසන් සිටිමි නිරතුරු...... ලබන මතු සසරෙ හෝ..... මිතුරෙකුම වී හමුවෙමු.....
චතුරංගි හර්ශිකා 6 years ago 255 5 3
දෙදරා ගිය ආදරයේ බැමි පවුරු... රෝස මලක සගවාගෙන යති බඹරු... හඩන්න මට ඉඩ දුන්නට නෙත් කවුළු... කදුළු බින්දු ඇයි මට විතරක් නපුරු... ( ලස්සන වචන ටිකක් නිසා හැමෝටම බලන්න ලියා තැබුවෙමි)
චතුරංගි හර්ශිකා 6 years ago 262 5 4
-රාධා ක්‍රිෂ්ණා- " හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා... සුදු පෙණ කැටි බලන්න රාධා... සුළග හමයි සීතල සාදා සීතල ගිනි ගනියි ද ක්‍රිෂ්ණා... සිනා රැළි නගා උතුරන ඔය හදවත් නීල ජලාශේ පීනන මේ ස්වර්ණ හංසයෝ... අකීකරු ද මෙතරම් රාධා... ඉඩ දී දෙන්නට දඩුවම් දෑස පියා ඉන්නම් ක්‍රිෂ්ණා... මල් පෙති පොඩි වී ඉකිලන මේ හෝපළු යහන් තලාවේ සද දිය මිණි මෙවුලට වැටිලා... දෑස නිලංකාරයි රාධා... ගිලිහී ගියදෙන් මිණි කැට දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..."
චතුරංගි හර්ශිකා 6 years ago 262 4 4
නොදකිනා හීන මැද ජීවිතය දුටුවාම හඩන නෙතගට සිනහ මැවෙනවා... වසන්තය වුණත් ඒ ගිම්හානයට ඉතිං ඉඩදීලා නවතින්න සිතනවා... කුමුදු මල් පෙත්තකට පිණි පොදක් වැටුනාම ඉර එළිය ඒ පින්න මකනවා... හීනයෙන් හීනියට ජීවිතය සොයා ගිය මාවතේ මම බලා ඉන්නවා... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 286 2 2
ජීවිතය කියන්නෙම ඉහළ ගිය හුස්මක්! (උපුටා ගැනීමකි)
Deesha(දීෂා)❤️ 6 years ago 333 5 7
කාල වළාපට ගුවන වසන විට මීදුම වෙලුනා සිසිල දරන් ගිනියම් සුසුමක් හෙලමින් හදවත පා කර දැමුවා එය සැණෙකින් මැව්වා සිතුවම් ගැබ් සමයක පෙර කදුලැල් හද යට නිදන් කරන් මොහොතින් මතකය දවා අළු කලා කළලය නික්මුණු හේතු සොයන්.... කදුළු කැට සඟවමින් නෙත් ඉම අඳුරු රැය මා දියකරන් කිසිවෙකුත් නොදකිනා දුක මගෙ ළයේ හෙමිහිට සිරකරන් වේදනාවෙන් පිරුණු හදවත දෑතින්ම මා පිසදමන් අයැදුමකි මේ නවතින්න ලඟ ගනඳුරට මා පෙම්බඳිම්.... ✍️දීෂා....
චතුරංගි හර්ශිකා 6 years ago 259 4 5
හඩද්දි මුළු ලෝකයම අහිමිවෙලා කෙනෙක් තව තැනක හිනා පිරුණු ලස්සන කතාවක්... ඇය නෙවෙයි නුඹයි හැර ගියේ ඇයවත්... රිදෙද්දි සීරුවට තිබුණු ලස්සන හිතත් මළ පොතක් අනිවාරතේ උඹ ලියපු එළිසමය නැති කවියක්... ඇය නෙවෙයි නුඹයි රිද්දුවේ ඇයවත්... අලවද්දි ඇය ඇගේ බිදුණු හිත අදටත් රිදෙන මතක ඇගේ ඇස් ළග තියෙන මොහොතෙම උඹ ලස්සනට කෑවා මගුලක්... ඇය නෙවෙයි නුඹයි රැවටුවේ ආලෙත්... නැගිටිද්දි ඇය වැටුණු තැනින් තනියෙන් රිදෙන හිත හැංගුවා ඇය ඇගේ නෙත් කැල්මෙන්... ඇය නෙවෙයි නුඹයි පැරදුණේ ජීවිතෙන්... චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 279 4 5
ගනදුර මැදින් හෙමි හෙමිහිට හිතට ඇවිත් මගෙ හිතු මනාපෙට හිත ළග නතර වුණත් මතකය මැදින් නුඹ සිහිවන විටදි ඉතිං බැස යන්නට හිතයි මේ දිවි රග මඩලෙන්... හිතක් රිදෙන විට ඔසුවෙන් පලක් නැතී නෙතේ නොවෙයි නුඹ ඉන්නේ හිතෙයි නිතී මතකය ඉවත ලෑමට මට හයිය නැතී යළි යළි රිදෙන පෑරෙන හිත හඩයි නිතී... දිනෙන් දිනම නෙක වැඩ ගොනු අතර තියා මිතුරු මිතුරියන් මැද මම හිත හිර කෙරුවා එනමුත් තනිවෙනා සුළු මොහොතකට පවා නුඹ මගෙ හිත ඇතුලෙ ගිනි අවුලා තැබුවා... අපි හමු නොවී හිටියා නම් පෙරදාක හැමදාමත් හිනැහෙනවා මම තාම නුඹ මා හැර ගොසින් කොතරම් කල් වුවද තවමත් මතක මැද හිත රිදවන්නේ ඇයිද... දිනිසුරු නැගෙන පෙරඹර ගී ගයන කොට අපි හැමදාම මුණගැසුණා අමතකද ජීවිත පොතේ ප්‍රේමය ගැන සටහනට නුඹ විතරමයි මට උන්නේ හැමදාම... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 253 5 5
පත් ඉරුව පන්හිඳට ආදරෙන් ළං කරන් කුළුඳුලේ මගෙ කවිය ලියන්නට සැරසුණත් එකිනෙකට නොපෑහෙන මුරණ්ඩු ම පද දෙපළ කොලය මත ඔච්චමට සිනාසුණි කවිය නුඹත් හරියට දෙතොල හසරැල් පතද්දී... නෙතු දෑල තෙමා හැර යන්න හේතුවක් නොකියාම ගිය මගේ බිදුණු නොපෑහෙන ආදරේ වගේමයි...
චතුරංගි හර්ශිකා 6 years ago 271 5 3
නොනිමි හිතුවිලි වැස්සකට පසු මහා හුළගක් ඇවිල්ලා... සිහින හසරැල් අරං ඈතට යාවි හිත් අහසට හොරා... සිහින සිත්තම් අකුරු කරනා රැයක සිටිනා විට මෙමා... අහම්බෙන් මම දැක ගතිමි ඒ හැංගිලා ගිය දුක පවා... - චතූ
Deesha(දීෂා)❤️ 6 years ago 410 4 3
කඳුළු අතරින් ගෙවුණු දිවියම යළි යළිත් මියැදී පෙරදාක හිනැහුණු දෙනෙත් කෝ මම තවම සොයමී විඩාබර පාළුවක් දැනෙමින් ගෙවෙන මොහොතකදී මතකයන් යළි යළිත් සිතතුල මැවෙයි හද කැළඹී සීතලට පිණි පොකුරු වැටෙනා මැදියමේ අඳුරේ ලියනවා කවිකර මමත් මගෙ ගෙවුණු පෙර මතකේ කඳුළු දුක් සුසුමන් මතින් යන මගේ දිවි ගමනේ හැකිය තවමත් නැඟී ඉන්නට දුක දරා මහදේ ලැබෙයි මහමෙර තරම් සෙනෙහස තවම ඔබ සැමගෙන් වැටි වැටී නැගිටින්න හැකිවේ මට ඔබේ දිරියෙන් අතරමඟ නවතින්න බෑ මට පණ පොවනු හුස්මෙන් කෙසේ හෝ යළි ගමන් අරඹමි අඳුර පසුකරමින්....
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps